බොලාගේ යාළුවෙලා ඉන්න කෙල්ලොත් මේ වගේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    අර ෆාමසි කෙල්ලගේ ලව් එකට කෙල වුනේ ඒකි ප්‍රශ්නයක් වුනාම කතා කරලා විසඳගන්නේ නැති නිසා. අනික වරදක් වුනාම ඒක වරදක් කියල පෙන්නලා දීල ඒකට සෙකන්ඩ් චාන්ස් එකක් දෙන්න දන්නේ නැති නිසා. ලව් කරද්දී කොහෙද බන් වැරදීම් සිද්ද නොවෙන්නේ. මිනිස්සු කවුද කියල හරියට අඳුරගන්න කල් යනවනේ,. අනික ගැලපෙන්නේ නැති තැන් ආවම ඒවා ගලපගෙන යන එකනේ රිලෙෂන්ශිප් එකක් කියන්නේ, ඔන්න ඉතින් දෙපාරක් තුන් පාරක් වැරැද්ද හදන්න ට්‍රයි කරලත් ආයේ ආයේ ඒ වරද්දම කරනවා නම් දාලා යන සාධාරණයි. ඒ වුනාට මේ ගහෙන් ගෙඩි එන්න වගේ එක රැයින් කියනවා මට මෙන්න මේ සිද්දිය නිසා මට දැන් ඔයාව කලින් වගේ ෆීල් වෙන්නේ නෑ. ඔයා සමාව ගත්තත් මට දැන් කලින් වගේ ඔයා ගැන හිතෙන්නේ නෑ. හිතෙන්නේ නැතුව ඔයා එක්ක මෙහෙම රිලෙෂන්ශිප් එක ගෙනියන්න බෑ කියනවා. :angry:

    අනික කලින් ඉඳන්ම මොකක් හරි ප්‍රශ්නයක් වුනාම ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. මැසේජ් වලට රිප්ලයි නැතුව ඉන්නවා. පැය ගණන්. මම ඕක ගැන හොයලා බැලුවම තියෙනව තඩියට මේක red flag එකක් කියල රිලේෂන් ෂිප් එකකට. මේ තියෙන්නේ source. :



    e839bsQ.png



    WcZLjRA.png



    Fv1GCcH.png




    ඉතින් මෙහෙම සයිලන්ස් ඉන්නකොට මමත් මාර විදිහට emotionally down වෙනවා, එහෙම බැලුවම නැවතුනෙත් හොඳ වෙලාවට මේක. බැඳලා එක වහලක් යට ඉද්දි ප්‍රශ්නයක් වෙලා කතා නොකර හිටියොත් මට බෙල්ල මිරිකන්න හිතෙයි. :(

    කොහොමත් මේක මාත් මුලින් අකමැත්තෙන් වගේ ඉඳලා සෙට් කරගත්ත එකක්නේ. කොහොමත් මට තේරුනා මේකට වැඩි ආයුෂ නෑ කියල. මට හිතුන දෙයක් වැරදිලත් නැති නිසා මේකත් වැරදුනේ නෑ. අනික මුල ඉඳන් එයා කියපු දේවල් එක්ක මට ලොකු fishy ගතියක් දැනුනා ඒ කෙල්ලගේ. අනික කියපුව too good to be true වගේ.

    මම දවස් 8ක් බලලා එයා එක්ක ගත්ත ෆොටෝස්, එයාගේ ෆෝන් නම්බර්ස් මැසේජස් වට්සැප් සේරම ඩිලීට් කළා. ෆේස්බුක් එකෙන් බ්ලොක් කළා. මොකද නැත්තන් බීපු වෙලාවක එහෙම දැක්කොත් ආයේ මම මොනවා මැසේජ් කරයිද දන්නේ නෑනේ. :(

    අදට නැවතිලා මාසයයි. මාර්තු 30 එෆ්බි රික්වෙස්ට් යැව්වා. මැයි 1 වෙනිදා නැවතුනා. මාසයයි ආයුකාලේ.

    ලොකුවටම දැනුනේ උදේ හවා කෝල් කරපු නිසා. අවුරුදු 5කට විතර පස්සෙනේ කෙල්ලෙක් සැට් වුනේ. :(

    අනික ඒකිගේ අක්කා කෙනෙක් කියල ඒ ගෙදරකට එක්කන් ගියා. අපරාදේ එහෙ ගියේ කියල හිතෙනවා දැන්, දැන් ඒ අක්ක කියනවා ඇති කෙල්ලට අපෝ ඊට වඩා ලස්සන කොල්ලෙක් ඔයාට හොයාගන්න පුළුවන් කියල. :(

    හිටපු ගමන් හිතෙනවා එෆ්බි අන්බ්ලොක් කරලා ආයේ මැසේජ් දාන්න. ඒත් මොකටද පස්සෙන් ගිහින් බලු වෙන්නේ කියල හිතලා ආයේ හිත ගල් කරගෙන ඉන්නවා. උන්ට අපි වෙනුවෙන් හිත ගලක් කරගන්න පුළුවන් නම් මම මොකටද එහෙම නොවෙන්නේ උන් වෙනුවෙන්. :angry:

    හෑල්ල ඉවරයි. :(


    My father said
    Don't you worry, don't you worry, child
    See heaven's got a plan for you... :love:




    nTWUTgf.png
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඕවා ගොඩක් ගෑනුන්ගෙ default settings වලම තියන ඒවා බං 🥲 දුක තමා. කොල්ලා කෙලින් ඉදලා ගේම ඉල්ලලා default settings change කරගන්න ඕනෙ කෙල්ලව ඕනෙමනං වෙන විසදුම් නැත 😒
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    උබට සෙට් වෙන්නේ Caring කෑල්ලක්.. :rofl:
    වෙන ඒවා පස්සේ ගිහින් Time waste කරන්න එපා.. :P
    eki caring kala. eth waradda meka. :(

    ස්ටෝන් කට් එකක්වත් දැම්මෙ නැද්ද? :baffled: :baffled: :baffled:
    nope, just a kiss.
    ------ Post added on Jun 1, 2023 at 12:17 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    අතිං අරං කරේ තියාගන්න ප්‍රශ්න නේ ඉතින් :lol:
    ප්‍රශ්න කියල නොදැන දාගන්න ප්‍රශ්නනේ. පස්සෙනේ ප්‍රශ්න වෙන්නේ.අහක යන නයි රෙද්දේ අස්සේ දාගනිල්ලක් තමා ඉතින් කොහොමත්.

    අපිට කොයිද රිලේසන් සිප් 🤪


    සදා තනිකඩ සීන් එකක් තියෙන්නේ. ඔයාලා එක අතකට වාසනාවන්තයි
    ඒ වුනාට තනියම ඉන්න එකම හොඳයි බන් එක එක ගෑනුන්ගේ test objects වෙනවට වඩා එක අතකට.

    this is her signalling she wants to leave,
    what is it?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,874
    2
    15,624
    113
    මගෙ හෑලි උඹ අහයිද නම් දන් නෑ. හැබැයි කියවන වෙන එකෙක්ටවත් කියලා ලියලා දාමුකො.

    අද කාලෙ මුල ඉඳලා පටන් අරන් ලව් කරන එක ලේසි නෑ බං. ඔය ප්‍රශ්නෙ තමයි ගොඩක් වෙලාවට තියෙන්නෙ. දෙන්නාම relationship එක පටන් ගන්නෙ brake ගහගෙන පල්ලම් බහිනවා වගේනෙ. දෙන්නම බයයි hurt වෙන්න. ඉතින් මුල් කාලෙ comfortable නොවුණොත්, කලින් ලොකුවට රිදෙන දේවල් වෙලා තිබුණොත් සිද්ධ වෙන පුංචි දේකින් පවා සේරම කණපිට හැරෙනවා. ඉතින් එ‍්ක පන්න ගන්නකල් හුස්ම පවා පරිස්සමින් ගන්න ඕන.

    කෙල්ලට බැනලා වැඩකුත් නෑ බං. උන්ට අපිව feel වෙන විදිහ හරිම වැදගත්. නමට ඉඳලා කිසි වැඩක් නෑ. අර කියන්නෙ අපිට අපේ කෙනා මතක් වුණත් හිනාවක් එන්න ඕනෙ කියලා. මුල් කාලෙම ඔහොම වුණාම මතක් වුණ ගමන් හිතට එන්නෙ අර වැරැද්ද. ඉතින් එ‍්ක වුණාට පස්සෙ අ‍ායෙ හරි ගස්සන්න අමාරුයි. පස්සෙන් ගිහින් සෙට් කරගත්තත් අ‍ායෙ නිකන්ම කැඩෙන්න පුළුවන්. ඉතින් වැඩක් නෑ උඹ බලු වෙනවා විතරයි.

    මම නම් හිතන්නෙම ලව් එකටම වගේ අඳුරගන්න ක්‍රමය අද කාලෙට ගළපන්න පට්ට අමාරුයි. විශේෂයෙන්ම අපේ උවමනාවට ට්‍රයි කරන එ‍්වා. එක්කො උඹ ගැන මුල ඉඳලම කෙල්ලගෙ හිතේ ලොකු අ‍ාකර්ෂණයක් තියෙන්න ඕන. එයාම උඹව talk කරලා දා ගන්න තරමෙ වගේ. එහෙම නැත්තම් කෙටි කාලයක් තුළ උඹ ගැන පට්ට respect එකක් එන දේවල් ගොඩක් තියෙන්න ඕන.

    කලින් කිව්වා වගේ ඔය කාලෙ අර ප්‍රශ්න අ‍ැති වෙන්නම බෑ. කොටින්ම ලව් පටන් අරන් සති කීපයකදි ඔහොම තරහ වෙලා දවස් ගණන් ඉන්නවා නම් එතනින්ම බලාපොරොත්තු ඉවර කරගන්න වෙනවා. කාලයක් තිබුණ ලව් එකක commitment එක නැති නිසා එහෙම ලේසියෙන් ගොඩ එන්න බෑ. තරහ ගියත් එක්කො ටිකක් බලු වෙලා / present එකක්වත් දීලා යාළු කරගන්න ඕන. නැත්නම් ඉතින් අර feel ප්‍රශ්නෙ ගැහුවොත් අත අ‍ැරලා දාන්න සූදානම් වෙන්න ඕන.

    අද කාලෙට හොඳ කොච්චර කිව්වත් යාලුවා සෙට් කරගන්න ලව් බං. උඹව හොඳට දන්න, කාලයක් තිස්සෙ අඳුරන, මහ ලොකුවට රහස් නැති කෙල්ලෙක්, කොටින්ම උඹෙ හොඳම යාලුවෙක් සෙට් කරගන්න බලහන්. ගොඩක් අය හිතනවා අපේ වංහුං උන් දන්න එක ප්‍රශ්නයක් කියලා. නෑ බං, එ‍්වා කිය කිය reaction බලාපොරොත්තු වෙන්න ඕන නැති එක ලොකු සහනයක්. Act කරන්න දෙයක් නැති නිසා ලව් එක නියමෙට ගලාගෙන යනවා.

    ඉතින් ඊළඟ සැරේ එහෙම එකක් බලහන්. වැදගත්ම දේ සතියක් විතර mood ගහලා ඉඳලා, පිස්සුවක් නටනවා නම් නටලා ඕකෙ closure කෑල්ල ඉවර කර ගනින්. හිත හයිය කරන් අ‍ැතුළෙන් විඳින එක මරු පිරිමි කම කියලා කට්ටිය හිතනවා. එ‍්ත් එ‍්ක විඳවන කාලය වැඩි වෙන වැඩක්. Closure එක දා ගත්තාම උඹටත් හිත හදාගෙන ඉන්න පුළුවන්.

    Good luck එහෙනම්. 😍