බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

Feb 17, 2013
214
25
0
ඔයා කියන්නෙ බුදු දහම දර්ශයක් නොව ආගමක් කියලද? දරුවො ඔයා මේ ත්‍රේඩ් එක දාපු කෙනාටත් වඩා පටලවගෙන. බුදුන්ගෙ දහම දර්ශනයක්.. ස්වයන් හික්මීමක්.. කලයුතු හො, බලෙන් පැටවිය හැකි, යාහ හොම පූජා ඒ දර්ශනයෙ නැ.. කොටින්ම ඔයාට මටවත් මට ඔයාටවත් නිවන් අවබොද කරන්න බැ.. කොච්චර පින් මම ඔයාට දුන්නත් ඔයා අවබොද කරගන්නකන් නිවන් දකින්න බැ. ආගමක් කියන්නෙ එහෙම දෙයක් නෙමෙයි, තමන්ට බැරි දේ කල හැකි නොපෙනන දෙවි කෙනෙක් ඉන්න ඒ දෙවියන් වෙනුවෙන් පුද පූජා කරලා අද්යාත්මික සැනසීමක් බලාපොරොත්තු වෙන දහමකට තමා ආගමක් කියන්නෙ.. දෙවියන් කේන්ද්‍රයි ඒ හැම එකකම. නමුත් බුදු දහම කේන්ද්‍ර වෙන්නෙ තමා තුලමයි.. බුදුන් මරන යනවා කියන්නෙ.. බුදුන් පෙන්වු මග යැම මිස බුදුන්ට දෙවියන්ට සේ පුද සත්කාර කර දේවත්වයක් ආරූඩ කිරීම නෙමෙයි.. පැහැදිලිවම බුදු දහමේ ඇදහීමට කිසිම කාරනාවක් නැ. කොතනකවක් අදහනවා කියන තැන නැ.. ඒකයි බුදු දහම සර්ව කාලීන.. කිතුනුවෙකුට පවා ඔවුන්ගේ ආගමට අබමල් රේනුවක වැරැද්දක් නොකර හොද බෞද්දයෙක් උන්හැකි. මොකද බුද්ද දේශනාව දේව දර්මයක් නොවෙන නිසා.. මම කලින් ත්‍රේඩ් එකකත් කිව්වා... හින්දු සහ ඉන්දියානු බලපැම් නිසා තමා කොවිල් සහ දේවාල සන්ස්කෘතිය ලන්කාවට ශ බුදු දහමට එන්නෙ.. ඒක හුදෙක්ම සින්හල සන්ස්කෘතික ලක්ශනයක් පමනයි.. හින්දු දේව ඇදහීම බුදු දහමේ උගන්වන්නෙ නැ.. එපා කියන්නෙද නැහැ.. බුදු දහම ජීවිතෙන් එතර වීමට පාර කියනවාම පමනයි.. ඒකයි කතොලිකයෑකුට එයාලගේ දෙවියන්ට අගෞරවයක් නොවි පන්සලක ස්වාමින් වහන්සේ නමකින් බනක් අහලා සිත සන්සුන් කරගන්න පුලුවන්.. මොකද එතන වෙන්නෙ ජීවිතෙ අවබොද කරගැනිමක් මිස දෙවියන් වැදීමක් නොවෙන නිසා..

ඉතින් සහෝදරය ඒ සා සුවිසාල දර්ශනය තුල නැකත් සදහා දී තිබෙන ස්ථානය පිලි ගැනීමට ඔබ මැලි වන්නේ කිමද.....බුදු දහම යනු ධර්ශනයකින් එහා ගිය පිළිවෙතක් බවත් පිළිවෙත් රැකීම අනිවාර්ය නොවුවත් බොදු දහමට අවතීර්ණ උ පුද්ගලයා එය පිලි පැදීම කල යුතු නොවන්නේද?.....දර්ශනය යනු මතයකි...දහම යනු ධර්ශනයෙන් ඔබ්බට ගිය ක්‍රියාවලියකි එසේනම් බුදු දහම දර්ශනයක් වන්නේ කෙසේද?
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපි කවුරුත් නංගි සසරේ භයානකම හරියට දන්නවනම් මෙතන මේ කොට කොට ඉන්නේ නැහැනේ. මේ බර සියල්ල අතහැරලා යනවා මිසක්.

    බුදුන්ගේ කාලෙත් ඔය වගේ වැඩකට නැති දේවල් ඕනේ තරම් තිබුන. නමුත් බුදු හාමුදුරුවෝ ඒ සියල්ල නවත්වන්න ගියේ නැහැ, මොකද අනවශ්‍ය ඝට්ටන ඇති වෙන නිසා. ඒ වගේම තමයි මේක ඈත අතීතයේ ඉඳම්ම ලංකාවේ සංස්කෘතියට මුල් බැස ගත්ත දෙයක්. ඒක චාරිත්‍රයක් මිසක් ආගමික මතවාදයක් නෙමෙයි. ඕක කලේ නැහැ කියල අප්පයේ යන්නේ වත් කළා කියල දිවය ලෝකේ යන්නේවත් නැහැ.

    මගේ යාළුවො, සමහර අය්යල ඉන්නවා ජීවිතේ කිසිම දේකට නැකත් බලන්නේ රාහු කාල බලන්නේ නැති. හැබැයි අවුරුද්ද්ට ඒ චාරිත්‍ර වාරිත්‍ර වෙලාවට කරනවා. අම්මලට තාත්තලට වඳිනවා. ඒවා බලන් ඉන්න එයාලගේ පොඩි දරුවොත් ඒවා ඉගෙන ගන්නවා.

    මුළු අවුරුද්දම වැඩ කරපු අය ගමේ ගිහින් සතියක් විතර දිග නිවාඩුවක් ගන්නවා. මේ ජීවිතේ ඒකාකාරී බවින් මිදෙන්න වෙනසක් වෙන්න ඒ අවුරුදු දවස් කිහිපය ඉවහල් වෙනවා. ගිහි ජීවිතේ ඉන්න අපි සියල්ලන්ටම මේවා උදව් වෙනවා අපේ කම රැක ගන්න. මේ ලෝකේ ඕනෙම සමාජයක මේ වගේ උත්සව තියෙනවා.

    නිෂ්පලයි නිෂ්පලයි කිය කිය ඔය සියල්ල ඉවත් කලොත් ඉතුරු වෙන්නේ සිත කය සහිත යන්ත්‍රයක් විතරයි.

    නෙලුම් කුමාරි;14818163 said:
    බොරුයි කියලා නැහැ නිස්පලයි කියලා බැහැර කරනවා.....ඒ බැහැරකරන්න කියපුවා අපි අයිත් අරගෙන ආරක්ෂා කරනවා ....හතර බිරි කතාවක් එක....
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මාත් මේ උත්තරයක් දෙන්න කලින් කොමෙන්ට්ස් ටික බැලුව. උඹ දීල තියෙනවා ආයෙත් දිය රකුසාට වතුරෙන් ගොඩට නොඑන්න උත්තරයක්. නියමයි මචන්.

    මම දන්නා විදියට බුදුන් වහන්සේ ඔය එකම ශාස්ත්‍රයක් වත් බොරුයි කියල නැහැ. සසර ගමනට හේතු වෙන නිසා නිෂ්පලයි කියල බැහැර කළා.

    මම අහල තියෙන විදියට ආභස්සර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ගේ ප්‍රාර්ථනා වලට මෙහෙ දේවල් පහල වෙනකොට පහල වෙච්ච දේවල් තමයි මේ සෞරග්‍රහ මණ්ඩලය. මිනිසාගේ කර්මය හා සම්බන්දයි.

    චෝදනාව ඇත්තේ අවශ්‍යතාවයට කිරි බිමට හදාගන්නා වැස්සී කිරි බිමෙන් පසුව කර පින්නාගෙන යන යන තැන රැගෙන යාමයි
    boy-carrying-a-donkey.jpg

    Last edited:
    Feb 17, 2013
    214
    25
    0
    යම් දර්ශනයක් පිළිවෙත් සමුහයක් මගින් පහදයිද? ඒ පිළිවෙත් අනුගමනය කරන්නට එය දර්ශනයක් නොව ආගමකි....කුඩා කල සිටම අද්‍යාපන ක්‍රමය මගින් හිස් තුලට කාවද්දවා ඇති දර්ශන සංකල්පය තුල බුදු දහම දියකර හැර ඇත....දර්ශනයකට පැවැත්මක් නැත....බුදු දහම දර්ශන වදයක් කිරීමෙන් එය දිය කර හැරීමට දිය යුතුද?.....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කෙනෙක් ඕක දර්ශනයක් කියල හිතුවත්, තව කෙනෙක් ආගමක් කියල හිතුවත් මොකද. අවශ්‍ය වෙන්නේ වචන වල පැටලෙනවට වඩා හරියට අනුගමනය කරන්න උත්සාහ ගන්න එක නෙමෙයිද?

    නෙලුම් කුමාරි;14818242 said:
    යම් දර්ශනයක් පිළිවෙත් සමුහයක් මගින් පහදයිද? ඒ පිළිවෙත් අනුගමනය කරන්නට එය දර්ශනයක් නොව ආගමකි....කුඩා කල සිටම අද්‍යාපන ක්‍රමය මගින් හිස් තුලට කාවද්දවා ඇති දර්ශන සංකල්පය තුල බුදු දහම දියකර හැර ඇත....දර්ශනයකට පැවැත්මක් නැත....බුදු දහම දර්ශන වදයක් කිරීමෙන් එය දිය කර හැරීමට දිය යුතුද?.....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය කියන කතාවට ගැලපෙන දෙයක් මෙතන කවුරුත් කරලා නැහැ. අදාළ නැත.

    චෝදනාව ඇත්තේ අවශ්‍යතාවයට කිරි බිමට හදාගන්නා වැස්සී කිරි බිමෙන් පසුව කර පින්නාගෙන යන යන තැන රැගෙන යාමයි
    boy-carrying-a-donkey.jpg

    Feb 17, 2013
    214
    25
    0
    අපි කවුරුත් නංගි සසරේ භයානකම හරියට දන්නවනම් මෙතන මේ කොට කොට ඉන්නේ නැහැනේ. මේ බර සියල්ල අතහැරලා යනවා මිසක්.

    බුදුන්ගේ කාලෙත් ඔය වගේ වැඩකට නැති දේවල් ඕනේ තරම් තිබුන. නමුත් බුදු හාමුදුරුවෝ ඒ සියල්ල නවත්වන්න ගියේ නැහැ, මොකද අනවශ්‍ය ඝට්ටන ඇති වෙන නිසා. ඒ වගේම තමයි මේක ඈත අතීතයේ ඉඳම්ම ලංකාවේ සංස්කෘතියට මුල් බැස ගත්ත දෙයක්. ඒක චාරිත්‍රයක් මිසක් ආගමික මතවාදයක් නෙමෙයි. ඕක කලේ නැහැ කියල අප්පයේ යන්නේ වත් කළා කියල දිවය ලෝකේ යන්නේවත් නැහැ.

    මගේ යාළුවො, සමහර අය්යල ඉන්නවා ජීවිතේ කිසිම දේකට නැකත් බලන්නේ රාහු කාල බලන්නේ නැති. හැබැයි අවුරුද්ද්ට ඒ චාරිත්‍ර වාරිත්‍ර වෙලාවට කරනවා. අම්මලට තාත්තලට වඳිනවා. ඒවා බලන් ඉන්න එයාලගේ පොඩි දරුවොත් ඒවා ඉගෙන ගන්නවා.

    මුළු අවුරුද්දම වැඩ කරපු අය ගමේ ගිහින් සතියක් විතර දිග නිවාඩුවක් ගන්නවා. මේ ජීවිතේ ඒකාකාරී බවින් මිදෙන්න වෙනසක් වෙන්න ඒ අවුරුදු දවස් කිහිපය ඉවහල් වෙනවා. ගිහි ජීවිතේ ඉන්න අපි සියල්ලන්ටම මේවා උදව් වෙනවා අපේ කම රැක ගන්න. මේ ලෝකේ ඕනෙම සමාජයක මේ වගේ උත්සව තියෙනවා.

    නිෂ්පලයි නිෂ්පලයි කිය කිය ඔය සියල්ල ඉවත් කලොත් ඉතුරු වෙන්නේ සිත කය සහිත යන්ත්‍රයක් විතරයි.

    ඔබේ මතය සමග එකග වෙමි.අලුත් අවුරුද්දේ හොද ගතයුතු දේවල් ඒමට ඇත..........සතියක් නිවාඩු ලබා සන්තෝස වීම ඉතා හොද දෙයකි....නස්සස්ත්‍රය භාවිතයෙන් දින වක වනු සොයා ගත්තට කම් නැත ...නමුත් වක්‍රා කාරයෙන් නස්සස්ත්‍ර කරුවන් (ඇතැම් බික්ෂුන් පවා) ශ්‍රී සත්ධරමය වෙනුවට මෙවන් ශුද්‍ර දේවල් සමාජ ගත කරමින් බුදු දහම සමග සමාන්තර පථයක ගමන් කරවීමට උත්සහ කිරීම විසාල අන්තරාවකට අත වැනීමක් නොවන්නේද?.......සැහැල්ලු සිතින් මෙවන් දේවල් අවුරුද්දට විතරනේ කියා බැහැර කිරීමට පෙර මෙහි අරඹය සොයා බැලිය යුතුය වැරදි තැන නිවැරදි කර එය සැමරිය යුතු නොවේද?

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ශ්‍රී සත්ධරමය වෙනුවට මෙවන් ශුද්‍ර දේවල් සමාජ ගත කරමින් බුදු දහම සමග සමාන්තර පථයක ගමන් කරවීමට උත්සහ කිරීම අනිවාර්යෙන් වැරදියි.

    නෙලුම් කුමාරි;14818291 said:
    ඔබේ මතය සමග එකග වෙමි.අලුත් අවුරුද්දේ හොද ගතයුතු දේවල් ඒමට ඇත..........සතියක් නිවාඩු ලබා සන්තෝස වීම ඉතා හොද දෙයකි....නස්සස්ත්‍රය භාවිතයෙන් දින වක වනු සොයා ගත්තට කම් නැත ...නමුත් වක්‍රා කාරයෙන් නස්සස්ත්‍ර කරුවන් (ඇතැම් බික්ෂුන් පවා) ශ්‍රී සත්ධරමය වෙනුවට මෙවන් ශුද්‍ර දේවල් සමාජ ගත කරමින් බුදු දහම සමග සමාන්තර පථයක ගමන් කරවීමට උත්සහ කිරීම විසාල අන්තරාවකට අත වැනීමක් නොවන්නේද?.......සැහැල්ලු සිතින් මෙවන් දේවල් අවුරුද්දට විතරනේ කියා බැහැර කිරීමට පෙර මෙහි අරඹය සොයා බැලිය යුතුය වැරදි තැන නිවැරදි කර එය සැමරිය යුතු නොවේද?

    Last edited:

    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    අලුත් අවුරුද්ද සැමරීම මිත්‍යා දෘෂ්ඨියක්ද ?

    April 9, 2013 at 12:01 am | lanka C news

    sinhala-awrudu.png
    අපගේ කුඩා අවදියේ සෑම වසරකම පාහේ විචිත්‍රවත්ම කාලය වූයේ අලුත් අවුරුදු කාලයයි. පොඩි උන් ලෙස එකල අප අත් විඳි ඒ ආශ්චර්‍යය අදටත් මනසට නගා ගත හැකිය. ඒ අතීත සැමරුම් ඔස්සේ යද්දී සිතට නැගෙනා රූප වචනයෙන් ලියා තැබීම අසීරු මුත් එය සරලව මෙලෙස සටහන් කල හැක.ඔන්චිල්ලා, මකුණු දැල් කඩා පිරිසිදු කල ගෙදර , හොඳින් ඇමදූ ගේ දොර හා මිදුල ,කුස්සියේ බංකුවක වාඩි වී කැවුම් බදින අම්මා , කැවුමක් ලබා ගැනීමට ඒ අසල ගැවසෙන අපි,නැකතට අපටත් අම්මාටත් කවන අපේ තත්තා ,බුලත් දී දෙමාපියන් නමදින දරුවන්,උදේම අඟුරු කැබැලි පිච්ච මල් කිහිපයක් සමග කාසියක් ලිඳට දමා ලිඳ අලේ කරන අම්මා,සියලු දෙනා අලුත් ඇඳුමි,අහල පහල ගෙවල් දොරවල් වලට හුවමාරු වන කෑම පිඟන්. සියල්ල අතරතුර පසුබිමින් ඇසෙන කොවුල් නාදය. කොතරම් මනස්කාන්ත කාලයක්ද ඒ?
    පොඩි උන් ලෙස එකල මේ අත්දැකීම් ඔස්සේ අප ලද වින්දන ශක්තිය දැන් මොට වී ඇතුවාට සැක නැත.නමුත් මේ භාග්‍යය අප විසින් අපගේ දරුවන්ට උරුම කර දීමට අප අත්‍යන්තයෙන් බැඳි සිටිමු.
    අද ඇතැම් විචිත්‍රවත් ධර්ම කතිකයන් වහන්සේ නමක් අළුත් අවුරුදු චාරිත්‍ර පිළිකෙව් කරමින් තම ශ්‍රාවක සමාජයට ඒවා අත් හරින්නට පොළඹවමින් සිටින අයුරු පෙනේ.ඒවා මිත්‍යා දුෂ්ඨිය වර්ධනය වන ක්‍රියාමාර්ග ලෙස තම ශ්‍රාවකයන්ට දේශනා කරයි.ඒවා අසන බොහෝ ශ්‍රාවකයන්ද අවුරුද්ද මිත්‍යා දුෂ්ඨියකැයි කියා අලුත් අවුරුදු චාරිත්‍ර නොසලකා හරී. (නමුත් අලුත් ඇඳුම් මිලදී ගැනීම නම් අත් හොහරී )මේ ලිපියේ අරමුණ මේ සෞත්‍රාන්ත්‍රික අනුගාමිකයන් විවේචනය කිරීම නොව අලුත් අවුරුද්ද මිත්‍යා දුෂ්ටිය මත පදනම්ව ඇත්දැයි විමසා බැලීමයි.
    එසේ නම් අප පළමුව විමසා බැලිය යුත්තේ මිත්‍යා දෘෂ්ඨි යනු මොනවාද යන්නයි.රාග,ද්වේශ ,මෝහ මූලික කර ගැනෙන එය වර්ධනය කරන යම් දෘෂ්ඨියක් වේද එය මිත්‍යාදෘෂ්ඨියක් යැයි තේරුම් ගැනීම සරලව නිවරදි යැයි සිතමු.රාග ද්වේශ මෝහ ප්‍රහීන කෙරෙන යම් දෘෂ්ඨියක් වේද එය සම්මා දෘෂ්ඨියයි.යමෙකු සම්මා දෘෂ්ඨියට පැමිණීමට නම් බුදු රදුන්ගේ ධර්මය අසා ඒ මග යාමට අදිටන් කර ගත්තකු විය යුතුය.සම්මා දුෂ්ඨියේද අවධීන් කිහිපයක් වෙයි.පූර්ණ සම්මා දුෂ්ඨියට පැමිණෙන්නේ රහතුන් වහන්සේලාය.
    කරුණු මෙසේ නම් ලෝහ, ද්වේශ ,මෝහ මූලික කරගත් ඕනෑම දුෂ්ඨියක් ,දර්ශනයක් මිත්‍යා දෘෂ්ඨියක් වේ.එසේ බැලූ කල අප පාසල් , විශ්ව විද්‍යාල , පශ්වාත් උපාධි ආයතනවල ඉගෙන ගන්නා බටහිරින් ආනයනය කල කිසිඳු දෘෂ්ඨියක් සම්මා දෘෂ්ඨියක් වේද?ඒ සියල්ලද නැකැත් සාශ්ත්‍රය තරම්ම (සමහර විට ඊටත් වඩා ) මිත්‍යා දුෂ්ඨීන්ය. (අපගේ පරමාර්ථය වන නිවන ගැන සිතද්දී නැකැත් සාශ්ත්‍ර ,තාර්කා සාශ්ත්‍ර ආදිය බටහිර විද්‍යාව තරම් නීවරණ සංකල්ප නොවේ.එය සරලව පැදැදිලි කරන්නේ නම් ගෙම්බන් මීයන් ආදිය කපා නිර්මාණය කරන බටහිර වෛද්‍ය විද්‍යාව තරම් අවිහිංසාව මත පදනම් වන සිංහල වෙදකම අපගේ පරමාර්ථය වන නිවනට බාධකයක් නොවේ. නැකැත් සාශ්ත්‍රය- තාරකා සාශ්ත්‍රය අයත් වන්නේද මේ දෙවන ගනයටය.)
    මේ සියල්ල අඩු වැඩි වශයෙන් නීවරණ දෘෂ්ටීන් යැයි කියා අප මේ සියල්ල ප්‍රතික්ෂේප කරන්නේද?ගිහි ගෙයි වසන අපට කල හැක්කේ ඒවා පරම සත්‍ය නොව සම්මුති ලෙස ගෙන – දැන හැකිතාක් ආධානාග්‍රාහී ලෙස ඒවායේ නොඇලී ඒවා අනුගමනය කිරීම පමණි.සම්මා දෘෂ්ඨිය වැඩී මාර්ගඵලලාභීන් වී එක් අවස්ථාවකදී ගිහි ගෙය හැරයාම සිදුවන්නේ මේ සියල්ලේ ඇති නිස්සාරබව සත්‍ය ලෙසම අවබෝධ වූ විටය.සංකල්පීයව මිත්‍යාදෘෂ්ඨීන් වන සියල්ලෙන් එක් දෙයක් හොඳ වී තවත් දෙයක් පමණක් අකැප වන්නේ එසේ සත්‍ය ලෙසම අවබෝධ නොකල ගත් විට පමණි .
    නැකැත් සාශ්ත්‍රය මිත්‍යා දෘෂ්ඨියක් යැයි පතික්ශේප කරන්නේ නම් අප අපේ දරුවන්ට කියා දිය යුත්තේ නැකැත් සාශ්ත්‍රය පමනක් නොව් බටහිර විද්‍යව, ගණිතය,ආර්ථික විද්යාව සියල්ල ඉගෙන නොගන්න ලෙසයි,ඒවාට අනුකූලව නොහැසිරෙන ලෙසය.එසේ කල හැකි නම් අලුත් අවුරුද්ද නැකැත් සාශ්ත්‍රය මත පදනම් වී ඇතැයි කියා ප්‍රතික්ෂේප කල යුතුය යන තර්කය සමග අපද එකඟ වෙමු.
    නමුත් එම අවබෝධයට පැමිනෙන තෙක්, ගිහි ගෙය වසන තෙක්, මේ සියලු විද්‍ය අවිද්‍යා බව වටහා ගනු මිස ඒවා අත්හැරීම කල නොහැකිය. සමාජීය සහජීවනයට අවැසි අත්‍යවශ්‍ය සලකුණක් ලෙස සිංහල අවුරුද්දද මෙන්ම ඒ හා බැඳුනු සිරිත් විරිත් ද අප අත් නොහළ යුත්තේ එබැවිනි.
    යමෙකු මිත්‍යා දෘෂ්ඨීන් පිළිකෙව් කරනවා යැයි කියා සිංහල ජාතිය හා බැඳුනු යමක් වේද ඒවා පමණක් වෙන්ව ගෙන ඒවා මිත්‍යාදෘෂ්ඨීන් යැයි කියා තඩි බාමින් අනිත් බොහෝ මිත්ය්‍යා දෘෂ්ටීන් වල අසරණ අනුගාමිකයන් වීම අප වටහා ගත යුත්තේ කෙසේද?මේ සියලු අනුගාමිකයන් එසේ කරන්නේ සිංහල ජාතිය නැසීමේ එකම අරමුනෙන් යැයි අප චෝදනා නොකරමු.නමුත් අප මේ දෙස වඩා විචාරශීලීව බැලිය යුතුය.මිත්‍යා දුෂ්ඨීය වඩන ඉගැන්වීම් උගන්වන නිසා අප අපේ දරුවන් පාසල් නොයා සිටින්නේ නැත.එසේ නම් මේ සමහර ගුරුකුලවල ධර්ම කතිකයාණන්වහන්සේලා ඇතුලු බොහෝ දෙනා අපගේ බෞද්ධ දිවි පැවැත්ම හා සැබැඳුනු සංස්කෘතිකාංගවලට පමණක් තෝරාගෙන පහර දෙන්නේ, ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?මෙයින් කී දෙනෙක් උත්සව අවස්ථාවලදී ‘ලොකු’ හෝටල්යකට ගිය විට බුදුරදුන් ආහාර වැලඳූ ලෙස අතින් කෑම කෑමට ලැජ්ජා වේද?ඒ ලැජ්ජාව ඇති වන්නේ සම්මා දෘෂ්ඨිය නිසාද?මෙවා පරගැතිබව නැමති ඉතා අනර්ථ මිත්‍යාදෘෂ්ඨීන් නිසා ඇති වන ලැජ්ජාවන් නොවේද?
    කොටින්ම අද සිංහලයන්ට සිංහලයන් ලෙස හැසිරීම ලැජ්ජ්ය.එය තේරුම් කල හැක්කේ සම්මා දෘෂ්ඨිය – මිත්‍යා දෘෂ්ඨිය වැනි ගැබුරු සංකල්ප වලින් නොව එහ හුදෙක් අධ්‍යාපනය සහ අනෙකුත් මාර්ගවලින් ලැබී ඇති නිවට කම නිසාම සිදුවන්නකි.
    සිංහලයන් අවුරුදු සමරන්නේ කාලිංග මාඝ එය අප මත බලහත්කාරයෙන් පැටවූ පසුව බවටත් එය අප්‍රේල් 14 දෙමළ අවුරුද්ද සිංහලයන් මත බලෙන් පැටවූ එකක් බවටත් මේ සමහරුන් නගන පුහු තර්කවලට ඇති වටිනාකමේ සීමිතකම කොතෙක්ද යන්නට ශිරාන් දැරණියගල ආදී ඉතිහාසයන්ගේ කෘති සාක්ෂි දරයි. ලංකාවේ හැර දෙමළ ජනයා මෙතරම් ප්‍රචලිත ලෙස අවුරුදු සමරන්නේ වෙන කොහිද යන්න විචාරශීලීභාවය මඳක් වත් ඇත්නම් විමසා බැලිය යුතුය. (අනෙක් අතට අප්‍රේල් 14 දිනට සවි වූ අවුරුද්දක් කිසි දිනෙක මෙරට තිබී නැත, එය රොබර්ට් නොක්ස්ගේ කාලයේ තිබුනේ මේ කැලැන්ඩර වර්ෂයෙන් ගත් කල අප්‍රේල් මුලයි. අනාගතයේදී එය අප්‍රේල් 15 ටත් ඉන් පසු තවත් ඉදිරියටත් යනු ඇත. )
    කරුණු මෙසේ තිබියදී සිරිත් විරිත් ගැන කතා කරනවා නම් මුලින්ම කතා කල යුත්තේ අපගේ හර පද්ධතිය හා නොගැලපෙන අපට ආගන්තුක පුහු ආටෝපවාදී සිරිත් විරිත් පිළිකෙව් කිරීම නොවේද?සාමූහිකත්වය, වැඩිහිටියන්ට උරු දෙගුරුන්ට ගරු කිරීම , හිත් අමනාපකම් අත් හැරීම ආදී අපගේ හර පද්ධතියට ගහට පොත්ත සේ සම්බන්ධ සංස්කෘතිකාංග සියල්ලට කලින් ප්‍රතික්ෂේප කිරීමෙන් අවසානයේ සිදුවන්නේ කුමක්ද?
    සිංහල ජාතියත් බුද්ධාගමත් යනු ගහට පොත්ත මෙන් එකකට එකක් අත් හල නොහැකි දෙකකි. ගස නැතිව පොත්තටත් ,පොත්ත නැතිව ගසටත් පැවැත්මක් නොමැති බව අප වටහා ගත යුතුය.ජාතිය රැකෙන්නට නම් එහි මූලික හර පද්ධතීන් හා බැඳුනු සංස්කෘතිකාංග රැක ගත යුතුය. නැතිනම් ජාතිය අවජාතක වෙයි.එබැවින් කල යුත්තේ අප තුල පටවා ඇති අවජාතක සිරිත් විරිත් ඉවත් කර ජාතියේ ඉදිරි මගට අනුබලයක් වන අපේ උරුමය රැක ගැනීමය. අපි අලුත් අවුරුද්ද යහපත් ලෙස සමරමු….
    - යුතුකමසංවාදකවය
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    මේ චාරිත්‍ර වලින් අයින් වෙන්න පෙර ඔබ කළ යුතු දේ බොහෝ ඇත. මෙවන් දෑ මා දකින්නේ මූද හත්ගව්වක් තියාගෙන අමුඩ ගහනව වගේ. සක්කාය දිඨ්ටි , විචිකිච්චා , සීලබ්බත පරාමස ප්‍රහීන කල සෝතාපන්න අයට පවා මේවා කරන්න බාධාවක් නෑ. විශාඛා උපාසිකාව විවාහ වෙනකොට චාරිත්‍ර ඉටු නොකලා කිය කොහි හෝ තිබෙනවද? ඔබලා තව ටික දවසකින් කියයි පෝරුවේ චාරිත්‍ර වගේ දේත් නවත්තන්න කියලා. මේ දේවල් දෙමාපියන්ගෙන් ලැබෙන දායාද වගේ. ආරක්ශා කිරීම වැදගත්. හැබැයි මම කියන්නෙ නැකැත් පස්සෙ ගිහින් කාලෙ නාස්ති කරගන්න කියලා නෙමෙයි. මේ අපි සමරන්නේ අවුරුද්දක්. එහෙම නැතුව බිලි පූජා, දෙවියන් ඇදහීම හෝ නොවේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක කියෙව්වොත් දිය රකුස් දියේ ගිලිලම මැරෙයි.

    හරියට හරි

    මේ චාරිත්‍ර වලින් අයින් වෙන්න පෙර ඔබ කළ යුතු දේ බොහෝ ඇත. මෙවන් දෑ මා දකින්නේ මූද හත්ගව්වක් තියාගෙන අමුඩ ගහනව වගේ. සක්කාය දිඨ්ටි , විචිකිච්චා , සීලබ්බත පරාමස ප්‍රහීන කල සෝතාපන්න අයට පවා මේවා කරන්න බාධාවක් නෑ. විශාඛා උපාසිකාව විවාහ වෙනකොට චාරිත්‍ර ඉටු නොකලා කිය කොහි හෝ තිබෙනවද? ඔබලා තව ටික දවසකින් කියයි පෝරුවේ චාරිත්‍ර වගේ දේත් නවත්තන්න කියලා. මේ දේවල් දෙමාපියන්ගෙන් ලැබෙන දායාද වගේ. ආරක්ශා කිරීම වැදගත්. හැබැයි මම කියන්නෙ නැකැත් පස්සෙ ගිහින් කාලෙ නාස්ති කරගන්න කියලා නෙමෙයි. මේ අපි සමරන්නේ අවුරුද්දක්. එහෙම නැතුව බිලි පූජා, දෙවියන් ඇදහීම හෝ නොවේ.
     
    Feb 21, 2013
    10
    0
    0
    52
    Niyandagala, Pannipitiya
    You have to learn a lot.

    බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

    අවුරුද්ද ඉවර වෙනකම් මම හිටියේ මේ මාතෘකාව කතා කරන්න . කලින් කතා කරානම් බැනුම් අහන්ඩ වෙන නිසා.

    සිංහල අවුරුරුද්ද යනුවෙන් සමරන්නේ කුමක්ද. සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණ වීමයි.බෞද්ධයන්ට මෙහි ඇති වැදගත්කම කුමක්ද? සුර්ය නමසකාර්ය බුදුදහම පහල වීමට පෙර තිබු එක මිත්යදුෂ්ටික වන්දනා ක්‍රමයක්.අපි සරණ ය යුත්තේ තෙරුවන් සරණයි. ඉර හඳ ගස් ගල් සරණ යෑමේ තේරුම කුමක්ද? ජොතිශය යනු බමුණු මතවාදයක්. එහි එන එක සිදුවීමක් අපි සමරන්නේ කුමකටද?බ්‍රහ්මජාල සුත්‍රයේදී බුදුන් වහන්සේ මෙවැනි ලාමක විද්‍යා මිත්‍යා ජීවිකතා ලෙස ප්‍රතික්ෂේප කල සේක
    "´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්-
    (ෂ)සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්‍යාය, කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්‍ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය,...."

    එවන් පැහැදිලි බුද්ධ දේශනාවන් පවත්තිදී දැඩි භක්තියෙන් නැකත් අනුව යමින් කෙරෙන් බමුණන්ගේ මත කරගහගෙන යන අලුත් අවුරුද්ද කොතරම් බෞද්ධයන්ට ගැලපේද?

    You know something. But there are lot of things you have to learn and experience in life.
    Do you accept new technology ? You use a sophisticated mobile phone, a computer, Internet and so on... don't you ?
    We can't give up everything at once. We have to live in our 'sansaara' until we reach 'Nirvana'. Till then we have to make use of several things just to make things easier. But we should not get addicted to any of them.
    We have to use phones to make communication faster and easier, computers to do many things faster and easier, vehicles to make transportation easier, Astrology(an other very advance science) to get the maximum of what we do or to make things successful and so on. As you know there are so many things. We should understand that we are only making use of them.
    Even for a Buddhist 'Arya' person, there is no restriction to go to a Chirch or any other religious place to fulfill any 'laukika' requirement. But not to seek for 'Nirvana'. If you get sick, you have to go to a doctor, not to the temple, right ?
     
    Feb 21, 2013
    10
    0
    0
    52
    Niyandagala, Pannipitiya
    Hi "ela billa",
    You have very good writing skills and a very good knowledge in Buddhism.
    I am impressed and 100% agree with you.
    Good luck.

    අලුත් අවුරුද්ද සැමරීම මිත්‍යා දෘෂ්ඨියක්ද ?

    April 9, 2013 at 12:01 am | lanka C news

    අපගේ කුඩා අවදියේ සෑම වසරකම පාහේ විචිත්‍රවත්ම කාලය වූයේ අලුත් අවුරුදු කාලයයි. පොඩි උන් ලෙස එකල අප අත් විඳි ඒ ආශ්චර්‍යය අදටත් මනසට නගා ගත හැකිය. ඒ අතීත සැමරුම් ඔස්සේ යද්දී සිතට නැගෙනා රූප වචනයෙන් ලියා තැබීම අසීරු මුත් එය සරලව මෙලෙස සටහන් කල හැක.ඔන්චිල්ලා, මකුණු දැල් කඩා පිරිසිදු කල ගෙදර , හොඳින් ඇමදූ ගේ දොර හා මිදුල ,කුස්සියේ බංකුවක වාඩි වී කැවුම් බදින අම්මා , කැවුමක් ලබා ගැනීමට ඒ අසල ගැවසෙන අපි,නැකතට අපටත් අම්මාටත් කවන අපේ තත්තා ,බුලත් දී දෙමාපියන් නමදින දරුවන්,උදේම අඟුරු කැබැලි පිච්ච මල් කිහිපයක් සමග කාසියක් ලිඳට දමා ලිඳ අලේ කරන අම්මා,සියලු දෙනා අලුත් ඇඳුමි,අහල පහල ගෙවල් දොරවල් වලට හුවමාරු වන කෑම පිඟන්. සියල්ල අතරතුර පසුබිමින් ඇසෙන කොවුල් නාදය. කොතරම් මනස්කාන්ත කාලයක්ද ඒ?
    - යුතුකමසංවාදකවය
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    අවුරුදු කන එක නෙමෙයි බන් ප්‍රශ්නේ... අපි මොකක්ද මේ සමරන්නේ ..නොකා නොබී සමහරු නොනගතය කියලා ඉන්නවා.තිතට නැකතට වැඩ.... මොකක්ද මේ කරන විහිලු වැඩ....

    උඹට අපේ සංස්කෘතිය විහිලුවක් වගේනම් අවුලක් නෑ ඒ උඹෙ ජානවල වැරැද්දක්. :D
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බුදු දහමේ ජෝතිෂ්‍යය, සාමුද්‍රිකා ශාස්ත්‍රය ප්‍රතික්ෂේප කරන්නේද? පිළිගන්නේද?
    ඉහත ප්‍රශ්න දෙකටම පිළිතුර "නැත" යන්නයි.

    ත්‍රිපිටකයේ දීඝ නිකායේ බ්‍රහ්ම ජාල සුත්‍රයේ මේ ශාස්ත්‍ර "පහත් ලාමක විද්‍යාවන්" ලෙස දක්වා තිබේද?
    එයට පිළිතුර "ඔව්".

    නමුත් ජෝතිෂ්‍ය, සාමුද්‍රිකා ශාස්ත්‍රය "පහත් ලාමක විද්‍යාවක්" ලෙස හඳුන්වා ඇතිවාක් මෙන් "(සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම" ද මෙම සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් ලෙස අර්ථ දක්වා ඇත.

    දැන් අප වටහා ගත යුතුයි ඇයි මේ සුත්‍රයේදී මේ ශාස්ත්‍රයන් "පහත් ලාමක විද්‍යාවන්" ලෙස හඳුන්වා තිබෙන්නේ? ඒ ප්‍රශ්නයට ගැලපෙන නිවැරදි පිළිතුරක් "බුද්ධ රශ්මි" කියන බ්ලොග් එකේ තිබිල මට හමුවුනා. ඉතින් ඒක මම මෙතන කෙලින්ම කොපි පේස්ට් කරනවා.

    පහත් විද්‍යායනු මොනවාද?
    විද්‍යාවන්, පහත් වන්නේ ඒ විද්‍යාවන්ගේ දෝශයක් නිසා නොවේ. පැවදි වන්නා පැවදි වනුයේ තමා පැවදි වීමේ අභිමතාර්ථය ඉටු කර ගැනිමට විනා ඉහතින් දක්වන ලද පරිදි විද්‍යාවන් දැක්විම සඳහා නොවේ. මෙම විද්‍යාවන් නිසා ඔහු පිරිමට යන බ්‍රහ්ම චර්‍යාවෙන් පහතට ඇද දමනා බැවින් හා ඔහු පිරිමට යන ජීවිකාවට අනුව එය වැරදි ජිවිකාවක් වන බැවින් එය පාදක වන විද්‍යාවද පහත් විද්‍යාවක් වන බව සැලකිය යුතුයි. පැවිද්දන් නොවන අය සමිබන්ධයෙන් මෙම ඉහතින් දක්වන ලද කරැණු අදාල නොවේ. ගිහිගෙය බ්‍රහ්ම චර්‍යාව පිරිමට නුසුදුසු ස්ථානයක් වි ඇත්තේ මෙම ඉහතින් සදහන් කල ක්‍රියාවන් මගින් මිනිසුන්ට ජීවිකාව පැවැත්විමට සිදුවිම නිසයි.

    ඉතින් දැන් පැහැදිලියි නේද ඇයි මේ ශාස්ත්‍රයන් මේ සුත්‍රයට අනුව "පහත් ලාමක විද්‍යාවන්" ලෙස හදුන්වා තිබෙන්නේ කියල.

    බුදු දහමේ ජෝතිෂ්‍යය, සාමුද්‍රිකා ශාස්ත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර පිළිනොගත්තා උනාට ත්‍රිපිටකයේ තිබෙන මම/ඔබ දන්නා කරුණු දෙකක් නිසා එම ශාස්ත්‍ර "ප්‍රතික්ෂේප නොකරන" බවට සාධක හමුවෙනවා.

    1. ඇයි පිරිත් කියල "නක්කත්ථ යක්ඛ භුතානං පාපග්‍රහ නිවාරනන්" කියල ග්‍රහ දෝෂ නිවාරණය කිරීමට සෙත් පතන්නේ?

    2. දිනක් ආනන්ද හාමුදුරුවන් පිඩුසිඟා වඩිද්දී මග අසල ළිඳක් දැක පැන් ටිකක් ලබා ගන්නට ඒ අසලට වැඩම කල සේක. එවෙලේ එහි සිටි රොඩී තරුණියක් ආනන්ද හාමුදුරුවන්ගේ අසමාන රූපකායට වශී වූවාය. ආනන්ද හාමුදුරුවන් නික්ම ගිය සැණින් තරුණිය මව සොයා දිව ගියාය. ඇගේ මව මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි තැනැත්තියකි. මව මුණගැසුණු තරුණිය කෙසේ හෝ තමාට ඒ භික්ෂුව ලබාගත යුතු යැයි ඇවිටිලි කළාය.
    දුවගේ ඉල්ලීම සැලකූ මෙම මන්ත්‍ර කාරිය නිවස මිදුලේ බලගතු අටකොන් යන්ත්‍රයක් ඇඳ ඒමත ගිනි දල්වා සූරිය මල 108 ක් මතුරමින් ඒමත දැමුවාය. මන්ත්‍රය 108 වර ජප කරද්දී ආනන්ද හාමුදුරුවන්ගේ සිත වෙනස්වී නැවත පැමිණි බවත් ඒ දුටු මන්ත්‍ර කාරිය කාමරයක් සූදානම් කරන්නැයි දියණියට කී බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
    සිදුවන්නට යන විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ මෙම නීචකුල බන්ධනය ඇතුළු සර්ව ලෝක බන්ධන බිඳීයනුවස් ජලනන්දන පිරිත දේශනා කළ බව කියැවේ.

    ජලනන්දන පිරිතේ පාඨ කිහිපයක් පහත දැක්වේ..

    *පාරමී තේ ජලං හෝතී සර්ව බන්ධන ඡේදනං
    *..... සයනේ බන්ධන විධ්වංසනං....
    *යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා - විනාසං බුද්ධානු භාවතෝ

    හැබැයි මේ ජෝතිෂ්‍ය වගේ ශාස්ත්‍ර පසු පස්සේ ඕනෑවට වඩා යාමෙන් එදිනෙදා වැඩකටයුතු අවුල් කර නොගත යුතු බවත් බුදුහාමුදුරුවන් දේශනා කළා..

    නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා

    අර්ථය:- නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?:yes:
    දියරකුස් ඇයි උඹ මේවට උත්තර නොදෙන්නේ? ඉහත කරුණු මට හිතෙන පලියට හදාගත්තු දේවල් නෙමෙයි. ත්‍රිපිටකයේ තිබෙන කරුණු. උඹ ත්‍රිපිටකයේ තියන බ්‍රහ්මජාල සුත්‍රය සම්පුර්ණයෙන්ම වැරදි විදිහටයි අර්ථකථනය කරලා තියෙන්නේ. උඹ කියන විදිහට
    "නීති ශාස්ත්‍රය ,(සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම"
    වැනි විද්‍යාවන් පහත් ලාමක විද්‍යාවන් ලෙස අර්ථ දක්වලා තිබෙන්නේ එම විද්‍යාවන්ගේ තිබෙන දෝෂයක් නිසාද???
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔව් ඔව් මේ හින්දු එවුන්ගෙන් අපිට හම්බෙච්ච එව්වා...තව අවුරුදු ගානකින් රාමලාන් සමරෑන්ඩත් සිංහල බවුද්ධයෝ එයි...

    Is that What you want?
    :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෙලුම් කුමාරි;14817727 said:
    කරන නොකරන එක නෙමේ මෙතන ප්‍රශ්නය......මතවාදීව ඒ දිහා බලන්න ඕනි....අන් අයගේ අදහස් වලට ගරු කරමින්....නිවැරදි මතය ඉස්මතු විය යුතයි නේද?

    දන්නවද ලංකාවේ සිංහල බෞද්ධ කියන එවුන්ගෙන් අද ඉන්න තරුණ පරම්පරාව 50 % තමුන්ගේ දෙමාපියන්ට බුලත් අතක් දීල වඳින්නේ සිංහල අවුරුද්දට විතරයි. ඒ පරම්පරාව 50 % වැඩිහිටියෙකුට ගුරුවරයෙකුට වඳින්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50% දරුවෝ ගෙදරක අම්ම තාත්ත එක්ක එකට ඉඳන් කන්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50% දරුවෝ තමුන් හදපු වදපු දෙමවුපියෝ බලන්න එන්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50% දරුවෝ දෙමාපියන්ට ඇඳුමක් අරන් දෙන්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50 % එවුන් පන්සල් යන්නේ සිංහල අවුරුද්දට විතරයි. සිංහල බෞද්ධ 50 % එවුන් ගෙදර බුදුන් වඳින්නේ සිංහල අවුරුද්දට විතරයි. මේක තමයි තිත්ත ඇත්ත. ගම්වල මිනිස්සු එකතුවෙලා අවුරුදු උත්සවයක් තියල ගමේ හැමදෙනාම එකතුවෙලා තමුන්ගේ සහයෝගීතාවය වර්ධනය කරගන්නේ සිංහල අවුරුද්දට විතරයි.
    දැන් කියන්නේ මේ සියල්ලම නව්වත්තල
    දාන්න කියලනම් මම උඩ සඳහන් කරපු අවුරුද්දට විතරක් සිද්දවෙන දේවල් වලට උඹල දෙන විකල්පය මොකක්ද?
    සිංහල ජාතිය ආරක්ෂා කරගන්න කියල ත්‍රෙඩ් දාගෙන මුස්ලිම් මිනිස්සු එක්ක ජාති වාද කතා කරනගමන් සිංහලයට අපේ කම වෙනුවෙන් තියන සංස්කෘතිය මරල දාන්න හදන මේ දෙබිඩි පිළිවෙත මොකක්ද? මේවා සිද්ද වෙන්නේ කාගේ උවමනාවටද?
    ආගම ගැන කතා කරනවානම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි, අවුරුදු චාරිත්‍ර කරා කියල අපේ මිනිස්සු මිත්‍යා දෘෂ්ඨික වෙන්නේ නැහැ .

    මේක ලිව්වේ වෙන කෙනෙකුගේ ත්‍රෙඩ් එකකට . ඔයත් එයාගේ ඥාති ගති ලක්ෂණ පෙන්නුම් කරන නිසා වචන දෙක තුනක් වෙනස් කරලා ඔයාටත් කොපි කරා.

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් මේ අවුරුදු නැකත් එපා කියන උදවිය කසාද බඳිනකොට එහෙම ඒවා සිද්ද උනේ / සිද්ද වෙන්නේ නැකත් නැතුවද?