බොරු අල්ලන්න රොබෝ

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    බොරු අල්ලන්න රොබෝ

    ඔන්න එක අම්මයි, තාත්තයි, පුතෙකුයි හිටියලු. පුතා මහ බොරු කාරයෙක්ලු. ඔන්න බැරිමතැන බොරු අල්ලන්න රොබෝ කෙනෙක් ගෙනාවලු. මේ රොබෝලඟ ඉඳගෙන බොරු කිව්වොත් රොබෝ කනට ගහනවලු.

    ඔන්න ඉතින් රොබෝ ටෙස්ට් කරන්නත් එක්ක, පුතා ඉස්කෝලෙ කට් කරපු දවසක්ම හොයාගෙන, තුන්දෙනාම රොබෝලඟ ඉඳගත්තලු.

    තාත්තා: උඹ අද ඉස්කෝලෙ යනව කියල කොහෙද ගියෙ?

    පුතා: ඉස්කෝලෙ තමයි තාත්තෙ ගියෙ.

    (චිටීස්............ ගැහුවලු රොබෝ පුතාගෙ කනට)

    තාත්තා: මමනන් ඔයකාලෙ ඔහොම නෑ, හැමදාම ඉස්කෝලෙ ගියා.

    (චිටීස්............ ගැහුවලු රොබෝ තාත්තගෙ කනට. මේක දැකල හොඳටම හිනා වෙමින්,)

    අම්මා: ඔව් ඉතින් තාත්තගෙම පුතානෙ.

    (චිටීස්............ ගැහුවලු රොබෝ අම්මගෙ කනට)

    එතනින් එහාට මොනා උනා ද දන්නෙනෑ


    :lol: :lol: :lol:

    හොඳනන් රෙපක් කොමෙන්‍ටුවක් දැම්මට කමක් නෑ.

    රීපෝස්ට්නන් ඔන්න සොරි කිව්වා.
     
    • Like
    Reactions: 001flyD and Max_r