බොඳ වී යනවා දුරකට අම්මේ
හැර යන්නට තව මෙහෙතයි ඇත්තේ
නුබෙ සෙනෙහස මට අහිමිව යන්නේ
දඟකර උණුසුම් වූ හැටි මතකේ
බෙඳවී යනවා දුරකට අම්මේ
පව් ඇති අප කල කී පෙර සසරේ
වෙන් කර දැමුවයි අප අද මෙලෙසේ
නුබෙ කිරි සුවඳම ඉවකර අම්මේ
දවසක එනවා තුරුළට නුඹගේ
මනුසත් ලෝකය පිරිහී ඇත්තේ
පෙර දුන් සෙනෙහස අවසන නැත්තේ
ඇවිදින් දිනකදි නුඹ ගෙන විඟසේ
මනුසත් ලොව හැර යමු අපි අම්මේ
Author - Ravana Sri Lakeshwara
හැර යන්නට තව මෙහෙතයි ඇත්තේ
නුබෙ සෙනෙහස මට අහිමිව යන්නේ
දඟකර උණුසුම් වූ හැටි මතකේ
බෙඳවී යනවා දුරකට අම්මේ
පව් ඇති අප කල කී පෙර සසරේ
වෙන් කර දැමුවයි අප අද මෙලෙසේ
නුබෙ කිරි සුවඳම ඉවකර අම්මේ
දවසක එනවා තුරුළට නුඹගේ
මනුසත් ලෝකය පිරිහී ඇත්තේ
පෙර දුන් සෙනෙහස අවසන නැත්තේ
ඇවිදින් දිනකදි නුඹ ගෙන විඟසේ
මනුසත් ලොව හැර යමු අපි අම්මේ
Author - Ravana Sri Lakeshwara