බොධිපූජා සදහා අවශ්‍ය දෑ

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    බොධිපූජා සදහා අවශ්‍ය දෑ

    මම අද හවස බොධි පූජාවක් කරන්න හිතගෙන ඉන්නවා. කලින් දවසක පන්සලට ගිහිල්ලා හාමුදුරුවො මුනගැහිලා වෙලාවක් වෙන් කරගත්තා. බොධි පූජාවට ඕනකරන දේවල් හාමුදුරුවො කිව්වේනෑ. මම අරන්යන්න ඕන දේවල් මොනවද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපරාදෙ උඹ මෙක දැන් ඇහුවෙ,
    අද හවසම අහන්න තිබ්බෙ.
    "දැන් මම ඉන්නෙ පන්සලේ දොරටුව ලඟ මොනවද ගන්න ඕන කියල".

    ස්වාමීන්වහන්සේට අනුව

    ඔබ සිටින ස්‌ථානයේදී පිරිසිදු නැවුම් පැන් කළයක්‌ සකස්‌කර ගන්න පිළිවන් නම් බොහෝම හොඳයි. ඒ පිරිසිදු පැන් කළයට හඳුන් කුඩු ටිකක්‌ සුදු මල් ටිකක්‌ දමා පිරුවටයකින් වසා තෙල් මල් සුවඳ කූරු ගිලන්පස දැහැත් බෙහෙත් ආදිය ද රැගෙන සුදුවතින් සැරසී පන්සලට එන්න. පළමුවෙන්ම ස්‌වාමීන් වහන්සේට වන්දනා කරන්න. ඉන් අනතුරුව බුදුමැදුර, චෛත්‍යය හා බෝධීන් වහන්සේ දෙසට යන්ට. පළමුව ඒ සියලු ස්‌ථාන පිරිසිදු කරන්න. පරවුණු මල් ඉවත්කර මල් ආසනයද පිරිසිදු කරන්න. විහාරමළුව බෝමළුව පිරිසිදු කරන විට තමන්ගේ සිතද පිරිසිදු වේ. දෙඅත් සෝදාගෙන තමන් ගෙන ආ ගිලන්පස ආදිය පිළියෙළ කරන්න. අනතුරුව පහන් දල්වන්න. ගිලන්පස, බෙහෙත්, දැහැත් හා මල් ඒ ඒ ආසන මත තබන්න. සියලු පූජා ද්‍රව්‍යයන් තැන්පත් කළායින් පසුව ඔබ නිවසේ සිට සූදානම් කරගෙන ආ පැන් කළය දොතට ගෙන තම දකුණු පැත්ත බෝධීන් වහන්සේ දෙසට යොමුවන ආකාරයෙන් බෝධීන් වහන්සේ වටා ඉතිපිසෝ භගවා ආදී බුදුගුණ කියමින් හෝ සිතමින් පැන් ටික ටික බෝධියට වත්කරමින් බෝධිය වටා සක්‌මන් කරන්න. එසේ වට හතක්‌ හෝ ඊට වඩා වැඩි ගණනක්‌ හෝ යා හැකිය.

    පැන් කළ හතක්‌ අරගෙන ද ඇවිද වත්කළ හැකිය. මෙහිදී නිවැරදිව දැනගත යුතු දෙයක්‌ ඇත. එනම් බුදුගුණ මෙනෙහි නොකර තමන් පැන් කළ හතක්‌ නොව හැත්තෑවක්‌ දැම්මත් ඉන් පලක්‌ වන්නේ නැත. මන්ද? සමහර අය පැන් කළ අරගෙන වේගයෙන් බෝධිය වටා දුවනු අප දැක ඇත. මෙහිදී අවශ්‍ය වන්නේ මනා සිහියයි.

    පැන් කළය නිවසේදී සකස්‌ කරගෙන ආ නොහැකි නම් පන්සලේ පයිප්පයෙන් ගත්තාටද වරදක්‌ නැත. මේ කටයුතු කළයුතු වන්නේ බොහොම ගෞරවයෙන් හා ශ්‍රද්ධාවෙනි. ඉන් අනතුරුව තමන් බෝධීන් වහන්සේ අසල තැනකට වී ස්‌ථානයේ හැටියට පන්සිල් සමාදන් වී ගාථා කියා වන්දනා කරන්න. සමහර පූජනීය ස්‌ථානවල ගොඩාක්‌ සෙනඟ සිටිනවා. එවැනි තැන්වල තමන් ඉතා ශබ්දනඟා ගාථා කීවොත් අනෙක්‌ අයට එය බාධාවක්‌ විය හැකිය. අනුන්ට බාධා කරල තමන්ට ශාන්තියක්‌ උදාකර ගත නොහැකි වනු ඇත. ඒ ගැනද අවධානය යොමු කරන්න.

    සමහර අය බෝධි පූජා කිරීම සඳහා නොයෙක්‌ ආකාරයේ වට්‌ටෝරු රැගෙන එන අවස්‌ථාද අප දැක ඇත. නමුත් තමන්ට හැකි පමණින් පූජාවක්‌ සිද්ධ කරන්න. සමහරවිට ඒ වට්‌ටෝරුවලට අනුව පූජා කරන්න ගියොත් නොකරම ඉන්නත් පිළිවන්. බෝධි පූජාව දින හත, දින විසි එක ආදී වශයෙන් සිදුකරනවා. එහෙත් ඔබට හැකි සෑම දිනකම බෝධි පූජාව පවත්වන්නට හැකි නම් එය ඔබට මහත් ආශිර්වාදයක්‌ වනු ඇත.
     
    Last edited:
    • Like
    Reactions: roshan87

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජෝතිර්වේදියෙක්ට අනුව,

    බෝධි පූජාව කායික මානසික සුවය ළඟා කර ගැනීමට මහෝපකාරීය. බෝධි පූජාවක් පැවැත්වීම සඳහා වඩාත් සුදුසු වන්නේ සන්ධ්‍යා කාලයයි. මේ සඳහා සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ වසන අනුසස් ඇති විහාරස්ථානයක බෝධීන් වහන්සේ නමක් තෝරා ගත යුතුය. තමා ජීවත් වන ගමේ පන්සලේ බෝධීන් වහන්සේ වුවද මේ සඳහා ඉතාම සුදුසු බව කිසිවිට අමතක නොකළ යුතුය. කෙසේ නමුත් බෝධි පූජාවක් සිදුකිරීමට අවම වශයෙන් දින 3කට වත් පෙර මස් මාංස පිළිහුඩු ආදියෙන් වෙන්ව නිර්මාංස වන්න. මෙලෙස සත් දිනක් පේ විය හැකි නම් ඉතා වටී. බෝධි පූජාව තබන දින හොඳින් දිය නා පිරිසිදු වී පිරිසිදු සුදුවතින් සැරසී පවුලේ සැවොම බෝධි පූජාවට සහභාගි වීම ඉතාම අවශ්‍යය. එහිදී කල්වේලා ඇතිව විහාරස්ථානයට ගොස් මල් අසුන් වල පරමල් පමණක් ඉවත් කර මල් ආසනය පිරිසිදු කර බෝ මළුව, චෛත්‍ය මළුව හා බුදුගෙය අවට ඇමද පිරිසිදු කළ යුතුය. එහිදී පුර

    පසළොස්වක පොහොය දිනයක් වැනි විහාරස්ථානයේ සැදැහැතියන් වැඩිපුර ගැවසෙන දිනයක් නම් ඒ ඇත්තන්ට හිංසාවක් පීඩාවක් නොවන අයුරින් බිම වැටී ඇති බෝ පත් අතින් ඇහිඳ බෝ මළුව පිරිසිදු කරන්න. හැකිනම් ප්‍රවේශමෙන් දූවිලි නොනගින සේ අමදින්න. කුණු රොඩු කාටත් කරදරයක් අවහිරයක් සිදුනොවන සේ තැනකට යොමු කරන්න. මේ අයුරින් බෝධීන් වහන්සේ සමීපයේ මෙන්ම සෙවණේ වැඩි වේලාවක් විවිධ ක්‍රියාකාරකම්හි නිරත වෙමින් ගත කරන විට බෝධීන් වහන්සේගේ ශක්තිය නිතැතින්ම තමා වෙත ආකර්ෂණය වේ. එහිදී විශේෂයෙන් ගුරු ග්‍රහයාගේ අපල පවතින අයට එම අපල සමනයට මෙන්ම නිවාරණයට මෙය කදිමය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ එවැනි අපල කාලසීමා ගත කරන්නන් වෙතොත් ඔවුන් තනිවම වෙහෙස මහන්සි වී ශ්‍රද්ධා පෙරදැරිව අචල භක්තියෙන් හා විශ්වාසයෙන් යුතුව පෙර සඳහන් වූ පිරිසිදු කිරීම් ආදී කටයුතු සිදු කළ යුතු බවය. කෙසේ නමුත් නිවැරැදිව ක්‍රමවත්ව බෝධි පූජාවක් පැවැත්වීමට ගුණවත්, සිල්වත්, උගත් භික්‍ෂුන් වහන්සේ නමක් සම්බන්ධ කර ගැනීම තුළ අඩුපාඩු අවම වන ලෙස බෝධි පූජාව සිදුකළ හැක. සාමාන්‍යයෙන් බෝධි පූජාවක් දිනක්, දින 3ක්, දින 7ක්, දින 9ක්, දින 21ක් ආදී ලෙස පවත්වනු දැකිය හැක. එය ප්‍රදේශ අනුව වෙනස් වන නිසාවෙන්ද නියමයක් නොවන නිසාවෙන් ද තම තමන්ට හැකි පමණින් නිවැරදිව සිදු කිරීම ප්‍රමාණවත්ය.
    නිවැරදිව ක්‍රමවත්ව උසස් අයුන් බෝධි පූජාවක් පැවැත්වීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැසකි. ඒවා තම තමන්ගේ ආර්ථිකයට ඔරොත්තු දෙන ලෙස තම තමන්ගේ ශක්ති ප්‍රමාණයේ හැකි උපරිමයෙන් සාධාරණව උපයා ගත යුතුවේ. එම ද්‍රව්‍ය සවිස්තරව මෙසේය.

    * ත්‍රිවිධ රත්නය වෙනුවෙන් පහන් 3යි.
    * සතරවරම් දෙවිවරුන් උදෙසා පහන් 4යි.
    * කළු බණ්ඩාර දේවතාවුන් උදෙසා පහන් 1යි.
    * රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු,ශුක්‍ර, ශනි, රාහු හා කේතු යන නවග්‍රහයන් උදෙසා පහන් 9යි.
    * ඉරීම්, දාරය කඩතොලුවීම්, හැකිළීම් මෙන්ම තිත්, ලප, පුල්ලි වලින් තොර දීප්තිමත් කොළ පැහැයෙන් බබළන තරමක් විශාල ශුභ බුලත් කොළ 17 යි.
    * පිරිසුදු පොල්තෙල්, පස්තෙල්, අබ තෙල් අවශ්‍ය පමණ
    * හඳුන්කූරු, කපුරු පෙති අවශ්‍ය පමණ
    * අපල කරන ග්‍රහයාගේ වර්ණයෙන් යුතු තරමක් විශාල රෙදි කොඩියක් එහි අදාළ අපලය දුරු වන ලෙස නම ගම සහිතව පැහැදිලිව සඳහන් කර තිබීම ප්‍රතිඵලදායකය.
    * එක පහනකට පහන් වැටි දෙක බැගින් දැමීමට හැකිවන සේ කපු රෙදිවලින් ඇඹරූ පහන් තිර අවශ්‍ය පමණ
    * දෙහි හා කහ වතුරෙන් පිරිසුදු කළ කාසි 17ක් පමණ
    * නව ග්‍රහයන්ට හිමි රතු රෝස පැහැයට හුරු තැඹිලි, සුදු, රතු, කොළ, රන්වන්, ක්‍රීම්, නිල් හෝ කළු හා ළා කොළ යන වර්ණ නවයෙන් කුඩාවට සැකසූ රෙදි කොඩිවැල් 9 යි. මෙහිදී රෙදි කොඩිවල දාරය දැති කතුරක් ආධාරයෙන් කපා ගැනීමෙන් වඩාත් හොඳ අලංකාරවත් පෙනුමක් ලබා ගත හැකිය.
    * පාට 9ක මල් වර්ග 9කින් සකසා ගත් මල් වට්ටි 9 යි.
    * සකසා ගත හැකි නම් රතු, සුදු නෙලුම් මල් වට්ටි 7 යි.
    * කුඩා නැවුම් මැටි, ඇලුමිනියම් හෝ ප්ලාස්ටික් කළ හෙවත් සෙම්බු 5ක් පමණ
    * කරාබුනැටි, වසාවාසි, සාදික්කා, තකුල් හා කපුරු යන පංච සුගන්ධිකවලින් අනූන දැහැත් වට්ටියක්
    * සමන් මල් කැකුළු, ඊතණ, හෙළ අබ, සුදුසහල් හා විලඳවලින් සුසැදි ලදපස්මල් හා පිනිදිය
    * දුම් ඇල්ලීම සඳහා අගිල්, සුවඳ කොට්ටන්, දේවදාර, සුදුහඳුන් හා නාමල් රේණු යන පංච ධූපයෙන් සමන්විත සුවඳ කුඩු
    * ගිලන්පස ලෙස බෙලිමල්, රණවරා, සේපාලිකා, කොත්තමල්ලි වතුර, තේ වතුර ආදිය අවශ්‍ය පමණ
    * තමාගේ උසට හෝ දිගින් බඹයක් හෙවත් අඩි 6ක් පමණ වන සුදු හෝ වර්ණ මිශ්‍ර මල්මාලා හැකිතාක් ප්‍රමාණයක් මෙහිදී විශේෂයෙන් මෙම මල්මාලා සකසා ගැනීම අපල ගෙවනු ලබන තැනැත්තා හෝ තැනැත්තිය අතින්ම සිදුකර ගත හැකි නම් ඉතාම ප්‍රතිඵලදායකය.

    එපමණක් නොව ඔහුගේ හෝ ඇය මල් නෙළීීම්, පහන් දැල්වීම්, බෝධිය නෑවීම්, සුවඳ දුම් ඇල්ලීම ආදී සියල්ල සිදු කිරීමද ඉතා වටී. සපයා ගත හැකි නම් ඉදිකිරීමක් වෙනුවෙන් කපා ඉවත් කළ පොල් හෝ තැඹිලි ගසකින් පොල් හෝ තැඹිලි මල් 4ක් මෙම පොල් මල්, තැඹිලි මල් සේම පුවක් මල් වුවද ලබාගත යුත්තේ අපතේ යන ස්ථානයකින් විනා ආර්ථික වටිනාකමක් ඇති පලදාවකට හානි සිදුකර නම් නොවේ. * යම් සුදුසු පිරිකරක් හෝ දහම් පඬුරක්.

    බෝධි පූජාව පැවැත්වීමට ප්‍රථම බෝ සමිඳුන්ගේ සිව් කොන සුදු, රතු, මිශ්‍ර නෙලුම් මල් දැමූ කළ හෝ විහිදූ පොල් මල්, තැඹිලි මල් දැමූ කළ තබන්න. එසේම බෝධීන් වහන්සේ සිවු කොන බුලත් කොළ මත පඬුරු තබා පහන් දල්වන්න. එසේම බුලත් කොළ මත පඬුරු තබා සුදුසු ස්ථානයක් බලා බෝධියට අධිපති දෙවියන්ට පහනක් දල්වන්න. මල් අසුන මත බෝධිය දෙසට වන්නට ඉදිරියෙන්ම තෙරුවන්ට පහන් 3ක්ද, ඊට පිටුපසින් සතරවරම් දෙවිවරු උදෙසා පහන් 4ක්ද, ඊටත් පිටුපසින් නවග්‍රහයන් උදෙසා පහන් 9ක්ද දල්වන්න. මෙම පහන් සඳහා දෙවියන් බෙහෙවින් ප්‍රිය කරන අබතෙල් යොදා ගන්න. එහිද පහන් සඳහා පහන් වැටි දෙක බැගින් දැමීම තුළ සුළං හැමුවද පහන් නොනිවී රැක ගත හැකිය. තවද මල් අසුන පුරා පස්මල් පිනිදිය විසුරුවා හරින්න. විශේෂයෙන් නවග්‍රහයන්ගේ පහන්වලට අබතෙල් පස්තෙල් යොදන්න. අබ තෙල් සුවඳට දෙවියන් විශේෂයෙන් ප්‍රිය කරන නිසා බෝධි පූජාව සඳහා අබතෙල් යොදා ගැනීම ඉතා යෝග්‍යය. බෝධීන් වහන්සේගේ සුදුසු තැනක් බලා අශෝභන නොවන සේ නවග්‍රහයන්ට හිමි පැහැයෙන් යුත් කොඩි වැල් එල්ලන්න. බෝධීන් වහන්සේගේ සිව් කොන සුවඳ හඳුන්කූරු දල්වන්න. පංච ධූපය සහිත දුම් කුඩුවලින් බෝ මළුවටත්, බෝධීන් වහන්සේ අවටත් දුම් අල්ලන්න. අපල කරන ග්‍රහයාගේ වර්ණයෙන් යුතු අපල දුරුවන ලෙස ප්‍රාර්ථනා වැකි ලියූ කොඩිය බෝධීන් වහන්සේගේ සුදුසු ස්ථානයක එල්ලන්න. පෙරහන් කඩයක් ආධාරයෙන් පිරිසුදුව පෙරාගත් ජලය (පැන්) කළයක් දෝතින් ගෙන කරණීය මෙත්ත සූත්‍රය සජ්¿ධායනා කරමින් දක්ෂිණාවෘතව එනම් තමාගේ දකුණත බෝධීන් වහන්සේට යොමු වනසේ බෝධීන් වහන්සේ වටා වට 7ක් පැදකුණු කරමින් ගමන් කොට ඉතිපිසෝ ගාථාව කියමින් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බෝධීන් වහන්සේ නහවන්න. මෙහිදී බෝධිය නෑවීමට යොදා ගන්නා සුවඳ කුඩු වැනි ද්‍රව්‍ය යොදා ගැනීම අනුමත කළ නොහැකිය. මන්ද එම ද්‍රව්‍ය බෝධීන් වහන්සේට විස අහිතකර ද්‍රව්‍ය විය හැකි බැවිනි.

    තවද වර්ෂාව අධික කාලයක් නම් බෝධීන් වහන්සේ නෑවීම සඳහා එක් පැන් කළයක් ප්‍රමාණවත් බවත් වර්ෂාව හිඟ පෑවිල්ල අධික නියං කාලයක් නම් පැන් කළ 7ක් බෝධීන් වහන්සේ නෑවීම සඳහා යොදා ගත යුතු බවත් අවධාරණය කළ යුතුය. මීළඟට බෝධීන් වහන්සේට වස්තු පූජාව ලෙස මල්, පහන්, සුවඳ දුම්, කපුරු ආදිය පූජා කළ හැකිය. එහිදී බෝධීන් වහන්සේට ඉතා ළංකොට පහන් නොදල්වන්න. මන්ද පහන්වලින් නිකුත්වන තාපය බෝධීන් වහන්සේට අහිතකර විය හැකි බැවිනි. එසේම විශේෂයෙන් ඉහත සඳහන් වූ කවර වර්ගයක තෙල් වුවද බෝධීන් වහන්සේගේ මුල්වලට අහිතකරය. කෙසේ නමුත් මෙහිදී බෝධීන් වහන්සේ අරභයා සීමිත පහන් සංඛ්‍යාවක් පමණක් දැල්විය යුතු බව කිසිසේත්ම අවධාරණය නොවේ. පහන් වැඩි වැඩියෙන් දල්වන තරමට පින් සිදුවේ. එපමණක් නොව ඒ හරහා ලද හැකි ආනිශංසද බොහෝය. එහෙත් එම පහන් දැල්විය යුත්තේ බෝ මලුවේම බෝධීන් වහන්සේට හානිදායක නොවන සේ සැලකිය යුතු දුරකින් බව අවධාරණය කළ යුතුමය. එසේම දල්වන පහනින් උපරිම ප්‍රතිඵල ලද හැක්කේ අඳුර ඇති ස්ථානයක හෝ අඳුර ඇති වේලාවක පහන දැල්වීමෙනි. බොහෝ සත්ත්වයෝ අඳුරට වඩා ආලෝකයට ප්‍රියය. එනිසා එයද ආනිශංසදායකය.

    බෝධි පූජාවක් නිවැරැදිව තැබීමේදී පූජා විධි දෙවර්ගයක් නිතැතින්ම පූර්ණය වේ. ඒ වස්තු පූජාව හා ස්තුති පූජාවයි. පෙර කී සේම වස්තු පූජාව ලෙස ගැනෙනුයේ මල්, පහන්, සුවඳ දුම් ආදී කොට ඇති පූජා ද්‍රව්‍ය පූජාවයි. ස්තුති පූජාව ලෙස අර්ථකථනය කළ හැකි වනුයේ විවිධ පූජා ද්‍රව්‍ය, පූජා කරනු වස් අදාළ ගාථා හඬ නඟා කියා බොධි පූජාව තැබීමයි. නමුත් ගාථා වුවද පිරිත් වුවද කිව යුතු වන්නේ දැනුවත්ව සංවරව හොඳ සංයමයකින් යුතුව විහාරස්ථානයේ වන්දනාමාන කරන සැදැහැතියන්ට හිංසාවක් පීඩාවක් හිරිහැරයක් නොවන අයුරිනි. එසේ කළයුතු වනුයේ මන්ද යත් ඕනෑම පින්කමකින් ඊට හිමි උපරිම අනුහස් ලැබීමට කා හට වුවද පැහැදුණු එකඟ වූ සිත අවශ්‍ය බැවිනි. යම් පින්කමක් සිදුකරමින් සිටියදී වුවද නොසිතූ ලෙස කුඩා හෝ සිදුවීමකින් සිතේ තරහව, ද්වේශය, වෛරය ආදිය ඇති වුණහොත් පැහැදුණු එකඟ වූ සංවර සිත තුළින් ඇතිව තිබූ මානසික ඒකාග්‍රතාව බිඳේ. එවිට සිදුවන්නේ කුසල නොව අකුසල්ය. මෙකී තත්ත්වය නුවණින් හොඳින් සිතා තමාම අවබෝධ කර ගත යුත්කකි. කෙසේ නමුත් හඬ පිටවන සේ හෝ හඬ පිටනොවන සේ අදාළ ගාථා පිරිත් ආදිය කියා බෝධීන් වහන්සේ වන්දනා මාන කිරීම ග්‍රහ අපල රෝග හා උවදුරු දුරුවී දියුණුව සෙත ශාන්තිය ඉදිරි ජීවිත අභිවෘද්ධිය ගෙනදීමට හේතුය. මෙනිසා වස්තු පූජාව සේම ස්තුති පූජාවද නිවැරැදිව ක්‍රමවත්ව අවබෝධයෙන් යුතුව සිදු කරන කල එය මහත් අනුහස් ඇති පින්කමකි.
    භික්ෂූන් වහන්සේ නමක සහභාගි වුවද නොවුවද බෝධි පූජාව පහත සඳහන් ලෙස අනුපිළිවෙළින් සිදු කිරීම බොහෝ දුරට නිවැරැදිය.

    * නමස්කාරය තෙවරක් කීම
    * තෙරුවන් සරණ යෑම
    * පන්සිල් සමාදන් වීම
    * ඉතිපිසෝ ගාථාව කියා තෙරුවන් වන්දනා කිරීම
    * බෝධි පූජා වන්දනා ගාථා කීම
    * මල් පහන් සුවඳ දුම් පැන් ආදිය පූජා කර ගාථාකීම
    * අටවිසි බෝධි නමස්කාරය සිදු කිරීම
    * මේෂ, වෘෂභ ආදී ‍ෙදාළොස් රැසට රවි, චන්ද්‍ර ආදී නවග්‍රහ අපල දුරුවන සේ ප්‍රාර්ථනා කවි කීම
    * කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කිරීම
    * මළගිය ඥාතීන්ට පින්දීම
    * විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ, ගම්බාර සූනියම් ප්‍රමුඛ සියලු දෙවි දේවතාවුන් වහන්සේට පින්දීම
    * අපල ඇති අයටත් පොදුවේ බෝධි පූජාවට සහභාගි වූවන්ටත් සෙත් ප්‍රාර්ථනා කිරීම

    බෝධි පූජාවක් සිදු කිරීමේදී ඉහත සඳහන් වූ අනුපිළිවෙළත් එහි අන්තර්ගතවූ අංගත් ඇතැම් විට සුළු වශයෙන් වැඩි අඩු වන අවස්ථා දැකිය හැක. එය කිසිසේත් ගැටලුවක් කර නොගන්න. විශේෂයෙන් අන්ධ භක්තියෙන් යුතුව බෝධීන් වහන්සේගේ අතු ඉතිවල පඬුරු ගැට ගැසීමෙන්ද දන්වා ඇතොත් මල් ආසන මත පහන් සුවඳ දුම් දැල්වීමෙන්ද වළකින්න. එම පූජා සඳහා විහාරස්ථානයේ ඒවාට නියමිත ස්ථාන වෙත යෙමුවන්න. තවද බෝධි පූජාවක් සිදු කිරීමේදී අත්‍යවශයෙන්ම දතයුතු බහුල භාවිත බෝධි වන්දනා ගාථා කිහිපයක්ද වස්තු පූජා ගාථා කීපයක්ද මෙසේය.

    'යස්ස මූලේ නිසින්නෝව
    සබ්බාරි විජයං අකා
    පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
    වන්දේ තං බෝධි පාද පං'

    මෙම ගාථාව දඹදිව ශ්‍රී මහ බෝධීන් වහන්සේට වඳින ගාථාවයි. මෙහි සන්නය වනුයේ යම් බෝධි මූලයක වැඩ හුන්නාවූ ශාස්තෘෘන් වහන්සේ සියලු සතුරන් දිනූ සේක්ද උතුම් වූ සියල්ල දන්නා පුද්ගලයා බවට පැමිණි සේක්ද ඒ බෝධීන් වහන්සේ වඳිමි යනුයි.

    'ඉන්දනීල වණණ පත්ත සේත ඛන්ධ භාසුරං සත්ථු නෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං
    අග්ග බෝධි නාම වාම දේව රුක්ඛ වණ්ණිතං
    තං විසාල බෝධිපාද පං නමාමි සබ්බදා'

    මෙහි සන්නය වනුයේ ඉඳුනිල් මිණි වැනි පත්වලින්ද සුදු පැහැති කඳින්ද බබළන්නා වූ ශාස්තෘෘන් වහන්සේ විසින් නෙත් පියුම්වලින් පුදන ලද්දාවූද, අග්‍රමිහිර ගෙන දෙන්නාවූද, අග්‍රබෝධි නම් වූ සුන්දර වූ දෙව් රුකක් වශයෙන් වර්ණිත වූ විශාල වූ ඒ බෝධි
    වෘක්‍ෂයන් වහන්සේට සෑම කල්හි වඳිමි යනුයි. බෝධීන් වහන්සේට මල් පූජා කිරීම සඳහා

    'සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධි මුත්තමං - පූජේමි බෝධිරාජානං - පුප්වේනේතේන සාදරං'
    මෙහි සන්නස වනුයේ ධර්ම රාජයන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දාවූ බෝධිරාජයන් වහන්සේට මේ මලින් සාදරයෙන්ද පුදමි යනුයි. බෝධීන් වහන්සේට පහන් පූජා කිරීම සඳහා
    'සේවිතං ධම්මරාජේන - පත්තුං සම්බෝධි මුත්තමං - පුජේමි බෝධි රාජානං - දීපේනේතේන සාදරං'
    මෙහි සන්නය වනුයේ ධර්ම රාජයන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණෙනු පිණිස සේවනය කරන ලද්දාවූ බෝධිරාජයාණන් වහන්සේට මේ පහනින් සාදරයෙන් පුදමි යනුයි. බෝධීන් වහන්සේට සුවඳ දුම් පිදීම.

    'සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං - පූජේමි බෝධි රාජානං - ධූපේනේතේන සාදරං'
    මෙහි සන්නය වනුයේ ධර්ම රාජයන් වහන්සේ විසින් උත්තම සමයක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දාවූ බෝධිරාජයන් වහන්සේට මේ ධූපය සාදරයෙන් පුදමි යනුයි. බෝධීන් වහන්සේට පැන් පිදීම
    'සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං - පූජේමි බෝධිරාජානං - උදකේනේතේන සාදරං'
    මෙහි සන්නය වනුයේ ධර්ම රාජයන් වහන්සේ විසින් උත්තම සම්‍යක් සම්බෝධියට පැමිණෙනු පිණිස සේවනය කරන ලද්දාවූ බෝධි රාජයාණන් වහන්සේට මේ පැන් සාදරයෙන් පුදමි යනුයි.

    රෝගී තත්ත්වයක් හේතුවෙන් යමකුට බෝධි පූජාවට සක්‍රිය දායකත්වය සපයා දිය නොහැකි අවස්ථාවල පූජා ද්‍රව්‍ය අත ගස්වා බෝධි පූජාව සිදු කිරීම ප්‍රමාණවත්ය. එසේම බෝධි පූජාවේ විශේෂත්වය රෝහල් ගතවූවකු මෙන්ම වෙනත් ප්‍රදේශයක ජීවත් වන්නකු වෙනුවෙන්ද තව කෙනකුට කළ හැකිවීමයි. කෙසේ නමුත් බෝධි පූජාව අවසානයේ බෝධි පූජාව පැවැත්වූ භික්‍ෂුන් වහන්සේට යම් පිරිකරක් එසේත් නැත්නම් දහම් පඬුරක් පූජා කිරීම කාලෝචිතය. ඒ මන්දයත් බෝධීන් වහන්සේ නමක් මුලදී කවර හෝ දානයක් දිය හැකි නම් එය ඉතාම අගනා මහානිශංස පිංකමක් වන බැවිනි. එහිදී විශේෂයෙන් බෝධීන් වහන්සේ අබියස සුළුවෙන් හෝ දානයන් අතුරින් අග්‍ර ධර්ම දානය වැනි පිංකමක් සිදුකළ හැකිනම් එය දෙලොවටම වැඩදායිය.

    තවද බෝධි පූජාවක් අවසන්වීමට ප්‍රථම සිදු කරනු ලබන සෙත් ප්‍රාර්ථනා කිරීම් ශාන්ති වාක්‍ය ආදිය විවිධාකාරය. කෙසේ නමුත් එලෙස විශේෂ සෙත් ප්‍රාර්ථනය කිරීම සඳහා පුවක්මල් කිනිත්තක්, ශාන්ති වාක්‍ය කියන්නාගේ අත හෝ වෙනත් සුදුසු යමක් භාවිත කළහැක. එහිදී වැදගත් වනුයේ අපල උපද්‍රව ඇත්තාට ප්‍රිය උපදවනසේ හඬනඟා අවංක සිතින් යුතුව කරුණා මෛත්‍රි පෙරදැරිව ශාන්තිවාක්‍ය කියා සෙත් ප්‍රාර්ථනය කිරීමය. එහිදී පුද්ගලයා අනුව අවශ්‍ය ආමන්ත්‍රණ ආදිය යොදා අමතා සෙත් පැතීමේ වරදක් නැත. එලෙස සෙත් පැතීම සඳහා භාවිත කළ හැකි ප්‍රශස්ථ ශාන්ති වාක්‍ය සමූහය තුළ අනිවාර්යයෙන්ම අනන්තවූ බුදුගුණ පිළිබඳවත් බෝධීන් වහන්සේගේ ගුණ පිළිබඳවත් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ පිළිබඳවත් සඳහන් විය යුතුමය. එසේම බුද්ධ පූජා බෝධි පූජා උසස් ලෙස පැවැත්වීමේ කුසලානුභාවයෙන් බෝධීන් වහන්සේට අරක්ගෙන සිටින සම්‍යක් දෘෂ්ටික සියලු දෙවි දේවතාවෝද ශ්‍රී ලංකාද්වීපයත් සම්බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කිරීමට වරම් ලබා සිටින සතරවරම් දෙවිවරු ප්‍රමුඛ ශ්‍රී විෂ්ණු ස්කන්ධ කුමාර සුමන සමන් විභීෂණ යන දිව්‍ය රාජයාණන් වහන්සේලාට පින් අනුමෝදන් කළ යුතුය. ඒ පින් අනුමෝදන්ව සතුටට පත්වන දෙවියන්ගේ දේවානුභාවය පිහිට ප්‍රාර්ථනා කළ යුතුය. එසේම ඒ සමඟ අපල ගෙවන අයගේ මෙන්ම බෝධි පූජාවට සහභාගි වූවන්ගේ ග්‍රහ අපල, මාරක, බාධක, නින්දා, අපකීර්ති, රෝග, ධනහානි ආදී කොට ඇති අපලයක් වෙතොත් ඒ සියල්ල හිරු දුටු පිනි මෙන් වහා දූරිභූත වන ලෙසත් සිරුරේ තුන් ‍ෙදාස් කිපීමෙන්ද ඇස්වහ, කටවහ, හෝවහ, අඩෝවැඩියා ආදී කොට ඇති දේ දුරුවන ලෙසත් හූනියම් හා යක්‍ෂ ප්‍රේත භූත ආදී
    දෝෂයන් වහා දුරුවන ලෙසත් ප්‍රාර්ථන කළ යුතුය. එසේම දෙවියෝ මේ පින් පිළිගෙන එම පින් අනුමෝදන්ව තමන් වහන්සේගෙන් පිහිට බලාපොරොත්තු වන අයගේ ආයු, ධන, බල, සුඛ වර්ධනය වන ලෙසත් සියලු යහපත් ප්‍රාර්ථනාවෝ මුදුන් පත්වන ලෙසත් දියුණුව සලසා ශාන්තිය සැපත උදා කරන ලෙසත් යනාදී වශයෙන් ශාන්ති වාක්‍ය සමූහය සැකසිය යුතුය.

    මෙලෙස ශාන්ති වාක්‍ය කියා අවසන් කොට අංග සම්පූර්ණව සාර්ථක බෝධි පූජාවක් නිම කරන කල එතුළින් ලද හැකි ආනිශංස රැසක් ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ අපදාන පාලියේ දක්වා තිබේ.

    බෝධි පූජාව යනු වස්තු පූජාවන් ස්තුති පූජාවන් තුළින් ගොඩ නැඟෙන්නා වූ ඒ හා සබැඳි පරිවාර පිංකම් රැසක එකතුවකි. මේ නිසා පැහැදුණු එකඟවූ සිතින් බෝධි පූජාවක් නිවැරැදිව නිසි ආකාරව සිදු කරන කල අනන්ත කුසල් රැස්වේ.
     
    Last edited:
    • Like
    Reactions: xcorat

    උබට ගොඩක් පිං සහෝදරයා....
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    machang bodi puja karanna kalin kal wela athuwa pansalata gihin pansala athuganna. eka loku pinak