බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය වැරදි

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    "අයිනාදනින් වැළකියේ වෙයි" / "අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි" විතරද වැරදි අනිත් හතර හරිද?
    මේ ධර්මය වල්ගෙං අල්ලගෙන වරද්ද ගත්ත වහරක, මීවණපලානේ වගේ පිස්සු හුටංලගේ ගෝලයෝ! වැඩිය ඇටෙන්ශන් දෙන්න එපා, උත්තර දීල නේ තියෙන්නේ. ඕකුන්ට කල්ප ගානකට ධර්මය පේන්නේ ඇහෙන්නේ නෑ, ඒක උන්ගේ පව්කාරකම.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    “කිං සීලං” – සීලය නම් කුමක්ද? “පහාන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං”

    “යං සමාදානං තං වතං – සංවරට්ඨේන සීලං” – යම් සමාදානයක් ඇද්ද, ඒක වතකි. සංවරත්වයේ පිහිටීමක් ඇද්ද, එය සීලයකි
    .
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දේශනාව කරන තැන පෙන්වන්න.
    ඇත්තටම දන්නෙ නැද්ද?

    ඔය වීඩියෝ එකේ ඉන්න හාමුදුරුවො මීවණපලානේට සම්බන්ධ කෙනෙක්, බුදුන් ඉපදුනේ ලංකාවෙ (සිව්හෙලේ) කියන මතේ ඉන්න කෙනෙක්, මම ඔය උඩ කියල තියෙන ක්‍රමය නියම භාවනා ක්‍රමය කියල හැම තැනම හැම බනටම කියන්නෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,350
    2,214
    113
    සතිපට්ඨාන සූත්‍රයෙ තියෙන්නෙ ආනපාන සති සමත භාවනාවෙන් සමාධිය හදන් ඊට පස්සෙ තමන්ට ගැලපෙන කමහටනක් ‍තෝරගෙන විදර්ශණාවට හරවගන්ඩ කියල නේ?

    මේ හාමුදුරුවො කියන්නෙ රාග ද්වේශ මෝහයක් ආපු ගමන් එතනම අසුබය මයිත්‍රිය මරණාසුතිය වඩල කපල දාන්ඩ කියලනෙ එහෙම එකක් සතිපට්ඨාන සූත්‍රයෙ නෑනෙ.

    ඔය ගොන් සෙට් එක දන්නෙ නැ...මෝහය කියන එක සොවාන් වෙන්න කලින් කෙනෙකුට අහුවෙන්නෙ වත් නැ කියල...කපල දාන්න කලින්...

    මුන්ට අනුව නම්, සොවාන් වෙන්න, මෝහය කපන්න ඕනෙ...එක කපන්න, සොවාන් වෙලා තියෙන්නෙ ඕනෙ...නැට්ට වටේ කැරකි කැරකි ඉන්න එක තමයි මේ ගොන් සෙට් එක කරන්නෙ...එවම ෆලෝ කරන ගොන් පැටව් ටිකකුත් ඉන්නවනෙ ඉතින්...
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    ඔය වීඩියෝ එකේ ඉන්න හාමුදුරුවො මීවණපලානේට සම්බන්ධ කෙනෙක්, බුදුන් ඉපදුනේ ලංකාවෙ (සිව්හෙලේ) කියන මතේ ඉන්න කෙනෙක්
    ඔබතුමා තපස්සු භල්ලික වෙළෙන්දන් ගැන අහල ඇතිනේ.

    බුද්දත්වය ලබලා මුල් සති කිහිපය තුල ඒ ගොල්ලන් කරත්ත වලින් ඇවිත් බුදු හාමුදුරුවන්ව මුණ ගැසෙන්වානේ. ඒක ලියවිලා තියෙන්නේ මේ ආකාරයට.

    මෙ සමයෙහි උත්කල ජනපදයෙන් වෙළඳාමෙහි යන තපුස්ස භල්ලික නම් සහෝදර වෙළෙන්දෝ දෙදෙනෙක් පන්සීයක් පමණ ගැල් පදවා ගෙන ඒ පෙදෙසට බටහ. වියලි බිම එරුණාක් මෙන් වීමෙන් ගැල්පැදවියැ නොහැකි විය. ගැල් තිබුණු තැනින් මඳකුත් සොලොවන්නට අසමත් වූහ. මෙසේ ඔවුන් කරදර වන අතරැ එක් දෙව්දුවක් අතැවැසි පුරුෂයකුට ආවිෂ්ට වී බුදු රජුන් ඒ වනයෙහි කිරිපලු රුකක් මුලැ ඉන්නා බව කියා ඔවුන් දන් දීමෙහි මෙහෙයූවා ය. [මෙතන කියවන්න ..]

    ඒකනේ ගොතම බුදුන්ට පිදු පළමු විහාරය මේ ගොල්ලන් ඉදි කරන්නේ ත්‍රිකුණාමලය අසල. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ ගොඩනැගු වෙහර විහාර සියල්ල ඉදි වෙන්නේ කෙස් හෝ නියපොතු දාතු නිධන් කරලා. බුද්ද පරිනිබ්බානයෙන් පසු ඉදි කල වෙහෙර ඉදි කරන්නේ ඇට සැකිලි ධාතු නිධන් කරලා. ඇයි මොකෝ ජීවමාන කාලේ වගේ කෙස් ලබා ගන්න බැරි නිසා.

    කෙස් සහ නියපොතු ධාතු නිදන් කල වෙහෙර තියෙන්නේ ලංකාවේ පමණයි. මේ තියෙන්නේ පළමුවට කෙස් ධාතු නිදන් කරලා ඉදි කල එක.

    කෙස්දා - බුදුරජු දුන් කෙශධාතුමිට රන් කරඬුවෙකින් පිළිගත් වෙළෙන්දෝ එය රථයෙක තබා ගෙන ගොස් ‘අසිතඤ්ජන’ නගරයෙහි දාගබක් කරවා නිධාන් කළහ. ඒ දාගැබ රැන්ගුන්සෑය’ ය යි මතයෙක් වේ. උත්කල ජනපදය ගන්ධාර දෙශයට අයත්ය. අසිතඤ්ජන නගරයද එහිය. එය දඹදිව උත්තරාපථයෙහි පිහිටියේය. [මෙතන කියවන්න ..]

    එතකොට. මේ ගොල්ලන් ගමන් කරන්නේ හරක් දක්කගෙන කරත්ත 500 කින්. මේ ගොල්ලන් ඉදි කරන විහාරය තියෙන්නේ දඹදිව. දැන් මේ ගොල්ලන් එනවානේ බුදුන් වහන්සේ හමු වෙලා වෙහෙර ඉදි කරන්න.

    ඔබ සිතන අන්දමට මේ ගොල්ලන් ගමන් කල මාර්ගය විය හැක්කේ (අ) හෝ (ආ) ද?

    (අ) - කිලෝ මිටර 3379 ගෙවලා මුහුද තරණය කරලා ආ මග
    (ආ) - ගොන් ක්රත්ත දකක්මින් ඉන්දියාවේ ඉදන් එන්න බෑනේ, ඒ ගොල්ලන් ගමන් කල මාර්ගය මේක වෙන්න ඕනේ.
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේ ධර්මය වල්ගෙං අල්ලගෙන වරද්ද ගත්ත වහරක, මීවණපලානේ වගේ පිස්සු හුටංලගේ ගෝලයෝ! වැඩිය ඇටෙන්ශන් දෙන්න එපා, උත්තර දීල නේ තියෙන්නේ. ඕකුන්ට කල්ප ගානකට ධර්මය පේන්නේ ඇහෙන්නේ නෑ, ඒක උන්ගේ පව්කාරකම.
    එසේය මහ රජ, එසේය!

    1717459913434.png

    :rofl:

    ඔය ගොන් සෙට් එක දන්නෙ නැ...මෝහය කියන එක සොවාන් වෙන්න කලින් කෙනෙකුට අහුවෙන්නෙ වත් නැ කියල...කපල දාන්න කලින්...

    මුන්ට අනුව නම්, සොවාන් වෙන්න, මෝහය කපන්න ඕනෙ...එක කපන්න, සොවාන් වෙලා තියෙන්නෙ ඕනෙ...නැට්ට වටේ කැරකි කැරකි ඉන්න එක තමයි මේ ගොන් සෙට් එක කරන්නෙ...එවම ෆලෝ කරන ගොන් පැටව් ටිකකුත් ඉන්නවනෙ ඉතින්...
    a few Q's:

    1. මෙතන ඔබතුමා අදහස් කරනවද රාගය සහ ද්වේශය සොවාන් වෙන්න කලින් අහුවෙනව කියල?
    2. "මෝහය කියන එක සොවාන් වෙන්න කලින් කෙනෙකුට අහුවෙන්නෙ වත් නැ" - මේ වාක්‍ය තුල ඔබතුමා කියන්නෙ සොවාන් උනාට පසුව මෝහය අහුවෙනව කියලද?
    3. සෝවාන් මාර්ග සිත සහ සෝවාන් පල සිත ගත්තොත් මේ දෙකෙන් කොයි එකටද මෝහය අහුවෙල තියෙන්නේ?
    ------ Post added on Jun 4, 2024 at 6:05 AM
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    සතිපට්ඨාන සූත්‍රයෙ තියෙන්නෙ ආනපාන සති සමත භාවනාවෙන් සමාධිය හදන් ඊට පස්සෙ තමන්ට ගැලපෙන කමහටනක් ‍තෝරගෙන විදර්ශණාවට හරවගන්ඩ කියල නේ?

    මේ හාමුදුරුවො කියන්නෙ රාග ද්වේශ මෝහයක් ආපු ගමන් එතනම අසුබය මයිත්‍රිය මරණාසුතිය වඩල කපල දාන්ඩ කියලනෙ එහෙම එකක් සතිපට්ඨාන සූත්‍රයෙ නෑනෙ.

    දවේශය
    රාගය
    1. පළමුව හානිකර සිතුවිලි සමතයකට පත් කරන්න (සමත භාවනා) -> අනුන් හෝ තමන් ගැන ඇතිවන තරහ, අප්‍රිය, දුක හෝ එවැනි කම්පන ඇති වන මොහොතේ මෛත්‍රිය වඩන්න

    (අ) 10 .. 1 දක්වා ගණන් කරලා හිත වෙන අතකට යොමු කරන්න.
    (ආ) මම සහ සියලු ස්තවයන්ට මෙත් පතුරවන්න
    ප්‍රිය, මධුර ලස්සන දේවල් දකින විට, අසුභය වඩන්න

    (ඇ) ලස්සනයි කියලා හිතන අනෙක් පුද්ගලයින් සහ තමන් වුනත් සකස් වෙලා තියෙන්නේ ගෝනියක එකතු කරන ධාන්‍ය වගේ ලේ, නහර, බඩවැල් ආදී දේවල් වලින්. මේ වගේ එකතු වුන දේවල් කාලයාගේ ඇවෑමෙන් වෙන් වෙලා අවසන් වෙනවා.
    (ඈ) ලස්සනයි කියලා හිතන දේවල් සකස් වෙලා තියෙන්නේ ආපෝ, තේජෝ, වායෝ සහ පටවී ධාතු වලින්. ඒවා කාලයාගේ ඇවෑමෙන් වෙන් වෙලා, දිරාපත් වෙලා යලි පරිසරයට එකතු වෙනවා.
    2. දෙවනුව හානිකර සිතුවිලි මුලින් උදුරා අයින් කරන්න (විපස්සානා භාවනාව) ->දවේශය ගැන සිතමින් හිත රවුම් ගසන එක උදුරා දානකම් තිලඛ්නය ආවර්ජනය කරන්න

    1 - මෙ වැනි සිතුවිලි මට කැමති ආකාරයට පලනය කරන්න බැහැ (අනිච්චයි)
    2 - නිරන්තරයෙන් සිතට එන අරමුණු සහ සිතුවිල්ලට භාජනය කරන දේවල් සහ අවස්ථා ඉදිරියදී දෙවන වේශයකට පත් වෙලා (දුක්ඛයි)
    3 - අවසන් වනවා (ආනාතයි)

    එම නිසා, නොයෙකුත් බාධා සහ රෝග ඇති කරන දේවල් හිතට උරා ගෙන (උපාදානය) කර, සිත කිලිටි කර ගැනීම කිසිම වටිනාකමක් නැති ක්‍රියාවකි.
    රාගය ගැන සිතමින් හිත රවුම් ගසන එක උදුරා දානකම් තිලඛ්නය ආවර්ජනය කරන්න

    1 - මෙ වැනි සිතුවිලි මට කැමති ආකාරයට පලනය කරන්න බැහැ (අනිච්චයි)
    2 - නිරන්තරයෙන් සිතට එන අරමුණු සහ සිතුවිල්ලට භාජනය කරන දේවල් සහ අවස්ථා ඉදිරියදී දෙවන වේශයකට පත් වෙලා (දුක්ඛයි)
    3 - අවසන් වනවා (ආනාතයි)

    එම නිසා, නොයෙකුත් බාධා සහ රෝග ඇති කරන දේවල් හිතට උරා ගෙන (උපාදානය) කර, සිත කිලිටි කර ගැනීම කිසිම වටිනාකමක් නැති ක්‍රියාවකි.

    මේකට කියනවා "සතර කමටහන්" කියලා.

    - යමෙක් බන අහලා මාර්ගයට පිවිසෙන්නේ සතර කමටහන් වඩලා.
    - යමෙක් අරිහත් එලය පෙර සහ ඉන් පසුවත් ඉන්නේ සතර කමටහන් වඩලා.
    - බුදුන් වහන්සේ ජිවත් වුනේ සතර කමටහන් වඩලා.
    - බුදු වුන සහ අරිහත් එලය ලබා ගන්න අයට මෙය ස්වයංක්‍රියව භාවිත වෙනවා.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    එසේය මහ රජ, එසේය!

    View attachment 230845
    :rofl:

    ඈ බං මල් මාමේ.. ඉතිං ඉතිං.. උඹත් ගියැයි අර රහත් වෙච්ච ගයනි ගේ කිහිල්ලේ මයිල් බාන්ඩ? මීවනපලානේ නාකිය නං පැයක් විතර බැවලු නේහ්?

    gayani.png
     
    • Haha
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඈ බං මල් මාමේ.. ඉතිං ඉතිං.. උඹත් ගියැයි අර රහත් වෙච්ච ගයනි ගේ කිහිල්ලේ මයිල් බාන්ඩ? මීවනපලානේ නාකිය නං පැයක් විතර බැවලු නේහ්?

    gayani.png
    :lol:
    මම ඒ කාලේ ඉඳන්ම ඔය මීවනපලාන පැත්ත එක්ක වැඩි සම්බන්ධයක් නැහැනෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,350
    2,214
    113
    1. මෙතන ඔබතුමා අදහස් කරනවද රාගය සහ ද්වේශය සොවාන් වෙන්න කලින් අහුවෙනව කියල?

    රාගය, දෙව්ශය, ෆීලින් එකක් මට්ටමේ අහු වෙනව...සන්කාර මට්ටමෙන් අහුවෙන්නෙ නැ.
    ඒ කියන්නෙ, රාගයෙ ද්වේශය සැබැ ස්වාභාවය අහුවෙන්නෙ නැ.,

    1. "මෝහය කියන එක සොවාන් වෙන්න කලින් කෙනෙකුට අහුවෙන්නෙ වත් නැ" - මේ වාක්‍ය තුල ඔබතුමා කියන්නෙ සොවාන් උනාට පසුව මෝහය අහුවෙනව කියලද?

    මෝහය අහුවීමම සොවාන් වීම...

    1. සෝවාන් මාර්ග සිත සහ සෝවාන් පල සිත ගත්තොත් මේ දෙකෙන් කොයි එකටද මෝහය අහුවෙල තියෙන්නේ?
    ------ Post added on Jun 4, 2024 at 6:05 AM

    මාර්ග සිතට අහුවෙනව... මෙන්න මේ ත්‍රෙඩ් එකේ ටිකක් වැඩියෙන් විස්තර දැම්මා, ඕනිනම් බලන්න..

    https://elakiri.com/threads/ඇති-ව-පැවත-නැතිවීම.2158805/#post-29865857
     
    • Love

    Thank you!