බොදු බල සේනා in USA

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    234.jpg

    .
    බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි ඇතුලු හිමිවරුන් කණ්ඩායමක් ඊයේ(08) කටුනායක ගුවන් තොටුපලෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පිටව ගියහ. ඇමරිකාවේ වෙසෙන ලාංකිකයන්ගේ දැඩි ඉල්ලීමක් මත හිමිවරුන් මෙලෙස නික්ම ගියේ බොදු බල සේනා සංවිධානයේ ජාත්‍යංතර කටයුතු ආරම්භ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමිනි. මසක පමණ කාලයක් ඇමරිකාවේ සිට එම වැඩසටහන්වලට සහභාගී වී නැතව මැයි මස මුල් සතියේ මෙරටට පැමිණෙන බවත් එතෙක් බොදු බල සේනා ප්රධානී කිරම විමලජෝති හිමි හා එහි විධායක කමිටු සාමාජික දිලන්ත විතා‍නගේ මහතා සංවිධානයේ නිසි වගකීම් දරනු ඇති බවත් ඤාණසාර හිමියෝ පිටත්වීමට මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපලේදී අදහස් දක්වමින් ප්රකාශ කළහ.
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රට, ජාතිය, ආගම මෙන්ම සිහලුන්ගේ ජිවත් විමේ අයිතිය සිහලුන්ගේ උරුමය වෙනුවෙන් යදින්නේ නැතිව ඒ උරුමය දිනාදී අභීත ජාතියක් බිහිකිරීම වෙනුවෙන් ධර්ම චාරිකාවේ යෙදෙන අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේලාට තුනුරුවන් සරණයි!
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    රට, ජාතිය, ආගම මෙන්ම සිහලුන්ගේ ජිවත් විමේ අයිතිය සිහලුන්ගේ උරුමය වෙනුවෙන් යදින්නේ නැතිව ඒ උරුමය දිනාදී අභීත ජාතියක් බිහිකිරීම වෙනුවෙන් ධර්ම චාරිකාවේ යෙදෙන අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේලාට තුනුරුවන් සරණයි!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    පැටියා;14764135 said:
    මාසයක් කණක් ඇහිලා ඉන්න පුලුවන් :D

    :yes::yes::yes::yes: green card ekak labila, ehe hitiyoth tawath hondai...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    රට, ජාතිය, ආගම මෙන්ම සිහලුන්ගේ ජිවත් විමේ අයිතිය සිහලුන්ගේ උරුමය වෙනුවෙන් යදින්නේ නැතිව ඒ උරුමය දිනාදී අභීත ජාතියක් බිහිකිරීම වෙනුවෙන් ධර්ම චාරිකාවේ යෙදෙන අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේලාට තුනුරුවන් සරණයි!

    kiyanna one tika niyama akarenma kiyala tiyenawa..

    ඔබ වහන්සේලාට තුනුරුවන් සරණයි!
     
    • Like
    Reactions: BonziBUDDY

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    සිංහලයින් වෙනුවෙන් ඇරඹු සටන දිගටම ගෙන යා යුතුයි. Halaal සටන බො.බ.සේ දැන් අතහැර දමලාද ? තවමත් භාණ්ඩවල HALAAL ලකුණ ඇත. print කරපු packet ඉවර වෙන බවක් නම් පෙනෙන්නට නැත. TV ads වලත් තාම Halaal ලතුණ අගේට පෙන්වයි. වෙළද ආයතන ඉදිරිපස ඇති Banners , Bill Boards posters වලිනුත් තාම Halaal ඉවත් වි නැත. නමුත් දැන් උලමා නම් නිහඩය.

    2008 දි අවලංගු වු Halaal සහතිකය 2013 වන තෙක් නිති විරොධිව දෙමින් ඉපයු මුදලින් අහස උසට තැනු පල්ලි හැම තැනමය. Halaal වෙනුවෙන් බො.බ.සේ ඇරඹු සටන සාධරණ අවසානයක් කරා නම් ගියේ නැත.
     
    Last edited:
    • Like
    Reactions: Minion

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    රට, ජාතිය, ආගම මෙන්ම සිහලුන්ගේ ජිවත් විමේ අයිතිය සිහලුන්ගේ උරුමය වෙනුවෙන් යදින්නේ නැතිව ඒ උරුමය දිනාදී අභීත ජාතියක් බිහිකිරීම වෙනුවෙන් ධර්ම චාරිකාවේ යෙදෙන අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේලාට තුනුරුවන් සරණයි!
    :yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තෙත් කලාපීය පරිසරයක වැසි දිනවල කූඩැල්ලන්ගෙන් ගහන ආරණ්‍යයක පිණ්‌ඩපාත ශාලාවට දානය සඳහා වැඩීමට කිලෝමීටර දෙකක පමණ දුරක්‌ තිබිණි.

    යායුතු මඟ ගල් බොරලු, කඳු බෑවුම්, කුණකටුවා, තෙල් කරවලයා වැනි සර්පයින් සහිත මඟකි. පාවහන් නොපළඳින භික්‍ෂුවකගෙන් පාවහන් පළඳින භික්‍ෂුවක්‌ මෙසේ විමසීය

    ‘ඔබ වහන්සේ පාවහන් නොදා වඩිනකොට කකුල් තුවාලවෙන්නේ ගල් ඇහෙන්නේ නැතිද?’

    ‘ඇත්තෙන්ම නැහැ’

    උන්වහන්සේ පිළිතුරු දුන්හ.

    ‘ඒ කොහොමද?’ පාවහන් පළඳින භික්‍ෂුව පෙරළා විමසීය

    ‘මම මෛත්‍රිය කරනවා. මුලින්ම දශ දිශාවටම. ඊට පස්‌සේ මේ කැලයේ ගස්‌, ගල්, මුල්, කටු මේ හැම දෙයටම මෛත්‍රිය කරනවා. මේ පාරේ හමුවන සෑම ගලක්‌ම, මුලක්‌ම, කටුවක්‌ම, අත්තක්‌ම සුවපත් වේවා කියලා, සුවසේ වැඩේවා කියලා මම මෛත්‍රියෙන් සිතනවා. ඒ හැමදෙයටම මා ගරු කරනවා. එවිට ඔබට දැනෙයි සමහර ගල්, මුල්, කටු කකුලේ වැදී වේදනා නොදී ඉවතට යනවා’ යෑයි ඒ පාවහන් නොපළඳින භික්‍ෂුන් වහන්සේ ප්‍රතිඋත්තර දුන්හ.

    සැබැවින්ම මෙය ආශ්චර්යයක්‌ නොවේ. ගල්, මුල්, කටුවලට ඔබ මෛත්‍රි කරන නිසා ඒවා මතට ඔබ කකුල තබන්නේද හරිම පරිස්‌සමෙන්. ඒවාට හානියක්‌ වේද කියන අදහසින්. මේ නිසා ඔබේ සිහිය හොඳින් වැඩෙනවා. පාද දෙකත් හොඳින් පරිස්‌සම් වෙනවා. මේ දුෂ්කර මඟ පාවහන් නොමැතිව වඩින විටදිත්……

    මෙවැනි දුෂ්කර භික්‍ෂු චර්යාවන් නිවන් මඟට, ඔබගේ ප්‍රතිපදාව ශක්‌තිමත් වීමට හුඟාක්‌ ප්‍රයෝජනවත් වෙනවා. ඔබ මෙහිදී උපක්‍රමශීලී විය යුතුය. එසේ නොවුණහොත් මාරයා ඔබේ දෙපාවලට මිරිවැඩි සඟලක්‌ පළඳනවාමයි. එවිට ඔබ මගෙන් අසාවි මිරිවැඩි සඟලක්‌ පැළඳීම භික්‍ෂුවකට කැපැයි නේද කියලා.

    ඔව්. සත්තකින්ම කැපයි. මිරිවැඩි සඟලක්‌ පැළඳීම භික්‍ෂුවකට කැප බවට විනයෙන් අවසර ලැබුණු දිනයේ පටන් භික්‍ෂූන්ගේ මිරිවැඩි සඟල් පාවිච්චිය වැඩිවිය. එහෙත් අරිහත් උතුමන් අඩුවිය.

    මන්ද, ගලක්‌ කුලක්‌ කටුවක ඇනෙන විට, මඩ ගොඩක්‌, කසල ගොඩක්‌, රොඩු ගොඩක්‌ පෑගෙනකොට යටි පතුළට දැනෙන එහි ස්‌වභාවය, සෙරෙප්පු දමන ඔබට නොදැනෙන නිසාය. සිනිදු යටිපතුළ සෙරෙප්පුවේ පහස ලබද්දී, ඔබ විඳින්නේ සැප තෘෂ්ණාවත්, දෙපා ආරක්‍ෂාකාරී නිසා ගමනේ වේගයත් පමණි. වේගය තුළ ඇත්තේද තණ්‌හාවයි. ඔබ වේගවත් වන්නේද, වඩා ඉක්‌මනින් යමක්‌ ස්‌පර්ශ කිරීමටය. අයිතිකර ගැනීමටය. තණ්‌හාව තුළින් ගොඩනැඟෙන්නේ බවය මිස අන් කුමක්‌ද?

    දරුණු සතුන් ජීවත්වන කැලයක හුදෙකලාව සිටියද, මෛත්‍රී ශක්‌තියෙන් පරිපූර්ණ නම් ඔබට සතුන් මුණනොගැසෙනු ඇත. මෙය ආශ්චර්යයක්‌ නොවේ. හේතුඵල ධර්මයක්‌ය. හේතුව මෛත්‍රියයි. එහෙත් ඔබ වඩාත් දක්‍ෂයෙක්‌ වන්නේ සතුන් ඉදිරියට ගොස්‌ ආරක්‍ෂක ගාථා හෝ මෛත්‍රිය වඩා සතුන් ඉවත්කර ගැනීම නොවේ. මෛත්‍රී බලයෙන් සතුන් මඟහරවා ගැනීමයි. ඔබ වනයට ආවේ සතුන් ඔබට දමනය වනවාදැයි පරීක්‍ෂණය කිරීමටවත්, ආරක්‍ෂක ගාථාවල ශක්‌තිය බැලීමටවත් නොවේ. මේවා කිරීමේදී ඔබට කෙලෙස්‌ උපදී. ඔබට වීරත්වක්‌වත් ආරෝපණය වේ.

    ‘මම’ අතහැරීමට වනයට පැමිණි ඔබ, ‘මම’ ගැන ‘වීරකථා’ නිතර කියනු ඇත. මෙය නිවන් මඟට අඩකොටයකි.

    වර්තමානයේ නිවන්මඟ ජයගන්නන් හිඟවීමට මේවාද හේතූන්ය. අපි කැලයට යන්නේ ඇත් ගොව්වන් වීමටවත්, නයි නටන්නන් වීමටවත් නොවේ. ලෝකය මත අපව නටවන මාරයා නැටවීමටය. මාරයා ලෝකය තුළ ඔබව වීර චරිතයක්‌ කිරීමට උත්සාහ කළොත් එම මාර සිත් පැරදවීමට ඔබ දක්‍ෂ විය යුතුය. ලෝකය මැද වීරයෙක්‌, චරිතයක්‌ වීම නොව වීරත්වයත්, චරිතයත්, ලෝකයත් අතහැරීමට පුහුණුවීම ඔබේ කාර්යය විය යුතුය. එසේ නොවුණහොත් කැලයත්, හුදෙකලාවත් ඔබට තවත් නගරයක්‌ම වනු ඇත. වරද ඇත්තේ කැලයේවත්, හුදෙකලාවේවත්. නගරයේවත් නොව ඔබ තුළමය. ඔබ ඔබව අතහරින්න. එවිට ඔබට ඉහත සියල්ල අතහැරෙනු ඇත. සෑම නිවන්මඟ වඩන්නෙක්‌ම තමා තමාට මෛත්‍රිය කරගතයුතුව ඇත. එය කළ හැක්‌කේ මේ ඝෝර කටුක භයානක සංසාර දුක දැක තමා සසරින් එතෙරටම වෙර වැඩීමෙන්ය. මෙය තමා තමාට කරගතහැකි උත්තරීතරම මෛත්‍රියයි. තමා සසරින් එතෙර වුවහොත් මේ උත්තරීතර මෛත්‍රිය මුළු ලෝකයටම පැතිරවිය හැකිය. එහෙත් ඔබද අසරණයෙක්‌මය. ඔබ සසර නැවත මැරෙන, ඉපදෙන, ලෙඩවෙන, වයසට යන ස්‌වභාවයේ සිටිමින් අනුනට මෛත්‍රි කිරීමට යැම බුද්ධිගෝචර නොවේ.

    ලෝකයට මෛත්‍රිය කරන්නට යැම පසෙක තබා, ඔබ මුලින්ම ඔබට මෛත්‍රිය කරගන්න. එය කළහැක්‌කේ ලෝකය තුළ තමාගේ අසරණභාවය, අනාථභාවය තේරුම්ගැනීමෙන් පමණක්‌මය.
     
    • Like
    Reactions: subash dushmantha

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ඇමරිකන් ගෑනියෙක්ටවත් පාරෙ බැහල යන්න බැරිවෙයිද මෙ කලකන්නි ටික එහෙ ගියොත්! බලමු ගිය උන්ගෙන් කීයක් ආපහු ඒවිද කියල! නො එන තරමට හොඳා! රටේ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න පුලුවන්!
     

    lohan

    Active member
  • Apr 5, 2007
    170
    106
    43
    පැටියා;14764135 said:
    මාසයක් කණක් ඇහිලා ඉන්න පුලුවන් :D

    ඇත්තම තමයි මචෝ..මේ ඔක්කොම ප්‍රසිද්ද වෙන්න කරන දෙවල් විතරයි.අනික පැවිදි කෙනෙක් ඔහොම හැසිරිය යුතුයි කියල මමනම් හිතන්නේ නෑ
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඇමරිකන් ගෑනියෙක්ටවත් පාරෙ බැහල යන්න බැරිවෙයිද මෙ කලකන්නි ටික එහෙ ගියොත්! බලමු ගිය උන්ගෙන් කීයක් ආපහු ඒවිද කියල! නො එන තරමට හොඳා! රටේ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න පුලුවන්!


    :yes::yes: