බොර දියෙහි මාළු බාන්නෝ!

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
බොර දියෙහි මාළු බාන්නෝ!

බොර දියෙහි මාළු බාන්නෝ!
දෝෂාභියෝගය මඩ වළක් නම්; එහි මාළු බෑමට වෑයම් කරන පිරිස අධික ය. ජ. වි. පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හා දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ.

ඔවුන් පාර්ලිමේන්තුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් හෑල්ලුවට ලක් කර ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ආණ්ඩුවේ ප්‍රවීණ දේශපාලකයෝ කිහිප දෙනෙක් අනම් – මනම් කියවති. මේ හැරෙන්නට සරත් ෆොන්සේකා වැනි අය ද අගවිනිසුරුතුමිය රැක ගැනීම සඳහා නොයෙක් දේ කියමින් සිටිති. මේ කිසිවකුට ගැටලුව විසැඳීමට වුවමනාවක් නැත. ඔව්හු ඇවිලෙන ගින්නට පිදුරු දමති. නැතහොත් බොරදියේ මාළු බාති.

අගවිනිසුරුතුමියගේ හැසිරීම් රටාවෙන් පෙනී යන්නේ එතුමිය රාජ්‍ය නිලධරයකු ලෙසින් නො ව; දේශපාලකයකු ලෙසින් කටයුතු කිරීමට වෑයම් කරන බව ය. ඇයගේ ක්‍රියා කලාපය නිසා දෝෂාභියෝගය බරපතළ අවුලක් බවට පත් වී ඇති අතර ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුමක් ද නිර්මාණය වී තිබේ.

ඇය වටා සිටින පිරිස අගවිනිසුරුතුමිය කුලප්පු කරනවා වන්නට ද පුළුවන. කුමක් වුව මෙය රටට හානිකර ක්‍රියාවලියකි. දැන් දෙපැත්ත කඹ ඇදීමක යෙදී සිටින බව දැකගන්නට ලැබේ. පාර්ලිමේන්තුව එකක් කරන විට ශ්‍රේෂ්ඨාධිකරණය තව එකක් කරයි. ඉතා ඉක්මනින් මෙය නිමාවට පත් නොවුණහොත් සිදුවන්නේ විනාශයකි.

අමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියාවේ, පිලිපීනයේ, පාකිස්තානයේ මෙබඳු අර්බුද හටගෙන නිමාවකට පත්කරගෙන තිබේ. එහිදී ඒ රටවල දේශපාලකයන් ද, විනිසුරුවන් ද ආදර්ශයට ගෙන තිබුණේ රටේ ව්‍යවස්ථාව හා පිළිගත් සම්ප්‍රදාය යි. ඒ මඟින් ගැටලු විසඳා ගැනීම නීතියට ගරුකරන කාගේත් ගෞරවය රැකගැනීමට හේතුවක් වේ.

අප දන්නා පරිදි වත්මන් අගවිනිසුරුතුමියට එරෙහි දෝෂාභියෝගය ඉදිරිපත් වන්නේ ව්‍යවස්ථාවට අනුකූ®ලව ය. තේරීම් කාරක සභාව පත් කරන්නේ ද එහි පවත්නා ප්‍රතිපාදනවලට අනුවය. එහෙත් අගවිනිසුරුතුමිය මුල සිට ම ඒවා මඟහැර යෑමට උත්සාහ ගත් බව පෙනෙන්නට ඇති සත්‍යයයි.

පවතින තත්ත්වය කුමක් වුව වරදකරුවකුට දඬුවම් ලබාදිය යුතුය. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වනා හී චෝදනා සහිත තැනැත්තියකි. ඇයට එරෙහි චෝදනා එල්ල වී ඇත්තේ රාජ්‍ය පාලනයේ ඉහළම ස්ථානයෙන් ය. එම චෝදනා මඟහැර යෑම යුක්ති සහගත නැත. නීති තර්කවලට මුවා වී එය අභියෝගයට ලක් කිරීම ද සාධාරණ නැත.

චෝදනාවලට ලක්වූ තැනැත්තකු රටේ නීතිය විමසන ඉහළ ම තනතුරෙහි රැඳී සිටීම ද සදාචාරයට විරුද්ධ ය. ඇගේ සමස්ත හැසිරීමෙන් පෙනී යන්නේ අගවිනිසුරුතුමිය ව්‍යවස්ථාදායකය අභියෝගයට ලක් කර ඇති බව ය. ආණ්ඩුවට තර්ජනයක් එල්ල කරන බවය.

ශ්‍රී ලංකාව යනු තිස් වසරක් ආපස්සට ගිය රාජ්‍යයෙකි. එම අභාග්‍යයෙන් රට බේරාගෙන වසර තුනකට වැඩි කාලයක් ගෙවී නැත. දැන් අපේ ආර්ථිකය ශක්තිමත් ය. දේශපාලනය ස්ථාවරය, ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇතුළු සංවර්ධන ආධාර හා ණය සපයන ආයතන ශ්‍රී ලංකාව දෙස බලා ඇත්තේ බොහෝ කලකට පසුවය.

මේ සියල්ල වෙනස් වුවහොත් ශ්‍රී ලංකාවට යළි ගොඩනැඟීමට අවස්ථාවක් නැත. අගවිනිසුරුතුමිය රට හෝ ජාතිය හෝ බේරාගැනීමට සිදුකර ඇත්තේ කුමක්දැයි අප දන්නේ නැත. ඇය වටා සිටින පිරිස ද එබඳුම වෙති. ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී වික්‍රමබාහු කරුණාරත්න වැනි අය කොටි සංවිධානයට උඩ ගෙඩි දුන්හ.

දෝෂාභියෝගය පිළිබඳ නාටකය රටෙන් පිට පැන අන්තර්ජාතික වේදිකාව වෙත ද ගොස් තිබේ. විවිධ සංවිධානවල නියෝජිතයෝ ඒ ගැන අදහස් දක්වති. තානාපතිවරු ද ඒ ගැන උනන්දු වෙති. දෙමළ ඩයස්පෝරාව මේ තත්ත්වය වර්ධනය කිරීමට පියවර ගනිමින් සිටිති. සියලු දෙනාගේ ඉලක්කය මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් පිළිබඳ කොමිසම බව රහසක් නො වේ.

විමල් වීරවංශ වැනි ඇමැතිවරු ද දේශප්‍රේමී සංවිධාන ද මේ තත්ත්වය මුල සිට ම පෙන්වා දුන්හ. “ජාත්‍යන්තර කුමන්ත්‍රණ” යන වචනය රට තුළ විහිළුවකට ලක් වී ඇති බැවින් ඒ කෙරෙහි වැඩි දෙනාගේ සැලැකිල්ල යොමු වූ බවක් පෙනෙන්නට නැත. මෙය හරියට ම කොටියා කෑවා යන කතාවට සමානය. හැබෑවට ම කොටියා පැන්න දවසට අප අමාරුවේ වැටෙනු ඇත.

මේ සිදුවීම් මාලාව තුළ එක්සත් ජාතික පක්‍ෂයේ භූ®මිකාව ඉතා වැදගත් ය. එම පක්‍ෂය පාර්ලිමේන්තුවේ ගෞරවයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලයත් රැකගැනීම සඳහා සද්භාවයෙන් කටයුතු කර තිබේ. එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැටුම ආරම්භ වෙත්ම කියා සිටියේ පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයන් අනුව ක්‍රියා කිරීම සිදුකළ යුතු බවය.

හිටපු කථානායකවරයකු වූ අනුර බණ්ඩාරනායක මහතාගේ නිර්දේශයක් ද ඒ සඳහා උපුටා ගැනිණි. පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට වගකිවයුතු නැති ආයතනයක් බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. පටු දේශපාලන වාසි තකා ක්‍රියා නො කිරීමට එජාපය ගෙන ඇති තීන්දුව කාගේත් සැලැකිල්ලට යොමු විය යුතුය.

ජනතා විමුක්ති පෙරමුණ කාලයෙන් – කාලයට තම ප්‍රතිපත්ති වෙනස් කරයි. බලයේ සිටින ආණ්ඩුවට එරෙහි වීම, වැඩ වර්ජන කැඳවීම හැර ඔවුන් සතු වැදගත් දේශපාලනයක් පෙනෙන්නට නැත.

එදා දේශප්‍රේමය ගැන කතා කළ ඔව්හු අද කොටි හිතවාදීහු සමඟ උසාවි යති. එදා මව්බිම නැත්නම් මරණය යැයි කියූ ඔව්හු අද දෙමළ ඩයස්පෝරාව සමඟ එකට පෙළ ගැසෙති. එදා අගවිනිසුරුතුමියට එරෙහි පරීක්‍ෂණයක් ඉල්ලා සිටි ඔව්හු අද එය ඉල්ලා අස්කර ගන්නැ’යි බල කරති.

මේ විකාර දේශපාලන ක්‍රියාවන් මහජනයා අනුමත කරන්නේ යැයි සිතිය නො හැකිය. අනෙකුත් සුළු පක්‍ෂ ද සංවිධාන ද ක්‍රියා කරනුයේ කල දුටු කල වළ ඉහගන්නා ප්‍රතිපත්තිය මතය.

කුමක් වුවද දෝෂාභියෝග නාටකය ඉතා ඉක්මනින් අවසන් විය යුතු බව අපට පෙනෙන යථාර්ථයයි. එම නාටකය ගැටුමේ උපරිම තලයට ද පැමිණ තිබේ.

අපගේ විශ්වාසයට අනුව මෙය අවසන් කළ හැක්කේ ද අවසන් කළ යුත්තේ ද පාර්ලිමේන්තුවෙනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය සම්බන්ධයෙන් කථානායකවරයාගේ ප්‍රකාශය ලබන 08 දා නිකුත් කිරීමට නියමිතය. ඒ සමඟ දෝෂාභියෝගයේ ඉදිරි කටයුතු සිදු වනු ඇත.

ජනතාව එතෙක් අවදියෙන් සිටිය යුතුය. විශේෂයෙන් බොර දියේ මාළු බාන අය ගැන සැලැකිල්ලෙන් සිටිය යුතුය.
 
  • Like
Reactions: Free Mobile Phone

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මෙච්චර කල් කොහෙද අප්පා ගිහින් හිටියෙ. අපි අන්ජනමකුත් බලන්න කියල හැදුවෙ

PHD එක කරන්න ඇමරිකාවේ ගිහින් හිටියේ
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
107-3 වගන්තියේ ‘ස්ථාවර නියෝග’ නොසලකා හැරලා

අධිකරණයේ අර්ථ දැක්වීම අසම්පූර්ණයි

සරත් නන්ද සිල්වා

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දීමේ දී 107 ව්‍යවස්ථාවේ සඳහන් වන ඉහළ විනිසුරුවරුන් සම්බන්ධ දෝෂාභියෝගයකදී නීති මඟින් හෝ ස්ථාවර නියෝග මඟින් විධි විධාන සැලැස්විය යුත්තේ ය යන වගන්තියෙන් ‘ස්ථාවර නියෝග මඟින්’ යනුවෙන් සඳහන් කොටස සම්පූර්ණයෙන් නොසලකා හැර ඇතැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.

එහි සඳහන් ලෙස ස්ථාවර නියෝග මඟින් කටයුතු කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර ඇත්තේ 1984 දී බවත් නීති හදන්නැයි පාර්ලිමේන්තුවට නියෝග කිරීමට කිසිදු අධිකරණයකට නොහැකි බවත් හිටපු අගවිනිසුරුවරයා කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇත්තේ පනත් කෙටුම්පතක් ගැසට් කර ඇති අවස්ථාවක එය පවතින ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන්න නිගමනය කිරීමට පමණක් බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.

ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය හිමිව ඇති උත්තරීතර ආයතනය ලෙස නීති පැනවීමේ පරම බලය පාර්ලිමේන්තුව සතු යැයි හිටපු අගවිනිසුරුවරයා කීය. ඒ හැර ජනමත විචාරණයක දී ඒ බලය ජනතාව විසින් ක්‍රියාත්මක කළ හැකි බව ද සිල්වා මහතා කීය.

මේ කියන විදියේ නීති හදන්න නම් අදාළ ස්ථාවර නියෝග මුළුමනින් අහෝසි කළ යුතු බවත් ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ස්ථාවර නියෝග හෝ නීති මඟින් යනුවෙන් බවත් නීති ගෙන ඒමට අවශ්‍ය මුලින්ම ස්ථාවර නියෝග අහෝසි කර පාර්ලිමේන්තුව මඟින් එය කළ හැකි බවත් එය පාර්ලිමේන්තුව ගත යුතු තීරණයක් බවත් කීය.

107 වගන්තිය ගැන නිසි සැලකිල්ලක් දැක්වූවා නම් මෙසේ නියෝග දිය නොහැකි බවත් නීති හැදීමේ අභිමත බලය පාර්ලිමේන්තුව සතු වන අතර ඊට අධිකරණයට මැදිහත් වෙන්න නොහැකි බවත් කීය.

අධිකරණයට පාර්ලිමේන්තු බලය අබිබවා යා නොහැකි බවත් 1978 ව්‍යවස්ථාවෙන් එහි 125 (1) ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය පමණක් ශ්‍රේෂ්ඨාධිකරණයට දී ඇතැයි කීය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ කටයුත්තක් බව හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් කීය.
 

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කාටද මේ කඩේ යන්නෙ.
    නිකන් ගොන් පාට් දාන්නෙ නැතුව ඉන්නවද?