බොනවට අමතරව බියර් වලින් ගන්න පුළුවන් තවත් වැඩ

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113

    බොනවට අමතරව බියර් වලින් ගන්න පුළුවන් තවත් වැඩ



    ඔන්න මේක බියර් නොබොන අයට හොඳ ආරංචියක් වුණාට බියර් බොන අයටනම් එච්චර හොඳ ආරංචියක් නෙමෙයි. ඒක කියලම එපැයි පටන් ගන්න. මොකද මේ කියන්න යන වැඩ ටික ගැන දැනගත්ත ගමන් ඔය බියර් නොබොන නෝනලා, මහත්තය ෆ්‍රිජ් එකේ දාල තියෙන බියර් බෝතල්/කෑන් ටිකට වැඩේ දෙනවා අනිවාර්යයෙන්ම. ඔන්න මේකයි කතන්දරේ..
    බියර් කියල කියන්නෙ ලෝකයේ ඉතාම පරණ වගේම වැඩිපුරම භාවිතාවෙන ඇල්කොහොල් අඩංගු පානය. ඒ වගේම වතුර සහ තේ වලට පස්සෙ ලෝකයේ වැඩියෙන්ම පානය වෙන්නෙත් මේ බියර් කියල තමයි කියන්නෙ. හැබැයි මේ කියන්න යන්නෙ ඒ බියර් ගැනවත්, බියර් බොන හැටි ගැනවත් නෙමෙයි. බොනවට අමතරව මේ බියර් වලින් ගන්න පුළුවන් වෙනත් ප්‍රයෝජන ගැනයි.

    1. රත්තරන් සහ ලී බඩු ඔපදැමීමට

    01-37.jpg

    ගෙදර අවපැහැ ගැහුණ රත්තරන් බඩු තියෙනවනම්, ෆ්‍රිජ් එකේ බියර් බෝතලේකුත් තියෙනවනම් ඔන්න තියෙනව වැඩක්. බියර් ටිකක් මෘදු රෙදි කැබැල්ලක් උඩට වත්කරලා අවපැහැ වුන රන් ආභරණය ඒ රෙදි කැබැල්ලෙන් මෘදුව පිරිසිඳු කරන්න. අන්තිමට වියළි රෙදි කැබැල්ලකින් පිහදාන්න. බියර් පැසවන ක්‍රියාවලියේදී යොදාගන්න බීරමල් එහෙමත් නැත්තම් hops කියල හඳුන්වන මල් වර්ගයේ අඩංගු alpha acid කියන ඇසිඩ් වර්ගය රත්තරන් හෝ රන් ආලේපිත ආභරණවලට හොඳ නැවුම් පෙනුමක් ලබාදෙනවා.
    ඒ වගේම තමයි ගෙදර තියෙන පරණ පාට ගැහුන පොලිෂ් කරපු ලී බඩු. මේ ලී බඩු වලටත් අලුත් දීප්තියක් දෙන්න පුළුවන් බියර් ස්වල්පයකින්. කලින් වගේම රෙදි කෑල්ලක් උඩට බියර් ටිකක් වත්කරගෙන පොලිෂ් කරගන්න අවශ්‍ය ලී බඩුව ඒ රෙදි කැබැල්ලෙන් හොඳින් පිරිසිඳු කරන්න. අන්තිමේදී වියළි රෙදි කඩකින් පිහදාන්න. ලී බඩු වලට ක්ෂණික දීප්තියක් ලැබෙනවා.


    2. මස් වර්ග ඉවීමේදී

    02-36.jpg

    මේකත් බියර් වලින් ගන්න පුළුවන් සුපිරි, ඒ වගේම විශ්වාස කරන්නත් බැරි වැඩක්. අපි හැමෝම දන්නවනේ ඕනම මස් වර්ගයක් උයනකොට උයන්න කලින් කළමනා ටික අතගාල ටික වෙලාවක් පදම් වෙන්න, ඒ කිව්වේ මැරිනේට් වෙන්න තියල උයන තරමට තමයි වැඩිපුර රස කියලා. ඔන්න මෙහම මැරිනේට් කරනකොට ඒකට බියර් ටිකකුත් එකතු කරලම මැරිනේට් වෙන්න තියන්නකෝ. රස දෙගුණ තෙගුණ කරගන්න පුළුවන්. ඒ වගේම මස් වල තියෙන හයිය ගතිය ඉවත් වෙලා හොඳ මෘදු ගතියක් එන්නත් මේ බියර් එකතු කිරීම උදව්වක් වෙනවා. එකතු කරගන්න ප්‍රමාණය තම තමන්ගේ රුචිකත්වය අනුව වෙනස් කරගන්න පුළුවන්.

    3. හිස කෙස් වලට සත්කාරයක්

    03-34.jpg

    හිසකෙස් වලට හොඳ සත්කාරයක් ලබාදෙන්නත් බියර් පාවිච්චි කරන්න පුළුවන් කිව්වමනම් පුදුමත් හිතෙනවා නේද? බියර් වල අඩංගු මෝල්ට් සහ හොප්ස් වල හිසකෙස් වලට ලොකු පෝෂණයක් ලබාදෙන්න පුළුවන් ප්‍රෝටීන් අඩංගුයි. වියළි සහ හානිවුන හිසකෙස් යථා තත්ත්වයට පත් කරන්න මේ පෝෂ්‍ය පදාර්ථයන්ට පුළුවන් වගේම බියර් වල අඩංගු ඇල්කොහොල් වලින් හිසකෙස් වලට අලුත් දීප්තියක් ලබාදෙන්නත් පුළුවන්. නාන වෙලාවට ෂැම්පු එක්කම බියර් හිස මත ආලේප කරලා සම්බාහනය කරලා ටික වෙලාවක් තියෙන්න අරින්න. ඊටපස්සේ පිරිසිඳු වතුරෙන් සෝදා හරින්න. බියර් වලින් එන ගඳ ඉවත් වෙන්න අන්තිමට කොණ්ඩෙ පුරුදු කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කරලා සෝදන්න.

    4. ගොළුබෙල්ලන්/ හන්ගොල්ලන් මර්දනයට

    004-6.jpg

    අපි කවුරුත් අකමැති සත්තු තමයි මේ ගොළුබෙල්ලෝ සහ හන්ගොල්ලෝ කියන්නෙ. අප්පිරියයි වගේම ගහ කොළවලට මේ සත්තුන්ගෙන් තියෙන කරදරෙත් කියල නිමකරන්න බැහැ. එළවලු, පළතුරු තියා මල් පැළයක්වත් තියාගන්න බැහැ සමහර වතුවල මේ ගොලුබෙලි කරදරේ නිසා. ඔන්න ඒකටත් විසඳුමක් තියෙනව මේ බියර් වලින්. මොකක්දෝ හේතුවකට ගොලුබෙල්ලෝ සහ හන්ගොල්ලෝ බියර් සුවඳට කැමතියිලු. ඉතින් ඒක පාවිච්චි කරල මේ කරදරකාර සත්තුන්ට උගුලක් අටවන්න පුළුවන්. බාගෙට බියර් පුරවපු ප්ලාස්ටික් හෝ කඩදාසි කෝප්ප කීපයක් වත්තේ තැන් තැන්වල වළලන්න. කෝප්පයේ කට විවෘතව තියෙන විදිහට. බියර් සුවඳට එතනට ඇදෙන ගොලුබෙල්ලෝ මේ උගුල ඇතුළට වැටෙනවා.

    5. හොඳ Bubble Bath එකකට

    05-34.jpg

    කොණ්ඩෙට වගේම හමටත් බියර් කියන්නෙ හොඳ සත්කාරයක්. ඇඟට, හමට වගේම හිතටත් සහනයක් ගේන හොඳ බබල් බාත් එකක් ලබාගන්නත් පුළුවන් බියර් වලින්. බාත් ටබ් එකට වතුරත් එක්ක බියර් කෑන් එකක් හෝ කීපයක් එකතු කරගන්න. වතුරට හොඳ පෙණ දමන ගතියක් එකතු වෙනවා වගේම බියර් වල අඩංගු ප්‍රෝටීන් සහ විටමින් වර්ග වලින් හමට හොඳ සත්කාරයකුත් සිදුවෙනවා. ඒ වගේම ඇඟේ වෙහෙසකර ගතිය, මාංශපේෂී වේදනාව වගේම හිතේ ස්ට්‍රෙස් එකත් නැති කරන්න ලේසියෙන්ම පුළුවන් මේ බියර් බබල් බාත් එකකට.

    6. බියර් බාබකියු සෝස් එකක්

    06-36.jpg

    රස බාබකියු පාටියකට කව්ද අකමැති. ඔන්න ගෙදරක හවස සාදයක් වෙලාවක බාබකියු එකක් දාන්න රසම රස සෝස් එකක් හදාගන්නත් පුළුවන් බියර් වලින්. ඒ මෙන්න මෙහෙමයි.

    අවශ්‍ය ද්‍රව්‍ය :

    • කපාගත් ළූණු කෝප්ප 1
    • එළවළු තෙල් මේස හැඳි 1
    • බියර් කෝප්ප 1
    • තක්කාලි සෝස් කෝප්ප 2
    • විනාකිරි මේස හැඳි 2
    • සීනි මේස හැඳි 4
    • පැණි මේස හැඳි 2
    • තලාගත් සුදු ළූණු තේ හැඳි බාගයක්
    • ලුණු තේ හැඳි කාලක්
    • ගම්මිරිස් කුඩු තේ හැඳි බාගයක්
    • තලාගත් අමුමිරිස් තේ හැඳි බාගයක් හෝ කාලක් (අවශ්‍ය නම්)

    මුලින්ම තෙල් ලිපේ තබා ළූණු එකතුකර හොඳින් බැදෙන්න හරින්න. ඉතුරු ද්‍රව්‍ය සියල්ලම එකට කළවම් කර රන් පැහැය වනතුරු බැදගත් ළූණු වලට එකතුකර මද ගින්නේ විනාඩි 20ක් පමණ හොඳින් උකුවනතුරු උයාගන්න.

    7. වෙහෙසකර දෙපා වලට සහනයක්

    07-36.jpg

    හිසකෙස් වලට, ඇඟට වගේම කකුල් වල මැරුණු හම ඉවත් කරල අලුත් පෙනුමක් ලබාදෙන්නත්, වෙහෙසකර දවසක් අවසානයේ කකුල් වලට හොඳ සත්කාරයක් ලබාදෙන්නත් පුළුවන් බියර් වලට. බියර් වල අඩංගු යීස්ට් මඟින් යටිපතුලේ වියළි හමට මෘදු ගතියක් ලබාදෙනව වගේම, ඇල්කොහොල් මඟින් අනවශ්‍ය බැක්ටීරියා ඉවත් කරල කකුලේ හම නිරෝගී කරන්නත් පුළුවන්. කලින් විදිහටම බියර් කලවම් කරපු වතුර බේසමක කකුලේ වළලුකර වෙනකන් බස්සවගෙන විනාඩි 20ක් විතර තියෙන්න අරින්න. පස්සෙ වතුරෙන් හෝදල වියළි තුවායකින් හොඳින් තෙත මාත්තු කරල හොඳ තෙතමනය රැඳෙන (Moisturising) ක්‍රීම් වර්ගයක් අලේප කරල සම්බාහනය කරන්න.
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ඔය ගොලුබෙල්ලෝ වැටිලා නෙමෙයි බං මැරෙන්නේ.බියර් බොන්න උන් හරි ආසයි.පීරිසි වලට දාලා බියර් තිබ්බම උන් ඇවිල්ලා පුලුවන්තරම් බීලා මැරෙනවා.අපේ නෙට් හවුස් එක ඇතුලට එන ගොලුබෙල්ලන්ට අපි ඕක තමයි කරන්නේ.
     
    • Haha
    Reactions: KDH and SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    ඔය ගොලුබෙල්ලෝ වැටිලා නෙමෙයි බං මැරෙන්නේ.බියර් බොන්න උන් හරි ආසයි.පීරිසි වලට දාලා බියර් තිබ්බම උන් ඇවිල්ලා පුලුවන්තරම් බීලා මැරෙනවා.අපේ නෙට් හවුස් එක ඇතුලට එන ගොලුබෙල්ලන්ට අපි ඕක තමයි කරන්නේ.
    1614245564991.png
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ඔය ගොලුබෙල්ලෝ වැටිලා නෙමෙයි බං මැරෙන්නේ.බියර් බොන්න උන් හරි ආසයි.පීරිසි වලට දාලා බියර් තිබ්බම උන් ඇවිල්ලා පුලුවන්තරම් බීලා මැරෙනවා.අපේ නෙට් හවුස් එක ඇතුලට එන ගොලුබෙල්ලන්ට අපි ඕක තමයි කරන්නේ.
    Ado un bila very wela pissu kelinne nadda? Ehema natnam kochchara biwwath unta very nadda ?
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    Ado un bila very wela pissu kelinne nadda? Ehema natnam kochchara biwwath unta very nadda ?
    අපේ මචං ඕකිඩ් වලට තමා උන් එන්නේ.රෑ නවයට විතර අපි බියර් තියනවා.ආයි බලන්නේ උදේට තමා.ඒ බලද්දී මුන් බියර් පීරිසිය ඇතුලෙත් මැරිලා ඉන්නවා.වටේටත් මැරිලා ඉන්නවා.ටික දුරක් ගිහිල්ලත් මැරිලා ඉන්නවා.ඉදිමිලා පැලිලා වගේ ඉන්නේ.
    (බීලා ගෙදර ගිහින් ගෑනිගෙන් බැනුම් අහන්නෙ නැති එකම සත්ත්වයා ගොලුබෙල්ලා කියලා පුරාන පඩිවරැ කියලා තියෙන්නෙ ඒකයි.මොකද ඌට බීවට පස්සේ කවදාවත් පනපිටින් ගෙදර යන්න බෑ)
     
    • Haha
    Reactions: Avatar998

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    වයිෆ් එක්ක මොල් වෙන්න මොනවද හොද ඩෙන්නටම ගොඩ යන්න