බෞද්ධ යුදකාමිත්වයක් මතුව තිබේද ?
ශ්‍රී ලංකාව හා බුරුමය: බෞද්ධ යුදකාමිත්වයක් මතුව තිබේද... 'හැනා බීච්' මුස්ලිම් අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බවලට වඩා නිරායුධ 'යුධකාමී බෞද්ධ යන්'ගැන උනන්දුයි...!
චතුර පමුණුව
hanabනිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ දකුණු හා නැගෙනහිර ආසියා කලාපයේ ප්‍රධානි හැනා බීච් යළිත් වරක් ථෙරවාදී බෞද්ධයින් නිග්‍රහයට ලක්කරමින් ලිපියක් ලියා ඇත. එය Our duty to fight: 'The rise of militant Buddhism' මැයෙන් පළ වී තිබේ. පාස්කු ඉරිදා එල්ල වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරවලට වඩා ඇය අවධානය යොමු කරන්නේ බෞද්ධයින් තුළ මුස්ලිම් අන්තවාදයට එරෙහිව ඇතිවන පොදු එකඟතාවය ගැනය. මේ ලිපියේදී හැනා මහත්මිය ශ්‍රී ලංකාව මෙන්ම බුරුමය ගැන ද අවධානය යොමු කරයි. ඇය ”යුදකාමී බෞද්ධයින්.. ගැන කතා කරන්නේ මන්ද? මුස්ලිම් අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බවලට වඩා නිරායුධ 'යුධකාමී බෞද්ධයින්' ගැන උනන්දුය. එදා 2013 දී අශ්වින් විරාතු හිමියන් බෞද්ධ බින් ලාඩන් ලෙස හඳුන්වමින් ටයිම් සඟරාවට ලිපියක් ලියා පළ කරනු ලැබුවේ ද මැය විසිනි. එදා ටයිම් සඟරාවේ මුල් පිටුව සැරසුනේ ද විරාතු හිමියන්ගේ සේයාරුවකිනි. .බෞද්ධ ත්රස්තවාදයේ මුහුණුවර. (The Face of Buddhist Terror) යන මාතෘකාවෙන් පළ වුණු ලිපිය හරහා විරාතු හිමියන්ට බරපතල නිග්‍රහයක් සිදුවිය. එය විරාතු හිමියන්ට පමණක් නොව පොදුවේ බෞද්ධයින්ටම එල්ල වූ ප්‍රහාරයක් විය. මීට වසර හයකට පෙර හැනා බීච් විරාතු හිමියන් ගැන ලියූ ලිපියේ කොටසක් මෙලෙස උපුටා දක්වමි.
https://www.nytimes.com/2019/07/08/world/asia/buddhism-militant-rise.html
ඒ මුහුණේ පිළිමයක මෙන් ශාන්ත පෙනුමකි. 'බුරුමයේ බින් ලාඩන්' ලෙස හැඳින්වෙන බෞද්ධ භික්ෂුව දේශනාව අරඹයි. ඉදිරිපස සිය ගණනක් බැතිමතුන් සිටියේ දෙඅත් එකට තබාගෙනය. ඔවුන්ගේ ඇලෙනසුලූ පිට දිගේ දහඩිය ගලා යයි. සංඥාවකට අනුව ඔවුහු බර්ගන්ඩි සිවුරක් හැඳි මිනිසා සමග තාලයට ගායනා කරති. රැංගුන් අගනුවරට පසුව බුරුමයේ දෙවැනි විශාල නගරය වන මණ්ඩලේ හි පිහිටි මේ පුදබිමේ උණුසුම් අහස ඒ මන්ත්‍රවලින් පිරී යයි. පෙනෙන ආකාරයට එය සාමකාමී දසුනකි. එහෙත් විරාතුගේ හඬෙහි ද්වේශය අඩංගුය. .සංසුන්ව සිටිය යුතු කාලයක් නෙවෙයි මේක. භික්ෂුව දේශනා කරයි. බෞද්ධයන් බහුතරයක් වසන රටක සුළුතර මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී අදහස් සහිත එම දේශනයට වැය කෙරෙන කාලය මිනිත්තු 90කි. .උදා වෙලා තිබෙන්නෙ නැගිටිය යුතු කාලයයි. ඔබේ ලේ උණුසුම් කළ යුතු කාලයයි.
මාධ්‍යවේදිනී හැනා විසින් ඒ ලිපිය රචනා කර තිබූ ආකාරයේම පරිවර්තනයකි. වීරාතු හිමියන්ගේ දේශනාවලින් පැතිරෙන වෛරය ගැන කතා කරන ඇය බෞද්ධයින්ට එරෙහිව යම් ද්වේශයකින් මේ රචනාව සිදු ඇති බව නම් පැහැදිලිය. බුද්ධ වන්දනය වෙනුවෙන් පාලි ගාථා සජ්ඣායනය පවා ඇය දකින්නේ වෛරය පැතිරීමක් ලෙසද? ඇමෙරිකානු මාධ්‍යවේදිනියට පන්සලේ බණ දෙසනා කරන භික්ෂුවගේ ක්‍රියා කලාපය මුස්ලිම් අන්තවාදීන්ගේ සැහැසිකම්වලටත් වඩා මාරාන්තික වී ඇත. මෙයට හේතුව කුමක් ද? විරාතු හිමියන් ”මම බාමා ජාතිය වෙනුවෙන් ජීවිතය කැප කරමි” මැයෙන් සිදු කළ ප්‍රකාශයත් හැනාගේ විවේචනයට බඳුන් විය. නමුත් තම රටත් ජාතියත් ආගමත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවීම ගැන කිසිම ථෙරවාදී බෞද්ධයකු විරාතු හිමියන්ට දොස් නගන්නේ නැත. මේ අපවාද ගැන විරාතු හිමියන් එදා මෙලෙස අදහස් දක්වා තිබිණි. ”මම කවුද කියල තේරුම් අරන් නැහැ. මට පහර දෙනවා. යම්කිසි කණ්ඩායමක් මාව අවමානයට ලක් කරවන්න මාධ්‍යයට සල්ලි දෙනවා කියල මම හිතනවා. ඇත්තෙන්ම, අන්තර්ජාල මාධ්‍ය හසුරුවන්නේ මුස්ලිමුන් විසින්.”
යුදකාමී බෞද්ධයින් ගැන රචනා කිරීම සඳහා හැනා බීච් ලංකාවටත් පැමිණ ඇත. සුදු වාර්තාකාරිනිය ජුලි 09 වැනිදා මෙම ලිපිය පළ කරන්නේ ගින්තොට සිටය. එහි ප්‍රධාන සේයාරුව ලෙස යොදා ගන්නේ බුරුමයේ බණ පිංකමකි. ඇත්තෙන්ම එය අශ්වින් විරාතු හිමියන් නායකත්වය ලබා දෙන මා බා තා සංවිධානය විසින් පැවැත්වූ පින්කමකි. ගින්තොටදී මේ මාධ්‍යවේදිනිය සමග අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියන්ගේ පවසන්නේ කුමක්ද? ”මුස්ලිම්වරුන්ගේ අරමුණ අපේ ලංකාව අල්ලා ගැනීමයි. ඇෆ්ගනිස්තානය, පකිස්ථානය, ඉන්දුනීසියාව ඉස්සර බෞද්ධ රටවල්. මේවා විනාශ කළේ මුස්ලිම් ආගමිකයෝ”.
උන්වහන්සේගේ ප්‍රකාශයේ කිසිදු වරදක් නැත. මෙරට බහුතර මහා සංඝරත්නය මේ මතය දරයි. ඒ ගැන විවාදයක් නැත. නමුත් මේ අදහස උලූප්පමින් ඇමෙරිකානු මාධ්‍යවේදිනිය .යුදකාමී බෞද්ධයින්. ගැන වැරදි චිත්‍රයක් මැවීමට උත්සහ දරයි. එමෙන්ම ඇය මෙම ලිපියට අශ්වින් විරාතු හිමියන්ගේ ප්‍රකාශයක් ද උපුටා දක්වයි. ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය බුරුම හමුදාවට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළහොත් එයට තමා විරුද්ධ බවත් හදිසියේ හෝ මේ අධිකරණය බුරුමයේ ස්ථාපිත කළහොත් එයට විරුද්ධව අවි අතට ගන්නා බවට කළ ප්‍රකාශය ගැනත් ඇය බලවත් සේ කලබල වී ඇත. මෙරට මහසඟරුවන ද අපේ හමුදාවන්ට එරෙහිව ජාත්‍යන්තරය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන විට මෙවැනි අදහසක් දැරීය. එහෙත් මෙය බෞද්ධකමේ ප්‍රශ්නයක් හෝ යුදකාමී බුද්ධාගම ගැන ප්‍රකාශයක් වත් නොවේ. එය තම රටට ජාතියට ඇති ආදරයයි.
82 හැවිරිදි අශ්වින් විරාතු නා හිමියන් බුරුමයේ ප්‍රසිද්ධව ඇත්තේ සිතාගු සයදෝ ලෙසය. උන්වහන්සේ බුරුම බෞද්ධයින් බලවත් පූජනීයත්වයෙන් සලකන මහා තෙරනමකි. පසුගිය දිනක උන්වහන්සේ බුරුම හමුදා නිලධාරීන් හමුවේ ධර්ම දේශනයක් පවත්වමින් සිදු කළ ප්‍රකාශ ගැන හැනා කලබල වී ඇත. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ කුමක්ද? .මුස්ලිම්වරු එක්සත් ජාතීන් ගේන්න හදනවා. නමුත් හමුදාව හා භික්ෂුව අතර ඇති සම්බන්ධය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. මෙරටේ භික්ෂුන් වහන්සේලා ලක්ෂ හතරක් ඉන්නවා. හමුදාවට යම් අවශ්‍යතාවයක් ආවොත් මම ඔවුන්ට කියනවා මේ අඩුව පුරවන්න කියලා.” ඇත්තෙන්ම මෙහි කලබල වීමට යමක් තිබේද? මෙරට යුද්ධය පැවති සමයේදී පවා භික්ෂුන් වහන්සේ සිවුරු හැර දමා හමුදාවට එක් නොවූවේද? ඒ හේතුවෙන් ලංකාවේ ”යුදකාමී බෞද්ධයින්. පිළිබඳ ප්‍රවණතාවයක් මතුවීද? කිසිසේත් නැත. හැනා මාධ්‍යවේදිනිය යළි යළිත් ථෙරවාදීන් නිග්‍රහයට ලක්කිරීමට සැරසෙන බව නම් සහතිකය. බටහිර ලෝකය බෞද්ධයින්ට නිග්‍රහ කර කොන් කිරීමේ ව්‍යාපෘතිය හැනාගේ පෑනෙන් වඩා හොඳින් ක්‍රියාත්මක වේ.
පසුගිය වසරේදී මහනුවර දී ඇතිවූ කෝලාහල පිළිබඳව බටහිර මාධ්‍ය බෞද්ධයන්ට නිග්‍රහ කරද්දී වියොන් නම් ඉන්දියානු ප්රවෘත්ති වෙබ් අඩවියට අදහස් දැක්වූ ප්‍රවීණ මාධ්‍යවේදිනී පද්මා රා ඕ සුන්දර්ජි පැවසුවේ කුමක්ද? බෞද්ධයන්ගේ නොඉවසිල්ල වැඩිවී ඇත්තේ ලංකාවේ මිලියන දෙකක මුස්ලිම් ප්‍රජාව අතර වේගයෙන් වහාබ්වාදය පැතිර යන නිසා බවයි. ඇත්තෙන්ම එය පාස්කු ප්‍රහාරයත් සමග ලෙයින් සටහන් නොවුවේද? ලංකාවේ වහාබ් අන්තවාදය පැතිරීම ගැන හැනා බීච් හෝ ඇගේ පුවත්පත වචනයක් කතා කරන්නේ නැත. නමුත් ථෙරවාදීන් අතරින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් හෝ අන්තවාදී කැරලිකාරිත්වයක් බිහිව නොමැති වුවත් .යුදකාමී බෞද්ධයින්. ගැන නිතර මෙනෙහි කරයි.
අපේ බෞද්ධ ශිෂ්ටාචාරය රැක ගන්නේ කෙසේද යන්න පිළිබඳව වඩා හොඳින් සිතා බැලිය යුතුය. ඒ ගැන හැනා බීච්ගේ උපදෙස් අවශ්‍ය නැත. වේගයෙන් පැතිර යන මුස්ලිම් අන්තවාදය හමුවේ බෞද්ධයන් තුළ භීතියක්ද ඇතිවීම වැළැක්විය නොහැකිය. අපේ‍්‍රල් 21 ප්‍රහාර නිසා ලංකාව ද වහාබ්වාදයේ ගොදුරක් බව පැහැදිලි විය. වසර ගණනාවකට පෙර සිට දකුණු තායිලන්තයේ යාල නතරිවාත්, පත්තානි යන ප්‍රාන්තවල බෞද්ධ භික්ෂුන් පිඬු සිඟා වඩින්නේ හමුදා ආරක්ෂාව ඇතිවය. පාස්කු ප්‍රහාරයෙන් පසුව මහරගම පන්සල පාරේ පැවති පිඬුසිඟා වැඞීමේ පින්කමට ද අවිගත් හමුදා සෙබළු ආරක්ෂාව සඳහා යොදවා තිබිණි. දකුණු තායිලන්තයේ අනතුර අපේ ගේ දොරකොඩටම පැමිණ ඇත. එයින්ම ථෙරවාදීන්ට එරෙහි කැරැල්ලක් පවතින බව අවබෝධ නොවන්නේද? එදා නාලන්දාවට පහර දුන්නෝ කොළඹදී මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළහ. එනිසා නාලන්දාවේ භික්ෂුන් මෙන් අද මරණානුස්සතිය වැඩිය නොහැක. අපේ බෞද්ධ ශිෂ්ටාචාරය අප විසින්ම රැකගත යුතුය.

Last edited: