බොක වෙන්නට නම් ඒ ආර්ට් එකේ කෙල පැමිනිය යුත&#35

malinthalakmal

Active member
  • Dec 26, 2011
    128
    47
    28
    බොක වෙන්නට නම් ඒ ආර්ට් එකේ කෙල පැමිනිය යුත&#35

    බොක වීමත් එක විදිහක් ආර්ට් එකක්ය....:eek:
    හැම දාම හැම තැනම බොක වෙන්නට නම් ඒ ආර්ට් එකේ කෙල පැමිනිය යුතුය.මතක හිටින විදිහට මම ඉස් ඉස්සල්ලාම බොක උනේ සිප් එක කැඩු කලිසමක් ඇදන් බස් එකේ කොළඹටම ගිහින් ය...එදා ඉදන් අද වෙනක්ම් ම ගෙයින් එලියට බහින්න කලින් කලිසමේ සිප් එක දහ දොලොස් වතාවක්ම චෙක් කොරනවාය...පස්සෙන් පහු කලිසම් වලට සිප් නැතුව බොත්තන් ආවයින් ඒ බොක වීම එහෙම්මම අමතක වෙලා ගිය අතර තවමත් ඉද හිට අයියා ඒ බොක සීන් එක මතක් කරමින් පවුලේ සමාජිකයන් අතර මාව බොක කරයි...
    අප්පච්චි කියන විදිහට නම් අපේ අම්මා වෙලාවකට හදන කෑම ජාති බොක වේ....ඒ උනත් අප්පච්චිගේ පිගානේ කරපිංචා නැට්ටක්වත් හොයා ගන්නට ඉතිරි නැත්තේ ඇයි කියන එක මට අදටහ් හෙනම මාන්දමික ගැටලුවකි....
    අම්මා කියන විදිහට නම් අම්මා දැක තියන ලොකුම බොක සීන් එක නංගි දාන ෆේශල් සහ කොන්ඩෙට කරන අනම් මනම් මරිසි වැඩය....ඒක නම් සිරාවට හෙනම බොක සීන් එකක් බව මමත් දනිමි...:yes:
    කඩවල් දාහකට පමන රිංගන ඇය තියන ජාති හැට හුටහාමාරක් පමන පෙරලා බලා අන්තිමට මොකක් හෝ එක කුප්පියක් උස්සන් ගෙදර එයි...ගෙදර තියන ගස් ලබු ඇපල් පතවල කරවිල මයියොක්කා කැරට් හැම ජාතිම එකට අබරා මූනේ උලා ගන්නා ඇය අන්තිමට අර ගේන කුප්පියෙන් සුට්ටක් වෙන්න ගෙන මුනේ උලා ගනී...ඊට පස්සේ සැටිය උඩ පත බෑවී ටී.වී එකේ යන හැම බොක වැඩසටහනක්ම බලන අතර හැන්දෑවට මූන හෝදගෙන එන නමුත් ඇය අසල සිටින විට සාම්බාරු හොද්දක සුවද එන්නේ ඇයි කියන එක මට හෙනම අවුලකි.....
    ඇය ඇගෙ මූන විතරක් බොක කර ගන්නවා නම් කමක් නැත...අල්ලපු ගෙදර සුදු නංගීගේ මූනද බොක කරන්න යන එක නම් මට වාවන්නෙම නැත.....:(
    ඒ අස්සේ බෙලෙක්ක ජෝතියා හදිස්සියේම කෝල් කරලා කියපු කතාවෙන් මගේ හද මල මොහොතකට ටොයින් විය.....
    මචන්...මගේ මාමන්ඩියා කෙල්ලට වෙන කොල්ලෙක් හොයලා....ඉහි...ඉහිහි....
    ඌ අම්බානක අඩනවාය.....
    කොල්ලෙක් අඩන තරම් බොක සීන් එකක් නම් තවත් නැත.....
    හරි උබ බය වෙන්න එපා.....
    අපි ඕඅකට උස්සලා ගහමු නැති වෙන්න....
    අපෝ බෑ බන්...ඌ මගේ මාමන්ඩියා බන්.....
    නොදෝකින්.... දුව දෙන්නෙ නැතුව කොහොමද බන් මාමන්ඩි වෙන්නේ....මූ නම් හෙනම බොක බාල්දියක් බව මට තනිව සිතුනි....
    එහෙනම් උබ පැනලා යමන්.....
    මම එලකිරි ලෙස ප්‍රශ්නය විසදුවෙමි.....
    කොහෙටද බං මම යන්නේ.....
    ම්ම්ම්ම්ම්...කොහේ හරි පලයන් මම බොක නොවී සේප්මන්ට එකට උත්තරයක් ගැලපුවෙමි....
    එහෙම බෑ බං....මට දෙමව්පියන්ගේ කැමැත්තෙන්ම මෙව්වා වෙන්න ඕනේ....
    මට තේරෙන්නේ නැති අනිත් බොක සීන් එක නම් ඕකය.....
    දුවත් ඕනෙය....
    මාමන්ඩියත් ඕනෙය....
    නැන්දම්මාත් ඕනෙය........
    අයියලා අක්කලා ඉන්නවා නම් උනුත් ඕනේය.....
    කෙල්ල විතරක් අරන් ලසනට ඉන්නෙ නැතුව අනිත් උන් අරන් බොක වෙන්න එපා බන්...මම එල කිරි දාර්ශනික උත්තරයක් දුනිමි....
    උබට තේරෙන්නේ නෑ බන්...මම පස්සේ ගන්නම්...දඩස්....:oo::oo::oo:
    ජෝතියා කෝල් එක කට් කරේය....
    ඔය කිව්වට ඕකා තව විනාඩි පහකින් ආය ගන්නා බව මම දනිමි...
    මන්ද යත් මෙවැනි බොක සීන් වලට බොක නොවී උත්තර හොයන්න පුලුවන් මටම බව උන් විස්වාස කරන නිසාය....
    .
    .
    ඒ උනත්......
    ප්‍රශ්න නිසා මම බොක උන තරම දන්නේ මම ම විතරය.....:baffled::P:yes::yes::yes:

    සටහන
    -වාසනාවන්ත-

    11998935_823054097813075_8127843478178975700_n.jpg

    බ්ලොග් එකටත් එනවා නම් මෙන්න පාර http://wasanawanthaya.blogspot.co.uk/
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    විවිධාකාර බොක සීන් ගැන බොක නොවී ලියා ඇත . මෙය කියවීමට යාමෙන් මේ රටේ වෙන බොක සීන් ගැන කලකිරීමක් ඇති වීම නිසා මා හට දැන් බොක බරක් සෑදී ඇත . මම බොක බාන්නට යමි . යන්නට පෙර බොක නොවී ඔබට රෙප් වලින් දමා ගැසුවොත් ඔබ බොක වීම නවත්තන්නට හැකි වෙතැයි සිතමි. දාහක් බොක ත්‍රෙඩ් අතරේ ඉදිරියටත් මෙවන් බොක ත්‍රෙඩ් එකක් ෂෙයාර් කරගන්නට වාසනාව ලැබේවායි පතමින් මං බොක බරත් සමඟ කැපෙමි !
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොකක් තරම් ලොකු ප්‍රශ්න ගැන පඩයක් වගේ හිතන්න පුරුදු වෙන්න ඔනේ.