බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

Feb 17, 2013
214
25
0
මචං ඉස්සෙල්ල සූර්ය නමස්කාරය කියන එකයි මේ මීන රාශියෙන් මේශ රාශියට යන කතාවයි දෙක පටල ගන්න එපා. නක්ශත්‍ර(අකුරු හරිද කියලා ශුවර් නෑ) වලට අනුවයි ඒ දේවල් තීරණය වෙන්නේ. ඒක අපේ අයට ආවේණික දෙයක්. අපි වුනත් චාරිත්‍රයක් විදියට තමා ඒක කරන්නේ. උඹ ඒකට කැමති නැත්තම් ඒක නොකර ඉඳපන්. උඹ කියන්නෙත් හරියට උඹට ඉංග්‍රීසි තේරෙන් නැති නිසා ලෝකේ අනිත් එවුනුත් සිංහල කතා කරන්න ඕනේ කියනවා වගේ දෙයක්.​

වැරදි තර්කයයක්.....හේතුව නස්සත්‍රය වැරදි කියනවා නෙමේ....හරි කියනවද නෙමේ.....යමක් කිරීමට හොදම කාලය එම කාර්යය කිරීමට අවශ්‍ය වන වෙලාව මිස.....ග්‍රහ පිහිටීම් මත පදනම් උන වෙලාවක් මත් පිහිටා කටයුතු කිරීම විය යුතුද?.....නොනගතේ අහර නොගැනීම යන්න විහිළුවකි.....මන්ද කුසගිනි සදුන විට අහර ගැනීම කලයුතු වීමයි එයට හොදම වෙලාව කුසගිනි සදුන වෙලාව මිස ග්‍රහයන් ස්ථාන ගතවී ඇති වේලාවන් වීම විමතියට කාරණයකි....
 
Feb 17, 2013
214
25
0
ඒක මාර කතාවක්නේ. එතකොට සිංහල කතෝලිය අය ඕන තරම් ඉන්නේ. සිංහල කියන්නේ ජාතියක්. ලංකාවට බුදුදහම එන්න කලින් හිටපු අය බෞද්ධයොද ඇයි??? නිකන් ලොල් කතා කියන්න එපා. බුදු දහම ලංකාවට එන්න කලින් හිටියේ සිංහලයෝ නෙමෙයි වෙන්න ඇති. මම මේ හුදෙක්ම ඔයාගේ පොයින්ට් එකටයි කතා කරේ. ඒ නිසා අනික් ඒවට මේක අදාල කරගන්න එපා​

සිංහල කම සහ බෞද්ධ කම අතර ඔබ ගෙන හැර දැක්වූ ප්‍රකාශය වෙනම මත්තෘ කවක් යටතේ සංවාදයකට යායුතුය....
 
හරි එහෙනම් සිංහල හින්දු අලුත් අවුරුද්දේ අරඹය කවදද උනේ කියලා කියන්නකෝ.....එතකොට ඔයාගේ අනිත් ප්‍රශ්නයට උත්තරේ හම්බවෙයි
 
Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කව්ද ඉගැන්නුවේ අවුරුදු චාරිත්‍ර බුදු දහමට අකැපයි කියල.? ටිකිරි මොලේට නිකම්ම හිතුනද නැත්තම් කව්රුහරි සාමි කෙනෙක් කිව්වද ?
    උබලානේ බන් සමිලා ,නිගන්ටයෝ, තීර්තකයෝ, බමුණෝ කියන එව්වා පිළිගන්නේ...

    A-holy-man-stands-naked-next-to-a-priest-during-an-evening-prayer-ceremony-known-as-Arti-at-Sangam-on-January-15-2013.-Kevin-FrayerAssociated-Press-960x640.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    නෙලුම් කුමාරි;14817755 said:
    වැරදි තර්කයයක්.....හේතුව නස්සත්‍රය වැරදි කියනවා නෙමේ....හරි කියනවද නෙමේ.....යමක් කිරීමට හොදම කාලය එම කාර්යය කිරීමට අවශ්‍ය වන වෙලාව මිස.....ග්‍රහ පිහිටීම් මත පදනම් උන වෙලාවක් මත් පිහිටා කටයුතු කිරීම විය යුතුද?.....නොනගතේ අහර නොගැනීම යන්න විහිළුවකි.....මන්ද කුසගිනි සදුන විට අහර ගැනීම කලයුතු වීමයි එයට හොදම වෙලාව කුසගිනි සදුන වෙලාව මිස ග්‍රහයන් ස්ථාන ගතවී ඇති වේලාවන් වීම විමතියට කාරණයකි....

    ඔයාට මම ග්‍රහ පිහිටීම් ගැන සහ අපිට ඒවගෙන් තියෙන බලපෑම ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාලා කියලා දෙන්න වෙනවා. මම වුනත් ඒ දේවල් විශ්වාස කරන් නෑ. අනික ඔය නොනගතය වෙලාවෙදි නොකා නොබී ඉන්නවා කියන එක නම් මම කවදාවත් කරලා තියෙනවා කියලා මතකයක් නෑ. මම කියන්නේ ඒවගේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් චාරිත්‍රයක් වශයෙන් කරනවා කියන එකයි. අපිටම කියලා අනන්‍යයතාවයක් තියෙන්න එපැයි :frown::frown:
    නැතුව මේ එක එක්කෙනාගේ පෞද්ගලික මත නිසා අවුරුදු ගාණක් තිස්සේ පැවතගෙන ආව දෙයක් වෙනස් කරන එක පිස්සු වැඩක්. අනික ඕක සමරන එකෙන් නරකක් වෙනවා නම් ඔහොම කිව්වට කමක් නෑ. වෙන්නෙත් ගොඩක් වෙලාට බැඳිම් තවත් ශක්තිමත් වෙන එක. මීට වැඩිය හොඳ නැද්ද වැරදි යමක් නවත්තන්න තර්ක කරා නම් :rolleyes::rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    උබලානේ බන් සමිලා ,නිගන්ටයෝ, තීර්තකයෝ, බමුණෝ කියන එව්වා පිළිගන්නේ...

    A-holy-man-stands-naked-next-to-a-priest-during-an-evening-prayer-ceremony-known-as-Arti-at-Sangam-on-January-15-2013.-Kevin-FrayerAssociated-Press-960x640.jpg

    මචං උඹ 10 වසරට වෙනකන් ඉගෙන ගෙන ඇති කියලා මම හිතනවා. එතකොට උඹ එහෙම ඉගෙන ගත්තා නම්( මම කියන්නේ මේ මෑතක් වෙනකන් විෂය නිර්දේශය වෙනස් කරන්න කලින් 10 වසඒ සමාජ අධ්‍යයනය පොතේ ඇති ඒ කාලේ හාමුදුරුවරු තමා නැකත් එහෙම බැලුවේ කියලා. ලොල්. එතකොට ඒ කාලේ හාමුදුරුවෝ කියන්නේ සාමිලද??? බමුණොද??
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෙලුම් කුමාරි;14817767 said:
    සිංහල කම සහ බෞද්ධ කම අතර ඔබ ගෙන හැර දැක්වූ ප්‍රකාශය වෙනම මත්තෘ කවක් යටතේ සංවාදයකට යායුතුය....
    වෙනම මතෘකාවක් ඔනා නැ.. සින්හල බෞද්දයො, සින්හල කතොලිකයො, සින්හල ආගමක් දර්මයක් නැති ඉබා ගාතොයො.. මේ කියන ඔනා වර්ගයක් හිටියැකි. බහුතරය සින්හල බෞද්ද.. ඒක අවිවාදයි.. කතොලික සහ බෞද්ද කියන දර්ශන දෙකම ඔනැම සන්ස්කෘතියකට ගැලපිය හැකියි.. මොකද ඔය දෙකම විකාශනය වෙන්නෙ විවිද සන්ස්කෘතින් තුලින්.. අවුරුදු චාරිත්ත්‍ර සින්හල සන්කෘතින් බැවින් හා බහුතර සින්හලයන් බෞද්ද බැවින් ඒක සන්ස්කෘතික උත්සවයක් ලෙස සමරනවා.. සමහර ආගම් සහ ජාතීන් තියනවා වෙන් කරලා පැවැත්මක් නැති. එවැනි දර්ශන හො ආගම් තුල වෙනත් සන්ස්කෘතික ලක්ශන නැ. උදාහරනයකට මුස්ලිම් සහ ඉස්ලාම් කියන්නෙ ඉදිකට්ටයි නූලයි වගේ.. එතනට සන්ස්කෘතික වෙනස් වීමක් නැ.. ඉස්ලාම් බෞද්ද්යෙක් හො ඉස්ලාම් කිතුනුවෙක් වෙන්න මුස්ලිම් සන්ස්කෘතියෙ ඉඩක් නැ.. ඒ අනුව පේනවා සින්හල සහ බෞද්ද කියන සන්ස්කෘතින් හා දර්ශනයන් මුලු ලොකෙටම විවුර්ත වෙච්ච දෙයක්.. ඔනැම ආගමක කෙනෙකුට සින්හල විය හැකි මෙන්ම.. ඔනැම ජාතියක කෙනෙකුට බෞද්ද ද විය හැක.. මේ මම දකින විදිය.. වැරැද්දක් ඇත්නම් පෙන්නලා දෙන්න..සතුටින් බාරගන්නවා..
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචං උඹ 10 වසරට වෙනකන් ඉගෙන ගෙන ඇති කියලා මම හිතනවා. එතකොට උඹ එහෙම ඉගෙන ගත්තා නම්( මම කියන්නේ මේ මෑතක් වෙනකන් විෂය නිර්දේශය වෙනස් කරන්න කලින් 10 වසඒ සමාජ අධ්‍යයනය පොතේ ඇති ඒ කාලේ හාමුදුරුවරු තමා නැකත් එහෙම බැලුවේ කියලා. ලොල්. එතකොට ඒ කාලේ හාමුදුරුවෝ කියන්නේ සාමිලද??? බමුණොද??

    අය්යෝ එක තමා ඔය ත්‍රෙඩ් එකේ මුලින්ම ලියල තියෙන්නේ.මිත්‍යා ජෙවන් ක්‍රම කියලා කියන්නේ එව්වට... 10 වසරට යන්ද ඕනේ නෑ 3 වසරේ එකෙකුටත් කියවලා තේරුම් ගන්ඩ පුළුවන්.
     
    Feb 17, 2013
    214
    25
    0
    වෙනම මතෘකාවක් ඔනා නැ.. සින්හල බෞද්දයො, සින්හල කතොලිකයො, සින්හල ආගමක් දර්මයක් නැති ඉබා ගාතොයො.. මේ කියන ඔනා වර්ගයක් හිටියැකි. බහුතරය සින්හල බෞද්ද.. ඒක අවිවාදයි.. කතොලික සහ බෞද්ද කියන දර්ශන දෙකම ඔනැම සන්ස්කෘතියකට ගැලපිය හැකියි.. මොකද ඔය දෙකම විකාශනය වෙන්නෙ විවිද සන්ස්කෘතින් තුලින්.. අවුරුදු චාරිත්ත්‍ර සින්හල සන්කෘතින් බැවින් හා බහුතර සින්හලයන් බෞද්ද බැවින් ඒක සන්ස්කෘතික උත්සවයක් ලෙස සමරනවා.. සමහර ආගම් සහ ජාතීන් තියනවා වෙන් කරලා පැවැත්මක් නැති. එවැනි දර්ශන හො ආගම් තුල වෙනත් සන්ස්කෘතික ලක්ශන නැ. උදාහරනයකට මුස්ලිම් සහ ඉස්ලාම් කියන්නෙ ඉදිකට්ටයි නූලයි වගේ.. එතනට සන්ස්කෘතික වෙනස් වීමක් නැ.. ඉස්ලාම් බෞද්ද්යෙක් හො ඉස්ලාම් කිතුනුවෙක් වෙන්න මුස්ලිම් සන්ස්කෘතියෙ ඉඩක් නැ.. ඒ අනුව පේනවා සින්හල සහ බෞද්ද කියන සන්ස්කෘතින් හා දර්ශනයන් මුලු ලොකෙටම විවුර්ත වෙච්ච දෙයක්.. ඔනැම ආගමක කෙනෙකුට සින්හල විය හැකි මෙන්ම.. ඔනැම ජාතියක කෙනෙකුට බෞද්ද ද විය හැක.. මේ මම දකින විදිය.. වැරැද්දක් ඇත්නම් පෙන්නලා දෙන්න..සතුටින් බාරගන්නවා..

    මෙතන පැටල වීමක් තියෙනවා....හේතුව පොඩි කලේ ඉදලම බුදු දහම ධර්ශනයක් කියලා සමාජගත කරලා තියෙන්නේ....එතනම තමයි අපි වැරැද්ද ගත්ත තැන.....ධර්ෂණය ඇදහීමට අවශ්ය නැත.....අගම ඇදහිය යුතුය පිළිපැදිය යුතුය....එහෙම උනානම් කතෝලික බැතිමතුන් ලංකාවේ බිහිවීම නැවත සිත බැලිය යුතුය....ඔබගේ තර්කයට අනුව සිංහල කතෝලිකයන් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකරනවා කීම නැවත සිත බලන්න....එය සිදුවන ආකාරය පැහැදිලි කරන්න...
    අවසානයේ ඔබ සදහන් කල අලුත් අවුරුදු චාරිත්‍ර සිංහල සිරිතක් වන්නේද යන්න සක සහිත වන්නේ එහි අරඹය සහ අරමුණ ගැන සොයා බලිමෙදිය...
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    අය්යෝ එක තමා ඔය ත්‍රෙඩ් එකේ මුලින්ම ලියල තියෙන්නේ.මිත්‍යා ජෙවන් ක්‍රම කියලා කියන්නේ එව්වට... 10 වසරට යන්ද ඕනේ නෑ 3 වසරේ එකෙකුටත් කියවලා තේරුම් ගන්ඩ පුළුවන්.

    එතකොට උඹ කියන්නේ ඒ කාලේ හිටපු ස්වාමීන් වහන්සේලා මිත්‍යාමතධාරීන් කියලද>>??? :lol::lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඒ අනුව පේනවා සින්හල සහ බෞද්ද කියන සන්ස්කෘතින් හා දර්ශනයන් මුලු ලොකෙටම විවුර්ත වෙච්ච දෙයක්.. ඔනැම ආගමක කෙනෙකුට සින්හල විය හැකි මෙන්ම.. ඔනැම ජාතියක කෙනෙකුට බෞද්ද ද විය හැක.. මේ මම දකින විදිය.. වැරැද්දක් ඇත්නම් පෙන්නලා දෙන්න..සතුටින් බාරගන්නවා..

    මචන් මෙන්න මෙතන තමයි වැරැද්ද තියෙන්නේ. අපි හැම දෙයක්ම අපේ කියල භාර ගන්න එක තමයි වරද. දැන් බලපන් හින්දු දෙවියෝ කෙදෙනෙක් අපේ පන්සල් ඇතුළෙද? බෙලිකපපුවා අතින් ගත්තු ආයුද අතින් ගත් විකාර රූපි දෙවියන් ලොවටම අවිහිංසාව දේශනා කල දඩු මුගුරු හැරදැමූ රහසින්වත් හිංසාවක් නොකළ බුදු හාමුදුරුවන්ගේ පිලිමය ලග තියලා. දැන් උඹ කියන්නේ එක හරි කියලද. මේකත් ඒ වගේ බමුණන් ගෙන් ගත්ත මෝඩ චාරිත්‍රයක්. වරද එතැනයි.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එතකොට උඹ කියන්නේ ඒ කාලේ හිටපු ස්වාමීන් වහන්සේලා මිත්‍යාමතධාරීන් කියලද>>??? :lol::lol:
    :yes::yes::yes:
    ඒ කලේ නෙමෙයි දැනුත් එහෙම කරන අ ය ඉන්නවනම් බුද්ධ දේශනාව පිළිගත් අය නෙමෙයි.
     
    Feb 17, 2013
    214
    25
    0
    නිවැරදි බුදු දහම නැවත පුබුදුවාලීමට සංගායනාවක අවස්‍යතව ඇත සංගායනාවකට රහතුන් වහනේසලා සොයා ගැනීමට අපහසුය......අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.....පන්සල් තුල දේවාල සැදීම කෙසේ නම් අනුමත කරම්ද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෙලුම් කුමාරි;14818017 said:
    මෙතන පැටල වීමක් තියෙනවා....හේතුව පොඩි කලේ ඉදලම බුදු දහම ධර්ශනයක් කියලා සමාජගත කරලා තියෙන්නේ....එතනම තමයි අපි වැරැද්ද ගත්ත තැන.....ධර්ෂණය ඇදහීමට අවශ්ය නැත.....අගම ඇදහිය යුතුය පිළිපැදිය යුතුය....එහෙම උනානම් කතෝලික බැතිමතුන් ලංකාවේ බිහිවීම නැවත සිත බැලිය යුතුය....ඔබගේ තර්කයට අනුව සිංහල කතෝලිකයන් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකරනවා කීම නැවත සිත බලන්න....එය සිදුවන ආකාරය පැහැදිලි කරන්න...
    ඔයා කියන්නෙ බුදු දහම දර්ශයක් නොව ආගමක් කියලද? දරුවො ඔයා මේ ත්‍රේඩ් එක දාපු කෙනාටත් වඩා පටලවගෙන. බුදුන්ගෙ දහම දර්ශනයක්.. ස්වයන් හික්මීමක්.. කලයුතු හො, බලෙන් පැටවිය හැකි, යාහ හොම පූජා ඒ දර්ශනයෙ නැ.. කොටින්ම ඔයාට මටවත් මට ඔයාටවත් නිවන් අවබොද කරන්න බැ.. කොච්චර පින් මම ඔයාට දුන්නත් ඔයා අවබොද කරගන්නකන් නිවන් දකින්න බැ. ආගමක් කියන්නෙ එහෙම දෙයක් නෙමෙයි, තමන්ට බැරි දේ කල හැකි නොපෙනන දෙවි කෙනෙක් ඉන්න ඒ දෙවියන් වෙනුවෙන් පුද පූජා කරලා අද්යාත්මික සැනසීමක් බලාපොරොත්තු වෙන දහමකට තමා ආගමක් කියන්නෙ.. දෙවියන් කේන්ද්‍රයි ඒ හැම එකකම. නමුත් බුදු දහම කේන්ද්‍ර වෙන්නෙ තමා තුලමයි.. බුදුන් මරන යනවා කියන්නෙ.. බුදුන් පෙන්වු මග යැම මිස බුදුන්ට දෙවියන්ට සේ පුද සත්කාර කර දේවත්වයක් ආරූඩ කිරීම නෙමෙයි.. පැහැදිලිවම බුදු දහමේ ඇදහීමට කිසිම කාරනාවක් නැ. කොතනකවක් අදහනවා කියන තැන නැ.. ඒකයි බුදු දහම සර්ව කාලීන.. කිතුනුවෙකුට පවා ඔවුන්ගේ ආගමට අබමල් රේනුවක වැරැද්දක් නොකර හොද බෞද්දයෙක් උන්හැකි. මොකද බුද්ද දේශනාව දේව දර්මයක් නොවෙන නිසා.. මම කලින් ත්‍රේඩ් එකකත් කිව්වා... හින්දු සහ ඉන්දියානු බලපැම් නිසා තමා කොවිල් සහ දේවාල සන්ස්කෘතිය ලන්කාවට ශ බුදු දහමට එන්නෙ.. ඒක හුදෙක්ම සින්හල සන්ස්කෘතික ලක්ශනයක් පමනයි.. හින්දු දේව ඇදහීම බුදු දහමේ උගන්වන්නෙ නැ.. එපා කියන්නෙද නැහැ.. බුදු දහම ජීවිතෙන් එතර වීමට පාර කියනවාම පමනයි.. ඒකයි කතොලිකයෑකුට එයාලගේ දෙවියන්ට අගෞරවයක් නොවි පන්සලක ස්වාමින් වහන්සේ නමකින් බනක් අහලා සිත සන්සුන් කරගන්න පුලුවන්.. මොකද එතන වෙන්නෙ ජීවිතෙ අවබොද කරගැනිමක් මිස දෙවියන් වැදීමක් නොවෙන නිසා..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හොඳ ත්‍රෙඩ් එකක්. නමුත් මෙතන යනෙන් සංස්කෘතියට අනුව යන චාරිත්‍ර වාරිත්‍ර එකම විදිහකට එකම වෙලාවකට එකමුතුව රටේම අය සමගියෙන් කරන දෙයක් නේ.
    ඔතන මම හිතන්නේ කව්රුවත් මිත්‍යා දෘශිට්ක සිද්දියක් නෑ..
    සුර්ය නමස්කාරයක් කරන්නේ නෑ..
    කාලයක් තිස්සේ කරගෙන එන දේවල් පුරුදු, එකතු වෙලා සංස්කෘතියට එකතු වෙලා තියෙනවා..

    බෞද්ධ අව්රුද්ද නෙමෙයිනේ මචං, මේක සිංහල හින්දු අලුත් අවරුද්ද.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මාත් මේ උත්තරයක් දෙන්න කලින් කොමෙන්ට්ස් ටික බැලුව. උඹ දීල තියෙනවා ආයෙත් දිය රකුසාට වතුරෙන් ගොඩට නොඑන්න උත්තරයක්. නියමයි මචන්.

    මම දන්නා විදියට බුදුන් වහන්සේ ඔය එකම ශාස්ත්‍රයක් වත් බොරුයි කියල නැහැ. සසර ගමනට හේතු වෙන නිසා නිෂ්පලයි කියල බැහැර කළා.

    මම අහල තියෙන විදියට ආභස්සර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ගේ ප්‍රාර්ථනා වලට මෙහෙ දේවල් පහල වෙනකොට පහල වෙච්ච දේවල් තමයි මේ සෞරග්‍රහ මණ්ඩලය. මිනිසාගේ කර්මය හා සම්බන්දයි.

    බුදුන් කාලයේද බෞද්ධයන් තමතමන් උගත් ශිල්ප ශාස්ත්‍රයන් "බෞද්ධයන්" වූ නිසා බැහැර කලේ නැත. ඔවුන් කිසිම සංස්කෘතික උත්සවයක් "බෞද්ධයන්" වූ නිසා බැහැර කළ බවක් අසන්නට නැත. අවු. 8 වැනි කාලයකදී සෝවාන් වූ විශාඛා පවා අනෙක් කාන්තාවන් මෙන් උත්සව වලට සහභාගි විය. අනෙක් කරුණ නම් අප රටේ වැඩසිටි රහතන් වහන්සේලා කිසිම සංස්කෘතික උත්සවයක් ඉවත් කරන්නට උපදෙස් දුන් බවක් අසන්නට නැත.

    ජෝතිශ්‍රය වැනි ශාස්ත්‍ර ඇත්තේ භාවිතය සඳහා මිස ඇදහීම සඳහා නොවේ. ජෝතිශ්‍රය භාවිතා කර සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ ඇතිවන කාලයන් කීම වඩදිය ඇතිවන කාලය ගැන කීම ආදිය බුදුන් කාලයේද පැවතිණි. බුදුන් වහන්සේ මේවා නොකළ යුතු දේවල් ලෙස කිසිවිට කියා නැත. ඒවායින් ප්‍රයෝජනයක් ඇති තැන ප්‍රයෝජන ගත යුතුය. සිදුහත් කුමරාගේ ශරීරාංග බලා උන් වහන්සේ බුදු වන බව කී බමුණන් ගේ ශාස්ත්‍රයේ වරදක් තිබේද?

    වරක් හිස් කබල් වලට තට්ටු කර අයිතිකරු දැනට ඉපදී සිටින ස්ථානය කියන ජනප්‍රිය බ්‍රාහ්මණ තරුණයෙක් බුදුන් හමුවට පමුණුවන ලදී. ඔහු සහ ඔහුගේ දෙමව්පියන් ජීවත් වූයේ එම ශාස්ත්‍රය නිසාය. ඔවුන් බොහෝ නඟර වල සංචාරය කර තිබිණි. බුදුන් වහන්සේ ඔහු එනබව දැන සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙකුගේ හිස් කබල් හා එක් රහතන් වහන්සේ කෙනෙකුගේ හිස් කබලක් ගෙනවුත් තැබූ සේක. මිනිසුන් දෙදෙනා උපන් තැන් නිවැරදිව කී බ්‍රාහ්මණ තරුණයා රහතන් වහන්සේගේ හිස් කබල ඉදිරියේ නිරුත්තර විය. තමන්ගේ ශාස්ත්‍රයේ අඩුපාඩුවක් ඇතැයි සිතූ බ්‍රාහ්මණ තරුණයා එය ඉගෙනීමට සිතා මහණ වී රහත් විය.

    මෙතැනදී බුදුන් වහන්සේ මෙවැනි ශාස්ත්‍ර ප්‍රතික්ශේප කරන අයෙක් නම් එම ශාස්ත්‍රය මිථ්‍යාවක් බව දේශනා නොකළේ ඇයි? (
    ඔහුගේ ශාස්ත්‍රයේ අඩුපාඩුවක් නැත. එය නිවැරදි එකකි. බුදුන් වහන්සේ එසේ අඩුපාඩුවක් ඇතැයි සිතීමට ඉඩ හැරියේ ඔහුගේ යහපත සඳහාය.) උන් වහන්සේ කලේ ඉන් "වැඩක් නැති බව" පෙන්වා දීමයි.

    බුදුන් වහන්සේ කිසිම ආකාරයක ශිල්පයකට හෝ ශාස්ත්‍රයකට අවමන් නොකළ සේක. නමුත් ඒවායින් සසර ගමන කෙටි කර ගැනීමට උපකාරයක් නොවන නිසා ඒවා වැදගත් කොට නොසැළකූ සේක.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් මෙන්න මෙතන තමයි වැරැද්ද තියෙන්නේ. අපි හැම දෙයක්ම අපේ කියල භාර ගන්න එක තමයි වරද. දැන් බලපන් හින්දු දෙවියෝ කෙදෙනෙක් අපේ පන්සල් ඇතුළෙද? බෙලිකපපුවා අතින් ගත්තු ආයුද අතින් ගත් විකාර රූපි දෙවියන් ලොවටම අවිහිංසාව දේශනා කල දඩු මුගුරු හැරදැමූ රහසින්වත් හිංසාවක් නොකළ බුදු හාමුදුරුවන්ගේ පිලිමය ලග තියලා. දැන් උඹ කියන්නේ එක හරි කියලද. මේකත් ඒ වගේ බමුණන් ගෙන් ගත්ත මෝඩ චාරිත්‍රයක්. වරද එතැනයි.

    කිසිසෙත් මම මේක අනුමත කරන්නෙ.. නැ.. කාලි කියන්නෙ යක්ශනියක්.. එවැනි යක්ශාරුඩ කාන්තාවකගේ පිලිමයක් හො රුවක් බුදුන් වහන්සේගේ පිලිමයකට එක හා සමානව තියලා වන්දනා මාන කිරීම ඇත්තෙන්ම අගෞරවයක්.. ගොඩක් බෞද්ද ගෙවල් වල මේ දේ වෙනවා.. එතන තමයි දර්මය විකෘති වීම තියෙන්නෙ.. හරි බුද්ද දෙශනාව දැන ගත්තු කෙනෙක් කවදාවත් එහෙම දෙයක් කරන්නෙ නැ.. බුදුන්ව දෙවියන්ට සමාන කිරීම සහ බුදුන්ගෙන් වරම් ඉල්ලිම, කිසි සෙත් කල නොහැකි දෙයක්. අපට කරන්න පුලුවන් බුදුන් දෙසු දර්මය වටහා ගැනීම මිසක් බුදුන්ට දෙවියන්ට මෙන් වැදුම් පිදුම් කර පෙරලා බුදුන්ගෙන් වරම් ඉල්ලිම නොවෙයි.. දෙවියන් හා බුදුන් වෙන් වෙන්නෙ එතනයි..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔයා කියන්නෙ බුදු දහම දර්ශයක් නොව ආගමක් කියලද? දරුවො ඔයා මේ ත්‍රේඩ් එක දාපු කෙනාටත් වඩා පටලවගෙන. බුදුන්ගෙ දහම දර්ශනයක්.. ස්වයන් හික්මීමක්.. කලයුතු හො, බලෙන් පැටවිය හැකි, යාහ හොම පූජා ඒ දර්ශනයෙ නැ.. කොටින්ම ඔයාට මටවත් මට ඔයාටවත් නිවන් අවබොද කරන්න බැ.. කොච්චර පින් මම ඔයාට දුන්නත් ඔයා අවබොද කරගන්නකන් නිවන් දකින්න බැ. ආගමක් කියන්නෙ එහෙම දෙයක් නෙමෙයි, තමන්ට බැරි දේ කල හැකි නොපෙනන දෙවි කෙනෙක් ඉන්න ඒ දෙවියන් වෙනුවෙන් පුද පූජා කරලා අද්යාත්මික සැනසීමක් බලාපොරොත්තු වෙන දහමකට තමා ආගමක් කියන්නෙ.. දෙවියන් කේන්ද්‍රයි ඒ හැම එකකම. නමුත් බුදු දහම කේන්ද්‍ර වෙන්නෙ තමා තුලමයි.. බුදුන් මරන යනවා කියන්නෙ.. බුදුන් පෙන්වු මග යැම මිස බුදුන්ට දෙවියන්ට සේ පුද සත්කාර කර දේවත්වයක් ආරූඩ කිරීම නෙමෙයි.. පැහැදිලිවම බුදු දහමේ ඇදහීමට කිසිම කාරනාවක් නැ. කොතනකවක් අදහනවා කියන තැන නැ.. ඒකයි බුදු දහම සර්ව කාලීන.. කිතුනුවෙකුට පවා ඔවුන්ගේ ආගමට අබමල් රේනුවක වැරැද්දක් නොකර හොද බෞද්දයෙක් උන්හැකි. මොකද බුද්ද දේශනාව දේව දර්මයක් නොවෙන නිසා.. මම කලින් ත්‍රේඩ් එකකත් කිව්වා... හින්දු සහ ඉන්දියානු බලපැම් නිසා තමා කොවිල් සහ දේවාල සන්ස්කෘතිය ලන්කාවට ශ බුදු දහමට එන්නෙ.. ඒක හුදෙක්ම සින්හල සන්ස්කෘතික ලක්ශනයක් පමනයි.. හින්දු දේව ඇදහීම බුදු දහමේ උගන්වන්නෙ නැ.. එපා කියන්නෙද නැහැ.. බුදු දහම ජීවිතෙන් එතර වීමට පාර කියනවාම පමනයි.. ඒකයි කතොලිකයෑකුට එයාලගේ දෙවියන්ට අගෞරවයක් නොවි පන්සලක ස්වාමින් වහන්සේ නමකින් බනක් අහලා සිත සන්සුන් කරගන්න පුලුවන්.. මොකද එතන වෙන්නෙ ජීවිතෙ අවබොද කරගැනිමක් මිස දෙවියන් වැදීමක් නොවෙන නිසා..
    :yes:
     
    Feb 17, 2013
    214
    25
    0
    මාත් මේ උත්තරයක් දෙන්න කලින් කොමෙන්ට්ස් ටික බැලුව. උඹ දීල තියෙනවා ආයෙත් දිය රකුසාට වතුරෙන් ගොඩට නොඑන්න උත්තරයක්. නියමයි මචන්.

    මම දන්නා විදියට බුදුන් වහන්සේ ඔය එකම ශාස්ත්‍රයක් වත් බොරුයි කියල නැහැ. සසර ගමනට හේතු වෙන නිසා නිෂ්පලයි කියල බැහැර කළා.

    මම අහල තියෙන විදියට ආභස්සර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ගේ ප්‍රාර්ථනා වලට මෙහෙ දේවල් පහල වෙනකොට පහල වෙච්ච දේවල් තමයි මේ සෞරග්‍රහ මණ්ඩලය. මිනිසාගේ කර්මය හා සම්බන්දයි.

    බොරුයි කියලා නැහැ නිස්පලයි කියලා බැහැර කරනවා.....ඒ බැහැරකරන්න කියපුවා අපි අයිත් අරගෙන ආරක්ෂා කරනවා ....හතර බිරි කතාවක් එක....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇත්ත.
    මෙතන ප්‍රශ්නේ ලංකාවේ අද ඉන්න එක්තරා හාමුදුරුකෙනෙකුගේ අනුගාමිකයක් පිරිසක් එහිමිගේ දර්ශනය අන්දානුකරණයෙන් පිළිගැනීම. නමුත් ඒ හාමුදුරුවෝ ඒ වගේ දේවල් කියන්න රහතුන් වහන්සේ කෙනෙක් නෙමෙයි. යම්කිසි ප්‍රශ්නයක් තියෙනවනම් මෙහෙමත් හිතල බලන්න කියල තමන්ගේ මතය කිව්වට කමක් නැහැ. හැබැයි ඒක ඉස්තිරවම කියන්න බැහැ රහත් කෙනෙක් නොවී.