සිංහල ජාතිය කියන්නෙ කව්ද ?
සිංහල භාශාව කතා කරන මිනිස්සු.
අද සිංහල භාශාවට අත්වෙලා තියෙන ඉරනම මොකක් ද ?
කාටද ඕනෙ තමුන්ගෙ ළමය ට නිවැරදි සිංහල උගන්නන්න. ළමය ඉපදිච්ච දවසෙ ඉඳන් දෙමව්පියො හිතන්නෙ කොහොමද මේකට ඉංග්‍රීසි උගන්නන්නෙ කියල. පොඩි කාලෙ ඉඳල ඌට උගන්නන්නෙ ඔක්ස්ෆර්ඩ් පොයම්ස්. අද ලෝකෙ එකම මව්භාශාව කතා කරන දෙන්නෙක් (කිසිඳු රාජකාරී අවශ්‍යතාවයකින් තොරවා වෙනත් භාශාවකින් කතා කර ගන්නව නං ඒ කඩ්ඩෙන් කොටාගන්නා සිංහලයන් දෙදෙනෙක් පමනක්ම වෙන්න ඕනෙ.
අපේ මිනිස්සුන්ට අපෙ භාශාව ගැන තියෙන්නෙ එච්චරටම හීනමානයක්. ඉතිං කොහොමද භාශාවක් රැකෙන්නෙ.. ( බොරු නං ගිහිල්ල බලපං ඔය McDonalds , KFC වගෙ ප්ලෙස් එකක කවුන්ටරේ ඉන්න සිංහල සේවකයට, වැරදි වැරදි කඩ්ඩෙන් කොටන පොශ් සිංහලයොන්ව මම අනන්තවත් දැකල තියෙනව.. එ කවුන්ටරෙ එකාට සිංහල බැරි නිසා නෙමෙ. බඩු ගන්න එකාට සිංහල ගැන තියෙන හීනමානයා
දෙවන කාරනය තමයි ජනගහන වර්දන වේගය, මේක ගැන ඉතින් වැඩි දෙයක් කියන්න ඕන නෑ. හැමෝම දන්නව අද තරුණ සිංහල යුවලක අපේක්ශිත උපරිම දරුවන් ගනන 2 යි.
තේරුම් ගන්න. සිංහල ජාතියේ මලගමට සම්පූර්න වගකීම ගතයුත්තේ සිංහල ජාතියම බව.
ඉතින්, අපි තව තවත් තම්බින්ට වෛර කරල පලක් නෑ. මොකද වරද තියෙන්නෙ අපේ සිංහල ජාතිය අතේමයි.
සිංහල බහුතරය ඉන්නකොට මේක සිංහල රට නං මුස්ලිම් බහුතරය ඉන්නකොට මේක මුස්ලිම් රට වෙයි. ඉතිහාසය වෙනස් වෙනව. සංස්කෘතීන් , ශිශ්ටාචාර නැති වෙනව.
ඉතිං ජීවත් වෙන මේ ටික කාලෙ අනික් ජාතීන් එක්ක සමගියෙන් සහයෝගයෙන් ඉමු. වෛර නොකරමු.