බෞද්ධයාගේ සුක්කානම

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බෞද්ධයාගේ සුක්කානම

    15542369_1572811256079417_325057921974288282_n.jpg

    සැබෑ බෞද්ධ දර්ශනය අමතක කර,
    නැව් සුක්කානම් පසුපස හබායන චීවරධාරීන් සිටින කාලයක බෞද්ධ, බෞද්ධ නොවන සෑම කෙනෙකුටම වැදගත් ඇතැයි සිතා මෙම ලිපිය පල කරමි.......
    ------------------------------------------------------------------------------

    “ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න”
    මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැලකෙන සංකේතාත්මක ප්‍රකාශයකි.
    නොයෙක් පුද්ගලයින් වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වුවද, මගේ අදහස අනුව මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතු බවය.
    “If You Meet the Buddha on the Road, Kill Him.”
    ඇලීමේ ආනිසංස දේශනා කල බුදුන් වහන්සේගේ අනුගාමිකයෝ තම එදිනෙදා ජීවිතයේ ලෞකික සැපසම්පත් වලට අමතරව ‘බුද්ධ’ යන සංකල්පය සමඟද තදින්ම ඇලී සිටිති. බුදුන්වහන්සේ යන සංකල්පය ඔවුන් යොදා ගන්නේ ඇලීමෙන් මිදීමට මාර්ගයක් ලෙස නොව, ආශාවෙන් මත්වී මෝහයෙන් අන්ධ වී තව තවත් ඇලීමට හේතුවක් ලෙසය.
    බුදුන්වහන්සේගේ අනුගාමිකයන්ය කියා ගන්නා සමහර පිරිස්, සිංහලබුද්ධාගම නැමති ආගම සමඟ ඇලීම කෙතරම්ද යත්, එය ආගමික වියරුවක් දක්වා වර්ධනය වී ඇත. ඔවුන්ගේ සහ දේවවාදී අනුගාමිකයන්ගෙ හැසිරීම්, ආකල්ප වල වෙනසක් සොයා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇත.
    බුදුදහමෙන් තම හැසිරීම් සහ ආකල්ප සාධාරණීයකරනය කල නොහැකි තරමටම බුදුන්ගේ දර්ශනයෙන් ඈත් වී ඇති ඔවුන්, ඒ සඳහා වෙනත් ආගමික ඉගැන්වීම් වල සරණ පතා දුවති. වෙනත් ආගම් වල අන්තවාදී පිරිස් වල හැසිරීම් උපුටා දක්වති.
    වෙනත් ආගමික අන්තවාදීන්ට සහ ආගමික ඉගැන්වීම් වලට ඇඟිල්ල දිගු කරමින් තමාගේ අබෞද්ධ හැසිරීම් සාධාරණීයකරනය කරති.
    තමන් වහන්සේ දෙසූ දහම පවා අත්හළ යුතු බව බුදුරදුන් ඉගැන්වූවා යයි මා අසා තිබේ. තමන් වහන්සේ දෙසූ ධර්මය සසරින් එතරවීම පිණිස පහුරක් මෙන් යොදා ගැනීම මිස, කර තබා ගෙන යෑම නො කළ යුතු බව බුදුරදුන්ගේ ඉගැන්වීම බව සඳහන්ය.
    “ධර්මය කියන්නේ පහුරක් පමණය. ගඟින් එගොඩ ගිය පසු පහුර බිම තැබිය යුතුය”
    නමුත් තමා බුදුන් සරණ ගිය උන්ය කියා ගන්නා බෞද්ධ අනුගාමිකයන් අද කරන්නේ මීට හාත්පස වෙනස් දෙයකි.
    ඔවුහු ගඟින් එගොඩ වීම පසෙක ලා, එහා ඉවුර සහ ඟග දෙස බලමින් මෙහා ඉවුරේම සිට පහුර කර තබාගෙන පහුරේ ගුණ වයති. පහුරට මල්මාලා දමමින් සුවඳ දුම් අල්ලමින් පහුරටම වන්දනාමාන කරති.
    පහුර යොදාගෙන ගඟින් එගොඩ වීමට උත්සාහ කිරීම වෙනුවට, ගඟින් එගොඩ වීමට ඇති පහුර’ම මෙහා ඉවුරේ සිරවී සිටීමට තවත් හේතුවක් කරගෙනය.
    ගෞතම බුදුන් නම් විශිෂ්ඨ දර්ශනවාදියාගේ ඉගැන්වීම් ආගමික රාමුවකට කොටු කිරීමේ ප්‍රතිපලය මෙයයි.
    ඉන් සිදු වී ඇත්තේ ඔහුගේ ඉගැන්වීම් වල හරය සහ ගැඹුර ග්‍රහනය කර ගැනීමට තියෙන හැකියාව මොට වී ඔහුගේ ඉගැන්වීම් වල සැබෑ අරුත මඟ හැරීයාමය.
    අවසානයේ සිදුව ඇත්තේ ගෞතම බුදුන් නම් ඒ විශිෂ්ඨ දර්ශනවාදියාව මල්මාලා වලින් සරසා හඳුන්කූරු සුවඳ දුම් පිරි කාමරයක සිර කොට, පුද පූජා පැවැත්වීමට තිබෙන තවත් ආගමික සංකේතයක් බවට පත් වී තිබීමය.
    වර්තමාන ලෝකයට බුදුදහම මඟින් උකහා ගත යුතු යමක් වේද එය තේරුම් ගත හැක්කේ ආගමික ඇදහිල්ලෙන් නැඟෙන අන්ධ භක්තියෙන් නොව ගෞතම බුදුන්වහන්සේගේ දර්ශනය විමර්ෂණාත්මක බුද්ධියෙන් විමසීමෙන්ය.
    සුවඳ දුම් පිරි බුදුකුටියකට සිරකරනු ලැබුව වැඳුම් පිදුම් කිරීමට ඇති ආගමික සංකේතයක් බවට පත් වී සිටින ගෞතම බුදුන්ව ඉන් නිදහස් කොට ඔහුගේ මුවින් නික්මුන ඉගැන්වීම් ඔස්සේ අප බුද්ධිය මෙහෙයවීම වැදගත් වන්නේ එබැවිනි.

    සංජය ශ්‍රිකාන්ත්

    උපුටා ගැනීම Sri Lankan Atheists ෆේස්බුක් පිටුවෙන් !
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    සිරා කතාව... වයසක ආච්චිල බණක් අහල ආවත් කියන්නෙ අනේ ඒ හාමුදුරැවන්ගෙ කට හඩ.... ලස්...සන හාමුදුරැවො... සාදු සා.... කියනව
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,894
    113
    Colombo
    ගඟින් එගොඩ වීම පසෙක ලා, එහා ඉවුර සහ ඟග දෙස බලමින් මෙහා ඉවුරේම සිට පහුර කර තබාගෙන පහුරේ ගුණ වයති. පහුරට මල්මාලා දමමින් සුවඳ දුම් අල්ලමින් පහුරටම වන්දනාමාන කරති.
    පහුර යොදාගෙන ගඟින් එගොඩ වීමට උත්සාහ කිරීම වෙනුවට, ගඟින් එගොඩ වීමට ඇති පහුර’ම මෙහා ඉවුරේ සිරවී සිටීමට තවත් හේතුවක් කරගෙනය
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    sahathika aththa, buddagama wenuwen ke gahana un essella ape gauthama budurajanan wahansege dharmaya hodin awaboda karagenimata mahanci unanam me widiyata ke ga gaha pisso wage hesirenna.me darshanaya thama loke uthumma dharshanaya.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    බෞද්ධයෝ 100ක් ගත්තොත් උන් සියදෙනා විශ්වාස කරන්නේ බුද්ධ ධර්මයන් 100ක් බන්. එකම දේ එක එක මිනිසා තේරුම් ගන්නේ තමුන්ගේ බුද්ධි මට්ටම අනුව.

    බුදුන් දවසත් බුදුන් වහන්සේගේ බන අහපු හැමෝම නිවන් දැක්කේ නෑනෙ. එකම බන එක එකා ග්‍රහණය කරගන්නේ වෙන වෙන විදියට.

    මේ තියෙන්නේ ලෝකේ average IQ map එකක් :(:(

    iq_by_country.png

    බණට විතරක් නෙවේ ඒක උඹේ පොස්ට් එකටත් අදාලයි. ඕකටත් එක එක විදියේ replies හම්බෙයි උඹට :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේකේ කියන කතාවේ හරය පැහැදිලියි.... බුද්ධාගමේ උත්තම ප‍්‍රතිඵලය නිර්වාණයයි.... ඒ සදහා යන ගමනේ දී අත්හැරීම කියන සංකල්පය මේකෙන් හොඳාකාරවම පැහැදිලි කරනවා...

    ඒත් බුද්ධාගමේ ඉගැන්වෙන මේ අනිත්‍ය, නොඇලීම ආදිය තමන්ගේ වාසියට හරව ගත්ත එක එක පඩත්තරයින් බුද්ධාගමට අතහරින අලකලංචි කෙළවරක් නෑ.... ඒ හින්ද බුදුන් පෙන්වූ මග යන්නවුන්ගේ මග එළි කර තැබීමටත්, තවත් කාලයකට බුදු දහම රැුක ගැනීමටත් කැප වෙන පිරිසක් අවශ්‍ය වෙනවා.... ඒ පිරිසගේ නිර්වාණය තව ආත්ම ගණනකට කල් යයි... ඒ වුණත් කමක් නෑ කියල මේ අවලම් පඩත්තරයින්ගෙන් බුදු දහම බේර ගන්න ඒක ඊට වඩා වැදගත්....

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    බෞද්ධයෝ 100ක් ගත්තොත් උන් සියදෙනා විශ්වාස කරන්නේ බුද්ධ ධර්මයන් 100ක් බන්. එකම දේ එක එක මිනිසා තේරුම් ගන්නේ තමුන්ගේ බුද්ධි මට්ටම අනුව.

    බුදුන් දවසත් බුදුන් වහන්සේගේ බන අහපු හැමෝම නිවන් දැක්කේ නෑනෙ. එකම බන එක එකා ග්‍රහණය කරගන්නේ වෙන වෙන විදියට.

    මේ තියෙන්නේ ලෝකේ average IQ map එකක් :(:(

    iq_by_country.png

    බණට විතරක් නෙවේ ඒක උඹේ පොස්ට් එකටත් අදාලයි. ඕකටත් එක එක විදියේ replies හම්බෙයි උඹට :D

    Issellama uba oya messa ain karaoan. Man kee serayak screen eka pihidemmada massek wahala kiyala.
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ගඟින් එගොඩ වීම පසෙක ලා, එහා ඉවුර සහ ඟග දෙස බලමින් මෙහා ඉවුරේම සිට පහුර කර තබාගෙන පහුරේ ගුණ වයති. පහුරට මල්මාලා දමමින් සුවඳ දුම් අල්ලමින් පහුරටම වන්දනාමාන කරති.
    පහුර යොදාගෙන ගඟින් එගොඩ වීමට උත්සාහ කිරීම වෙනුවට, ගඟින් එගොඩ වීමට ඇති පහුර’ම මෙහා ඉවුරේ සිරවී සිටීමට තවත් හේතුවක් කරගෙනය
    :):)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බෞද්ධයෝ 100ක් ගත්තොත් උන් සියදෙනා විශ්වාස කරන්නේ බුද්ධ ධර්මයන් 100ක් බන්. එකම දේ එක එක මිනිසා තේරුම් ගන්නේ තමුන්ගේ බුද්ධි මට්ටම අනුව.

    බුදුන් දවසත් බුදුන් වහන්සේගේ බන අහපු හැමෝම නිවන් දැක්කේ නෑනෙ. එකම බන එක එකා ග්‍රහණය කරගන්නේ වෙන වෙන විදියට.

    මේ තියෙන්නේ ලෝකේ average IQ map එකක් :(:(

    බණට විතරක් නෙවේ ඒක උඹේ පොස්ට් එකටත් අදාලයි. ඕකටත් එක එක විදියේ replies හම්බෙයි උඹට :D

    සිරා කතාව :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේකේ කියන කතාවේ හරය පැහැදිලියි.... බුද්ධාගමේ උත්තම ප‍්‍රතිඵලය නිර්වාණයයි.... ඒ සදහා යන ගමනේ දී අත්හැරීම කියන සංකල්පය මේකෙන් හොඳාකාරවම පැහැදිලි කරනවා...

    ඒත් බුද්ධාගමේ ඉගැන්වෙන මේ අනිත්‍ය, නොඇලීම ආදිය තමන්ගේ වාසියට හරව ගත්ත එක එක පඩත්තරයින් බුද්ධාගමට අතහරින අලකලංචි කෙළවරක් නෑ.... ඒ හින්ද බුදුන් පෙන්වූ මග යන්නවුන්ගේ මග එළි කර තැබීමටත්, තවත් කාලයකට බුදු දහම රැුක ගැනීමටත් කැප වෙන පිරිසක් අවශ්‍ය වෙනවා.... ඒ පිරිසගේ නිර්වාණය තව ආත්ම ගණනකට කල් යයි... ඒ වුණත් කමක් නෑ කියල මේ අවලම් පඩත්තරයින්ගෙන් බුදු දහම බේර ගන්න ඒක ඊට වඩා වැදගත්....

    මේ ලිපියෙන් විස්තර කරන්නෙත් ඔබ වගේ අය ගැනම තමයි :)

    ගඟින් එගොඩ වීම පසෙක ලා, එහා ඉවුර සහ ඟග දෙස බලමින් මෙහා ඉවුරේම සිට පහුර කර තබාගෙන පහුරේ ගුණ වයති. පහුරට මල්මාලා දමමින් සුවඳ දුම් අල්ලමින් පහුරටම වන්දනාමාන කරති.
    පහුර යොදාගෙන ගඟින් එගොඩ වීමට උත්සාහ කිරීම වෙනුවට, ගඟින් එගොඩ වීමට ඇති පහුර’ම මෙහා ඉවුරේ සිරවී සිටීමට තවත් හේතුවක් කරගෙනය

    දැන් කියන්න එපා අපි කරන්නේ පහුර බේරගන්න හදන එක කියල :lol: ඒකට තමා මේ කොටස තියෙන්නේ

    සිංහලබුද්ධාගම නැමති ආගම සමඟ ඇලීම කෙතරම්ද යත්, එය ආගමික වියරුවක් දක්වා වර්ධනය වී ඇත. ඔවුන්ගේ සහ දේවවාදී අනුගාමිකයන්ගෙ හැසිරීම්, ආකල්ප වල වෙනසක් සොයා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇත.
    බුදුදහමෙන් තම හැසිරීම් සහ ආකල්ප සාධාරණීයකරනය කල නොහැකි තරමටම බුදුන්ගේ දර්ශනයෙන් ඈත් වී ඇති ඔවුන්, ඒ සඳහා වෙනත් ආගමික ඉගැන්වීම් වල සරණ පතා දුවති. වෙනත් ආගම් වල අන්තවාදී පිරිස් වල හැසිරීම් උපුටා දක්වති.
    වෙනත් ආගමික අන්තවාදීන්ට සහ ආගමික ඉගැන්වීම් වලට ඇඟිල්ල දිගු කරමින් තමාගේ අබෞද්ධ හැසිරීම් සාධාරණීයකරනය කරති
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    :yes: