බොරු කියන බොරු කරන මිනිස්සු

hpalpola

Well-known member
  • ජීවත් වෙන හුඟක් මිනිස්සු එක්ක බැඳිලා තියෙන හැඟීමක් තමයි ‘බොරු’ කියන්න ‘බොරු’ කරන්න තියෙන හැඟීම. විවිධ හේතු නිසා මිනිස්සු බොරු කියනවා, බොරු කරනවා. හැබැයි අනෙක් අතින් මිනිස්සු බලාපොරොත්තු වෙනවා නොරැවටී ඉන්න. මේ දෙකටම හරියන්න බුදුරජාණන්වහන්සේ පෙන්වලා දෙනවා බොරු කීමෙන් වැලකීමේ සිල්පදය සමාදන්වීමේ වැදගත්කම. මිනිස්සු ඒකත් සමාදන් වෙනවා, හැබැයි බොරු කියනවා. මේ වගේ වෙලාවලදි මතක් වෙන ලස්සන බණ කථාවක් තියෙනවා. ඒ තමයි ඛුජ්ජුත්තරාගේ කථාව.
    ඝෝෂිත සිටාණෝ තමුන්ගේ දුවව උදේනි රජතුමාට විවාහ කරල දෙද්දි ඇගේ සේවිකාවක් විදියට යවන්නෙ ඛුජ්ජුත්තරා. ඇගේ නම උත්තරා. කුදු නිසා ඛුජ්ජුත්තරා වෙනවා. ඇයට දේවිය විසින් කහවණු 8 ක් දානවා හැමදාම සුමන මල්කරුගෙන් මල් ගේන්න. ඇය කරන්නෙ එයින් 4 ක් තමුන්ට අරන් 4 ක මල් ගේන එක. දවසක් බුදු බණ අහලා ඛුජ්ජුත්තරා සෝවාන් වෙනවා. එදා ඇය කහවණු 8 ම මල් අරන් යනවා. වෙනදට වඩා එදා මල් වැඩි නිසා දේවිය අහනවා අද මොකෝ මෙච්චර මල් කියලා. ඒ සැරේ තමයි ඇය වෙච්චි දේ කියන්නෙ. ඇය තවදුරටත් බොරු කියන්නෙවත් බොරු කරන්නෙවත් නැහැ. අන්තිමට බුදුරජාණන්වහනසේ ගිහියන්ට අනුගමනය කරන්න පුළුවන් චරිතයක් විදියට ඇයව නම් කරනවා.

    මේ වගේ කථා එක්ක පේන දෙයක් තමයි මිනිහෙක් අඩුම තරමෙ සෝවාන් ඵලයටවත් පත් නොවන තෙක් බොරු කියන එකෙන්වත් බොරු කරන එකෙන්වත් වලකින්නෙ නැහැ කියන එක. එනිසාම තමයි බුදු දහමෙදි උගන්වන්නෙ සෝවාන් වුන කෙනා අපායෙ උපදින්නෙ නැහැ කියලා. මේක දිග විග්‍රහයක්. කෙටියෙන් කියනවානම් බොරුවත් බැඳිලා තියෙන්නෙ සක්කාය දිට්ඨිය එක්ක. සක්කාය දිට්ඨිය නැති වෙන්නෙ සෝවාන් ඵලයෙන්. ජීවිතේ හැටි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,148
    113
    එකමත් එක රටක
    මේ වගේ කථා එක්ක පේන දෙයක් තමයි මිනිහෙක් අඩුම තරමෙ සෝවාන් ඵලයටවත් පත් නොවන තෙක් බොරු කියන එකෙන්වත් බොරු කරන එකෙන්වත් වලකින්නෙ නැහැ කියන එක.
    ඉතින් ඕක පාවිච්චි කරල ඕන එකෙක් බොරු කියලා , ඕන වැරද්දක් කරල කියනවා , ඉතින් අපි සෝවාන් වෙලා නෑ නේ කියලා :rofl:
     
    • Like
    Reactions: xVOLDYx

    hpalpola

    Well-known member
  • ඉතින් ඕක පාවිච්චි කරල ඕන එකෙක් බොරු කියලා , ඕන වැරද්දක් කරල කියනවා , ඉතින් අපි සෝවාන් වෙලා නෑ නේ කියලා :rofl:
    වෙන්න පුළුවන්. බුද්ධ ධර්මය අනුව ජීවත් වෙන අය අද නැහැනෙ. සෝවාන් වුන අයත් අද නැහැ කියල කියනවනේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,148
    113
    එකමත් එක රටක
    වෙන්න පුළුවන්. බුද්ධ ධර්මය අනුව ජීවත් වෙන අය අද නැහැනෙ. සෝවාන් වුන අයත් අද නැහැ කියල කියනවනේ
    ඕකත් තව ඒ වගේ තමන්ගේ වාසියට හදාගත්ත කතාවක් නේද වැරදි කරන්න ?
     

    hpalpola

    Well-known member
  • ඕකත් තව ඒ වගේ තමන්ගේ වාසියට හදාගත්ත කතාවක් නේද වැරදි කරන්න ?
    බුද්ධ ධර්මය නොදන්නා කෙනෙක්ට එහෙම පේන්නත් පුළුවන්. ඒක ඒ අයගෙ අවබෝධයේ ප්‍රමාණය.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,148
    113
    එකමත් එක රටක
    බුද්ධ ධර්මය නොදන්නා කෙනෙක්ට එහෙම පේන්නත් පුළුවන්. ඒක ඒ අයගෙ අවබෝධයේ ප්‍රමාණය.
    ඕක උත්තර නැති උනාම ප්‍රශ්න කරන එකා ට කියන කතාවක් බන් .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,148
    113
    එකමත් එක රටක
    කැමැති කෙනෙක්ට කැමැති විදියට ගන්න පුළුවන් යාළුවා.
    මට කියපන් උබ කොහොමද කියන්නේ මනුස්සයෙක් ට බොරු නොකිය ඉන්න බෑ උබ ඔය කියන සෝවාන් කියන තත්වෙටවත් ගියේ නැත්නම් කියලා .
     

    hpalpola

    Well-known member
  • මට කියපන් උබ කොහොමද කියන්නේ මනුස්සයෙක් ට බොරු නොකිය ඉන්න බෑ උබ ඔය කියන සෝවාන් කියන තත්වෙටවත් ගියේ නැත්නම් කියලා .
    අනේ යාළුවා. මට ඔයාට පැහැදිලි කරලා දෙන්න තරම් දැනුමක් නැහැ. කව්රු වුනත් බොරු නොකිය බොරු නොකර ඉන්නවානම් හොඳයි .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    සෝවාන් වුනාම තමන්ට තේරෙනවා ද තමන් දැන් සෝවාන් වෙලා කියල? ඒක නිකන් ඇඟට දැනෙන වෙනසක් ද? 🤔
     

    hpalpola

    Well-known member
  • සෝවාන් වුනාම තමන්ට තේරෙනවා ද තමන් දැන් සෝවාන් වෙලා කියල? ඒක නිකන් ඇඟට දැනෙන වෙනසක් ද? 🤔
    ඇඟට දැනෙන්නෙ නැහැ. නමුත් මනසට දැනෙනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    hpalpola

    Well-known member
  • රහත් වුනාමත් එහෙමද?
    සමහර අයට දැනෙනවා. සමහර අයට නැහැ. පැහැදිලිවම බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා තමුන් මොකක් හරි මගඵලයක් ලබලා තියෙනවානම් ඒ ගැන සඟවන්න එපා කියලා. ඒ මගඵල ලාභීන්ට ගරහලා අනිත් අය පව් කරගන්න පුළුවන් නිසා
     
    • Love
    Reactions: Heshan Daminda