තනිකරම උපුටා ගැනීමකි හරිය ......
බොබ් කියන්නේ නොම්මර එකේ පට්ට බෙබෙක්. මේ යකා හැමදාම කණමදයා වගේ බීගෙන හතරගාතෙන් තමයි ගෙදර එන්නේ. බීම හින්දම මිනිහගේ සරීර සෞඛ්‍යයත් ලෙල්ලටම පිරිහලයි තිබුනේ. දොස්තරලත් අවවාද කරලා තිබුනේ බිව්වොත් ළඟදිම වැලිගම්පිටි යන්න වෙනවා කියලයි. බොබ් නෙවෙයි එකෙක් කියන දේ ඇහුවේ. හෙට මැරෙන්න ඉන්නවා කියලා වගේ එහෙමත් නැත්නම් මේ ලෝකේ අරක්කු තියෙන්නේ අද විතරයි වගේ තමයි අද දවසේ උගුරට හලාගන්නේ.
ඔය විදියට දවසකුත් බීගෙන ගෙදර ආපු බොබ් වෙරිමතේම ඇඳට නැගලා නිදාගත්තා. බොබ්ගේ මේ දින චර්යාවට පුරුදු වෙලා හිටපු බොබ්ගේ වයිපරේ, ඒ කියන්නේ එමලිනා හැමදාම වගේ බොබ්ට නෝක්කාඩු කියලා අනිත් පැත්ත හැරිලා නිදාගන්න පටන්ගත්තා. එත් පහුවෙනිදා නින්දෙන් බොබ් ඇහැරෙන කොට මිනිහා හිටියේ ගෙදර ඇඳේ නෙවෙයි, සුර ලෝකෙක. එමලිනාගේ කුඩුත්තු මූණ වෙනුවට ශාන්තුවරයෙක් තමා දිහා කරුණාවෙන් බලන් ඉන්න හැටි තමයි බොබ් නැගිටිද්දි දැක්කේ. බොබ්ට තේරුනා බඩුම තමයි ස්වීප් එක ඇදිලා විත්තිය. බොබ් කලබලෙන් සාන්තුවරයට කන්නලව් කරන්න පටන් ගත්තා.
“අනේ, මං මළාද? මට බෑ දැන්ම මැරෙන්න, අයියෝ මාව ආයේ මගේ ලෝකෙට යවන්න” බොබ් ළය පැලෙන විදිහට අඬනවා. සාන්තුවරයටත් දුකයි මේ යකාගේ ඇඬිල්ලට. ඒත් ඉතින් ගෙන්න ගත්ත එකෙක් ආපහු යවන සිරිතක් නැති බව සාන්තුවරයා බොබ්ට විස්තර කරලා දුන්නා.
“බෑ, බෑ, මට මෙහේ ඉන්න බෑ. මට තව එහේ ජීවත් වෙන්න වයස තියෙනවා. මාව එහේ යවන්න. නැත්නම් මං සියදිවි නසාගන්නවා!” කියලා බොබ් සාන්තුවරයට තර්ජනයක් දැම්මා. සාන්තුවරයා මේකට ටිකක් හෙල්ලිලා ගියා, ඇයි ඉතින් දිව්‍යලෝකේ කවුරු හරි එකෙක් එල්ලිලා මළා කියලා ආරංචි උනොත් දෙවියන්ටත් එක්ක මාර කින්ඩිය හතර විලිලැජ්ජාවනේ. කල්පනා කරලා බලපු සාන්තුවරයා බොබ්ට පොඩි විසඳුමක් යෝජනා කලා, ” හරි දරුවා, ඔයාට එහෙට යන්නම ඕනේනම් එක විදිහක් තියෙනවා. හැබැයි ඒ මිනිහෙක් විදිහට නෙවෙයි කිකිළියෙක් විදිහට. මීට වඩා කිසිම දෙයක් කරන්න මට බෑ.”
බොබ් ටිකක් අවුල් ගියා. ඒත් ආයේ කල්පනා කරලා බැලුවම මෙලෝ රහක් නැති දිව්‍යලෝකෙට වෙලා ඉන්නවට වඩා අපේ ලෝකේ කිකිළියෙක් වෙලා ඉන්න එකත් ආතල්නේ කියලා මෑන්ස් ඒ යෝජනාවට එකඟ උණා. සාන්තුවරයව පොරොන්දු කරගත්තා ගෙවල් ළඟම තියෙන ෆාම් එකකට වීසා දෙන විදිහට. ඒ එමලිනාව බලන්න නෙවෙයි, බාර් එක කිට්ටු නිසා.
එකපාරටම බොබ් කුකුළු පිහාටු, පෙඳ වලින් වැහිලා ගියා. ෂෙහ්, බලන්න ලස්සන කිකිළියෙක්. බොබ් දැක්කා අර රෝස්ටර් කියන තඩි පට්ටි කුකුළෙක් තමන් දිහා කන්න වගේ බලන් ඉන්නවා කියලා. නැඩ කුකුළා බොබ් කිකිළි ළඟට ඇවිත් ටෝක දාන්න ගත්තා, “අහා, ඔයා තමයි එහෙනම් මෙහෙට ආපු අළුත් කිකිළි? කොහොමද මෙහේ පළවෙනි දවස?”
“වරදක් නෑ” බොබ් උත්තර දෙනවා, “ඒ උනාට මගේ මේ ඇතුලේ නිකම් මොකක්ද ලොකු දෙයක් තියෙනවා වගේ. මට දැනෙන්නේ මාව පුපුරන්න වගේ”
“අයියෝ” රෝස්ටරයා අළුත් කිකිළි දිහා පෙම් බැල්මට් එක දාන ගමන් උපදෙස් දෙන්න ගත්තා, “ඔයා ඔය බිත්තර දාන්නනේ යන්නේ. මීට කලින් බිත්තර දාලම නැද්ද?” ෆ්‍රෙෂ් කිකිළියෙක් කාලෙකට පස්සේ සෙට්වීම ගැන සන්තෝසෙන් රෝස්ටරයා බොබ්ගෙන් ඇහුවා. නැහැ කියලා ඔළුව දෙපැත්තට වනපු බොබ් කිකිළි ඒ වැඩේ අමාරුද කියලා රෝස්ටරයගෙන් බයෙන් බයෙන් වගේ ඇහුවා.
“අපෝ නෑ නංගි. ඕක එච්චර ගේමක් නෙවෙයි. රිලැක්ස් එකේ ඉන්න. එතකොට ඕක නිකම්ම එලියට එයි.” කුකුල් අය්යා බොබ් නගාට උපදෙස් දුන්නා. කුකුළගේ කීම අහලා බොබ් රිලැක්ස් එකේ මංගල බිත්තරේ දාන්න සෙට් උනා. රෝස්ටරයා ඊසි කිව්වට තත්පර කිහිපයක අපහසු වාතාවරණයක ඉඳලා තමයි බොබ් කිකිළි තමන්ගේ කුළුඳුල් බිත්තරේ ප්‍රසූත කලේ. තමන් මව් පදවිය ලබපු ගමන් බොබ් කිකිළිට අර අපහසුකම් ඔක්කොම නැතිවෙලා වගේ ගියා. ඒ පිටම බොබ් කිකිළි දෙවැනි බිත්තරෙත් අපහසුවක් නැතුවම දැම්මා. රෝස්ටර් අය්යත් ළඟ ඉඳන් සප් එක දෙනවනේ.
දැන් බොබ් කිකිළි දන්නවා බිත්තර දාන සාස්තරේ. ඒක හින්දා වැඩි ගේමක් නැතුව තුන්වෙනි බිත්තරෙත් දාන්න හදනකොටම බොබ්ට ඇහුනා එමලිනාගේ කර්ණ කටුක වොයිස් එක කණ හාරගෙන යන්න.
“මේ ඕයි මිනිහෝ! නැගිටිනවා ඕයි ඇඳ උඩ මළපහ කරන්නේ නැතුව!!”
උපුටා ගත්තේ..... බොබ් කිකිළි