බෞද්ධ පන්සල් වල හින්දු දේව ප්‍රතිමා

MacroMP

Member
Mar 6, 2013
648
173
0
z_p-34-Faith.jpg



මම මේ ලංකාවේ ප්‍රසිද්ද පන්සලක් සහ බෞද්ධ දේවාලයකට ගියාම දකින්න ලැබුනේ එම පන්සල් භුමියේම ගණ දෙවියන් ඇතුලු හින්දු දේව ප්‍රතිමා පවා තිබුණා :shocked:මිනිස්සු ඇවිත් එවටත් වදිනවා :shocked:ඇයි බෞද්ධ පන්සල් වල මේ වගේ හින්දු ප්‍රතිමා තියෙන්නේ .එවත් එක්ක ඇති බෞද්ධ සම්බන්ධය මොකද්ද ? ටික කාලයක් යන කොට බෞද්ධ අය නිකම්ම හින්දු වෙවිද ඉන්දියාවේ උනා වගේ දන්න කෙනෙක් කියන්න .බොහෝම ස්තුතියි

මේක මම අහල තියෙන දෙයක්.
ඉස්සර ඔය රජවරු එහෙම සරණ පාවා ගත්ත කියන්නේ දකුණු ඉන්දියානු ගැහැණු අයවලුනේ... ඉතින් රජතුමා පන්සලට යනකොට බිසව යන්නේ දේවාල වලට වෙන වෙනම. ඉතින් රජතුමා හින්දු දේවාලත් පන්සල අසල ස්ථාපිත කරා කියල තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. එතකොට රජතුමයි බිසවයි බුදුන් දෙවියන් වඳින්න යන්නේ එකම තැනටනේ... ඕක ඔය කල් යනකොට අපේ සිංහල බෞද්ධයොත් දේවාලෙට යන්න ගත්තලු... එත් ඉතින් දේවාලෙට යන උන්දැ ල නම් බුදුන් වඳින්න යන්නේ නෑ...
මේකේ තර්කනුකුලද නිවැරදිය කියල මම හරියටම දන්නේ නෑ... එත් විශ්වාශ කරන්න පුළුවන් මෙහෙම දෙයක් ය වෙලා තියෙන්නේ කියල... කටින් කට එන ඒවා නිවැරදි ඒවත් තියෙන ව වැරදි ඒවත් තියෙනවා....
 

MacroMP

Member
Mar 6, 2013
648
173
0
මචන් ඒක උනේ මෙහෙමයි ,අපිට අද දවසේ වගේම අවුරුදු දහස් ගණනක් තිස්සේ ඉන්දියාවෙන් කරදර පෝලිමේ තිබ්බා ,යුද්ධ තිබ්බා,යුද්ධ කරන්න යුධ බලය ,දැනුම නැති සහ සාමය කැමති රජවරු යුද්ධ ආක්‍රමණ ආපු ඉන්දියාවේ ප්‍රාන්තවල හිටපු රජවරු එක්ක මගුල් ගනු දෙනු කරා,මේවගේ ප්‍රතිපලයක් ලෙස මේ රටට ආපු හින්දු කුමාරිකාවන්ට අතවැසි පිරිසට ඒ අයගේ ආගම අදහන්න තැන් හදලා දෙන්න කියලා රජුට කිව්වාම රජු ජාති,ආගම් සාමය වැඩි කරන්න දේවාල පන්සල ඇතුලෙම කුඩා ප්‍රමාණයට හැදුවා ,මේවා දැන් පනසල්වල දේවාල වගේ විශාල ,වැඩි වශයෙන් සෙනග එකතු වෙන තැන් නෙමේ
බුදු දහම කියන්නේ අනික් ආගම් වගේ මිනිසුන්ට ලෞකික සැප ලබාගන්න කියලා දෙන ආගමක් නෙමේ ,ඒවාට කැමති වෙච්ච අය යැදීම් ක්‍රමය පටන් ගත්තා ,හින්දු ආගමේ සමහර කරුණු බුදු දහම එක්ක එකගයි ,පුනුරුප්පත්තිය ,කර්ම සංකල්පයේ සමහර තැන්
ඇයි අපි පන්සලේ දේවාලෙට යන්නේ ?
අපේ අම්මා තාත්තා ගිය නිසා ,ඇයි ඒ අය යන්නේ ,ඒ අයගේ අම්මා තාත්තා ගිය නිසා
මේ අය කවුරුත් කලාම සුත්‍රය දන්නවානම් මෙහෙම වෙන්නේ නෑ
මතක තියා ගන්න දෙවියෝ නෑ කියන එක කිසිම කෙනෙක්ට කියන්න බෑ
හැබැයි අපේ යුතුකම තමා පිංකම් කරලා ඒ අයට, මළ ගිය අයට පිං අනුමෝදන් කරන එක
ඒ මිසක් මේ ලොවෙත් නැති සැප සම්පත් ඉල්ලන එක නෙවේ
මෙතන වලිගේ පාග ගත්ත නිසා තමයි අපේ මිනිස්සු දේවාල ගානේ යන්නේ
පිං දීලා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා
ඇයි අපි දේව ලෝක ,පෙරේත ලෝක ගැන සැක කරන්නේ ?
අපිට පෙන්නේ නැති නිසානේ ,එහෙම කියලා ඒක නැහැයි කියන්න බෑ
අනික් එක අපේ ඇහැට ඕනේ දේවල් තමා පෙන්නේ ,නැතුව ශ්‍රුද්‍ර ජීවින්,දෙවියෝ ,භූතයෝ ඔක්කොම පෙනුනොත් කොහොමට හිටීද ?
මලාකට බස් එකක ,පාරේ ,කනතු ගාවින් යන්න බැරි වෙයි


එකඟයි මචන්... ඔයාගේ කමෙන්ට් එක නොදැකයි මගේ කමෙන්ට් එක දැම්මේ... :)