බොරු හොයන යන්ත්‍රය

corona

Member
Dec 27, 2010
37
6
0
බොරු හොයන යන්ත්‍රය

විද්‍යාඥයන් පිරිසක් එකතු වෙලා බොරු කියන කොට හොයන්න පුලුවන් යන්ත්‍රයක් හැදුවලු. ඒ කියන්නේ රොබෝ කෙනෙක්. බොරුවක් කිව්ව ගමන් කනට පාරක් වදිනවලු. කොහොම හරි මේ උපකරනය සාමාන්‍ය ගෙදරක මනුස්සයෙක්ට යාලුවෙක් ගෙන් හම්බවෙලා ගෙදර ගෙනාවලු. මේ යන්ත්‍රය ගෙදර ගෙනාවායින් පස්සේ ගෙදර පුතා ආවාම තාත්තා ඇහුවලු
“අද ක්ලාස් ගියාද ?”
“ඔව්” පුතා කිව්වලු. ඒසැනින්ම පුතාට කනේ පාරක් වැදුනලු.
“ෆිල්ම් එකක් බලන්න ගියාද?” තාත්තා ඇහුවම
“නැ” පුතා කිව්වලු. තවත් කනේ පාරක් පුතාට වැදුනලු..
“මොකක්ද බලන්න ගිය ෆිල්ම් එක?” තාත්තා ඇහුවාම,
“අලි පැටියෝ ඔයයි මමයි” කිව්වලු. සුපුරුදු කනේ පාරක් නැවතත්.
“වැඩිහිටියන්ට පමණයි එකක්ද?” තාත්තා
“නැ” පුතා කනේ පාරක් සමග කිව්වා.
“පෙනේද පොඩි කමට මු කරන දේවල් මමවත් නොකරපුවා මු කරන්නේ” තාත්තා කිව්වලු. තාත්තටත් හොද කනේ පාරක් වැදුනි. මේක අහන් හිටපු අම්මා මෙහෙම කිව්වලු.
“තාත්තගෙම පුතානේ!” අම්මටත් කනේ පාරක් වැදුනලු.:P