බොන්න කලින් මෙන්න

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
බොන්න කලින් මෙන්න

කට්ටියම සනීපෙන් ඉන්නව නේ...සෑහෙන කාලෙකින් ඊ කේ එකේ පෝස්ට් එකක් දාන්න චාන්ස් එකක් සෙට් උනේ. මේකත් විස්කි ස්ටෝරීස් කොලෙක්ශන් එකේ තවත් එකක්ලු ඈ :P

කලින් ඒවා ඕනෙ එවුන්ට
1. JOHNNIE WALKER
2. Scotch Whiskey
3. Scotch Whisky හදන්නෙ මෙහෙමයි


පෝස්ට් එකේ තියෙන්නෙ ටිකක් ඉන්ටරෙස්ටින් විස්කි විස්තර ටිකක්... කියවල බලන්න. බොන්නන් වාලෙ බොනවට වඩා දැනගෙනම බොන එක හොදයි නෙ. හරි එහෙනo ඔන්න පටන් ගත්තා...

1. විස්කි වර්ග වලින් සෑහෙන ප්‍රසිද්ධ වර්ගයක් තමයි ස්කොෂ් විස්කි. ලෝකෙ අනික් රටවල් වල එවුන් විස්කි කියන්නෙ whiskey කියලයි. ඒත් ස්කොට්ලන්ත වැසියන් කියන්නෙ whisky කියලයි. මොකද more vowels waste good drinking time කියල එයලා විශ්වාස කරනවලු (ඉන්ගිරීසි අවුල් නන් කාන්ට් හෙල්ප් මචන්. මටත් ඉන්ගිරීසි බෑ).... දැන් ඉතින් කියන්න එපා උදේ පාන්දරම අමු පචයක් අත ඇරියා කියලා. බොරු නන් එකෙක්ගෙන් අහල බලපන්කෝ:rofl::rofl::rofl:

2. විස්කි කියන්නෙ දෙපාරක් තුන් පාරක් ආසවනය කරපු බියර් ලු.... American Distilling Institute තමයි එහෙම කියන්නෙ. හරි තමයි. මගෙ තුන්වෙනි ලෙක්චර් එක කියෙව්වනන් තෙරෙයි බොරුද ඇත්තද කියල...

3. ඇමරිකාවෙ විස්කි බෝතලයකට වියදම් කරන මුදලින් 50% ක්ම කැපෙන්නෙ බදුවලට ලු. වැඩි විස්තරයක් හම්බුනෙ නෑ. ඇමරිකන් ආන්ඩුවෙ දන්න කවුරුහරි ඉන්නවනන් අහල බලපල්ලා. සමහරවිට ස්කවියා දන්නවා ඇති :P

4. විස්කි පරන කරන්නෙ වැට් වල දාලනෙ. ඔය වැට් ගොඩක් වෙලවට ඕක් වගෙ ලීවලින් තමයි හදලා තියෙන්නෙ. ඉතින් පරන කරන සීන් එකෙදී ලීයට ස්පිරිට් එක උරාගෙන වාශ්ප වෙන හින්දා අවුරුද්දකට විස්කි නිශ්පාදනයෙන් 4% ක් ප්‍රතිශතයක් ඉබේම නැති වෙනවා. ඕකට කියන්නෙ Angel's share කියලයි. දේව දූතිකාවො උස්සනවලු.
229639963_962d25acd4.jpg


5. අපේ කස්ටිය ගොඩක් කැමති සැහෙන්න පරණ කරපු විස්කි වලට නෙ. අවුරුදු 50ක් 60ක් නෙවෙයි 100ක් උනත් පරන කරපු බඩු තියෙනව.
aisla1.jpg

එච්චර පරන විස්කි ඉතින් අපි උඹල වගෙ එවුන්ට බොන්න බෑ. තාත්ත බිල් ගේට්ස් වත් වෙන්න ඕනෙ එහෙනන්. ඉතින් ඔය විදියට පරණ කරපු විස්කි එකක් කොච්චර දුර්ලභද කියලා දැනගන්න සූත්තරයක් තියෙනව. හදලා බලපල්ලකො
100 x (0.96) ^ years old = % of whiskey left on earth from that year
තේරුනෙ නෑ නේ. මට තෙරෙන්නෙත් නෑ බන්. කොටින්ම ගණන් බෑ මට:angry::angry:

6. විස්කි වල රස දන්න කවුරු හරි ඉන්නවද??? සාමාන්යෙන් විස්කි කොම්පැනි වල ඉන්නවනේ රස බලන එවුන්. එයාලට ලොකු පඩියක් ගෙවල තියන් ඉන්නේ රස පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත් ඉතින් බිස්නස් ඩවුන් තමයි. ඉතින් ඔය රස බලන අයට හොද විස්කි එකක රස තෙරෙන්නෙ හරියට බැදපු බූරුවෙක්ගෙ රස වගේලු. දැන් ඉතින් බොන්නෙ නැති එවුන් කියන්න එපා "බූරුවෙක් පුච්චන් කාපල්ල. විස්කි බොන්නෙ මගුලටද???" කියල....
funny-jackass-donkey-grinning-ass-goofy-animal-picture.jpg


7. විස්කි වලට අයිස් දානවා තරම් මෝඩ වැඩක් තවත් නෑලු. එතකොට විස්කි එකෙ පාට, සුවද සහ රසය ඔක්කොම වෙනස් වෙලා යනවලු. ලු නෙවෙයි.... එහෙම තමයි. විස්කි බොද්දි උල්පත් වතුර චූට්ටක් විතරක් එකතු කරන්නලු. ඒකත් චුට්ටයි හොදේ.... ආ තව එකක් අමුවෙන් බොන්නත් එපාලු. එහෙම කිව්වේ ඇයි කියල නන් දැන්නෙ නෑ. වැඩි හොදට වෙන්න ඇති.
true-whiskey-drinkers-dont-add-ice.jpg


8. විස්කි එකේ ඇල්කොහොල් ප්‍රතිශතය හරියටම බලාගන්න විස්කි නිෂ්පාදකයන් කරන්නෙ ගිනි තියල බලනවා. ගොඩක් රස්නෙට පිච්චෙනව කියන්නෙ ඇල්කොහොල් සාන්ද්‍රණය වැඩී. ඒව ලාබෙට විකුනනවලු ෆැක්ටරියෙ වැඩ කරන එවුන්ටම.... දැන්ම ජොබක් හොයාගමුද?:D

9. ලෝකෙ ගොඩක්ම ප්‍රසිද්ධ විස්කි නිෂ්පාදන කලාප 5ක් අනුව වර්ග කරනවා. ඒව තමයි Scotch Whisky, Irish Whiskey, Kentucky (Bourbon) - USA, Canadian Whiskey, සහ Tennesse Whiskey-USA. මීට අමතරව ඒතරම වැදගත්කමක් නැති ඒත් සැලකිය යුතු ප්‍රතිශතයකින් විස්කි නිශ්පාදනය කරන කලාප දෙකක් තියෙනව. ඒව තමයි ජපානය සහ නවසීලන්තය.

10. ඇමෙරිකාවෙ කෙන්ටුකී ප්‍රාන්තයේ හදන විස්කි හදන්නෙ තනිකරම තිරිගු වලින්. ඒව තමයි දැනට ලෝකෙ තියෙන රසව්ත්ම විස්කි කියලයි කියන්නෙ. හැබැයි ඉතින් කෙන්ටුකී වල අයට මේ විස්කි වල රස බ්ලන්න බෑ. මොකද කෙන්ටුකී වල මත් පැන් අලෙවිය තහනම් ලු....


මෙහෙම ටයිප් කරන්න ගියොත් මැරෙනවා මචන්ලා. ඉතුරු ටික වෙන දවසක දාන්නන්. දැනට මේ ටික කියවපන්. අපි කැපුනා. ජය හා සතුට!!!
 

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    විස්කි ගැන හොද විතරයක් එත් බන් විස්කි රහ නැනේ බන් සැරයි සහ තිත්තයි නේ
    උබට රහ ?