බොක්කෙන් හෙල්ප් එකක් ඔනී

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    බොක්කෙන් හෙල්ප් එකක් ඔනී

    මචන්ලා මම පොඩි කාලේ ඉඳන්ම කවි ලිව්ව්වා. අවුරුදු තුන හතරක ඉඳන් සින්දුත් ලියනවා. සමහර ඒව මම එලකිරියටත් දැම්මා. හොඳ රෙප් එහෙමත් ලැබුනා. මම එදා ඉඳන්ම කවි සින්දු ලිව්වේ මොකක් හරි තරඟෙකට ගිහින් දිනන්නවත් මගෙ නම දාගන්නවත් නෙවෙයි ආත්ම තෘප්තියට, මගෙ සමහර හැඟීම් පිට කරගන්න. මගෙ අප්පචිත් කවි ලියන්නවා. මෙහෙ හැමෝම ඒක දන්නවා. මම තාම ඉස්කෝලෙ යන එකෙක්. මම ලඟදි කවියක් ලිව්වා ඉස්කෝලෙ සම්බුද්ධත්ව ජයන්තියට ගහපු වෙසක් කාඩ් එකකට. මගෙ හැකියාවන් හෑල්ලුවට ලක් කරන අය කියනවා ඒක මගෙ අප්පච්චිගෙ නිර්මණයක් කියලා. ඇත්තටම එයල එහෙම කියන එක මම ලබපු ජයග්‍රහණයක් කියල හිතෙනවා. ඒත් මට දැන් පාරෙ යන්න බැරි තත්වෙට පත් වෙලා. හැමෝම ඒ නිර්මාණෙ කාගෙද කියල අහල අනම් මනම් කියනවා. මචන්ලා මම දැනට මගෙ නිර්මාණ කීපයක් දාන්නම්. පුලුවන් නම් සින්දුවක් කරන්න පුළුවන් කෙනෙක් හොයල දෙන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=10007528#post10007528

    "ගලමින් දහම් ගඟුලැල් උතුරා නිබඳ....
    පිපෙමින් වෙසක් මල් වැල් පතුරා සුවඳ.....
    හමනා මද පවන් පවසන්නේ සබඳ.....
    සත් සිත නිවන්නයි පතුරා සිල් සුවඳ...."

    "සිනහ වෙන්නැති කතා වෙන්නැති
    රුදුරු අඳුරක ඔබ ගිලෙන්නැති
    ඔබත් දන්නැති මමත් දන්නැති
    අපේ හිත් වල දුක පිරෙන්නැති

    කතා කෙරුවද සිනහ වූවද
    හදෙහි දුක සැමටම දැනෙන්නැති
    සිනහසී රහසින් හැඬූ මුත්
    අපේ දුක ලොවටම පෙනෙන්නැති

    වෙන් වෙලා රහසින් හැඬූ මුත්
    එකට හමුවී සිනා වෙන්නැති
    එසේ හමුවී සිනා සැලුමුත්
    ඔබේ හදවත මට පෙනෙන්නැති

    එසේ තේරුම් ගත් ඔබේ හද
    ලබන්නට මට පින් මද වෙන්නැති
    සොඳුරු යුගයක මතක සටහන්
    වේදනාවෙන් රිදුම් දෙන්නැති

    ඔබත් යන්නැති මමත් යන්නැති
    හැරී ඔබ දෙස මම බලන්නැති
    ඔබ මගේ දෙස නොහැරුනා මුත්
    සිතින් මා දෙස බලා ඉන්නැති

    එවිට ඔබ වෙත එන්න සිතුමුත්
    එසේ එන්නට නොහැකි වෙන්නැති
    එසේ එන්නට නොහැකි වන්නට
    ඔබ ඔහුට තව තුරුළු වෙන්නැති"

    "ඈතට ඇදෙන්න සමනලියේ ඔබ
    මාගෙන් දුරකට ඉගිලීලා...
    මාගෙන් දුරකට ඇදිලා යනු මැන
    ඔබගේ ලෝකෙක තනිවීලා.....//

    ඔබ හා මා තනිවී දෙඩු පෙම් බස්
    දැන් වා තලයට මුසු වීලා....
    මා ඔබ දෙස තව බලා හිඳින්නම්
    ඔබගෙන් වෙන්වී තනිවීලා.....

    කඳුලක් නෙතු අග වියලෙන මොහොතට
    ඔබ දුර ලොකෙක හිනැහීලා
    මාගේ දිවියම පහන් කරනු මැන
    මාගේ නෙත සිත සනසාලා...

    මා පිලිබඳ මාගේ ගැන මා ගැන
    නොසිතා මාගෙන් වෙන්වීලා
    ඔබ ඈතට ගොස් සුවෙන් ඉඳිනු මැන
    මාගේ පැතුමන් සනසාලා...

    ඔබ දුරයන බව කිව්දින ඔබ මට
    මාගේ නෙත සිත හඬවාලා
    මට වැඩියෙන් ඔබ එම දින හැඬුවා
    දන්නෙමි සොඳුරිය සැමදා මා...

    යන්නට වූවත් අද දින සොඳුරිය
    මේ භවයේ මා හැරදාලා
    යලි මතු භවයක ඔබ පතනෙමි මා
    මාගේ දිවියම හැර දාලා"


    "සැනසුම්...... සුසුම් මැකේවී
    රහසින්. තරුත් හඬාවී
    හෙමිහින්.... මටත් හැඬේවී
    ඔබ නැතිදා.....
    කුමරී..... මා හඬමී......

    හෙමිහින් මා වෙත ලන්වී
    කියු ගී සෙනෙහෙන් මත් වී
    අද ඔබ නැති බව සිත් වී
    දෑසම කඳුලින් තෙත්වී
    හඬමී..... මා හඬමී...
    කුමරී...... මා හඬමී.....
    කම් නැත රජකම් නැති මුත්
    සිත් තුල ඔබ ඇත තවමත්
    ඔබ නැති ලෝකෙක කිසිසෙත්
    ඉන්නට බැහැ මට තවමත්...
    කුමරී.... මා හඬමී...

    සැනසුම් සුසුම්......

    මා සිත සෙනෙහෙන් පිරවූ
    මා මුව හසරැල් රැඳවූ
    විටකදි ඔබ මට සිහිවූ
    හඬනෙමි ඉකිබිඳ මියුරූ
    කුමරී.... මා හඬමී...
    නෙත් අග තව ඇත කඳුලැල්
    මුව අග කොයිබද හසරැල්
    සිතමින් ඔබ ගැන මියුලැල්
    අඳුරේ හඬනෙමි සැමකල්
    කුමරී.... මා හඬමී.......

    සැනසුම් සුසුම්....."


    "ඈතට ඈතට යනු මැන පාවී....
    ඔබෙ සුවදයි මා හද රිදවූයේ...
    ඒ සුවන්දත් ගෙන පවනට මුසුකොට
    යනු මැන පාවී මගෙන් මිදීලා......

    මම ඔබ දුටුවා.. ඇසුවා.. සිතුවා......
    ඔබ දිනකදි මගෙ ආලය වන බව..
    එනමුදු අද ඒ මතකය මාවම
    රිදවයි ඔබගේ රුවම මවලා......

    තැවුල් විදිමි අද මා හැඩු කන්දුලින්
    වෙහෙස වුනෙමි මම ඔබෙ අත දරමින්
    ඔව් මම හිනහෙමි ඔබ දෙස බලමින්
    නමුත් හඩන්නෙමි මම ද පතුලින්..

    යනු මැන යනු මැන මගෙ හිත නොරිදා..
    නැවතත් මාවෙත එන්නට නොසිතා....
    රිදවුනු මගෙ ඒ බින්දුනු තැවුනු හද
    නැවතත් මාගේ දෑත තබාලා........."
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    macho balaagena ..

    umba oya daala thiyena ewa tika heta thawa ekek uge kiyala cd ekakuth karai...

    kawi tika lassanai brother..
    keep it up..wish all the best..
     

    nipunxrock

    Member
    May 4, 2008
    574
    15
    0
    http://myShopp.net
    යනු මැන යනු මැන මගෙ හිත නොරිදා..
    නැවතත් මාවෙත එන්නට නොසිතා....
    රිදවුනු මගෙ ඒ බින්දුනු තැවුනු හද
    නැවතත් මාගේ දෑත තබාලා........."

    meka mata dan tikakata issella unaa :'(