බෝසත්වරු හා තුන්තරා බෝධි.!

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
බෝසත්වරු හා තුන්තරා බෝධි.!

Daibutsu-Buddha.jpg


28ට බුදුවරයන්



1. තණ්හංකර
2. මේධංකර
3. සරණංකර
4. දීපංකර
5. කොණ්ඩඤ්ඤ
6. මංගල
7. සුමන
8. රේවත
9. සෝභිත
10. අනෝමදස්සී
11. පදුම
12. නාරද
13. පදුමුත්තර
14. සුමේධ
15. සුජාත
16. පියදස්සි
17. අත්ථදස්සි
18. ධම්මදස්සි
19. සිද්ධත්ථ
20. තිස්ස
21. ඵුස්ස
22. විපස්සි
23. සිඛි
24. වෙස්සභු
25. කකුසඳ
26. කෝනාගම
27. කස්සප
28. ගෞතම
29 වෙනි බුදුවරයා වන්නේ මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේය.


බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියෙන් සම්මා සම්බුද්ධත්වය පතා පාරමී දම් පුරන්නේ බෝසත්වරුන්ය. බෝධි නම් බුද්ධත්වය ලැබීම ය. එනම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමය. සත්ත්ව යන වචනය ත්‍රිපිටකයේ විග්‍රහ කෙරෙන්නේ සංසාරයට ඇලුණු පුද්ගලයා යනුවෙනි. බෝධිසත්ත්ව නම් බුද්ධත්වය ලබාගැනීම සඳහා ඇලුණු පුද්ගලයා ය. (බුද්ධත්වය ලැබීම උදෙසා පෙරුම් පුරන කාලය අනුව බෝසත්වරු තුන් ආකාරයකට වර්ග කෙරේ. ප්‍රඥාධික, ශ්‍රද්ධාධික හා වීර්යාධික බුදුවරු ලෙස ය.

බෝසත්වරු ලොව පැවැත්මට විරුද්ධව විශාල සටනක් ගෙනයති. පැවැත්මෙන් ගැලවීම සඳහා විශාල විප්ලවයක් කරති. කුසල් දහම් රැස් කරති. උන්වහන්සේගේ ස්වභාවය එයයි. මේ පින්දහම් සිදු කැරෙන්නේ එකම අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා ය. ඒ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයයි. වෙන කිසිදු භෞතික බලාපොරොත්තුවක් නැත. එසේ කුසල් දහම් වඩමින් පාරමී පුරන බෝසත්වරු කරුණාව සහ ප්‍රඥාව වර්ධනය කරමින් සංසාරයේ ගමන් කරති.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය පතා පාරමී දම් පුරන එක් ආත්ම භවයක වඳුරකු වී උපත ලැබූහ. දිනක් මහා වනාන්තරයේ මං මුළාවී පාර සොයා ගත නො හී තැවෙන මිනිසකු දැක පිහිටට එන්නේ අත්තෙන් අත්තට පනිමින් වනයෙන් එළියට එන මං පෙන්වන්නේ ය. එසේ යන අතර ගම්මානයක් දුටු තැන මේ මිනිසා

“මට දින ගණනකින් කුසට නිසි අහරක් නො ලැබුණේ ය. කුස ගින්න ද අධික ය. මඟ සොයා ගැනීම ද දැන් ගැටලුවක් නොවන්නේ ය. මේ වඳුරා මරා මස් අනුභව කරන්නෙමි” යි සිතන්නේ ය. ඒ සැණින් ම අසලින් තිබූ විශාල ගලක් ගෙන වඳුරා ගේ හිස මත හෙළන්නේ වඳුරා ගේ හිසෙන් රුධිරය වෑහෙන්නේ ය.

“මා මිය ගියේ නම් මේ මිනිසා නැවතත් වනයෙහි ම මං මුළා වන්නේ ය.” යි සිතූ වඳුරා එක පාදයකින් රුධිරය ගලන තුවාලය වසා අනෙක් පාද තුනෙන් පැන පැන යමින් නැවත ද මඟ පෙන්වන්නේ ය.

සාමාන්‍ය මිනිසකු වෙත හෝ සාමාන්‍ය වඳුරකු වෙත මෙවන් කරුණාවක් තිබිය නො හැකි ය. එවන් කරුණාවකින් යුතු වන්නේ බෝසත් වරුම ය. එසේ ම සාමාන්‍ය මිනිසුන් කෙරෙහි නො වූ මහා ප්‍රඥාවක් ද උන්වහන්සේ කෙරෙහි වේ. උම්මග්ග ජාතකයේ එන මහෞෂධ පණ්ඩිතයන් ගේ චරිතය ඒ සඳහා නිදසුන් කරගත හැකි ය.

බෝසත්වරු බොරු නොකීම සහ කෘතවේදී බව යන ගුණාංගයන්ගෙන් ද පරිපූර්ණ ය. බුද්ධත්වය ලැබීම සඳහා නියත විවරණ ලැබූ දින පටන් නිර්වාණය දක්වා ම උන්වහන්සේ බොරු නොකියති. ජීවිතය නැති වී ගිය ද සත්‍ය ම පවසති.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
එක් අවස්ථාවක අප මහා බෝසතාණන් වහන්සේ තාපසයකු ලෙස උපත ලැබූ හ. බණ භාවනා කරමින් ධ්‍යාන සමාපත්ති උපදවාගත් හ. කලක් රජ මැදුරෙහි උයනෙහි වාසය කරන්නේ එරට රජු ගේ අග බිසව උන්වහන්සේ වෙත දන් පිළිගන්වන්නී ය. තාපසයා සහ අග බිසව අතර හිතවත් කමක් ගොඩනැඟෙන්නේ මහ රජුට ද ඒ පුවත සැලවන්නේ ය. තාපසයා වෙත පැමිණි රජු

“තාපසතුමනි, නුවර වැසියන් මෙසේ පවසන්නේ ය. එය සත්‍යයක් දැයි” පුවත සැලකර විමසන්නේ ය.

“එසේ ය රජතුමනි. එය සත්‍යයකි.” තාපසයා ද නොපැකිළිව පිළිතුරු දුන්නේ ය.

“තාපසතුමනි, මම මේ රටේ මහරජු. එක කඩු පහරින් ඔබ වහන්සේ මරා දැමිය හැකි ය. එසේ තිබිය දී වුව ද බොරු නොකියන්නේ ඇයි?”

“ඔබ කැමැති නම් මා මරා දමන්න. එහෙත් බොරු නොකියමි” යි තාපසයා පිළිතුරු දෙන්නේ ය.

තාපසයාට තමන් වහන්සේ කැමැති කලක් කැමැති ආකාරයෙන් මෙ උයනෙහි ම වැඩ වාසය කරන ලෙස දැන්වූ රජු නැවත රජ මැඳුරට පැමිණෙන්නේ ය. අනවශ්‍ය තැන්වල සිටීම නිසා මෙවැනි කරදර සිදුවන බව සිතූ තාපස තෙමේ එඋයනින් පිටවූයේ ය.

සම්මා සම්බුද්ධත්වය පතා පෙරුම් පුරන මේ සෑම බෝසත්වරයකු ම බුදු බව ලැබීමට නම් බුදුරජාණන් වහන්සේ ගෙන් නියත විවරණ ලැබිය යුතු ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ නම් තාපසව ඉපිද දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතින් පළමු වරට නියත විවරණ ලැබූහ. එතැන් පටන් සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා පාරමී දම් පුරා ප්‍රඥාධික බුදුවරයකු ලෙස ලොව පහළ වූහ. මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු පස්නමක් ලොව පහළවෙති. ඉන් බුදුවරු සිවු නමක් පහළ වී අවසන් ය.

අනාගතයේ ලොව පහලවන්නේ මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ ය. මුහුර්ත බුදුරජාණන් වහන්සේගෙන් පළමු විවරණය ලැබ බුද්ධත්වය පතා පාරමී පුරමින් පැමිණි ඒ මෛත්‍රි බෝසතාණෝ අවසන් වරට නියත විවරණ ලබන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතිනි.

බුදුරජාණන් වහන්සේ සත්වැනි වස් කාලය ගත කරන්නේ තව්තිසා දෙව්ලොව ය. වස් තුන් මස අවසානයේ සංකස්ස පුරයට වැඩම කරන්නා හ. දේවාවරෝහණ උත්සවය ලෙස නම් කැරෙන ඒ උත්සව දිනයේ සංකස්ස පුරයට රැස්වූ ජනයා අතර මෙත් බෝසතාණෝ ද වූහ. සංකස්ස පුරයේ සිරිවඩ්ඪ නම් මහ කෙළඹි පුත්‍රයකු ව ඉපිද සිටි මෙත් බෝසතාණන් වහන්සේ බුදු හිමියන් හා සැරියුත් මහ රහතන්වහන්සේ අතර වූ විචිත්‍ර දහම් කතිකාව ශ්‍රවණය කිරීමෙන් පසු දහසක් පිරිවර සමඟින් පැවිදි උපසම්පදාව ලැබූහ. විචිත්‍ර ධර්මදේශනාවන් හි යෙදෙමින් පැවැදි දිවිය ගත කරන උන්වහන්සේ ආර්ය මෛත්‍රී බෝසත් භික්ෂු තෙම තමාට පුදනු ලැබූ වටිනා සිවුරු දෙකකින් බුදු හිමියන් වැඩ සිටි ගන්ධ කුටියේ වියන සකස් කර පූජා කරති. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව දක්වමින් මෙසේ දේශනා කළහ.

“මහණෙනි. උතුම් වස්තු යුගලයකින් වියනක් කර බුදුන් පිදු මේ භික්‍ෂුව දෙස බලව. මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රිය නම් සම්මා සම්බුදු වන්නේ ය. එකල මෙම බරණැස කේතුමතී නම් රාජධානියක් වන්නේ ය. එහි සංඛ නම් සක්විති රජු කෙනෙක් වන්නේ ය. ඔහු පුරෝහිත සුබ්‍රහ් ම නම් බමුණා මෛත්‍රිය බුදුන් ගේ පියා වන්නේ ය. ඔහු ගේ භාර්යාව වූ බ්‍රහ්මවතී බැමිණිය මව වන්නී ය. නා රුක ඒ බුදුහු ගේ බෝරුක වන්නේ’යැයි නියත විවරණ දුන්හ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගේ ලොව පහලවීම පිළිබඳ දේශනා කරන්නේ කිඹුල්වත්පුර ගමනේ දී ය. සැරියුත් මහ රහතන් වහන්සේ ගේ ආරාධනයෙන් මේ අනාගත වංශය හෙවත් මෙත් බුදු සිරිත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය අන්තර්ධාන වීමෙන් පසුව මේ ලොව වාසය කරන මිනිස්සු ගුණධර්මවලින් පිරිහී යති. ඒ නිසාම ඔවුන් ගේ ආයුෂ අවුරුදු දහය දක්වා අඩුවේ. බුදුවරයෙක් ලොව පහළ වන්නේ අවුරුදු එකසිය විස්සත් අවුරුදු ලක්‍ෂයත් අතර ආයුෂ ඇති කාලයක පමණි. මිනිසුන් දස අකුසලින් පෝෂණය වන නිසා ම අවුරුදු දහය දක්වා ආයුෂ පිරිහේ. මේ කාලයේ දී මිනිසුන් අතර මෘග සංඥා පහළ වේ.

Modern Movie Related this (an Example)
the_road_movie_poster1.jpg


The Road 2009

ගනිව්, කොටව්, මරව් ආදී බස් ඇත්තේ ඔවුනොවුන් මරා ගනිති. සෑම මනුෂ්‍යයකුට ම තවත් මනුෂ්‍යයකු පෙනෙන්නේ පරණ ලා පත් සේ සියුම් කඩුපත් ලෙසිනි. එකල වෙසෙන නුවණැති මිනිසුන් මේ විනාශය අසා ලෝක විනාශය පැමිණ ඇති බව දැන සතියකට පමණ සෑහෙන ආහාර ද ගෙන කිසිවකු ගේ නෙත නොගැටෙනසේ වන ලැහැබ්, ගල්ගුහා අතර සැඟවෙති. එසේ සැඟවුණු පිරිස් හැර සෙසු සත්ත්වයෝ ඔවුනොවුන් අතින් මැරුම් කා ජීවිතය අවසන් කරති. ඉතිරි වු පිරිස් පැමිණ මේ ව්‍යසනයට හේතු විමසා පස් පව් දස අකුසලයෙන් මිදෙති.

ඒ නිසාම ඔවුන්ගෙන් පසුව එන පරම්පරාව විසි අවුරුදු ආයුෂ ලබන්නේ ය. මෙසේ පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ වැඩි වී අවුරුදු අසංඛ්‍යෙය දක්වාම දීර්ඝායුෂ වර්ධනය වේ. ඉන්පසු නැවතත් මිනිසුන් ගුණ ධර්මවලින් දුරස් වන්නට පටන් ගනී. ආයුෂ ක්‍රම ක්‍රමයෙන් අඩුවී අවුරුදු අසූ දහස දක්වා පැමිණි කාලයේ දී මේ මහා භද්‍ර කල්පයේ අවසන් බුදුරජාණන් වහන්සේ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලොවට පහළ වෙති.

ඒ මෙත් බෝසතාණෝ තුසිත දිව්‍ය භවනෙහි අනාගත මෙතේ බුදුන් ලෙස ලොව පහළවීමේ අපේක්‍ෂාවෙන් වැඩ වැසෙති. ඒ වන විට කේතුමතී නම් සියලු සශ්‍රීකත්වයෙන් ආඪ්‍ය වු රාජධානි පහළ වේ. ඒ සංඛ නම් සක්විති රජු පාලනය කරන සමයයි. ගිහිගෙයි අවුරුදු දහඅට දහසක් මුළුල්ලෙහි වාසය කරන මෙත් බෝසතුන් තම අග බිසව බ්‍රහ්ම වර්ධන නම් පුත් කුමරු බිහි කරන දිනයේ සතර පෙර නිමිති දැක මහභිනික්මන් කිරීමට තීරණය කරති. පැවිදි බවට සුදුසු පරිදි යම් දුකක් අනුභව කරමින් සතියක් මුළුල්ලේ ඊට සූදානම් වන බෝසතාණන් දෙව්, බඹු, මිනිසුන් කෝටි ගණන් පිරිවරා පැවැදිව චන්ද්‍රමුඛී අග බිසව විසින් පුදනු ලබන මේ කිරිපිඬු බත වළඳා නාග ශ්‍රී බෝධි මූලයට පැමිණෙති. එහිදී චතුරාග සමන්නාගත වීර්්‍යයෙන් යුතුව වජ්‍රාසනයහි වැඩ සිටින්නේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නාහ.

මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ ගේ අග්‍රශ්‍රාවක වන්නේ අසෝක සහ බ්‍රහ්ම දේව යන මහතෙරුන් වහන්සේය. සීහ නම් තෙරුන් ධර්ම භාණ්ඩාගාරික මෙන්ම උග්‍ර උපස්ථායක ද වෙති. මෛත්‍රී බුදු හිමියන් ගේ බුද්ධකාය රියන් අසූ අටකි. ආයුෂ කාලය අවුරදු අසූ දහසකි. යටත් පිරිසෙයින් එක මල් මිටක්, එක් පහනක්, එක බත් පිඬක් පමණ ප්‍රමාණයේ සිට දානාදී පිංකම් සිදුකළ පිරිස් මෛත්‍රී බුදුන් දැකීමට භාග්‍යවන්තයෝ වෙති. ආනන්තරීය පාප කර්ම කළ අය, මිථ්‍යා දෘෂ්ඨික පුද්ගලයන්, ප්‍රේත, අසුර ආදී ආත්මභාව ලැබූවන්, තුණුරුවන් සතු දේ පැහැර ප්‍රයෝජනයට ගන්නා පිරිස් ඒ මෛත්‍රී බුදුන් දැකීමට භාග්‍යවන්තයෝ නොවෙති.

තුසිත දෙව්ලොව වැඩ වෙසෙනා, දෙවියන් අතර මහා පුණ්‍යවන්ත වූ, අග්‍ර වූ, මෙත් බෝසතුන්ට පුද පූජා පැවැත්වීම පිළිබඳ ලංකා ඉතිහාසයේ අනුරාධපුර යුගයේ සිට වාර්තාවේ. පුරාවිද්‍යා කැණීම්වලදී ඒ සඳහා තොරතුරු හමුවේ. නොකඩවා මෙත් බෝසත් වන්දනාවෙහි යෙදුණු බවට එහිදී හමුවන බෝසත් ප්‍රතිමා සාක්‍ෂි සපයයි. සිරි සදහම් ආශ්‍රමයේ පිහිටි මෙත් බෝසත් මාලිගය ද ඒ අතර වේ.
 
Last edited:
  • Like
Reactions: nadun07

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
දුබව පතන උතුමා බුද්ධාංකූර නමින් හැඳින් වේ. බුදුපැළය යන අරුත එහි වේ. බෝධිසත්ව නාමයෙන් හැඳින්වෙන්නේ ද ඔහු ය. එවැන්නකු ගේ අදහස් කවදා හෝ සපල වේ.

බුදුබව අරමුණු කර ගෙන කටයුතු කරන තැනැත්තා ඒ සඳහා පාරමිතාවන් පිරිය යුතු ය. පාරමිතා 10 කි. දාන, ශීල, නෙක්ඛම්ම, පඤ්ඤා, වීර්ය, භක්ති, සච්ච, අධිට්ඨාන, මෛත්‍රී, උපේක්ඛා යැයි ඒවා සඳහන් වේ. මේවා උප පාරමිතා හා පරමත්ථ පාරමිතා යැයි තිස් ආකාරයකට සම්පූර්ණ කළ යුතු ය. මේ පාරමිතා පිරීමෙන් ලබා ගන්නා ආධ්‍යාත්මික ශක්තිය බුද්ධත්වය පිණිස ඉවහල් වනු ඇත.

අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ වීර්යාධික ය. සාරාසංඛ කල්ප ලක්ෂයක් පාරමී දම් පිරූ හ. මේ කාලය තුළ උන්වහන්සේට බුදුවරුන් 24 නමක් හමුවිය. ශාසන ඉතිහාසයට අනුව බුදුවරුන් විසි අට නමක් ලොව පහළ වී ඇත. එම බුදුවරුන් ගෙන් 24 නමක ගෙන් අප මහ බෝසතාණන් වහන්සේ නියත විවිරණ ලබා ගෙන ඇත.

නියත විවරණ ලබා ගැනීම යනු බුද්ධත්වය අපේක්ෂාවෙන් කටයුතු කරන බෝධිසත්වයන් වහන්සේ කෙනකුට ඔහු අසවල් කාලයේ බුදු වන බව හා මවු පියන් ආදී සියලු විස්තර සම්මා සම්බුදුවරයකු විසින් නියත වශයෙන් පැහැදිලි කිරීම ය.

අප බෝසතාණන් වහන්සේට එසේ නියත විවරණ දුන් සූවිසි බුදුවරුන් අතුරින් එතුමන්ට මුලින් ම හමු වූයේ දීපංකර බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ ලොව පහළ ව වැඩ වසන සමයේ සුමේධ නමින් අප බෝසතාණන් වහන්සේ උපන් හ.

සුමේධ කුමාරයාට මව්පියන් ගෙන් මහා ධන සම්භාරයක් හිමි විය. ඒ මව්පියන් ගේත් සත්මුතු පරපුරක උරුමය යි. එය දෙමාපිය ඇවෑමෙන් සුමේධ කුමාරයාට හිමි විය. දිනක් සුමේධ කුමාරයා මේ වස්තුව දිහා බලා අනේ මේ වස්තුව හරි හම්බ කළ මගේ මව් පියන් හෝ පරපුරේ ඇත්තන් කිසිවෙක් අද ජීවතුන් අතර නැත. එහෙත් ඔවුන් හරි හම්බ කළ වස්තුව පමණක් මා සතු ව ඇත. මා කළ යුත්තේ කුමක් ද? මව්පියන් මෙන් වස්තුව එකතු කර ගොඩ ගැසීම ද? නොඑසේ නම් මේ සියලු වස්තුව රැගෙන යාම ද එතුමා සිතී ය. මේ ධනය ද රැගෙන මා යා යුතු ය යන අදිටනින් සියලු ධනය දන් දී එතුමා වන ගත විය. වන ගත ව භාවනා කොට පංචාභිඥා අෂ්ට සමාපති උපදවා ගත්තේ ය.

අහසින් ගමන් කළ හැකි බලයක් ඇති ව සිටි සුමේධ තාපසයා දිනක් අහසින් යන්නේ රඹගම් නුවර වැසියන් මහත් උනන්දුවෙන් පාරක් සකස් කරනු දැක බිමට බැස වැසියන් ගෙන් මේ පාර කවුරුන් උදෙසා සකසන්නේ දැයි විමසී ය. මේ මග සැකැසීම වෙන කවුරුන්ට වත් නොව දීපංකර බුදුරජාණන් වහන්සේ වඩින මඟ බව අසා මහත් සතුටට පත් ව මටත් මේ පාර සරසන්නට කොටසක් ලබා දෙන මෙන් එම වැසියන් ගෙන් ඉල්ලුවේ ය. වැසියෝ ද තවුසා මහබලවතකු ඍද්ධිමතකු බව දැන ඉතා ම අපහසු කොටසක් දුන් හ. සුමේධ තාපසයාට ද තමන් භාර ගත් කොටස අවසන් කර ගැනීමට පෙර ම දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩම කළ හ.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
සුමේධ තාපසයා ද දීපංකර බුදුරජාණන් වහන්සේ දැක මහත් වූ සොම්නසින් මඩෙහි දිගා වී තම පිට මතින් එගොඩ වන සේ ඉල්ලීම් කළේ ය. බුදුන් වහන්සේ ද මෙබඳු ඉල්ලීමක් කරන මේ තැනැත්තා කවරෙක් දැ යි බලන්නේ අනාගතයේ තමන් මෙන් ගෞතම නමින් බුදුවන සම්මා සම්බුදුවරයකු බව දැන නියත විවරණ දුන්හ.

මෙසේ බුදුවරුන් 24 නමක ගෙන් අප බෝසතාණන් වහන්සේ විවරණ ගත් හ. දීපංකර බුදුරදුන් කල සුමේධ තාපස නමින් ද, කොණ්ඩඤ්ඤ බුදුරදුන් කල විජිතාවී නම් සක්විති රජ නමින් ද, මංගල බුදුරදුන් සුරුචි බ්‍රාහ්මණ නමින් ද, සුමන බුදුරදුන් කල අතුල නා රජු නමින් ද, රේවත බුදුරදුන් කල අතිදේව බ්‍රාහ්මණ නමින් ද, සෝභිත බුදුරදුන් කල අජිත බ්‍රාහ්මණ නමින් ද, අනෝමදස්සි බුදුරදුන් කල යක්ෂ සේනාධිපතියකු නමින් ද, පදුම බුදුරදුන් කල සිංහ රාජයකු නමින් ද, නාරද බුදුරදුන් කල උග්‍ර තපස්වී ජටිලයකු නමින් ද, පදුමුත්තර බුදුරදුන් කල ජටිල නම් ඍෂිවරයකු නමින් ද, සුමේධ බුදුරදුන් කල උත්තර මානවක නමින් ද, සුජාත බුදුරදුන් කල සත්විති රජකු ව ද, පියදස්සී බුදුරදුන් කල කාශ්‍යප බ්‍රාහ්මණ නමින් ද, අත්ථදස්සී බුදුරදුන් කල සුසීම බ්‍රාහ්මණ නමින් ද, ධම්මදස්සී බුදුරදුන් කල පුරීන්දද සක්විති නමින් ද, සිද්ධත්ථ බුදුරදුන් කල මංගල තවුස් නමින් ද, තිස්ස බුදුරදුන් කල සුජාත රජු නමින්ද, ඵුස්ස බුදුරදුන් කල විජිතාවී රජ නමින් ද, විපස්සී බුදුරදුන් කල අතුල නා රජු නමින් ද, සිඛී බුදුරදුන් කල අරින්දම ක්ෂත්‍රීය රජ නමින් ද, වෙස්සභ බුදුරදුන් කල සුදර්ශන ක්ෂත්‍රීය රජ නමින් ද, කකුසඳ බුදුරදුන් කල ඛෙම නම් ක්ෂත්‍රියකු ව ද, කෝණාගම බුදුරදුන් කල පබ්බත නම් ක්ෂත්‍රීයකු ව ද, කාශ්‍යප බුදුරදුන්කල ජෝතිපාල රජ නමින් ද, අප බෝසතාණන් වහන්සේ විවරණ ලැබූ හ.

මෙසේ සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දහම් සපිරූ බෝසතාණන් වහන්සේ වෙසතුරු රජු ව උපන් අවසන් මිනිස් අත් බවෙහි තම ධන, සේනා, වාහන, පිරිවර, අඹු දරු, හා රජය ද දන් දී වන ගත වීය. වනයෙහි තවුස් දිවියක් ගත කළ එතුමා අවසන තුසිත දෙවු ලොව ශ්වේත කේතු නමින් උපන්නේ ය. මෙහි අනේක විධ සැප සම්පතින් විරාජමාන වැඩ සිටි බෝසතුන්ට දෙව් බඹුන් ගෙන් ආරාධනයක් ලැබිණ.

බුදු බවට පත් ව දෙවියන් සහිත ලෝකයා සසරින් එතෙර කරවීම සඳහා මනු ලෝ ඉපදීමට මේ ඔබට කාලය යි. ඉන් පසු බෝසතාණෝ කාලය, දීපය, දේශය, කුලය, මව යන පස් මහ බැලුම් බලා දඹදිව කිඹුල්වත් පුර සුදොවුන් මහ රජු ගේ බිසවු මහාමායා දේවිය කුස පිළිසිඳීය හ.

ඒ අසිරිමත් බුදු උපත ලොවට ශාන්තියක් විය. යහපතක් විය. සැපතක් විය. ඉන් අපා ගිනි දැල් නිවිණි. දෙවු ලෝ දොරටු හැරිණි. සිත්වල පින් සිතිවිලි මතුවිණි. පවිටු අඳුරු සිත් පහවිණි. මාපිය දූදරු අඹු සැමි ස්වාමි සේවක සබඳතා දැඩිවිණි. අනුන් ධන, පණ නස්නා පවුල් අඹුසැමි සමඟි දම් වනස්නා දැඩි පවිටු සිත් පහවිණි. දනින් පැනින් ගුණයෙන් දහමින් වතින් පිළිවෙතින් ගේ දොර ගම රට පිබිදිණි. ධන බල අටු කොටු දැහැමින් පිරිණි. මේ අසිරිය ගොයුම් ගොත් සම්බුදු අසිරිමත් බුදු උපත නිසා ම ය.

මේ කල්පය මහාභද්‍ර කල්පය නමින් හඳුන්වනු ලැබේ. මහාභද්‍ර කල්පයෙහි බුදුවරු පස් නමක් පහළ වෙති. පස් නමකට වැඩියෙන් පහළ වන කල්පයක් නැත. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යනුවෙන් බුදුවරු හතරනමක් පහළ වී ඇති මේ කල්පයෙහි ම අනාගතයෙහි දි මෛත්‍රී සම්බුදු රජාණන් වහන්සේ පහළවෙති.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
සමහර කල්පවල බුදුවරු පහළ වන්නේ සිව් නමකි. එය “ සාරමණ්ඩ කල්පය නමින් හඳුන්වනු ලැබේ. “ වර” නමින් හඳුන්වන කල්පයෙහි බුදුවරු තුන් නමක් පහළ වෙති. “මණ්ඩ “කල්පයෙහි පහළ වන්නේ බුදුවරු දෙනමකි. එක බුදුකෙනෙක් පහළ වන කල්පය “සාර” නමින් හඳුන්වනු ලැබේ.

සම්මා සම්බුදුරාජණන් වහන්සේ හැර ලෝකයෙහි පහළ වූ කිසිම ශාස්තෘවරයෙක් තමන්ගේ තත්ත්වයට ශ්‍රාවකයන්ටත් පත්විය හැකි යැයි දේශනා කොට නැත. බුදුරජාණන් වහන්සේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරන ඕනෑම කෙනකුට බුද්ධත්වය ලබාගත හැකි බව දේශනා කළ සේක. එහෙත් බුද්ධත්වය ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා කාලාන්තරයක් නො පසුබට උත්සාහයෙන්,ධෛර්යයෙන් පාරමිතා උපපාරමිතා , පරමත්ථ පාරමිතා වශයෙන් දස පාරමිතාවන් සම ත්‍රිංසත් ආකාරයෙන් සම්පූර්ණ කළ යුතුය. එසේ පාරමිතාවන් සම්පූර්ණ කොට බුද්ධත්වය පත්වූවෝ ද අනන්ත අප්‍රමාණ බව (අප්පමාණෝ බුද්ධෝ ) ඛන්ද පරිත්තයෙහි සඳහන් වේ.

බුදුවන සෑම බෝධිසත්වයෙක්ම සම්බුදු රජාණන් වහන්සේ නමක් හමුවේ නියත විවරණය ලබා ගත යුතුය. එසේ නියත විවරණ ලබන බුදුවරයන්ගේ ගණන මෙපමණැයි නියමයක් නැත. බෝසතාණන්ට මුණගැසෙන බුදුවරුන්ගේ ගණන අනුවය එය තීරණය වන්නේ. බෝසත්වරු ප්‍රඥාධික, ශ්‍රද්ධාධික , වීර්යාධික යැයි තුන් කොටසකි.

නියත විවරණය ලබාගත්තායින් පසු ප්‍රඥාධික බෝසත්වරයෙක් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පිරිය යුතුය. උන් වහන්සේගේ ප්‍රඥාව තියුණුය. ශ්‍රද්ධාව මඳය. වීර්යය මධ්‍යම වේ. නියත විවරණ ලැබීමෙන් පසු ශ්‍රද්ධාධික බෝධිසත්වවරයෙක් අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය. උන්වහන්සේ ගේ ශ්‍රද්ධාව තියුණු වේ. ප්‍රඥාව මධ්‍ය වේ. වීර්යය මඳ වේ. නියත විවරණයෙන් පසු විර්යාධික බෝසත්වරයෙක් සොළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කළ යුතුය. උන්වහන්සේගේ වීර්යය තියුණු වේ. ප්‍රඥාව මඳ වේ . ශ්‍රද්ධාව මධ්‍යමවේ.

නියත විවරණය ලබාගැනීමට පෙර සෑම බෝසත්වරයෙක්ම මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය සම්පූර්ණ කොට තිබිය යුතුය. මනෝ ප්‍රණිධානය යනු පුණ්‍ය කර්ම කොට මේ පිනින් මට බුදුබව ලැබේවායි සිතින් සිතීමයි. මේ මනෝ ප්‍රණිධානය බෝසත්වරයකු විසින් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු වේ. මෙසේ මනෝ ප්‍රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා ඊළඟට වාග් ප්‍රණිධානය පුරන්නට පටන් ගනියි. වාග් ප්‍රණිධානය යනු පින්කම් සිදුකොට “ මට මේ පිනෙන් බුදුබව ලැබේවා! යැයි වචනයෙන්ම ප්‍රකාශ කිරීමයි. මෙසේ වාග් ප්‍රණිධානය නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතුය.

එක් කලෙකදී බ්‍රහ්ම ලෝකය හිස් වේගෙන හිස් වේගෙන යන්නට විය. සිටින බ්‍රහ්මයන්ගේ ආයුෂ ගෙවී බඹ ලොවින් චුතවෙයි. නැවත බඹ ලොව උපදින බ්‍රහ්මයෙක්ද නැත. එක්තරා බ්‍රහ්මයෙක් මෙයට හේතුව කුමක් දැයි විමසා බලන විට බුද්ධ ශූන්‍ය කල්ප බොහෝ ගණනක් ගතවී ඇති බව පෙනුණි. බුදු බව පතන බෝසත්වරයෙක් නැති දැයි බැලීය. අනන්ත අප්‍රමාණ සිටින බවත් උන්වහන්සේ තවම පෙරුම් දම් සපුරණ බවත් දුටුවේය. එසේ නමුත් තමාත් කිසියම් පුද්ගලයෙක් බුදු බව පැතීමට යොමුකළ යුතු යැයි කල්පනා කළ බ්‍රහ්මයා ඒ සඳහා සුදුසු පුද්ගලයකු සෙවීය.

එවිට ගමන් කළ නැව කැඩී මුහුදු බත්ව මවත් කරපින්නාගෙන සත් දිනක් පිහිනන ගුණවත් වීර්යවන්ත පුරුෂයා දුටුවේය. මෙබඳු ශ්‍රේෂ්ඨ පුරුෂයකුට යි බුදු බව ප්‍රාර්ථනා කරවිය යුත්තේ යැයි සිතූ බ්‍රහ්මයා ඔවුන් ගොඩ බිමට සේන්දු කොට මවට ආරූඩ වී “ පුතේ නුඹ බුදුවෙයන්” යි කියවීය . අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු බව පැතීමේ ආරම්භය එයයි.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
එදින සිට මනෝප්‍රණිධානය සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කොට පුරාණ ගෞතම බුදුරදුන්ගෙන් අනියත විවරණය ලැබ වාග් ප්‍රණිධානය පිරීම ඇරඹීය. අනියත විවරණය යනු බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කළ හොත් බුදු බව ලබාගත හැකි යැයි බුදුරජාණන් වහන්සේ නමක් අනියමාර්ථයෙන් ප්‍රකාශ කිරීමයි.

මෙසේ මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා නියත විවරණය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. නියත විවරණය ලබා ගැනීමට බුදුරජාණන් වහන්සේ නමක් වෙතට එළඹෙන බෝසත්වරයා කරුණු අටකින් සමන්විත විය යුතුය.

මනුස්සත්තං ලිංග සම්පත්ති
හේතු සත්ථාර දස්සනං
පබ්බජ්ජා ගුණ සම්පත්ති
අධිකාරෝ ච ඡන්දතා
අට්ඨ ධම්ම සමෝධානා
අභිනීහාරෝ සමිජ්ඣති

යනුවෙන් දක්වා ඇත්තේ එම කරුණූ අටයි. මනුෂ්‍යත්වය යනු මිනිසකු වී සිටීමයි. පළමු වන නියත විවරණයෙන් පසු ලබන නියත විවරණවලට මේ අවශ්‍යතාව නැත. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සිව් වැනි වරට සුමන බුදුරදුන්ගෙන් විවරණ ලබා ගන්නේ අතුල නම් නාරජෙක්ව සිටියදීය. සත් වෙනුව විවරණය ලබාගත්තේ අනොමදස්සී බුදුරදුන්ගෙනි. ඒ යක්ෂ සේනාධිපතියෙක්ව සිටිය දීය. අට වන වර පදුම බුදුරදුන්ගෙන් විවරණ ලබාගන්නේ සිංහරාජයකුව සිටිය දීය.

ලිංග සම්පත්තිය යන්නෙන් ගණන් ගැනෙනුයේ පුරුෂයකු වීමයි.

හේතු යනු නියත විවරණය ලබන ආත්මභාවයේම රහත් වී නිවන් දැකීමට හේතු සම්පත් තිබීමයි. අපේක්ෂාව පැතුම් බුද්ධත්වය බැවින් හේතු සම්පත් ඇතත් රහත් භාවයට පත් නොවේ. සත්ථාර දස්සනය නම් සම්බුදුවරයන් වහන්සේ නමක් දැකීමයි. ප්‍රථම නියත විවරණය චෛත්‍යයක් බෝධියක් ඉදිරියේ දී ලබාගත නොහැක. බුදුරදුන් පිරිනිවි කල්හි ශ්‍රාවකයකුගෙන් ද ලබාගත නොහැක. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරිපිට දීම ලබාගත යුතුය.

පබ්බජ්ජා වශයෙන් හඳුන්වන්නේ පැවිදි වී සිටිය යුතු බවයි. නියත විවරණය පළමුවෙන්ම ලබාගන්නා තැනැත්තා බුද්ධශාසනයෙහි හෝ කර්ම, කර්මඵල පිළිගන්නා තාපස කොටසක හෝ පැවිදි වී සිටිය යුතුය. ගුණසම්පත්ති නම් පැවිදිව ධ්‍යානාදී ගුණයන් ලබා තිබීමයි. පැවිදිව සිටිය ද පඤ්ච අභිඥා අෂ්ට සමාපත්ති නොලබා සිටින කෙනකුට පළමු වැනි නියත විවරණය ලබා ගත නොහැක. අධිකාරය නම් ජීවිත පරිත්‍යාගයයි. එදා අප ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසයන්ව දීපංකර බුදුරදුන්ගෙන් ප්‍රථම නියත විවරණය ලබන විට බුදුරදුන්ට සහ විසි දහසක් මහා සංඝරත්නයට තම පිට ඒදණ්ඩක් කොට මඩෙහි දිගා වි සිටියේ ජීවිත පරිත්‍යාගයෙනි.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ඡන්දතා යනු බුදුවීම සඳහා ඇති බලවත් කැමැත්තය. බුදුවීම සඳහා ඕනෑම කැපවීමක් කිරීමට හැකියාවක් ඇති තැනැත්තාට ම නියත විවරණය ලැබේ. ගෞතම බෝසතාණන් වහන්සේට එදා දීපංකර පාද මූලයේදී මෙකී කරුණු සම්පූර්ණ වී තිබුණු හෙයින් ප්‍රථම නියත විවරණය ලබාගැනීමට හැකි විය. ප්‍රඥාධික , ශ්‍රද්ධාධික ආදි බුදුවරුන් ලබන බුද්ධත්වයෙහි හා දේශනා කරන ධර්මයෙහි කිසිදු වෙනසක් නැත. සමස්තයක් වශයෙන් ගතහොත් සෑම බුදුවරයෙක්ම දේශනා කරනුයේ අකුරු අටෙකි. වචන තුනෙකි. එනම් අනිච්ච දුක්ඛ අනත්ත යන මේ අකුරු අට හා පද තුනයි. ශාරීරික වශයෙන් උස මහතින් වෙනස් වුණත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනුවඤ්ජන එක සේම පවතී.ඓශ්චර්යයෙන් හා පුණ්‍ය මහිමයෙන්ද ප්‍රඥාධික බුදුරදුන්ට වඩා ශ්‍රද්ධාධික බුදුරදුන් වැඩිය. ශ්‍රද්ධාධික බුදුරදුන්ට වඩා විර්යාධික බුදුරදුන් වැඩිය. හේතුව? පෙරුම් දම් පුරණ කාලය දීර්ඝ බැවිකි. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේගේ ශාසනය උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු වැඩි කාලයක් නොපවතී. උන්වහන්සේ අනුශාසනා ප්‍රාතිමෝක්ෂය පමණක් දේශනා කරන හෙයිනි. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ අනුශාසනා ප්‍රාතිමෝක්ෂයත්, ආණා ප්‍රාතිමෝක්ෂයත් දේශනා කරන හෙයින් දීර්ඝ කාලයක් පවතී.

අතිශය දුර්ලභ බුද්ධොත්පාද කාලයක් අපි ලබා ඇත්තෙමු. එසේම උතුම් මනුෂ්‍ය ආත්මයක්ද ලැබී ඇත. එයින් නිසි ප්‍රයෝජනය ලබාගැනීමට නම් බුදුන් දෙසු මග ඔස්සේ ගමන් කොට නිර්වාණ සම්පත්තිය ලබාගත යුතුය.

Questions and Answers

සමාජය තුළ මිනිස්සු විවිධ පුද්ගලයන්ට වඳිනවා, පුදනවා. ඒ වඳින පුද්ගලයා පිළිබඳ ප්රශ්නයක් ඔවුන්ට නැහැ. කිසිම අවබෝධයකින් තොරවත් සමහරු වන්දනය කරනවා. ගස්වලට වඳිනවා, පිළිමවලට වඳිනවා, බුදු දහම ගත්තහම චෛත්යයට බෝධියට , පිළිමවලට වඳිනවා. ඊට අමතරව මිනිසුන්ගේ ජන විඥානය තුළ දේව විශ්වාස තැන්පත් වෙලා තියෙනවා. දෙවියන් ඉන්නවා කියලා විශ්වාසයක් මිනිසුන්ට තියෙනවා. බුද්ධ දේශනාව අනුවත් දෙවියන් ඉන්නවා.

බුදු දහමෙත් දේව සංකල්පය තියෙනවා. එහෙත් අද වන විට බුදුදහමේ තිබුණු දේව සංකල්පයේ අර්ථාන්විත බව සමාජය තේරුම් අරගෙන නැහැ. මොකද පසුගිය අවුරුදු දහසයක විතර කාලය ගත්තම බුදුදහමේ දෙවියන්, හින්දු ආගමේ දෙවියන් සමඟ හුවමාරුවෙලා තියෙනවා. මේ තත්ත්වය නවත්වන්න තමයි සෝම හාමුදුරුවෝ කටයුතු කළේ. මිනිස්සුන්ට සත්ය තේරුණා. මිනිස්සු කල්පනා කළා අපි බෞද්ධ, අපි තෙරුවන් සරණ ගිහින් ඉන්නේ. තෙරුවන් සරණ ගිය අපට මොකටද හින්දු දෙවිවරු කියලා.

දැන් බලන්න හින්දු දේව කතාවල තියෙන්නේ වීරත්වය, ඊර්ෂ්යාව, කාමුකත්වය වගේ දේවල්. හැම දෙවියෙක් අතේම තියෙන්නේ ආයුධයක්. කඩුවක්, ත්රිශුලයක්, මුගුරක්, මේවායින් සිද්ධ වෙන්නේ හිංසනයයි. එහෙමනම් මෙවැනි අයට වන්දනාමාන කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මෙන්න මේ හින්දු දේව සංකල්පය නිසා යටගිය අපේ පැරණි බෞද්ධ දේව සංකල්පය ඉස්මතු කිරීමටයි අපි උත්සාහ කරන්නේ. මේ වන්දනාව තමයි බෝධි සත්ත්ව වන්දනාව.

අපේ රටේ ඉතිහාසයේ බෝධිසත්ත්ව ප්රතිමා තිබිලා තියෙනවා. බෝධි සත්ත්වරු ගණනාවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒත් හින්දු ආගමත් සමඟම බෝසත් වන්දනාව යට ගියා. අපි දැන් මේ හදන්නේ, එහෙම යට ගිහින් තිබුණු බෝධි සත්ත්ව වන්දනාව යළි ප්රතිස්ථාපනය කරලා ජනතාව අතරට ගෙනයාමටයි.
 
Last edited:

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
බුදු දහමට අනුව බෝධි සත්ත්වරු ගණනාවක් ඉන්නවා. එහෙත් මෙතෙන්දී කතා කරන්නේ මෛත්රෙය බෝධිසත්වයෝ ගැන පමණයි?

බෝධි සත්ත්වවරු අතර ඉන්න ප්රධාන බෝධි සත්ත්වයන් වහන්සේ තමයි මෛත්රෙය බෝධිසත්වයන් වහන්සේ.

බෝධි සත්ත්ව සංකල්පයේ තියෙන විශේෂත්වය තමයි මිනිසුන්ගේ තිබෙන ආශා, බලාපොරොත්තු ආදී සියල්ලෙන් හිත නිදහස් කරගෙන හිත ශාන්ත සුවයට පත්කර ගැනීම.

මනුෂ්යයන්ගේ ජීවිතයේ බලාපොරොත්තු වැඩිවුණාම දුකයි. ප්රාර්ථනාවන් වැඩි වුනාම දුකයි. අරමුණු ඉටුකරගන්න මිනිස්සු දුවනවා මෙහෙම දිවීම මිනිස්සුන්ට විශාල මානසික පීඩනයක්. ඒක ඉෂ්ට කරගන්න පුළුවන් වුණොත් සතුටු වෙනවා. ඉටු කර ගන්න බැරි වුණොත් දුක්වෙනවා. බෝධි සත්ත්වවරයෙක් කියන්නේ කිසිම ලෞකික , භෞතික අපේක්ෂාවන්ගෙන් තොරව ජීවිතය දිහා සැහැල්ලුවෙන් බලා සිටින කෙනෙක්. ඒක කොච්චර ශ්රේෂ්ඨ ගුණයක්ද.?

මෙතැන හින්දු දේව සංකල්ප වල තියෙන රාගය, ඊර්ෂ්යාව, එකිනෙකා පරයා යාම කියන කරුණු වලින් සම්පූර්ණයෙන්ම විනිර්මුක්ත වීමක් තියෙන්නේ. බෝධි සත්ත්වයන් වහන්සේලා කිසිම ලෞකික “ භෞතික අපේක්ෂාවකින් තොරව නිරාමිස සුවයෙන් වැඩ සිටින්නේ. ඒ නිරාමිස සුවය අපි මිනිස්සුන්ට උගන්වනවා. බෝධිසත්ව වන්දනාවට මිනිසුන් හුරු කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නිරාමිස සුවයට මිනිසුන් පත්කිරීමයි. නිරාමිස සුවයට මිනිසා පත්කිරීමෙන් මිනිසාගේ ජීවිතය සරල වෙනවා.

මිනිසා ආත්මාර්ථකාමීත්වය අයින් කරනවා. පාරාර්ථ චර්යාවට හුරු වෙනවා. බෝසතානන් වහන්සේට ගරු කිරීමෙන් ඒ තත්ත්වයට පත්වීමට මඟ පෑදෙනවා. මෙන්න මේ අදහස මුල්කරගෙන තමයි අපි කල්පනා කළේ මෛත්රෙය බෝසතානන් වහන්සේ පිළිබඳ පණිවිඩය මුළු ලෝකයටම ගෙනියන්න.

ඒ පණිවිඩය සමාජ ගතවීමත් සමඟම මිනිස්සු ඒ අනුව ක්රියා කරාවි. එතකොට මානව සමාජයේ තියෙන සංකීර්ණත්වය මිනිසුන් අතර තියෙන අපේක්ෂා, වෛරය ආදියෙන් මිනිසුන්ගේ හිත නිදහස් වෙනවා. නිරාමිස සුවයකට පත්වෙනවා. ඒ පත්වෙන්නේ මෛත්රෙය බෝසතානන් වහන්සේගේ චරිතය ජීවිතාදර්ශය ඔබගේ ජීවිතාදර්ශය වූ වෙලාවටයි. බෝධිසත්ව සංකල්පය අනුව ආත්මාර්ථකාමී අරමුණුවලින් නිදහස් වී පරාර්ථ චර්යාවට යොමුවිය යුතුයි. ඒක බොහොම වටිනා දෙයක්

මෛත්රෙය බෝධි සත්ත්වයන් වහන්සේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළහොත්?

කිසිම දෙවියකුව නමස්කාර නොකරණ තුසිත දෙවිලොව සංතොසින දිව්යරාජයාව වැඩ සිටින මෛත්රෙය බෝධි සත්ත්වයන් වහන්සේ, වීර්ය අධික බෝසතානන් වහන්සේ නමක්. මීට සොලොසාකල්ප ලක්ෂ අසංඛෙයිය දාසයකට කලින් ලෝකයේ හිටියා මුහුර්ත කියලා බුදු කෙනෙක්. ඒ මුහුර්ත බුදුහාමුදුරුවෝ වැඩ සිටින කාලයේ ප්රභාවන්ත චක්රවර්ත රජකෙනෙක් හිටියා. මේ චක්රවර්ත රජතුමා මුහුර්ත බුදු හාමුදුරුවන්ගේ ශාසනයේ රත්න කියන නමකින් පැවිදි වූණා.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
පසු කළක රත්න හාමුදුරුවෝ මුහුර්ත බුදුහාමුදුරුවන්ගෙන් විවරණ ලැබුවා. ඒ විවරණය අනුව මෛත්රෙය බෝධිසත්ත්වයන් වහන්සේ දස පාරමිතා, උප පාරමිතා, පරමත්ත පාරමීතා පුරලා කල්ප ලක්ෂ අසංඛෙයිය 16 ක් කාලය තුළ බුදුවරු දහස් ගණනකගෙන් විවරණ ලැබුවා. ඊළඟට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී උන්වහන්සේට සිවුරු දෙකක් පූජා කළා. මේ වෙලාවේ ගෞතම බුදුහාමුදුරුවෝත් නියත විවරණ දුන්නා. එලෙසින් නියත විවරණ ලැබුවේ ඉල් පෝය දවසකයි.

මෙහෙම බලපුවාම පෙනෙනවා නේද? මොනතරම් වටිනාකමක් ඉල් පෝය දවසේ තියෙනවද කියලා කොතරම් වටිනා සිදුවීමක් වෙලා තියෙනවාද වටිනාකම කියන්න කවුරුවත් නැතිනම් ඒ වටිනාකම ගිලිහිලා යනවා. මම මේ උත්සාහ කරන්නේ මෙන්න මේ වටිනාකම සමාජ ගත කරන්නයි. බෝධි සත්ත්ව වන්දනාව කාටවත් ප්රතික්ෂේප කරන්න බැහැ. මොකද හැම විහාරයකම මෛත්රිය බෝධි සත්ත්ව ප්රතිමාවක් තියෙනවා. මෙයින් අපට අවශ්ය වෙන්නේ මේ තොරතුරු සමාජගත කරලා අලුත් ජනමතයක් හදලා දර්ශනයක් ගොඩනැඟීමයි. ඒ හරහා පරාර්ථ චර්යාව, සැනසීම සමාජය තුළ ස්ථාපනය වේවි.

අද අපි මුහුණ දෙමින් සිටින්නෙ වානිජ අරමුණු පෙරදැරි කරගත් තරගකාරී සමාජයකටයි. එවැනි සමාජයකට ඔබ වහන්සේ ඔය කියන අරමුණු වලට ළඟාවීමට හැකියාවක් පවතී ද?

සමාජය තරගකාරී බව ඇත්ත. තරගකාරීව ජීවත් වුණාට මනුෂ්යයාට නිදහස තියෙන්නේ සියල්ලෙන්ම නිදහස් වුණාමයි. හැම මිනිහෙක්ම දවසට විනාඩි 10 ක් වත් සමාජයේ සියලුම දේවල් නවත්වලා භාවනාවක යෙදෙන්න ඕනේ. එවිට අපිට පුළුවන් වේවි බෝධි සත්ත්වයන් ගත් මඟ අනුගමනය කරන සමාජයක් බිහිකරන්න. එහෙම දැනෙන නිදහස කොතරම් වටිනවද? ඒක අපිට සල්ලිවලට විකුණන්න බැහැ. බෝධි සත්ත්ව වන්දනාවේ අදහස ඒකයි.

කුමන සමාජයක ජීවත්වුණත් හැම මනුෂ්යයෙක්ම නිදහස බලා පොරොත්තු වෙනවා. සියල්ලෙන්ම නිදහස් වුණහම සැබෑ නිදහස සැනසීම ලැබෙනවා. එහෙත් අපිට එකපාරටම එයට යොමුවෙන්න බැහැ. ඒනිසා අපි ටික ටික බාහිර කරුණුවලින් හිත නිදහස් කරගන්න ඕනේ. ඒ වෙනුවට හොඳ දේවල් එකතු කරගන්න ඕනේ. එතකොටයි අපේ ජීවිත අර්ථවත් වෙන්නේ . එතැනට එන්න බෝධි සත්ත්ව වන්දනාව මහෝපකාරී වෙනවා.

බෝධිසත්ව සංකල්පය, මහායාන සංකල්පයක් ලෙසට බොහෝ දෙනෙක් පිළිගන්නවා?

නැහැ. ඒක වැරදියි ඛුද්දක නිකායේ සුමේධ කතාවල සඳහන් වෙනවා ගෞතම බුදුන් පළමුව විවරණ ගන්නේ දීපංකර බුදු හාමුදුරුවන්ගෙන් කියලා.මෙහෙම විවරණ දුන්නු වෙලාවේ රහත්වෙලා හිටපු මහා ශ්රාවකවරු ,අග්ර ශ්රාවකවරු සියලුම දෙනා ඇවිදින් සමන් මල් අතින්ගෙන මඩ මත වැටී සිටි සුමේධ තවුසාට ගෞරව දක්වලා තියෙනවා. මෙහෙම බලපුවාම බෝධිසත්ත්ව වන්දනාව මහායාන කියන්න බැහැනේ.

බෝධිසත්ත්ව වන්දනාව කී විට භෞතික දිශාවට පමණක් සීමාවීමක් වෙනවා නේද?
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
නැහැ. භෞතික දිශාවට මනුෂ්යයා භෞතික බලාපොරොත්තු වලින් යම් පමණකට නිදහස් කිරීමක් මෙතැන තියෙනවා. අපේ මිනිස්සු ගිහිල්ලා දෙවියන්ගෙන් මොනතරම් දේවල් ඉල්ලනවද? දෙවියන්ට ඒවා දෙන්න බැහැ. මොකද දෙවියෝ කියන්නේ, සියල්ලෙන්ම හිත නිදහස් කරගත්තු පිරිසකුයි. එහෙම හිත නිදහස් කරගත්තු දෙවියෝ මිනිස්සුන්ට බලාපොරොත්තු දීලා මිනිස්සුන්ගේ හිත අවුල් කරන්නේ නැහැ. මෛත්රෙය බෝධි සත්ත්වයෝ කාට හරි භෞතික දෙයක් ලබා දෙන්නේ භෞතික ජීවිතය වාසනාවන්ත කරගන්න නොවේ. එතැනින් එහාට ගිහිල්ලා අධ්යාත්මික සංවර්ධනයට යොමු කරන්නයි.

දැන් බලන්න කෙනෙක් මහණ වූ විට සිවුර, පාත්තරය, දානය තියෙන්න ඕනේ. ඒවා තිබුණොත් තමයි, මහණකම කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් පේනවා අධ්යාත්මික ගමනක් යන්න භෞතික දේවල් අවශ්ය වෙන බව

ඔබ වහන්සේ කියන්නේ හින්දු දේව සංකල්පය වෙනුවට බෞද්ධ දේව සංකල්පයක් පිළිබඳවයි. එහෙත් අද බොහෝවිට පන්සල් වල ඉන්න භික්ෂූන් වහන්සේලාමයි දේවාල පවත්වාගෙන යන්නේ?

මේ තත්ත්වය ගැන මම කනගාටු වෙනවා. ඒවාගේම ප්රතික්ෂේප කරනවා. මේ නිසා මනුෂ්යයෙක් අසීමිත භෞතික ආශාවන් වෙත යමින් බෞද්ධ දෙවිවරු හෑල්ලුවට ලක්කිරීම ගැනත් මම කනගාටුවෙනවා. කොහොමවුණත් මම කාටවත් කියන්න යන්නේ නැහැ දෙවියන් වඳින්න එපා කියලා. ඒක මිනිස්සුන්ගේ කැමැත්ත දැන් බලන්න රත්තරං බඩු දිහා. මිනිස්සු රත්තරන් බඩු කොච්චර තියාගෙන ඉමිටේෂන් බඩු කොච්චර පාවිච්චි කරනවද? ඒවගේ තමයි මේකත්. කැමැති අයට නියම දේ ගන්න පුළුවන් බැරි අයට ඉමිටේෂන් තියෙනවා.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
Finally

Modern Status

New+Avtara+of+Lord+Buddha1.jpg


New Avtar of Lord Buddha Ram Bahadur Bomjan, a 17-year-old from Ratanpuri village in Bara district,Nepal has came back after 2 years of spent his life in jungle . He addressed the devotees on 12.11.2008 , Tuesday in Bara district about 150 kilometers south of Nepal’s capital, Katmandu.
He became to publicly for only one week. He will return after one week to jungle for meditate. Thousand of people were present for listen the new Avatar of Lord Buddha. All people traveled long distance to see him. The jungles of Ratanpur are filled with colorful flags and devotees silently approached him. Bamjan sat on a podium covered in yellow cloth under a huge tree. He was still and silent. He was wearing a white robe and blessed his devotees with a slight tap on the head. Few Buddhist monks were surrounding the young man. He was looking healthy and showed no signs of sickness.

Ram Bahadur Bomjan, a 17-year-old from Ratanpuri village in Bara district, became an international celebrity and a myth after the local media reported the boy wonder to be praying for enlightenment like the Buddha under a tree without taking any food or water for nearly 10 months.

Devotees and the curious began thronging the jungle for a sight of the skeletal boy sitting cross-legged under a peepul tree, with his eyes tightly shut.

Though there were efforts by scientists to subject him to tests to see if he had really not taken any food or water, as his followers claimed, the attempts were blocked by an organised group of disciples.

Bomjan, who had reportedly told his family he was not the Buddha but the reincarnation of a lesser Buddhist monk and needed to pray for six years to attain ultimate knowledge and salvation, created an even greater mystery when he vanished from the spot in March, leaving his white robes behind.

Some of the villagers in the area claimed they had seen him walking away, saying his meditation was disturbed by the din made by people coming to see him.

‘I am going in search of peace and will return after six years,’ the boy reportedly said.

Though security forces and villagers combed the village in the days after the teen’s disappearance, he could not be found.Almost nine months later, the missing prodigy was now discovered by herdsmen on Christmas Day in Baghjhori Bhataghari forest in Piluwa village, about 150 km east of Kathmandu.

Photographs in the local papers Tuesday showed the teen, wrapped in white clothes sitting on the ground in the forest, surrounded by onlookers.
Download the photo of New Avtara of Lord Buddha ( Ram Bahadur Bomjan).

----------------------------------------------------------------------------------------------------------------
List of Buddha claimants


The people described below have:

  • claimed to have attained enlightenment and become buddhas
  • claimed to be manifestations of bodhisattvas
  • identified themselves as Buddha (though most schools of Buddhism believe that the Buddha entered parinirvana and extinguished rebirth), or
  • been honored as buddhas or bodhisattvas due to: being identified as the reincarnation of one such (e.g., the Dalai Lama, the Panchen Lama); popularity; evidence in the form of auspicious signs.
Many people in recent times have also claimed to be Maitreya, the successor of Gautama Buddha, the historical founder of Buddhism. Many have used the Maitreya incarnation claim to form a new Buddhist sect or a new religious movement or cult.


  • Guan Yu - legendary warrior during the late Eastern Han Dynasty and Three Kingdoms period in ancient China. Today, many people, including both police and mafia, consider him to be a divine object of reverence. In certain schools of Taoism and Chinese Buddhism he has been deemed divine or semi-divine. Reverence for him may date back to the Sui dynasty. Many Buddhists accept him as a bodhisattva that guards the Buddhist faith and temples. He is known as Sangharama in Sanskrit.
  • Wu Zetian - the only ruling female emperor in the history of China, and founder of her own dynasty, the Second Zhou dynasty. Ruled under the name Emperor Shengshen. Gained popular support by advocating Buddhism but ruthlessly persecuted her opponents within the royal family and the nobility. Proclaimed herself an incarnation of Maitreya and made Luoyang the "holy capital".
  • Gung Ye - Korean warlord and king of the short-lived state of Taebong during the 10th century. Claimed to be the living incarnation of Maitreya and ordered his subjects to worship him. His claim was rejected by most Buddhist monks and later he was dethroned and killed by his own servants.
  • The Dalai Lamas - in Tibetan Buddhism, the successive Dalai Lamas form a tulku lineage of Gelugpa leaders that began in 1391. Tibetan Buddhists believe the Dalai Lama to be one of innumerable incarnations of Avalokitesvara, the bodhisattva of compassion. Between the 17th century and 1959, the Tibetan government was headed by a Dalai Lama, who administered a large portion of the country from the capital Lhasa. The Dalai Lama is the supreme head of Tibetan Buddhism[citation needed], and the leaders of all four schools consider the Dalai Lama to be the highest lama of the Tibetan traditions[citation needed]. The current Dalai Lama is Tenzin Gyatso, the 14th of the lineage.
  • Nurhaci - also known as Emperor Tai Zu. Founder and leader of the Qing Dynasty. Believed he was a manifestation of Manjushri Bodhisattva.
  • Lu Zhongyi - the 17th patriarch of the I-Kuan Tao. I-Kuan Tao followers believe that he is the first leader of the "White Sun" Era, the era of the apocalypse, thus he is the incarnation of Maitreya.
  • Peter Deunov - also known as Master Beinsa Douno. Spiritual teacher, founder of a teaching and school of Esoteric Christianity. Some students of Rudolf Steiner, an Austrian philosopher, have identified Master Beinsa Douno as a manifestation of Maitreya in the late 20th century.
  • Samael Aun Weor - stated in The Aquarian Message that "the Maitreya Buddha Samael is the Kalki Avatar of the New Age." The Kalkian Avatar and Maitreya Buddha, he claimed, are the same "White Rider" of the book of Revelation.
  • Jim Jones - leader of the Peoples Temple cult. Possibly as a way to gather followers to his religious movement, he claimed to be a living incarnation the Buddha, as well as Jesus Christ, Pharaoh Akhenaten, Father Divine and Vladimir Lenin.
  • Ruth Norman (Uriel) - founder of the Unarius Academy of Science. Claims to have had fifty-five past lives, some included were reincarnations of the Buddha, Socrates, King Arthur, Confucius and a king of Atlantis.
  • Lu Sheng-yen - founder and spiritual teacher of the newly created Buddhist lineage called the True Buddha School. Claims that, in the late 80s, Lu had reached enlightenment while training under a formless teacher. Lu claims to be an incarnation of Padmakumara, a deity in the Western Pure Land kingdom. He has since then called himself "Living Buddha Lian Sheng".
  • Claude Vorilhon (Raël) - claims that, in 1973, he was visited by extraterrestrial beings who informed him that he was to found a movement which would bring the world to a new enlightenment. Published his first book in 1973, concerning the alleged encounter. The International Raelian Movement currently has approximately 60,000 followers in 86 countries worldwide. Claims to be Maitreya, based on evidence such as the traditional year of Maitreya's arrival, the Buddhist year 3000. There are two calendars in Buddhism, corresponding to the Northern branch (1973 CE = "Northern" Buddhist year 3000) and Southern branch (1973 CE = "Southern" Buddhist year 2417). Other support for Raël's claim includes ancient Buddhist wall carvings allegedly depicting drawings of the arrival of UFOs in the mountains. According to the Raelian Movement, Rael's encounters with extraterrestrials took place in an inactive volcano which he had previously frequented.
  • Ching Hai - a meditation master who professes to be an incarnation of God, the Buddha, and the bodhisattva Avalokitesvara. Popularly known as Guan Yin, for whom her meditation method is named.
  • Li Hongzhi - founder of Falun Gong. Said to have proclaimed himself a buddha, though he has denied this. However, many pictures of Li Hongzhi show him wearing a kasaya, or a monk's robe, posing like a Buddha[citation needed].
  • Ram Bahadur Bomjon - a 19-year old Nepalese ascetic whom many have hailed as a new Buddha. According to his brother Gangajit, a "very clear and white" light "different from sunlight" emanated from his head. On November 8, 2005 Dorje arose and said to the public, "Tell the people not to call me a Buddha. I don't have the Buddha's energy. I am at the level of rinpoche." Despite his protestations of not having attained enlightenment, many continue to insist he is a buddha.
  • L. Ron Hubbard - Founder of Scientology, claimed in his book Hymn of Asia he was an incarnation of Buddha.




References(){
http://elakiri.com/forum/showthread.php?t=688888 ;
http://www.silumina.lk/2009/11/01/_art.asp?fn=af0911018 ;
http://www.dinamina.lk/2010/05/26/_art.asp?fn=a1005267 ;
http://www.lakehouse.lk/budusarana/2008/05/19/tmp.asp?ID=vision05 ;
http://www.facebook.com/topic.php?uid=241200950454&topic=11011 ;
http://www.solidindian.com/photo-of-new-avtar-of-lord-buddha-ram-bahadur-bomjan/ ;
http://www.biographyonline.net/spiritual/images/Daibutsu-Buddha.jpg ;
http://en.wikipedia.org/wiki/List_of_Buddha_claimants ;
2010/06/14 ;
}
 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අටවිසි බුදු වරුන් ගෑන අහලා තිබුනට හරියටම විස්තර දෑනගත්තෙ අද... :):):)
     

    dhanu1978shka14

    Junior member
  • Jan 31, 2007
    59
    7
    8
    Need a big help

    Dear Core,

    I have seen most of the wonderful threads you started on Buddhism ... really educational and frankly some of them were new to me ..


    Do you mind of sharing them (in a printable format) so that I can print them and read later... I know I can go through "Elakiri" and find them all but since you already have them can you share it if I am not asking too much ... :)
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔක්කොම කියවන්න වෙලාවක් නෑ :oo:
    මෛත්‍රී බුදුන් පහල වෙන කාලෙ ගැන පොතක කියවලා තියෙනවා, අර movie එක බලන්න ඕනෙ :yes:
    thnx, rep+
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඔක්කොම කියවන්න වෙලාවක් නෑ :oo:
    මෛත්‍රී බුදුන් පහල වෙන කාලෙ ගැන පොතක කියවලා තියෙනවා, අර movie එක බලන්න ඕනෙ :yes:
    thnx, rep+

    ගොඩක් වැදගත් Thread එකක්
    ගෙදර ගිය ගමන් කියවන්න ඕනෙ
    අර Film එකත් බලන්න ඕනෙ

    You must spread some Reputation around before giving it to Core again.
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    Dear Core,

    I have seen most of the wonderful threads you started on Buddhism ... really educational and frankly some of them were new to me ..


    Do you mind of sharing them (in a printable format) so that I can print them and read later... I know I can go through "Elakiri" and find them all but since you already have them can you share it if I am not asking too much ... :)

    alright I will upload it in PDF format later :).
     

    shelan

    Member
    Dec 19, 2007
    728
    5
    0
    සෑහෙන්න වටින දෙයක් මේ ලියලා තියෙන්නේ.ගොඩක් අය මේ කරුණු අහපු ප්‍රථම වතාව වෙන්න අති.මම්ත් නොදන්න කරුණු ඉගෙන ගත්තා.එකම එක දෙයක් මෙකට එකතු කරන්නම්.මේ ලෝකේ බුදුවරු 28 කට වඩා පහල වෙලා තියෙනවා.අට්විසි පිරිතෙන් අපි අටවිසි බුදුන් වහන්සේ ලාට පමණක් වන්දනා කරනවා.
    බොහොම ස්තුතියි.