බොළඳ ජවිපෙට පැතුම්ගෙන් තද පිළිතුරු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    මේ තියෙන්නේ සිංගප්පූරුවේ MRT නැත්නම් මෙට්‍රෝ මැප් එක.

    දියුණු වෙන හැම රටකම අනිවාර්යයෙන් තියෙන ප්‍රවහන මාධ්‍යයක් තමයි මේ මෙට්‍රෝ ක්‍රමය. ඒක පීලි මත දුවන බලවේග කට්ටල් වලින් සමන්විත මාර්ග ජාලයක්. බොහෝ විට ප්‍රධාන නගරයට යන්න එන්න, එහි ඇතුලත ගමනා ගමනයට පහසු වෙන්න මේවා ප්ලෑන් කරලා තියෙන්නේ.

    මේවායේ පැරැණිම එක තියෙන්නේ එංගලන්තයේ. එහි ආරම්භය 1890 තරම් පැරණියි. ඒ කියන්නේ ලෝකෙට කාර් ආපු කාලේ. විවිධ රටවල් මේ ලන්ඩන් ටියුබ් මොඩල් එක පාවිච්චි කරලා තමන්ගේ නගර වලට මෙම මෙට්‍රෝ ක්‍රමය අරගෙන ආවා. මෙහි නූතනම මොඩල් එකක් තමයි සිංගප්පූරුවේ දකින්න තියෙන්නේ.

    මම මෙඩිකල් ස්ටුඩන්ට් කාලේ මැලේසියාවේ ක්‍රිකට් ටුවර් එකකට යන්න 2005 මුලින්ම හා හා පුරා කියලා සිංගප්පූරුවේ අඩිය තියන කොට එහේ MRT එකේ ආවා ගියා තාම මතකයි. ලිට්ල් ඉන්ඩියා ස්ටේෂන් එකේ ඉඳලා එහෙට මෙහෙට ගියා. එදා ඉඳලා අද වෙනකං බලන කොට හැම දාම ඒ රටේ කොහේ හරි මේ මාර්ග පද්ධතිය වැඩි දියුණු කරනවා, අලුතින් හදනවා. ජාතික සැළස්මක් අනුව මුළු රටම ආවරණය වෙන්න මේ මාර්ග පද්ධතිය ප්ලෑන් කරලා, දින පතා, අවුරුදු පතා නොනවත්වා ඒක හදනවා. තාම හදනවා.

    මේ වනවිට මේ MRT line 6 ක්, ඒවායේ ස්ටේෂන් 140 ක් මේ පුංචි රටේ කිලෝමීටර් 200 ක් දක්වා විහිදී යනවා. මිලියන 5.5 ක් මිනිස්සු ඉන්න රටෙ දවසකට මගීන් මිලියන 3 කට වඩා මෙහි ගමන් කරනවා. ඒ කියන්නේ මේ රටේ තියෙන ප්‍රධානම ප්‍රවහන ක්‍රමය තමයි MRT එක. හැම පොඩි ටවුමකටම මේකේ යන්න පුළුවන්. ටවුන් ප්ලෑන් කරද්දී MRT එකක් අහු වෙන්නම තමයි ඒවා හැදෙන්නේ. මුළු රටම එකම Blueprint එකක සැළසුම් කරලා තියෙන්නේ. ඒ Blueprint එක වෙනස් කරන්න පුළුවන් අවුරුදු 10 කින් විතරයි. පොඩි වෙනස් කම් අවුරුදු 5 න් කරන්න පුළුවන්. නැත්නම් හැමෝටම ඒ ප්ලෑනට අනුව යන ගමනක් තියෙන්නේ. රටම යන්නේ ඒ සැළසුමට අනුව.

    මේ MRT station එක්ක බස් නැවතුම් සහ අන්තර්හුවමාරු හන්දි, ටැක්සි සේවා ජාල සියල්ල සම්බන්ධ කරනවා. සාපේක්ෂව ඒවා ලාභයි. ඒ නිසා පොදු ප්‍රවහන සේවය කියන්නේ හැමෝම යන්න කැමති මාධ්‍යයක්.

    අපි මුල්ම highway එක හදලා විවෘත කළේ 2010 දි. සිංගප්පූරුව 1963 දි නිදහස ලබලා ඒ අයගේ මුල්ම highway එක හදන්නේ 1967 දි. ඒකට තමයි දැක්ම කියන්නේ.

    අපිටත් ඕනේ එහෙම සැළසුමක්. සැහැල්ලු දුම්රිය පද්ධතියක් අත්‍යාවශ්‍යයි. සිංගප්පූරුවේ ලෝකේ දියුණුම මෙට්‍රෝ එක හදලා ඉවර වෙන කොට අපි තාම තර්ක විතර්ක කරනවා.

    අපිටත් මුලින්ම ඕනේ මේ දැක්ම, අනතුරුව සැළසුම. පස්සේ ජාතික ඉලක්කයක් සහ ඒකට යන වැඩසටහනක්. ඔය ජපන් LRT එක එන්නත් ඕනේ ඒ සැළසුමේ කොටසක. ඕක හදන ගමන් ඒකත් එක්ක අනිත් දේවල් ප්ලෑන් වෙන්න ඕනේ. අපි පරක්කුයි. ඉක්මනින් මේකේ වැඩ පටන් ගන්න ඕනේ. ඒක යන ගමන් අනිත් සැළසුම් කරන්න පුළුවන්.

    මේ එක විතරක් නෙවෙයි, කොළඹ සහ අවට ආවරණය වෙන්න මෙට්‍රෝ ලයින් 6 කට වඩා අපිට ඕනේ. නුවර පාර නිට්ටඹුව වෙනකංවත්, මීගමු පාර මීගමුව වෙනකංම ගුවන් තොටුපොළ ඇතුළුව, ගාළු පාර පානදුර වෙනකං, බත්තරමුල්ල පැත්තෙන් කඩුවෙලටම, බොරලැස්ගමුව පැත්තෙන් හොරණටම, සහ 138 පාරෙන් කොට්ටාව පහු වෙනකං. මේ ජාලයම අපි සැළසුම් කරන්න ඕනේ රට ඊළඟ අවුරුදු 25ට හදන්න බලාපොරොත්තු වෙනවා නම්. ඔක්කොම ට්‍රැක් 6 ක්. රට සාර්ථක නම් අවුරුදු 25 යන කොට ඕක හැදිලා ඉවර වෙනවා.

    මේ සම්බන්ධයෙන් රටේ තියෙන්නේ ඉතාම බාල මට්ටමේ සාකච්ඡාවක්. දේශපාලනයේ නියුතු මිනිසුන් ගේ සංකල්පීය දුප්පත්කම ඒ සාකච්ඡා වලින් පැහැදිලිව පේන්න තියෙනවා. රට දියුණු නොවන හේතුව ඒවායින් පැහැදිලි වෙනවා.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
    #රටහදනහරිපාර
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,970
    4,569
    113
    Kurunegala
    ඉක්මනින් මේකේ වැඩ පටන් ගන්න ඕනේ. ඒක යන ගමන් අනිත් සැළසුම් කරන්න පුළුවන්.

    මේ එක විතරක් නෙවෙයි, කොළඹ සහ අවට ආවරණය වෙන්න මෙට්‍රෝ ලයින් 6 කට වඩා අපිට ඕනේ.
    පැචුම්ගේ අප්පද සල්ලි දෙන්නේ?

    අපිත් කැමතියි රටේ රට වටේටම අධිවේගී මාර්ග, අධිවේගී කොච්චි, තව වරායවල්, ගුවන්තොටුපළවල් ඒවා මේවා තියෙනවනම්.

    ගත්තු ණය ටිකත් ගෙවාගන්න බැරිව හිරවෙලා ඉන්නේ, පචුම් මගුල් කියවනවා. "අපිට පුළුවන්" කියලා හිතන් හිටියට අහසින් සල්ලි පාත්වෙන්නේ නෑ.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,376
    2,947
    113
    Malabe
    මේ තියෙන්නේ සිංගප්පූරුවේ MRT නැත්නම් මෙට්‍රෝ මැප් එක.

    දියුණු වෙන හැම රටකම අනිවාර්යයෙන් තියෙන ප්‍රවහන මාධ්‍යයක් තමයි මේ මෙට්‍රෝ ක්‍රමය. ඒක පීලි මත දුවන බලවේග කට්ටල් වලින් සමන්විත මාර්ග ජාලයක්. බොහෝ විට ප්‍රධාන නගරයට යන්න එන්න, එහි ඇතුලත ගමනා ගමනයට පහසු වෙන්න මේවා ප්ලෑන් කරලා තියෙන්නේ.

    මේවායේ පැරැණිම එක තියෙන්නේ එංගලන්තයේ. එහි ආරම්භය 1890 තරම් පැරණියි. ඒ කියන්නේ ලෝකෙට කාර් ආපු කාලේ. විවිධ රටවල් මේ ලන්ඩන් ටියුබ් මොඩල් එක පාවිච්චි කරලා තමන්ගේ නගර වලට මෙම මෙට්‍රෝ ක්‍රමය අරගෙන ආවා. මෙහි නූතනම මොඩල් එකක් තමයි සිංගප්පූරුවේ දකින්න තියෙන්නේ.

    මම මෙඩිකල් ස්ටුඩන්ට් කාලේ මැලේසියාවේ ක්‍රිකට් ටුවර් එකකට යන්න 2005 මුලින්ම හා හා පුරා කියලා සිංගප්පූරුවේ අඩිය තියන කොට එහේ MRT එකේ ආවා ගියා තාම මතකයි. ලිට්ල් ඉන්ඩියා ස්ටේෂන් එකේ ඉඳලා එහෙට මෙහෙට ගියා. එදා ඉඳලා අද වෙනකං බලන කොට හැම දාම ඒ රටේ කොහේ හරි මේ මාර්ග පද්ධතිය වැඩි දියුණු කරනවා, අලුතින් හදනවා. ජාතික සැළස්මක් අනුව මුළු රටම ආවරණය වෙන්න මේ මාර්ග පද්ධතිය ප්ලෑන් කරලා, දින පතා, අවුරුදු පතා නොනවත්වා ඒක හදනවා. තාම හදනවා.

    මේ වනවිට මේ MRT line 6 ක්, ඒවායේ ස්ටේෂන් 140 ක් මේ පුංචි රටේ කිලෝමීටර් 200 ක් දක්වා විහිදී යනවා. මිලියන 5.5 ක් මිනිස්සු ඉන්න රටෙ දවසකට මගීන් මිලියන 3 කට වඩා මෙහි ගමන් කරනවා. ඒ කියන්නේ මේ රටේ තියෙන ප්‍රධානම ප්‍රවහන ක්‍රමය තමයි MRT එක. හැම පොඩි ටවුමකටම මේකේ යන්න පුළුවන්. ටවුන් ප්ලෑන් කරද්දී MRT එකක් අහු වෙන්නම තමයි ඒවා හැදෙන්නේ. මුළු රටම එකම Blueprint එකක සැළසුම් කරලා තියෙන්නේ. ඒ Blueprint එක වෙනස් කරන්න පුළුවන් අවුරුදු 10 කින් විතරයි. පොඩි වෙනස් කම් අවුරුදු 5 න් කරන්න පුළුවන්. නැත්නම් හැමෝටම ඒ ප්ලෑනට අනුව යන ගමනක් තියෙන්නේ. රටම යන්නේ ඒ සැළසුමට අනුව.

    මේ MRT station එක්ක බස් නැවතුම් සහ අන්තර්හුවමාරු හන්දි, ටැක්සි සේවා ජාල සියල්ල සම්බන්ධ කරනවා. සාපේක්ෂව ඒවා ලාභයි. ඒ නිසා පොදු ප්‍රවහන සේවය කියන්නේ හැමෝම යන්න කැමති මාධ්‍යයක්.

    අපි මුල්ම highway එක හදලා විවෘත කළේ 2010 දි. සිංගප්පූරුව 1963 දි නිදහස ලබලා ඒ අයගේ මුල්ම highway එක හදන්නේ 1967 දි. ඒකට තමයි දැක්ම කියන්නේ.

    අපිටත් ඕනේ එහෙම සැළසුමක්. සැහැල්ලු දුම්රිය පද්ධතියක් අත්‍යාවශ්‍යයි. සිංගප්පූරුවේ ලෝකේ දියුණුම මෙට්‍රෝ එක හදලා ඉවර වෙන කොට අපි තාම තර්ක විතර්ක කරනවා.

    අපිටත් මුලින්ම ඕනේ මේ දැක්ම, අනතුරුව සැළසුම. පස්සේ ජාතික ඉලක්කයක් සහ ඒකට යන වැඩසටහනක්. ඔය ජපන් LRT එක එන්නත් ඕනේ ඒ සැළසුමේ කොටසක. ඕක හදන ගමන් ඒකත් එක්ක අනිත් දේවල් ප්ලෑන් වෙන්න ඕනේ. අපි පරක්කුයි. ඉක්මනින් මේකේ වැඩ පටන් ගන්න ඕනේ. ඒක යන ගමන් අනිත් සැළසුම් කරන්න පුළුවන්.

    මේ එක විතරක් නෙවෙයි, කොළඹ සහ අවට ආවරණය වෙන්න මෙට්‍රෝ ලයින් 6 කට වඩා අපිට ඕනේ. නුවර පාර නිට්ටඹුව වෙනකංවත්, මීගමු පාර මීගමුව වෙනකංම ගුවන් තොටුපොළ ඇතුළුව, ගාළු පාර පානදුර වෙනකං, බත්තරමුල්ල පැත්තෙන් කඩුවෙලටම, බොරලැස්ගමුව පැත්තෙන් හොරණටම, සහ 138 පාරෙන් කොට්ටාව පහු වෙනකං. මේ ජාලයම අපි සැළසුම් කරන්න ඕනේ රට ඊළඟ අවුරුදු 25ට හදන්න බලාපොරොත්තු වෙනවා නම්. ඔක්කොම ට්‍රැක් 6 ක්. රට සාර්ථක නම් අවුරුදු 25 යන කොට ඕක හැදිලා ඉවර වෙනවා.

    මේ සම්බන්ධයෙන් රටේ තියෙන්නේ ඉතාම බාල මට්ටමේ සාකච්ඡාවක්. දේශපාලනයේ නියුතු මිනිසුන් ගේ සංකල්පීය දුප්පත්කම ඒ සාකච්ඡා වලින් පැහැදිලිව පේන්න තියෙනවා. රට දියුණු නොවන හේතුව ඒවායින් පැහැදිලි වෙනවා.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
    #රටහදනහරිපාර

    "මේ එක විතරක් නෙවෙයි, කොළඹ සහ අවට ආවරණය වෙන්න මෙට්‍රෝ ලයින් 6 කට වඩා අපිට ඕනේ."
    LRT full network eka lines 7 kata thibune.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    අනෙක් ප්‍රභලම විකෘති තොරතුරු ජාලය තියෙන්නේ ජවිපෙට. ඒක පොහොට්ටුව තරම් ලොකු නෑ. නමුත් බොරු බිල්ලෝ මවන්න, බොරු ප්‍රචාරණ යවන්න මේකත් සමාජ මාධ්‍ය ජාලා තුල සෑහෙන්න කටයුතු කරනවා.

    මීට අමතරව තව අනෙක් පක්ෂ ලඟත් ටිකක් තියෙනවා. නමුත් ඒවා සාපේක්ෂව කුඩයි සහ දුර්වලයි.

    මේ Disinformation Network වලින් බේරිලා ඉන්න නම් ඒවා ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒවා සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන්නේ ඔබේ මතය වෙනස් කරන්න. ඔවුන්ට ඕනේ එක හදන්න. ඔවුන්ට ඕනේ මතය දේශපාලනික වෙන්න පුළුවන්, නැත්නම් කොටස් වෙළෙඳපොළ බලපෑම් කරන්න වෙන්න පුළුවන්. සමහර විට වෙළෙඳපොළ වාසියක් හදා ගන්න වෙන්න පුළුවන්. සමහර විට මේ ඉරාජ්ගේ වගේ තමන්ගේ පුද්ගලික දෙයක් වෙන්න පුළුවන්.

    දැනුවත් වෙන්න. Fact check කරන්න.

    පැතුම් කර්නර්
    #හරිත
    #DisinformationNetworksSL
    #දඩයමකරේ