බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

gayathra28

Member
Jun 10, 2007
495
63
0

. චෝදනාව ඇත්තේ අවශ්‍යතාවයට කිරි බිමට හදාගන්නා වැස්සී කිරි බිමෙන් පසුව කර පින්නාගෙන යන යන තැන රැගෙන යාමයි

625937d1329168426-how-speedmaster-professional-like-glock-27-you_are_correct_sir.jpg
 

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වියුක්ත බෞද්ධයන් තමන් මුල් බුදු සමය අනුව කටයුතු කරතැයි (බෞද්ධ මූලධර්මවාදීන්) කියා ගනිති. එහෙත් උහු බුදු දහම තම අවශ්‍යතාවයට අනුව අර්ථ දක්වා ගනිති. එක් උදාහරණයක් නම් නැකැත් ආදිය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් යොදා ගන්නා තර්කයයි. ඒනම් 'සීලබ්බත පරාමාසය' ට ඒ අයිති නිසා ඒවා ප්‍රතික්ෂේප කළ යුතු බවයි. එහෙත් බොහෝ ථෙරවාද හාමුදුරුවන්ට අනුව සීලබ්බත පරාමාසයට අයිති වන්නේ 'නිවන් දැකීමේ අරමුණින්' විවිධ ශීල වෘත සහ විද්‍යාවන් අනුගමනය කිරීමය. ගෙපලක් කැපීමට හෝ අවුරුදු සැමරීමට නැකැතක් බැලීම සීලබ්බත පරාමාසයට අයත් නොවෙයි. එහෙත් ඒ බව නොකියා කොලේ වහලා ගැහීමට වියුක්ත බෞද්ධයෝ සමර්ථ වෙති. බුදු දහම වැරදියට අර්ථ දක්වනවා (පෘථග්ජන සෑම කෙනෙක්ම සෑම දෙයක්ම අර්ථ දක්වා ගන්නේ තම තමාට සාපේක්ෂවය. ඊනියා 'සත්‍ය' අර්ථ දැක්වීමක් නැත. ඇත්තේ නම් ඒ වාස්තවික යථාර්තයක් වන අතර එනයින් ආත්මවාදයට හසු වෙයි). වියුක්ත බෞද්ධයන්ගේ තර්කයට අනුව එදිනෙදා ජීවිතයේ බටහිර විද්‍යාව යොදාගෙන යම් යම් කාර්යයන් සිදු කිරීමද සීලබ්බත පරාමාසයට අයිති විය යුතුය. ජ්‍යොතිෂ්‍යයද සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කළ දැනුමක් වෙයි. වියුක්ත බෞද්ධයටන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ ඒ දැනුම මිස බටහිර විද්‍යාවේ දැනුම නොවේ. තිරිසන් සතුන් දහස් ගණනින් ඝාතනය කර වධහිංසා පමුණුවා නිපදවන බටහිර (ක්‍රිස්තියානි) වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් බීම හෝ ඉන්ජෙක්ෂන් විද ගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් විය නොහැකිය. එසේම මනස යනු මොළයේ රසායන ප්‍රතික්‍රියාවලින් නිපදවෙන මිරිගුවකැයි කියන බටහිර (මනසක් නැති) මනෝ විශ්ලේෂණය ඔවුන් විසින් කිසි දිනෙක විවේචනය කරනු අප අසා නැති.

    ඉස්සල්ලම ඔබට කියන්න ඕනේ බ්ලොග් එකක තියන දෙයක් අහුලල කෙලින්ම මෙතන කොපි පේස්ට් කලාට කමක් නැහැ. හැබැයි ඒක කියවල බලල ගැලපෙන දෙයක් නම් විතරක් කොපි පේස්ට් කරන්න.. එහෙම හොයල බැලුවනම්
    (මනසක් නැති) මනෝ විශ්ලේෂණය
    වගේ විහිලු කතා මෙතන කොහෙත්ම දාන්නේ නැහැ.
    මනස යනු මොළයේ රසායන ප්‍රතික්‍රියාවලින් නිපදවෙන මිරිගුවක්
    කියල බටහිර මනොවිද්යාවේ කොතනද කියල තියෙන්නේ?

    තිරිසන් සතුන් දහස් ගණනින් ඝාතනය කර වධහිංසා පමුණුවා නිපදවන බටහිර (ක්‍රිස්තියානි) වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් බීම හෝ ඉන්ජෙක්ෂන් විද ගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් විය නොහැකිය.
    චේතනහන් භිකඛ වේ කම්මං වදාමි කියන බුද්ධ වචනයේ අර්ථය දන්නවා නම් මේ වගේ මෝඩ දේවල් දාන්නේ නැහැ.

    සීලබ්බත පරාමාසය යනු කුමක්ද?
    සීලබ්බත පරාමාස පිළිබඳ අර්ථ විග්‍රහය කෙ බඳු ද? සීල (සීලය සහ ) වත ( හැසිරීම පිළිබඳ) පරාමාස ( වැරැදි දෘෂ්ටිය)
    සීලබ්බත පරාමාසයෙන් යුතු පුද්ගලයා බුදුන්, දහම් සහ සඟ සරණින් බැහැර වූ වෙනත් සරණ පතනවා.
    අනේක විධ පුදපූජා පවත්වනවා. මේවා බොහෝ විට ලෞකික සම්පත් පතමින් කරනු ලබන දේවල්. නැති නම් දුක් කම්කටොල්වලින් මිදෙන්නට සහනය පතා කරනු ලබන දේවල්. ඒ වාගේ ම නා නා වෘත සමාදන් වෙනවා. බුද්ධ කාලීන බලු වත, ගෝ වෘත ඒවාට නිදසුන් ලෙස දක්වන්නට පුළුවන් බලන්න, එහි දී එම පුද්ගලයන් තුළ පවතින්නේත්, තෘෂ්ණාව ම තමයි. වෙනත් ආකාරයකට කිව හොත්, ලෞකික ජීවිතයට ඇති ආශාව යි. දුක් කම්කටොල්වලින් මිදෙන්නට කරනු ලබන පුදපූජා ගැන දැඩි ලෙස බල පවත්වන විශ්වාසය යි. මේවා මෝහයේ ප්‍රබල ලක්‍ෂණ යි.
    මෙ වැනි පුද්ගලයින් තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි අවෙච්චප්පසාදනයක් නැහැ.
    සීලබ්බත පරාමාසයෙන් තොර පුද්ගලයා ප්‍රඥාවෙන් දකිනවා, ඉපැදීමෙන් ම තමා දුක් කම්කටොල්වලට ඉඩ සලසා ගෙන ඇති බව. එම ප්‍රඥාව නිසා ම යි, ඔහු සීලබ්බත පරාමාසයෙන් තොර වූයේ, කුසල් හි යෙදෙමින් ම, අකුසල්වලින් තොර වෙමින් ම, පැමිණි දුක් කම්කටොල්වලින් මිදෙන්නට වීර්යයෙන් යුතු වෙනවා. යහපත් ප්‍රයෝග යොදනවා.
    මේ අතරතුර ම එළැඹෙන තත්ත්වවල හැකි තාක් කම්පා නො වී සිටිනවා. යැදීමෙන් නො ව දැහැමි ඉපැයීමෙන් අවශ්‍ය දේ පමණක් සපයා ගන්නටත්, ලද දෙයින් සතුටු වීමේ තෘප්තිය ලබන්නටත්, සූදානම් ව සිටිනවා.
    යමක් ලැබෙතැ යි වග වන්නට බැරි, එය ලැබුණා නම් ඒ කවර හේතුවක් නිසැ දැ යි නිශ්චය කර ගන්නට බැරි, යැදීම්වල නිරත වෙමින් සීලබ්බත පරාමාසයෙන් තොර ප්‍රඥාවන්තයා කිසි විටෙකත් තමා ගේ බුද්ධිය හෑල්ලූ කරන්නේ නැහැ. එ වැනි උතුම් ගුණ ඇත්තෙක් සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද?

    ඒ අනුව සීලබ්බත පරාමාසයට ජෝතිෂ්‍යය, නැකත් ශාස්ත්‍ර අයිතියි. ඒක නැහැ කියනවනම් බුදු දහම ගැන ඇති දැනුමේ අඩුවක්. නිවන් මාර්ගයේ ගමන් කරන භික්ෂුව ජෝතිෂ්‍යය, නැකත් ශාස්ත්‍ර ප්‍රතිෂේප කල යුතුයි. නමුත් ගිහියන් ඒවායේ යෙදුනා කියා ඇතිවන ගැටලුව කුමක්ද?

    මෛත්‍රිය බුදුදහමේ ප්‍රධාන සංකල්පයක්. නිවන් මග යන භික්ෂුව මෛත්‍රිය වැඩිය යුතුයි. එහමයි කියල ගිහියෝ ටික එල්.ටී.ටී.ඊ කාරයින්ට මෛත්‍රී කරානම් අද අපිට රටක් තියනවද?

    ඒ නිසා ගිහි ජීවිතයයි, පැවදි ජීවිතයයි කියන එකත්, බුදු දහමයි, ජෝතිශ්යයයි කියන ඒවත් පටලවා නොගත යුතුයි. මම කලින් කිව්වා වගේ බුදු දහමේ ඔය නැකත් ශාස්ත්‍ර පිළිගන්නෙත් නැහැ, ප්‍රතිෂේප කරන්නෙත් නැහැ. පිළිගන්නේ නැහැ කියන්නත් ප්‍රතිෂේප කරන්නේ නැහැ කියන්නත් දෙකටම මම කරුණු දක්වලා තියනවා ත්‍රිපිටකයෙන්ම.

     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    උබ පටලවගෙන.. මේක බෞද්ද උත්සවයක් නෙමෙයි මචන්.. සන්ස්කෘතික උත්සවයක්..
    මේකත් නැති කලොත් සින්හල අපිට කොහින්ද අපේ කමක්. ජාතික උත්සවය,සන්ස්කෘතික උත්සව සහ ආගමික උත්සව පටලව ගන්න එපා..
    :yes::yes::yes::yes:
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මෝඩ ප්‍රශ්නයක් ... උත්තර දීල තේරුම් කරන්න බැරි කෙනෙක්ට තේරුම් කරන ඒකත්, උත්තර දීල තේරුම් කලත් කිසි ප්‍රතිපලයක් නොලැබෙන නිසාත්, මේකට උත්තර නොදී සිටිමි....
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මෝඩ ප්‍රශ්නයක් ... උත්තර දීල තේරුම් කරන්න බැරි කෙනෙක්ට තේරුම් කරන ඒකත්, උත්තර දීල තේරුම් කලත් කිසි ප්‍රතිපලයක් නොලැබෙන නිසාත්, මේකට උත්තර නොදී සිටිමි....

    මමත් එකමයි බන් හිතුවේ මුට ජාතියයි ආගමයි පැටලිලා හදන්න අමාරුයි
     

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    දැන් පොඩ්ඩකට කලින් ඉවර උන අද දෙරණ වාදපිටිය බැලුවනම් උබේ හැම ප්‍රශ්නයකටම උත්තර තිබුන
     

    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    උබ පටලවගෙන.. මේක බෞද්ද උත්සවයක් නෙමෙයි මචන්.. සන්ස්කෘතික උත්සවයක්..
    මේකත් නැති කලොත් සින්හල අපිට කොහින්ද අපේ කමක්. ජාතික උත්සවය,සන්ස්කෘතික උත්සව සහ ආගමික උත්සව පටලව ගන්න එපා..

    Agreed with ya.... :yes::yes::yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    little knowledge is dangerous


    ඔව් මචන් අන්ධයෝ ඇතා ගේ විස්තර කිව්වා වගේ තමයි. අන්ධයා හිතන්නේ උ කියන දේ හරි කියල.ඒ වගේ තමයි උඹත් .
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෝඩ ප්‍රශ්නයක් ... උත්තර දීල තේරුම් කරන්න බැරි කෙනෙක්ට තේරුම් කරන ඒකත්, උත්තර දීල තේරුම් කලත් කිසි ප්‍රතිපලයක් නොලැබෙන නිසාත්, මේකට උත්තර නොදී සිටිමි....
    ඔව් මචන් පුණ නුලක් දාගනින් එතකොට තවත් සෞභාග්‍ය උදාවෙනවා. ශුද්ධවූ අළු ටිකක් නළලේ ගාගත්ත නම් කියල වැඩක් නෑ.එතකොටවත් මොලේ ටිකක් පෑදෙයි.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Agreed with ya.... :yes::yes::yes:


    උඹලට සංස්කෘතික උත්සවයක් ඕනේ නම්. එක සමරමු කලින් එකෙක් කිව්වා වගේ අලුත් සහල් පුජා කරන උත්සවයක් වගේ . වෙන නිමිත්තක් හොයාගෙන .දැන් උඹල සමරන්නේ මොකක්ද කියල තේරෙන්නේ නැද්ද. බමුනනේ බොරු රාශි දෙකකකට මාරු වෙනවලු ඉර .ඉතින් අපිට මොකද? උඹලට එක වැදගත්ද?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    උඹලට සංස්කෘතික උත්සවයක් ඕනේ නම්. එක සමරමු කලින් එකෙක් කිව්වා වගේ අලුත් සහල් පුජා කරන උත්සවයක් වගේ . වෙන නිමිත්තක් හොයාගෙන .දැන් උඹල සමරන්නේ මොකක්ද කියල තේරෙන්නේ නැද්ද. බමුනනේ බොරු රාශි දෙකකකට මාරු වෙනවලු ඉර .ඉතින් අපිට මොකද? උඹලට එක වැදගත්ද?


    උඹල එහෙම කරපල්ලා. අපි මේ පුරුදු විදිහට කරගෙන යන්නම්. එහෙම හොඳයිද?

    :D:D:D:D


     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹල එහෙම කරපල්ලා. අපි මේ පුරුදු විදිහට කරගෙන යන්නම්. එහෙම හොඳයිද?

    :D:D:D:D



    මචන් පුණ නුලකුත් දාගනින් එතකොට අපිට අදුරගන්න පුළුවන්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් පුණ නුලකුත් දාගනින් එතකොට අපිට අදුරගන්න පුළුවන්.

    කව්ද ඉගැන්නුවේ අවුරුදු චාරිත්‍ර බුදු දහමට අකැපයි කියල.? ටිකිරි මොලේට නිකම්ම හිතුනද නැත්තම් කව්රුහරි සාමි කෙනෙක් කිව්වද ?
     
    Feb 17, 2013
    214
    25
    0
    කව්ද ඉගැන්නුවේ අවුරුදු චාරිත්‍ර බුදු දහමට අකැපයි කියල.? ටිකිරි මොලේට නිකම්ම හිතුනද නැත්තම් කව්රුහරි සාමි කෙනෙක් කිව්වද ?

    ගංගොඩ විල සෝම හිමිපාණන් විසින් දේසනා වලදී වදාරලා තියෙනව නේද?....මමත් ඕවා විස්වාස කරන නැහැ....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෙලුම් කුමාරි;14817711 said:
    ගංගොඩ විල සෝම හිමිපාණන් විසින් දේසනා වලදී වදාරලා තියෙනව නේද?....මමත් ඕවා විස්වාස කරන නැහැ....

    ඉතින් ඔයත් නොකර ඉන්නකෝ. අපේ මේ කරන යන විදිහට කරන්නම්. එහෙම හොඳයිද? අපිත් කරන්න එපාද?
     
    Feb 17, 2013
    214
    25
    0
    මමත් එකමයි බන් හිතුවේ මුට ජාතියයි ආගමයි පැටලිලා හදන්න අමාරුයි

    එහෙනම් ඔයාම කියන්න බලන්න අලුත් අවුරුදු උත්සව සංකල්පය මොන යුගයක අරඹ උනාද කියන එක....එක කොහොමද සිංහල සංස්කෘතියට අදාල වෙන්නේ කියලා ...බෞද්ධ කම නැතිව සිංහල කමක් ගැන තර්ක කිරීම අනුවන ක්‍රියාවක්....
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    මචං ඉස්සෙල්ල සූර්ය නමස්කාරය කියන එකයි මේ මීන රාශියෙන් මේශ රාශියට යන කතාවයි දෙක පටල ගන්න එපා. නක්ශත්‍ර(අකුරු හරිද කියලා ශුවර් නෑ) වලට අනුවයි ඒ දේවල් තීරණය වෙන්නේ. ඒක අපේ අයට ආවේණික දෙයක්. අපි වුනත් චාරිත්‍රයක් විදියට තමා ඒක කරන්නේ. උඹ ඒකට කැමති නැත්තම් ඒක නොකර ඉඳපන්. උඹ කියන්නෙත් හරියට උඹට ඉංග්‍රීසි තේරෙන් නැති නිසා ලෝකේ අනිත් එවුනුත් සිංහල කතා කරන්න ඕනේ කියනවා වගේ දෙයක්.​
     
    Feb 17, 2013
    214
    25
    0
    ඉතින් ඔයත් නොකර ඉන්නකෝ. අපේ මේ කරන යන විදිහට කරන්නම්. එහෙම හොඳයිද? අපිත් කරන්න එපාද?

    කරන නොකරන එක නෙමේ මෙතන ප්‍රශ්නය......මතවාදීව ඒ දිහා බලන්න ඕනි....අන් අයගේ අදහස් වලට ගරු කරමින්....නිවැරදි මතය ඉස්මතු විය යුතයි නේද?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    නෙලුම් කුමාරි;14817722 said:
    එහෙනම් ඔයාම කියන්න බලන්න අලුත් අවුරුදු උත්සව සංකල්පය මොන යුගයක අරඹ උනාද කියන එක....එක කොහොමද සිංහල සංස්කෘතියට අදාල වෙන්නේ කියලා ...බෞද්ධ කම නැතිව සිංහල කමක් ගැන තර්ක කිරීම අනුවන ක්‍රියාවක්....

    ඒක මාර කතාවක්නේ. එතකොට සිංහල කතෝලිය අය ඕන තරම් ඉන්නේ. සිංහල කියන්නේ ජාතියක්. ලංකාවට බුදුදහම එන්න කලින් හිටපු අය බෞද්ධයොද ඇයි??? නිකන් ලොල් කතා කියන්න එපා. බුදු දහම ලංකාවට එන්න කලින් හිටියේ සිංහලයෝ නෙමෙයි වෙන්න ඇති. මම මේ හුදෙක්ම ඔයාගේ පොයින්ට් එකටයි කතා කරේ. ඒ නිසා අනික් ඒවට මේක අදාල කරගන්න එපා​