මටනං බයිස්කෝප් එක හින්දම සිංහල සබ් බැලිල්ල තිත්තවුණා...
අපි සබක් බලන්න ගියාම දාපු එකාගෙ නමයි, උගෙ ස්කෝර් එකයි, සයිට් එකේ නමයි සේරම දිහා බලං ඉන්න ඕනෙ...
ඒව දැම්මත් කමක් නෑ. කොලිටි එකට හරියට වැඩේ කරනවනං... ගොඩක් ඒවයෙ සිංහල තේරුමත් වැරදියි... වඳුරු කුණුහරුප තියෙන්නෙ...
ගූගල් ට්රාන්ස්ලේට් කරල සබ් වලට ඔබනව වගේ තුනේ පන්තියෙ වැඩ කරල තියෙනව... ඊටපස්සෙ ලොකු කතා කියල පෝස්ට් එකකුත් දානව..... කමෙන්ට් නොදා සබ් බාන උන්ට බනිනවත් එක්ක...
ඊට වඩා සෑහෙන හොඳ මට්ටමක සූම් එක තිබුණ... දැන් ඒකත් හරියට නෑනෙ...
දැන්නං මොක බැලුවත් ඉංග්ලිශ් සබ් තමයි බලන්නෙ...