බෞද්දයෙක් නම් අනිවා බලන්න!

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    බෞද්දයෙක් නම් අනිවා බලන්න!

    ආත්ම දෘෂ්ටියෙන් මුලාවීම

    ශ්‍රාස්‌තවේදී පී.ඩී.ආරියරත්න,
    හඳපාන්ගොඩ

    මානව නිදහසේ අදීනත්වය කෙලෙසන පවිත්‍රවූ ආගම දහම තුළම දුර්මතවාද පිවිස ව්‍යාකූලවීම ඇස්‌කන් පියා කරබාගෙන සිටිය යුතු කාලයක්‌ නොවේ. අතීතයේ සාමයෙන් සෙමෙන් එක ලේ බිඳක්‌වත් නොහෙළා බුදුදහම මුළු මහත් ආසියාකරය පුරා පැතිර ගිය ආකාරය බොහෝ විද්වතුන්ගේ මවිතයට හේතුවූ කරුණකි. ධර්ම ප්‍රචාරයටත්, ආගමික සම්ප්‍රදායයන් රැකගැනීමටත් අවිහිංසාව අකුරටම ක්‍රියාත්මක වුවත්, සම්බුදධ පරිනිර්වාණයෙන් පසුව ගතවූ සියවස්‌ විසි පහ පුරා බුදුදහම හා පිළිවෙත් පිළිබඳ මතවාද පින් එකමුතුවක්‌ නම් තිබුණු බවක්‌ කීම අසීරුය.

    සිද්ධාර්ථ ගෞතම නමින් ලෝක ඉතිහාසය හඳුන්වාදෙන බුදුන්වහන්සේ පන්සාලිස්‌ වසරක්‌ පුරා ජීවිතයත් ලෝකයත් පිළිබඳ ඇත්ත නොදන්නාකමින් මිනිස්‌ වර්ගයා විඳිනු ලබන දුකින් නිදහස්‌ කරගන්නා අරමුණ ඇතිව විවිධ ජනතාවට දේශනා කරන ලද ධර්මය අද අප අතට පත්වී තිබෙන්නේ කෙසේද? එය ප්‍රාතිහාර්යයක්‌ වැන්න.

    ශ්‍රීමුඛ දේශනා නමින්වූ එම දේශනාවලට සවන්දීගෙන සිටි ඇතැම් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා අවබෝධයෙන් යුතුව හිතේ ධාරණය කරගෙන සිටි ධර්මය ගුරු ශිෂ්‍ය පරපුරු උරුමය හරහා අද අප අතට පත්වී තිබේ.

    බොහෝ කලකට පසු එම ධර්මය අප රටේ මහ තෙරුන් වහන්සේලා මුවින් පුස්‌කොළවල ලියා තබන තුරු, ආර්ය ශ්‍රාවක තෙරුන් වහන්සේලා විසින් කට වචනයෙන් රැකගෙන ආ ධර්මය නිසා ථේවරදී බුද්ධ ධර්මය වශයෙන් හඳුන්වනු ලැබේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සමහර දේශකයන් වහන්සේ අතින් බුදුදහමට පටහැනි අදහස්‌ පවා එකතුවන්නට විය. තවද ශාසනයේ පැවැත්මට වගකිව හැකි අනුප්‍රාප්තතයකු නම් කරන ලෙස කරන ලද ඉල්ලීම පැහැර හැර සද්ධර්මය හා විනය පමණක්‌ම සෑහෙතියි යන තීරණය නිසා ශ්‍රාවක පිරිසට සිතීමේ හා අදහස්‌ ප්‍රකාශ කිරීමේ අසීමිත නිදහසක්‌ හිමිවීමෙන් විවිධ වූ මතවාද පදනම් කරගත් ගුරුකුල බිහිවන්නට විය.

    විටින් විට රහතන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් සංගායනා හා කතිකාවත් පත්වා දුර්මත ඉවත්කොට ධර්මය හා විනය නම්වූ ප්‍රතිපත්ති තහවුරු කරන්න යෙදුණි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයකට පසු දෙවැනි සංගායනාව අතරතුර ප්‍රථම නිකාය භේදය වාර්තාගත වී තිබේ. සම්ප්‍රදාය රකින්නට කැපවූ ථෙරවාදී හා නිදහස්‌ මතධාරීන් මහා සාංඝික පක්‌ෂය යනුවෙන් මේ නිකාය දෙක නම් කර තිබේ. බුදුන් පිරිනීවි තවත් වසර 250 ක්‌ ගිය තැන ධර්මාශෝක අධිරාජයාගේ සමයේ ධර්මය හා විනය අන්තයටම අවුල්වී ගොස්‌ තිබිණි. එයට එක්‌ හේතුවක්‌ වූයේ විහාරාරාමවලට රජයෙන් ලැබුණු සම්පත් භුක්‌ති විඳීමට ඇති කැමැත්තය.

    මේ පිරිහීම නිසා මොග්ගලීපුත්තතිස්‌ස රහතන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් පැවැත් වූ තුන්වැනි සංගායනාව පිළිබඳ විස්‌තර කතාවත්ථු නමැති ග්‍රන්ථයේ සඳහන් වේ. මහායාන දර්ශනයට මුල්වූ දුර්මත කිහිපයක්‌ම මෙහිදී තර්කානුකූලව බිඳ හෙළුණි. මේ වනවිට බෞද්ධ දර්ශනය පදනම් කොට ගත් මත භේද වටා ගොඩනැගුණු සර්වාස්‌ති හා සෞන්ත්‍රාන්තික යනුවෙන් නිකාය දෙකක්‌ද සංවිධානය වී තිබිණි.

    ඉන්දියාවේ ආගමික ශාස්‌තෘවරුන් අතර ප්‍රථම වතාවට තමන් සර්වඥ බව කියා සිටියේ මහාවීර නම් ජෛන මුනිවරයාය. එයින් කියෑවුණේ තමන් කොයි ඉරියව්වකින් සිටියත් තුන්කාලයම තමන්ට පෙනෙන බවය. නිත්‍යය වූ ආත්මයක්‌ පිළිබඳ අදහස සර්වාස්‌තිවාදීන් තුළවිය. සබ්බේ සංඛාර අනිච්ඡා වශයෙන් බුදුහිමියන් දුටු සියල්ලටම සාධාරණ වූ අනිත්‍යතාවට අනුව නිත්‍ය හර ධර්මයක්‌ නැත. අභිඤ්ඤා හෙවත් ඉහළ පෙලේ ඤාණ වශයෙන් බුදුන්වහන්සේ සතුව ඇත්තේ ඉහළ පෙළේ ඤාණ තුනක්‌ පමණි. 1. පුබ්බේ නිවාසානුස්‌සති (තම අතීත භාවයන් කීම) 2. දිබ්බචක්‌ඛු (අනුන්ගේ කර්මානුරූපව දියුණුව හෝ පිරිහීම කීම) 3. ආසවක්‌ඛය (ආශ්‍රවයන් ක්‌ෂය වී ඇති බව දක්‌නා නුවණයි) යන ඤාණ තුනයි.

    ප්‍රඥව හෝ නිබ්බාන වශයෙන් හඳුන්වන්නේ මේ ඤාණයයි. සූත්‍ර දේශනාවල එන සබ්බඤ්ª, සබ්බ විදූ (සියල්ල දක්‌නා) යන වචනවල එන සබ්බං යන සියල්ල වනාහි ඉන්ද්‍රියයන් සයද ඒවාට ගෝචර වන දේවල් හැර අන් කිසිත් නොවේ යෑයි දේශනා කළහ. යමෙක්‌ මේ නොවේ යෑයි කියයොත් ඔහු අමාරුවේ වැටෙන්නේ ඒ සියල්ල අත්විඳීමේ සීමාව තුළ නොවන නිසාය.

    සද්ධර්ම පුණ්‌ඩරීක සූත්‍රය නම්වූ මහායාන බයිබලය තුළ පුද්ගලවාදය, සර්වාස්‌තිවාදය, සර්වඥතා වාදය හා ලෝකෝත්තර වාදය යනාදී දුර්මත හිස එසවුණි. ත්‍රිවිධ රත්නය මිථ්‍යාවක්‌ය, ඒ නිසා ඒ වෙනුවට සද්ධර්ම පුණ්‌ඩරීකය නම්වූ සද්ධර්මය නමැති නෙළුම් මල උගන්වන අන් ත්‍රිවිධ රත්නයක්‌ අනුගමන කළ යුතුය. බුදුන් වහන්සේ මිනිස්‌ ලොවේ ජීවත්වූ කෙනකු නොවන බවත්, ධර්මය දේශනා කළේ නිර්මාණ කායක්‌ තුළින් බවත් සංඝයාගෙන් මිනිසුන්ට ප්‍රයෝජනයක්‌ නැති බවත් මේ මගින් හෙළිකරන දුර්මත වේ. මේ කියන මහායාන විප්ලවය ප්‍රචාරය කිරීමේ මහා අත්පොත මූල්‍යාධාර සමග ලංකාවට ගෙනැවිත් තිබේ. සූත්‍රය කියන විට බොහෝ දෙනාට සිතෙන්නේ බුද්ධ දේශනයක්‌ම කියාය.

    ආගමික ඇදහීමක්‌ හැටියට බුදුදහම විරූපී වීම

    මුළු මහත් විශ්වය තුළ යමක්‌ සිදුවන්නේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියක්‌ එනම් හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවක්‌ ලෙසය. අදෘෂ්‍යමාන දෙවිවරුන් අදහන තත්ත්වයට පත් කරමින් බුදුන්ද තමන්ගේ කන්නලව්වලට කන්දෙන ආත්මයක්‌ ලෙස සිතා සිටින විට ශ්‍රද්ධාව වෙනුවට භක්‌තිය වඩන ආගමක්‌ ලබ්ධියක්‌ බවට පත්වනු ඇත.

    බුදුරදුන් බොදු දහම සංවිධානය කොට තිබෙන්නේ එකිනෙකාට හේතු ප්‍රත්‍ය වන පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන සමුදය ධර්මතා තුනක එකතුවක්‌ හැටියටය. පර්යාප්ති යනු අසා හෝ කියවා ඉගෙන ගන්නා ධර්මයයි. ප්‍රතිවේධ යනු අසා හෝ කියවා තේරුම් ගන්නා ධර්මය, අර්තාවබෝධය ඉක්‌මවායමින් අවබෝධවීම මගින් පුද්ගලයාගේ මානසික ජීවිතය ක්‍රමයෙන් පරිවර්තනයකට පත්වීමයි. ලෝභ, ද්වේෂ, මෝහාදී කෙළෙස්‌ දියවී ගොස්‌ පෘථග්ජන මානසිකත්වය ආර්ය භාවයට පත්වීමයි. මැද පිළිවෙත හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය යටතේ ජීවිතයේ සෑම අත්දැකීමක්‌ම එම ධර්මතාවට අනුව ක්‍රියාත්මක වන ආකාරය දැක බලාගෙන ප්‍රගුණ කිරීමෙන්, දියුණු තියුණු වන සම්‍යදෘෂ්ටිය හේතු ප්‍රත්‍ය කරගෙන ආත්ම දෘෂ්ටිය සේදී පහවී යන අයුරු තමන්ටම අත්විඳිය හැකි කුසල කර්මයකි.

    ශ්‍රී මුඛ දේශනාව තේරුම් කර දීමේ අමුණින් අද වන තෙක්‌ වසර 2500 ක්‌ පුරා තම තමන්ගේ මත, අදහස්‌, සංකල්ප එකට මිශ්‍ර කිරීමේ හේතුවෙන් අදවනවිට බුදුදහම හැටියට ගොඩගැසී තිබෙන ධර්මසකන්ධය අසීමිතය. සතළිස්‌ පස්‌ වසරක්‌ පුරා බුදුරදුන් ලෝකයට ඉදිරිපත් කළ දර්ශනයේ මුඛ්‍යාර්ථය වූයේ බ්‍රහ්මාගම එතෙක්‌ ප්‍රචාරය කළ ආත්ම දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටියක්‌ බවත්, මෝක්‍ෂයට (නිර්වාණය) ඒකාන්තයෙන්ම මාර්ගය විවර වන්නේ ආන්තම දෘෂ්ටියෙන් බවත්, පිළිගත හැකි පරිදි තේරුම් කරදීමයි. අනාත්ම දර්ශනය තුළ කුල භේදයට හෝ ජාති භේදයට ඉඩක්‌ නැත. අවසාන වශයෙන් බුදුදහම ඉන්දීය දේශයෙන් පිටුවහල් කරන තුරු බ්‍රාහ්මණ නායකත්වය මත හින්දු භක්‌තිකයන් ගෙනගිය බෞද්ධ විරෝධී සටන නැවැතුණේ නැත.

    බුදුදහම අදහස්‌ විධිය (ප්‍රතිපත්ති) හා පර්යාප්තියත් අතර පවත්නා පරස්‌පර විරෝධතා බොහෝය. බ්‍රාහ්මණ සම්ප්‍රදාය විසින් ජීවයට කාවද්දා තිබෙන ආත්ම දෘෂ්ටිය, කුලවාදය, දෙවියන් යෑදීම යනාදියට මුල්තැන දී තිබේ. තවමත් සිංහල බෞද්ධයන් අතින් ප්‍රදර්ශනය වන්නේ ඉන්දීය හින්දු සම්භවයයි. ඉන්දීය දේශයේම උපත ලබා ඉන්දීයයන්ගේ පාරම්පරික උරුමය හැටියට හින්දු බැතිමතුන්ගේ හදවත් තුළ විරාජමාන වැඩ වෙසෙන විෂ්ණු, ශිව, රාම, ගණදෙවි, කතරගම, පත්තිනි ආදී හැම දෙවියකුම නම් ගම් වාසගම් වෙනස්‌කොට ඔවුන්ටද සිංහල බෞද්ධයන්ට හැටියට ලංකාවේ පූජනීය පුරවැසිභාවය ලබාදී ජාතික බහුදේව වන්දනීය ලැයිස්‌තුවේ ලියාපදිංචි කොට තිබෙන්නේ අද ඊයේක නොවේ.

    ශ්‍රී ලංකාවේ දුගී ජනතාවගේ දුකට පිහිටවීම අරමුණුකරගෙන සිදුහත් කුමරුන් මෙලොවට බිහි කළ මහාමායා දේවියටද සදාකාලික ආත්මභාවයක්‌ ඇති මාතෘ දිව්‍ය රාජිණියගේ තත්ත්වයට උසස්‌ වීමක්‌ ලබාදී තිබේ. දුප්පතුන්ගෙන් කෙසේ වෙතත් තම ධනය භාවිතයට ගන්නා විධිය නොදන්නා ධනවතුන්ගෙන් එකතු කර ගන්නා ධනස්‌කන්ධයක්‌ වැය කරමින් අලි ඇතුන් සහිත පෙරහැරකින් එතුමියගේ දේවාත්මයට උපහාර පූජා පත්වන බව කාහටත් පෙනෙයි. බෞද්ධ සාහිත්‍යයට අනුව බුදුරදුන් ගෙන් බණ අසා අනාගාමී හෝ රහත් ඵලයට පත්වූවෙක්‌ මාතෘ දිව්‍ය රාජයාණන්. රහත්වී පිරිනිවන් පෑ ආර්ය ශ්‍රාවකයකු හෝ ශ්‍රාවිකාවියක්‌ නැවත උට්‌ඨානය කරවා වැඩමවීම අවිශ්වාසයෙන් පිරුණු හාස්‌කමකි.

    ඉන්දියාවේ අසරණ රෝගීන්ට සේවය කිරීම නිසා ස්‌වර්ගස්‌ත වූ තෙරේසා මව්තුමිය සාන්තුවරියකි. පිරිනිවන් පෑ මහාමයා දේවියත්, ශුද්ධාත්මයක්‌ ලෙස අභිශේක කොට, පෙරහැර මංගල්‍යයක්‌ පැවැත්වීමට බුදුදහම නොදන්නා බැතිමතුන් පෙළගස්‌වනු ලබන්නේ එවැනි හාස්‌කමක්‌ ආපේක්‌ෂාවෙන් විය යුතුය.

    ලංකාවේ දුක්‌ විඳින බෞද්ධ ජනගහනයට අනුව ඔවුන් ගේ දුකට ඇහුකන් දීම සඳහා සාන්තුවර හෝ ශුද්ධාත්ම තත්ත්වයට පත්කළ යුතු සුද්ධෝදන, ප්‍රජාපතී, යශෝධරා, රාහුල වැනි තවත් ශාක්‍ය පවුලේ සාමාජිකයන් සිටින බව ළඟදීම බුද්ධ පුත්‍ර හිමිවරුන්ට මතක්‌ වනු නොඅනුමානය.

    මහායාන භක්‌තිය යන්න කෙබඳු ඇදහීමක්‌ දැයි දැනගනු කැමැති නම්, මතු බුදු වන අදහසින් තුසිත දෙව්ලොව නැවතී සිටිතැයි කියන නාථ දෙවියන් හෙවත් වජ්‍රයාන, තන්ත්‍රයාද ඇදහීම්වල මුල් තැනක්‌ ගන්නා බෝධි සත්ව පරම්පරාවට අයත් මෛත්‍රී බෝසතුන් මෙරටට කැඳවා ගෙනවුත් අතිවිශිෂ්ට ලෙස පෙරහැර පවත්වන විද්‍යා විශාරද හිමියන්ගෙන් විමසා දැනගන්න. මෙය අනාගත මහායාන පරම්පරාවක්‌ හැඩගැස්‌වීමේ විද්‍යාත්මක උපක්‍රමයක්‌ හැටියට අපට පෙනෙයි.

    සද්ධර්මය පුණ්‌ඩරීකය තුළ සාරිපුත්ත මොග්ගලාන ආදී මහරහතන් වහන්සේලා පවා පහත් ධර්මයන් අගය කළ බව කියා ඇත. බුදුදහම හීනයාන පහත් ධර්මයක්‌ හැටියටත් බවුන් අදහන ධර්මය විපුල එනම් උසස්‌ වෛපුල්‍ය ධර්ම මාර්ගයක්‌ ලෙසත් පලකර සිටි විට එයින් කෝපයට පත් ථෙරවදීහු මහායානය වෛපුල්‍ය නොව වෛතුල්‍ය හෙවත් මිත්‍යාදෘෂ්ටියකැයි කියා සිටියහ.

    වෛතුල්‍ය වාදය මුල්වරට ථෙරවාදී ලංකාව අක්‍රමණය කළේ වෝහාරික තිස්‌ස සමයේදීය. (ක්‍රිව. 269-291) මහා විහාරික භික්‌ෂුන් එය පහකර දැමීය. ගෝඨාභය රජුගේ කාලයේදී (කි.ව. 309-322) දෙවන වරටත් මහායාන ආක්‍රමණය සිදුවූයේ මහා විහාරයෙන් කැඩී ගිය අභයගිරි වාසීන්ගේ වුවමනාය මතය. ගෝඨාභය රජුගේ පරීක්‌ෂණයකින් පසු වෛතුල්‍ය ග්‍රන්ථ ගිනිබත් කොට නායකයන් 60 දෙනකු රටින් නෙරපූහ. (සංඝමිත්ත නම් කාර්ය භූර බුද්ධිමත් තරුණ භික්‌ෂුවක්‌ මහසෙන් රජු දවස ලක්‌දිවට පැමිණ (කි.ව. 334-362) ගෝඨාභය රජුගේ කාලයේ වෛතුල්‍යවාදය විනාශ කළ මහාවිහාර වාසීන්ගෙන් පලි ගැනීමටත්, ලංකාවෙන් ථෙරවාදය අතුරුදන් කිරීමේ අදහසින් ක්‍රියා කළේය. එය සාර්ථක විය. මහා විහාර වාසීන්ට දකුණු ඉන්දියාවට පලා යැමට සිදුවිය. මහා විහාරය කඩා බිඳ දමා එම ද්‍රව්‍යවලින් අභයගිරිය දියුණු කළ බව කියෑවේ. මහසෙන් රජුගේ මිතුරකුවූ මේඝ වර්ණාභය සෙන්පතියා රජුට එරෙහිව යුද ප්‍රකාශ කර පසුව මහා විහාරය නැවත ගොඩනගන්නට පොරොන්දු විය. සංඝමිත්ත ඝාතනය කර දැමීය. මෙවක මහායානයේ බයිබලය වූයේ ලංකාවතර සූත්‍රයයි.

    මහායානය දර්ශනයක්‌ හැටියට ආරම්භවූ හැටිත් ව්‍යාප්තවූ හැටිත් දතහැකිවූයේ හවායි සරසවියේ දර්ශනය පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් ඡේ. කලුපහන මහතා අතින් ලියෑවී පළකොට තිබෙන A HෂීඔධRශ ධF ඊඹDDHෂීඔ ඡ්‍යෂඛධීධඡ්‍යශ යන ග්‍රන්ථය තුළිනි.

    මුලදී සංස්‌කෘතයෙන් ලියෑවී, පසුව චීන, ජපන්, කොරියන් හා දැන් සිංහලට නගා ඇති පුණ්‌ඩරීකය දැනට ලිබර්ටි ප්ලාසාහි පදිංචි බෝසත් පාරමිතාව පුරනවා යෑයි කියන ජපන් කාන්තාවක විසින් නිවුරෙන් නිකායට අයත් පුණ්‌ඩරීකය ප්‍රචාරය කෙරෙයි. කොළඹ ඉහළ පෙළේ කාන්තාවන් අතර මෙය ජනප්‍රියය. මේ පොත කියවා තේරුම් ගැනීම හෝ අන් වෙහෙසීමක්‌ නැතිව පොතේ එන ධර්ණී යන මන්ත්‍රය උදේ සවස ජපකිරීමෙන් සීනුවක්‌ හඬවමින් බෝසත් පිහිට ඉල්ලා සිටි විට ඕනෑම ලෞකික ලෝකෝත්තර සැප ලැබෙන බව තමන්ටම දැනෙනවා යෑයි කියයි.

    කළුපහන මහතා කියන පරිදි මහායානය බුද්ධ භාෂිත මූලධර්ම පදනම ලෙස යොදාගෙන ඇති අතර ගොඩනැඟිලි තනා තිබෙන්නේ උඩුගුවනේය. ඒවායේ නේවාසිකයන්ද මනඃකල්පිතය. සායි බබා ලබ්ධිය ප්‍රකාශ කළේද මේ ආකාරටය. මේ සක්‌වල කිනම් තැනක හෝ වැඩ වෙසෙමින් පිහිට අයදින්නට පිහිට වන බුදුවරු, බෝධිසත්වවරු බුරුතු පිටින් මහායාන නිකායන් තුළ දැකිය හැකිය. මේ බුදුවරුන්ගේ ආඥව ආනුභාවය විශ්වයේ ආලෝකය පවත්නා හැම තැනම 'අමිතාභ' නමින් පැතිර පවත්නා බවත් අමිතායු යනු ආයු සීමාවක්‌ නැති සදාකාලයටම බලවත් නිසා උදව් පැතීම සාධාරණය.

    අවලෝකිතේශ්වර යනු මේ සක්‌වල වෙසෙන අප වැන්නන් දෙස හැම විටම බැල්ම (අවලෝකනනය) හෙළා ගෙන උපකාර කිරීමට සූදානම්ව සිටින ඊශ්වර හා සමාන බුද්ධ ආත්මයකි. මඤ්ජුඃශ්‍රී, අමිතාභ, අමෝඝසිද්ධි, අෙCෂ්‍යාභ්‍ය, වෛරෝචන, රත්නසම්භ යනාදී බුදුවරුන් ටිබෙට්‌ දේශයට අරක්‌ගත් බුදුවරුන්ය.

    මෙබඳු වැරැදි දෘෂ්aටි මතවාද සංකල්ප උඩ ගොඩනැගෙන ඇදහීම් විධි පෘථග්ජන සමාජය පවතින තාක්‌කල් යහතින් පවතිනවා ඇත. බුදුරදුන්ටවත් මේවා සහමුලින් නවතාලිය නොහැකි වූවා පමණක්‌ නොව, පසු කලෙක මෙබඳු දෘෂ්ටිවල වරද පෙන්වාදීමේ වරදට බුදුදහමත්, බුදු සසුනත් දඹදිවෙන් අතුගා දැමුණු හැටි ශාසන ඉතිහාසය තුළින් පෙනෙයි.

    සෑම මතයක්‌ම දෘෂ්ටියක්‌ම මිනිසාගේ සිත තුළ පහළ වන ආකාරය පටිච්ච සමුප්පාද මූලධර්මය අනුව ම තේරුම් ගත යුතුය. පටිච්ච සමුප්පන්නය යනු යම් දෙයක්‌ සිදුවන්නේ නම් එය සිදුවන්නේ වෙනත් දෙයක්‌ සිදුවීම හේතුකොට ගෙන බවත්, ඒ සිදුවීමේ ප්‍රතිඵලය ප්‍රත්‍යකොට ගෙන එම සිදුවීමේ පැවැත්ම ර¹ තිබෙන බවත් යන ස්‌වභාව ධර්මතාවයි. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංස්‌කාර හටගනී යන ධර්මතාව මේ සියලු දෘෂ්ටීන් අභිබවා යන සම්මා දිට්‌ඨිය වේ.

    ආශ්‍රිත ග්‍රන්ථය - බොගෝඩ ප්‍රේමරත්න මහතාගේ 2600 සිදුවිය යුතු ආගමික විප්ලවය යන ග්‍රන්ථය


    වැඩි දුරටත් කියවලා බලන්න

    http://buddhistlk.weebly.com/buddhist-culture--historypage-11.html

    http://www.elakiri.com/forum/showthread.php?t=1690838

    තෙරුවන් සරනෛ
     
    • Like
    Reactions: shaminda peiris
    Jul 5, 2012
    1,773
    265
    0
    ඇයි අර වහරක කියන "හාමුදුරුවෝ" කියන්නෙ අනිත්‍ය, අනාත්ම තේරුම් කරන්න පුලුවන් එතුමාටයි එතුමාගේ ගෝල බාලයන්ටයි විතරයි කියල නේ. එතුමගේ ගෝල "හාමුදුරු නමක්" ඇඟෙන් පිටවෙන "ඖරා" එක ගැන බණ කියන්නෙ. අනේ බුදු දහමට ගිය කල!
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    picture.php