බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මම නම් හෙතුවාදින් දකින්නේ සමාජයට වැදගත් පිරිසක් හැටියට. මොකද ඒ මිනිස්සු සැක තැන් පරික්ශා කරල බලනවා. බොහොමයක් මිත්යා මත නැති කරන්න ඒවා හේතු වෙනවා.
    දැන් ඔය කවුරු හරි ඉරිද ලන්කාදීපෙ බලනවනම් ඔය ගල්ගහන භූතයො,වැලි දාන භූතයො, වැහෙන බූතයො වගේ ඔය හුගක් එව්වා විද්යාත්මක ඇප්‍රොච් එකකින් විසදන් ආකාරය තියෙනවා. මම කෝවූරට ගොඩක් ගරු කරන්නේ මේ සමාජයේ මුල් බැහැල තියෙන,අලබැහැල තියෙන දුර්මත දුරු කරපු නිසා.නමුත් කොවූර් කියපු සියල්ල ඇත්ත නෙමෙයි. ඒ නිසයි මම හෙතුවාදින්ගෙ සන්ගමයට බැදුනෙ නැත්තෙ.නමුත් මම උන්ගෙ පරෙශන ,පොත් පත් කියවන්නෙ මාර ආසාවෙන්.උඹලත් මම කියන්වට කෝවූර් ගෙ මාකල ගවෙශන්,දෙවියොසහ භූතයො වගෙ පොත් කියවලා බලපන්.
    හැබැයි මෙච්චර පරීක්ශන කරන හේතුවාදීන් කිසිම හැදෑරීමක් නැතුව ,දෙවියන් සහ භූතයන්,පුනර්භවය,භාවනාව වගේ දෙවල ප්‍රතික්ශේප කරණවා.කලින් කෙනෙක් ලෙසටම කියල තිබුනා විද්යාවෙන් සියල්ල මනින්න බැරි බව.
    අපි පොඩ්ඩක් බලමුද බුදු හාමුදුරුවො කොහොමද දෙයක් පිලිගන්න කිව්වෙ කියල.හුගක් කට්ටිය දන්න කාලාම සුත්‍රය පොඩ්ඩක් බලමු.

    මෙසේ එකත්පසෙක උන කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ක්ෂත්‍රීයයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
    “වහන්ස කේසපුත්තයට එන ඇතැම් මහන බමුණෝ ඇත. ඔවුහු ඔවුන්ගේ ලබ්ධියම (ආගම,ඇදහීම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ඇදහීම, විශ්වාසය සමග ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. වහන්ස අන්‍ය වූ වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝද කෙසපුත්තයට එති. ඔවුහුද ඔවුන්ගේ ලබ්ධියම (ආගම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. භාග්‍යවතුන් වහන්ස එහෙයින් අපට මේ මහණ බමුණන් අතරින් කවරෙක් නම් සත්‍යය කියයිද, කවරෙක් නම් බොරු කියයිද යි, සැක ඇතිවේය.” යනුවෙනි.
    (3). එවිට භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ කීහ. “තොප විසින් සැක කරන්නට සුදුසුමය. විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කටයුතු තැනම තොපට සැකය උපන්නේය. කාලාමයෙනි තොපි අසව.
    තොප,
    අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .
    පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,
    තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), - යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,
    අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,
    තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,
    න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,
    ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,
    අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,
    භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,
    මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,
    මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහතකී නිර්ණායක දහය මත පමණක් පදනම්ව සත්‍ය අසත්‍ය තීරණය නොකළයුතු බවට අවවාද දුන් සේක.

    :) :) :) :) :)
     
    • Like
    Reactions: dath kimbula

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    සොරි මචන් බර වචන ලොකු සීන් එකෙන් කතා කරන්න මම දන්නෙ නෑ. මට පොඩ්ඩක් කියපන් දැන් ඔය හේතුවාදීන් කියන්නෙ විද්‍යාත්මක පදනමකින් ඔප්පු කරන්න බෑරි ඒවා පිලිගන්නෙ නෑ නෙ. අපි දන්න විද්‍යාවෙන් ලෝකෙ තියෙන හැම දෙයක්ම ඔප්පු කරලා පෙන්නන්න බෑ කියන එක ඕන ගොන් තඩියෙක් දන්නවනෙ. එතකොට ඔය කියන හේතු වාදීන් ඔප්පු කරගන්න බැරි හැම එකම බැහැර කරනවනන් උන් තරන් මැටි ගොබිලො ටිකක් තවත් නෑ නේද

    ඔය ප්‍රශ්නෙට උත්තරේ මේ ත්‍රෙඩ් එකේම පිටු දෙකක් විතර කලින් දීල තියේ :) පොඩ්ඩක් හොයල බලපං..

    මම බැලුවා.... එහෙම එකක් හම්බුනෙ නෑ... උඹ සමහර තැන් වල හේතුවාදිය නිරවචනය කරන්න වගේ ගිහිල්ල ආය මොකටද හේතු වාදියත් හරියට සාමාන්‍ය මනුස්සයෙක් විදියට හිතන පුද්ගලයෙක් වගේ එකෙක් වගේ උත්තර කීපයක් නන් තැන් තැන් වල තිබ්බ දැක්කා. ඉතින් මම උඹෙ අදහස් ටික අරන් හේතුවාදියාට නිරවචනයක් හදාගත්තා. මේ ලෝකෙ ඉපදෙන කවුරුවත් විද්‍යාත්මකව ඔප්පු කර ගොඩ නගනලද තර්ක මත විතරක් පදනම් වෙලාවත් කවුරුන් හෝ ශස්තෲවරයෙක් කිව්ව දෙයක් මත විතරක් පදනම් වෙලා වත් නෙවෙයි දෙයක් දිහා බලන්නේ. තම තමන්ගේ මොලේ පාවිච්චි කරන්න පුලුවන් දුරට කලපනා කරලා කරුණු අරන් ඔලුවෙ තියෙන තරාදියට දාල බලලා බර වැඩි පැත්ත තමයි පිලිගන්නේ. හේතුවාදියත් කරන්නෙ ඒ දේමයි. ඉතින් මේ ලෝකෙ ඉපදෙන හැම සාමාන්‍ය මනුස්සයෙක්ම හේතුවාදියෙක්. මම හරිද.
     
    • Like
    Reactions: dath kimbula

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම බැලුවා.... එහෙම එකක් හම්බුනෙ නෑ... උඹ සමහර තැන් වල හේතුවාදිය නිරවචනය කරන්න වගේ ගිහිල්ල ආය මොකටද හේතු වාදියත් හරියට සාමාන්‍ය මනුස්සයෙක් විදියට හිතන පුද්ගලයෙක් වගේ එකෙක් වගේ උත්තර කීපයක් නන් තැන් තැන් වල තිබ්බ දැක්කා. ඉතින් මම උඹෙ අදහස් ටික අරන් හේතුවාදියාට නිරවචනයක් හදාගත්තා. මේ ලෝකෙ ඉපදෙන කවුරුවත් විද්‍යාත්මකව ඔප්පු කර ගොඩ නගනලද තර්ක මත විතරක් පදනම් වෙලාවත් කවුරුන් හෝ ශස්තෲවරයෙක් කිව්ව දෙයක් මත විතරක් පදනම් වෙලා වත් නෙවෙයි දෙයක් දිහා බලන්නේ. තම තමන්ගේ මොලේ පාවිච්චි කරන්න පුලුවන් දුරට කලපනා කරලා කරුණු අරන් ඔලුවෙ තියෙන තරාදියට දාල බලලා බර වැඩි පැත්ත තමයි පිලිගන්නේ. හේතුවාදියත් කරන්නෙ ඒ දේමයි. ඉතින් මේ ලෝකෙ ඉපදෙන හැම සාමාන්‍ය මනුස්සයෙක්ම හේතුවාදියෙක්. මම හරිද.

    http://www.elakiri.com/forum/showpost.php?p=16356585&postcount=11

    http://www.elakiri.com/forum/showpost.php?p=16356646&postcount=16
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    මචන් මම ඒහැටි මේ සම්බන්දව පැහැදිලි කිරීමක් කරන්න ලොකු දැනුමක් නැ නමුත් එකදෙයක් කිව යුතුමයි. හෙතුවදීන්ට අනුව හැමදේම විද්‍යාවට ගෝචර නොවෙන තාක් කල් එය බෙහෙර කරත් අපිට ගෝචර නොවන තව මානයන් තියනවා මේ විශ්වයේ.. අපිට ගෝචර වෙන්නේ මන 3ඉයි නමුත් මම අහල තියනවා මාන 11ක් ගැන. වැරදිනම් නිවැරදි කරන්න. තවත් දෙයක්.. අයින්ස්ටයන් අන්තිම කාලේ ගොඩක් වෙහෙසුනේ 4වෙනි මානය සම්බන්ද සිද්දන්තයක් සෙවීමට කියල මම එක සඟරාවක දැක්ක. ඉතින් විද්‍යාවෙන් හැමදේම පැහැදිලි කිරීමක් කරන්න amarui . වැඩිය ඕන්නෑ මේ ලඟදි ත්රෙඅඩ් එකක් දැක්ක ඔරිගන් සළාව සම්බන්දව..
    http://www.elakiri.com/forum/showthread.php?t=1603501

    ඉතින් එක තාම විද්‍යානුකූල උත්තරයක් නේ නේද එසම්බන්දව.. එහෙව් විද්‍යාව කොහොමද මචන් හැමදේම පැහැදිලි කරන්නේ???
    ආ තව දෙයක් බුදු දහමේ එක තැනකදී සඳහන් වෙනවා නිරෝධ සම්පත්තිය සම්බන්දව.. ප්‍රාණය නිරුද්ද උනත් ජීව සෛල ඒ ආකාරයටම තබාගනිමින් ආශ්වාසය ප්‍රශ්වාසය නවත්වමින් කාලාන්තරයක් භාවනායෝගීව වැඩසිටීම සම්බන්ද කොටසක් ගැන මම බණකට ඇහුව. මේකගැන මම වාද කරන්නැ නමුත් හිතන්න දෙයක් තියනව.. අපේ මානයන්ට ගෝචර නොවෙනතාක් කල් එය අසත්‍යක් කියන්න amarui නේද?:)

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    මම ඔය පෝස්ට් දෙකම දැක්ක. මචන් උඹ ඔය දීල තියෙන පැහැදිලි කිරීමෙ ලොකු ප්‍රශ්න තියෙනවා....

    පලවෙනි දේ...
    විද්‍යාත්මක පදනමක් නැතුව ඔප්පු කරන්නෙ කොහොමද? උදාහරණයක් දෙන්න

    දෙක...
    නිව්ටන් පෙන්නලා දුන්නෙ විද්‍යාත්මක ඔප්පු කල හැකි කරුණක් මිසක් ප්‍රවාදයක් නෙවෙයි. එහෙනන් අදටත් අභ්‍යාවකාශයට රොකට් එකක් යවන එක හීනයක්. මොකද ගුරුත්වාකරශනය ප්‍රවාදයක් නන් ගුරුත්වාකර්ශනයට විරුද්දව බලයක් යෙදීමත් ප්‍රවාදයක්

    තුන...
    "විද්‍යාව තනිකරම තියෙන්නෙ නිරීක්ෂකය නිරීක්ෂණය කරන දේවල් මත. නිරීක්ෂකයට මොකක් හරි මිස් වුනා කියන්නෙ විද්‍යාව ඉස්සරහ ඒක බොරුවක්.. මහ පාරෙ යද්දි පාරවසා ඇත බෝඩ් එක නිරීක්ෂණය කරන්න බැරිවුනා කියන්නෙ එහෙම බෝඩ් එකක් නෑ ඒක මිථ්‍යාවක්.. ඔය තර්කෙ ඉඳගෙන විද්‍යාව සම්පූර්ණයෙන් අදහන්නෙ නැති (පිළිගන්න නෙමෙ) හේතුවාදීන් ඉන්නව..."

    මේ උඹෙ අදහසක්ද නැත්තන් පොදු මතයක්ද? මොකද මේකෙන් පුලුවන් බුද්ධ දර්ශනය සහ බෞද්ධ සාහිත්‍යයේ ප්‍රවාද (උදා: පන්සිය පනස් ජාතකය ) බොරු නෙවෙයි කියල ඔප්පු කරන්න
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    තවත් දෙයක් කියන්න ඕනේ.. නුතන විද්‍යාවට විසදගන්න බැරි හැම ගැටළුවකටම උත්තර බුද්ධ දේශනාවේ තියෙනවා... ඒවගේම නුතන විද්‍යාව තවම නොදන්නා ගොඩක් දේවල් බුදුන් දේශනා කරලා තියෙනවා... තව දෙයක් තමයි බුදුන් කිසිම අයෙකුට දේශනා කරලා නෑ බුදුන් වදින්න , අදහන්න කියලා.. බෝසතාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගැනීමෙන් පසුව තමයි සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ.. ඉතින් බුදුන් ධර්මය දේශනා කරේ අනික් මිනිසුන්ට සත්‍ය අවබෝධ කිරීම පිණිසයි...
    අපිට තියෙන්නේ දේශනා කරපු ධර්මය නුවණින් අවබෝධ කරගැනීමයි...
    (හැබැයි ගොඩ දෙනෙකුට ඔය කියපු නුවණ නෑ... ! )
     
    Last edited:

    නියම කතාව!!! එල
     
    මගේ අන්තිම උත්තරෙයි උඹෙ අවසන් කරුණයි සමපාතයි..... මට නන් තේරෙන විදියට හේතුවාදය කියන්නෙ මාකටින් වලට ගන්න පුලුවන් රැඩිකල් නමක්.... ටිකක් අමුතුයි. දැක්කම ආස හිතෙනවා. හැබැයි ඇතුලෙ මොනවද තියෙන්නෙ???
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මචං උබ කියල තියෙනවා නේ විද්‍යාවෙන් ඔප්පු කරන්න කියල... මම මෙන්න මේ දේ ඔප්පු කරන්නම්... පුනර්භවය බොරුනම් මෝහනයත් බොරු!!!! :)
    පුනර්භවය සත්‍යයක්... මේක අසත්‍යක් වෙන්නේ වෙන ආගම වලට..
    මෝහනයෙන් එක ඔප්පු කරන්න පුළුවන්... එහෙමනම්.. පුනර්භවය ඇත්ත... මම දන්නා විදිහර ඉස්ලාම් ආගමේ කියන්නේ මැරුණට පස්සේ අයිත් උපදින්නේ නෑ කියල... එහෙමනම් මොහාන විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් මරණයෙන් පසුව නැවත ඉපදීමක් තිබෙන බව... එතකොට ඉස්ලාම් දර්මයත් බොරුවක් වෙනවා....
    පුනර්භවය සතයක් නිසා.. කර්මයත් සතයක් වෙනව...

    මෝහනය කරලා කී පලියට එක පිලිගන්නවනම් ප්‍රේතාරූඩ වෙලා කියන එක පිලිගන්නෙ නත්තෙ අය්?
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මෝහනය කරලා කී පලියට එක පිලිගන්නවනම් ප්‍රේතාරූඩ වෙලා කියන එක පිලිගන්නෙ නත්තෙ අය්?
    මචං උබේ ප්‍රශ්නය පැහැදිලි මදි.... පොඩ්ඩක් පැහැදිලිව අහපන්..
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    පුනර්භවය පිළිනොගන්නා ඕනෑම අයෙකව මෝහනය කර බලන්න... යාළුවා ඔය කියුව නේද.... :shocked: :shocked:
    ''කෝවුර් කියනවා ඕනම මිනිහෙකුගෙ යටි හිතෙන් තමන් විස්වාස කරනව පෙර අත්මයන් ගැන'' :)
    කොවුර් කියනවනම් හැම මිනිහෙක්ම යටි හිතෙන් විශ්වාස කරනවා කියල පෙර ආත්මයක් ගෙන.. එහෙම හිතනවානම් යාලු... මේ ලෝකේ තිබෙන සෑම ආගමක්ම හැම අගමිකයෙක්ම යටි හිතින් හිතනවා ඇති නේද පෙර ආත්මය ගැන..? එහෙම හිතනවා කියන්නේ ඔවුන් කුමන ආගමක් ඇදහුවද විශ්වාස කරද,
    යටි හිතින් බුද්ධ දේශනය විශ්වාස කිරීම නොවේ ??? :) :) :)

    සහෝ පුනර්භවය කියන්නේ එක දෙයක් නෙ.. ඔය කියන විදිහට යටි හිතේ තිබිලා කියන දෙ ඔයාල පිලිගන්නවනම්. යකෙක් වැහෙනව කියලා හිත යටින් හිතලා ආවේස වුනොත් එකත් සත්‍යයිද? මොකද මචන් ඔයා මෝහනය පිලිගන්නවනම් ප්‍රේතයන් ආවෙස වීමත් පිලිගන්න ඔනේ නේද?
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මම නම් හෙතුවාදින් දකින්නේ සමාජයට වැදගත් පිරිසක් හැටියට. මොකද ඒ මිනිස්සු සැක තැන් පරික්ශා කරල බලනවා. බොහොමයක් මිත්යා මත නැති කරන්න ඒවා හේතු වෙනවා.
    දැන් ඔය කවුරු හරි ඉරිද ලන්කාදීපෙ බලනවනම් ඔය ගල්ගහන භූතයො,වැලි දාන භූතයො, වැහෙන බූතයො වගේ ඔය හුගක් එව්වා විද්යාත්මක ඇප්‍රොච් එකකින් විසදන් ආකාරය තියෙනවා. මම කෝවූරට ගොඩක් ගරු කරන්නේ මේ සමාජයේ මුල් බැහැල තියෙන,අලබැහැල තියෙන දුර්මත දුරු කරපු නිසා.නමුත් කොවූර් කියපු සියල්ල ඇත්ත නෙමෙයි. ඒ නිසයි මම හෙතුවාදින්ගෙ සන්ගමයට බැදුනෙ නැත්තෙ.නමුත් මම උන්ගෙ පරෙශන ,පොත් පත් කියවන්නෙ මාර ආසාවෙන්.උඹලත් මම කියන්වට කෝවූර් ගෙ මාකල ගවෙශන්,දෙවියොසහ භූතයො වගෙ පොත් කියවලා බලපන්.
    හැබැයි මෙච්චර පරීක්ශන කරන හේතුවාදීන් කිසිම හැදෑරීමක් නැතුව ,දෙවියන් සහ භූතයන්,පුනර්භවය,භාවනාව වගේ දෙවල ප්‍රතික්ශේප කරණවා.කලින් කෙනෙක් ලෙසටම කියල තිබුනා විද්යාවෙන් සියල්ල මනින්න බැරි බව.
    අපි පොඩ්ඩක් බලමුද බුදු හාමුදුරුවො කොහොමද දෙයක් පිලිගන්න කිව්වෙ කියල.හුගක් කට්ටිය දන්න කාලාම සුත්‍රය පොඩ්ඩක් බලමු.

    මෙසේ එකත්පසෙක උන කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ක්ෂත්‍රීයයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
    “වහන්ස කේසපුත්තයට එන ඇතැම් මහන බමුණෝ ඇත. ඔවුහු ඔවුන්ගේ ලබ්ධියම (ආගම,ඇදහීම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ඇදහීම, විශ්වාසය සමග ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. වහන්ස අන්‍ය වූ වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝද කෙසපුත්තයට එති. ඔවුහුද ඔවුන්ගේ ලබ්ධියම (ආගම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. භාග්‍යවතුන් වහන්ස එහෙයින් අපට මේ මහණ බමුණන් අතරින් කවරෙක් නම් සත්‍යය කියයිද, කවරෙක් නම් බොරු කියයිද යි, සැක ඇතිවේය.” යනුවෙනි.
    (3). එවිට භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ කීහ. “තොප විසින් සැක කරන්නට සුදුසුමය. විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කටයුතු තැනම තොපට සැකය උපන්නේය. කාලාමයෙනි තොපි අසව.
    තොප,
    අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .
    පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,
    තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), - යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,
    අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,
    තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,
    න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,
    ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,
    අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,
    භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,
    මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,
    මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහතකී නිර්ණායක දහය මත පමණක් පදනම්ව සත්‍ය අසත්‍ය තීරණය නොකළයුතු බවට අවවාද දුන් සේක.

    ඔව් කාගේවත් අදහසක් අපිට එකාර බැහැර කරන්නබෑ.. ඒවගේම යමෙකුගේ විෂ්වාසයකට අපිට නිග්‍රහ කරන්නත් බෑ.. මොකද අද මිත්‍යාවක් ලේස කියනදේවල් අනාගතයේදී සත්‍යයක් වෙන්න පුලුවන්.. මීට අවුරුදු 100කට කලින් කවුරු හරි කිව්වොත් හඳේ පාතබන්න පුලුවන් කියලා ඒක මිත්‍යාවක්. අන්න ඒ වගේ අපිට කිසි දෙයක් අපිට නොතේරුන පමනින් නිග්‍රහයට ලක් කරන්න බෑ..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    doggy10000;16357383[B said:
    ]සහෝ පුනර්භවය කියන්නේ එක දෙයක් නෙ.. ඔය කියන විදිහට යටි හිතේ තිබිලා කියන දෙ ඔයාල පිලිගන්නවනම්. යකෙක් වැහෙනව කියලා හිත යටින් හිතලා ආවේස වුනොත් එකත් සත්‍යයිද? මොකද මචන් ඔයා මෝහනය පිලිගන්නවනම් ප්‍රේතයන් ආවෙස වීමත් පිලිගන්න ඔනේ නේද?[/B]

    අනිවාර්යයෙන් ප්‍රේතයන් අවෙස වීම පිලිගන්නවා... හැබැයි ඔය දේව අවෙසයෙන් සාස්තර කියන ඒවානම් 98% බොරු... තවත් දෙයක් කියන්න තියෙනවා... මේ තත්පරේ ඉදන් උබට පුළුවන් මනසින් හිතලා මරුන කෙනෙක්ගේ කෙනෙක් ගේ චරිතය රඟ දක්වන්න... එහෙම කරද්දී වටේ ඉන්න අය හිතන්න පුළුවන් උබට ඒ මරුන කෙනා වැහිලා (ආවේශ වෙලා) කියල... එහෙම රගපෑමක් නෙවෙඉ ප්‍රේතයන් ආවේශ වෙනවා කියන්නේ.. අනිත් එක මචං මෝඩ තර්ක ගෙන්න එපා... මම කොතනදිවත් කිවුවේ නැ යටි හිතක් ගැන.. මම තව සහෝදරයෙක් කියපු දෙයක් තව පැත්තකින් පෙන්වල දුන්න එක කරේ... ඒ පෙන්වා දීමයි... ඒ පෙන්වා දීම තුලින් උබ අහන ප්‍රශ්නයයි '' ඔය කියන විදිහට යටි හිතේ තිබිලා කියන දෙ ඔයාල පිලිගන්නවනම්. යකෙක් වැහෙනව කියලා හිත යටින් හිතලා ආවේස වුනොත් එකත් සත්‍යයිද?'' පරස්පර විරෝධී මචං.....හරියට යන්නේ කොහෙද මල්ලේ පොල්ගස් වගේ!!! :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යහපත් සංවාදය වෙනුවෙන් දෙන්න පුළුවන් සියලුම එවුවොන්ට රෙප් දුන්නා........
    මේ කිරියට එන්න හිතෙන පළමු හේතුව යහපත්ව, තමන් ගේ මතය සහ තර්කය මතු කරන, ගැටීමෙන් යහපත් දේ අපට නෙලා ගන්න ඉඩ දෙන උඹලා..........

    මගේ ප්‍රණාමය...............
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඔව් කාගේවත් අදහසක් අපිට එකාර බැහැර කරන්නබෑ.. ඒවගේම යමෙකුගේ විෂ්වාසයකට අපිට නිග්‍රහ කරන්නත් බෑ.. මොකද අද මිත්‍යාවක් ලේස කියනදේවල් අනාගතයේදී සත්‍යයක් වෙන්න පුලුවන්.. මීට අවුරුදු 100කට කලින් කවුරු හරි කිව්වොත් හඳේ පාතබන්න පුලුවන් කියලා ඒක මිත්‍යාවක්. අන්න ඒ වගේ අපිට කිසි දෙයක් අපිට නොතේරුන පමනින් නිග්‍රහයට ලක් කරන්න බෑ..

    මෙතැනදී මචං අදහසක් නෙවෙයි.. අවුරුදු 100 ට කලින් කවුරුහරි කිවුවනම් හඳේ පබාන්න පුළුවන් කියල ඒ කියපු දේ ඒ කියපු අවුරුද්දේ ඉදන් දිගටම උත්සහ කරොත් අනිවාර්යයෙන්
    හඳේ පාතබන්න පුලුවන්...කරන්න අමාරු දෙයක් කවුරු හරි ප්‍රකාශ කිරීම මිත්‍යාවක් නෙවෙයි...අපිට කරන්න බැරිදෙයක් නැ බන්.. උත්සාහය විතරයි ඕනේ...:yes::yes::yes: උබ තවම මිත්‍යාවක් කියන දේ අර්ථය දන්නේ නැ... කවුරුහරි ගහකට ගලකට වදිනවානම් එක මිත්‍යාවක්.. උබ හැමදාම තමන්ගේ ගෑනිට මල් තියල වැදලා හිතනවානම් උබේ ගැනිට මල් තියල වැන්දම උබට පින් ලැබෙනවා කියල එහෙමත් නැත්තම් පවු සම වෙනවා කියල, අන්න ඒවා තමයි මිත්‍යා කියන්නේ.....
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    යහපත් සංවාදය වෙනුවෙන් දෙන්න පුළුවන් සියලුම එවුවොන්ට රෙප් දුන්නා........
    මේ කිරියට එන්න හිතෙන පළමු හේතුව යහපත්ව, තමන් ගේ මතය සහ තර්කය මතු කරන, ගැටීමෙන් යහපත් දේ අපට නෙලා ගන්න ඉඩ දෙන උඹලා..........

    මගේ ප්‍රණාමය...............

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    . හෙතුවදීන්ට අනුව හැමදේම විද්‍යාවට ගෝචර නොවෙන තාක් කල් එය බෙහෙර කරත් අපිට ගෝචර නොවන තව මානයන් තියනවා මේ විශ්වයේ..

    ඉතින් එක තාම විද්‍යානුකූල උත්තරයක් නේ නේද එසම්බන්දව.. එහෙව් විද්‍යාව කොහොමද මචන් හැමදේම පැහැදිලි කරන්නේ???

    අපේ මානයන්ට ගෝචර නොවෙනතාක් කල් එය අසත්‍යක් කියන්න amarui නේද?:)

    දැන් මම මෙකම ඔයාගෙන් මෙහම ඇහුවොත්

    විද්යාව තියෙන්නෙ ලදරු අවදියකය , අද කියන දෙ හෙට වෙනස් විය හැක, අපට බුද්දි ගොචර නැති දෙවල් ඇත

    මෙ විශ්වය මවපු දෙවි කෙනෙක් , විශ්වෙට එහා පැත්තෙ ඉන්නවාය , මෙ ඔක්කොම කරන්නෙ එයාය , එයා බුද්දි ගොචර නැත ,

    එයා සොයා ගැනිමට විශ්වෙට එහා පැත්තට යාමටවත් තවම විද්යාව දියුනු නැත

    යමක් බුද්දි ගොචර නොවු පලියට ඔයා කොහොමද කියන්නෙ එහෙම කෙනෙක් නැහැ කියල ?

    මෙක මෙහෙම ඇහුවෙ ඔයාට තෙරුම් යන්නයි ....යමක් උපකල්පනය කිරිමෙදි එහි සම්බාවිතවය ගැන මම කලින් රිප්ලයි එකක කිව්ව

    යමක් පිලි ගැනිම්ට විද්යාවෙන් ඔප්පු කරන්න අත්ය අවශ්ය නැහැ ...

    මෙහෙම් කිව්වොත්

    දැන් ඔය භවනා කරල ඔයාට අහසින් යන්න පුලුවන් කියමුකො, ඔයා දැන් එක මිනිස්සුන්ට කියල දිල මිනිස්සුන්ට අහසින් යනව , ඔයා කරන්නෙ වන්චාවක් , මැජික් එකක් නෙවෙයි නම්, විද්යාවෙන් ඔප්පු නොකලට ,විද්යත්මක පැහැදිලි කිරිමක් කරගන්න බැරි උනාට මම අනිවර්යෙන් පිලිගන්න එපැය ඔයට පාවෙන්න පුලුවන් කියන එක ....

    එක හරි හමන් විදිහට ,ඇයි එහෙම වෙන්නෙ කියල පැහැදිලි කරගන්නකම් , අපිට කියන්න පුලුව්න් හදුනා නොගත් හෙතුන් කියල ,

    කලින් යක ගැහුවය කියන එව දැන් මනසික ලෙඩ කියල අදුනගෙන තියනව , එවට බෙහෙත් කරන විදිහත් දන්නව , ඉස්සර එ යකෙක් උනාට එ යකෙක් නෙවෙයි කියල ඩැන් දන්නවා ....

    දැන් මට ඔප්දුපයක් අහන්න ලැබෙනව එහෙම කෙනෙක් ඉන්නව කියල , එහෙමත් නැත්තම් ඉතිහාස කතන්දරෙක අහන්න ලැබෙනව එහෙම කෙනෙක් ඉන්නව කියල ,

    මම රාවනා කියන කෙනා ඉන්දියවෙන් කන්දක් ගලවගෙන ඇවිත් ලන්කාවෙ හයි කරා කියලත් අහල තියන්ව . දැන් ඔයා එහෙම කරන්න පුලුවන් මිනිහෙක් ලොකෙ නැත්තම් (ඉන්නව එලියට එන්නෙ නැ කියල කියනව සමහරු )එකෙ ප්‍රයොගික බව ගැන නිගමනයකට එන්න පුලුවන් සාදක හොයනව නෙද ?

    මෙතන තියෙන්නෙත් එවගෙ දෙයක් , පිලිගත් හැක්කෙ මොකක්ද ? එහෙම පිලිගන්නවනම් ඇයි එහෙම පිලිගන්නෙ ? ඔයා කියන විදිහට මැවුම්කාර දෙවියො අපිට ප්‍රතික්ශෙප කරන්න බැහැ, එත් එසෙ විමෙ සම්බාවිතවය මොන වගෙද ..විද්යාව දියුනු නැති නම් සුලුවට හො ලැබිල තියන ශක්ශි මොනවද ? එසෙ නොවෙනව කියල හිතන්න පුලුවන් ශක්ශි මොනවද ? එ සියල්ල මත ගොඩ නගන්න පුලුවන් උපකල්පනය කුමක්ද ?
    ඔන්න ඔව ගැන විමසන එකාට කියනව හෙතුවාදිය කියල ....

    ආගමික කරුනු සම්බන්දව එකින් එක කතා කරන්න පුලුවන් ඉස්සරහට
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්ලා පහුගිය දවස් ටිකේ ජ්‍යෝතිෂය හා හේතුවාදය ගැන එකසිය ගානට කථා කල නිසා මට පුන්චි පුන්චි ගැටලු ටිකක් තියනවා.

    කාට හරි පුලුවන් නම් මට මේ ටික පැහැදිලි කරලා දෙන්න.

    01. දැන් මචන් ඇත්තටම ද්වියෝ කියලා ජාතියක් නැද්ද? (ඉන්නවනම් ඔබ කියන ලෙස එය විද්‍යාවෙන් ඔප්පු කරන්න)
    නැත්තන් ත්‍රිපිටකයෙන් බාගයකටත් වැඩිය සූත්‍ර පටන් ගන්නේ…
    ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති අනාථ පින්ඩිකස්ස ආරාමේ අථකෝ අඤ්ඤතරා "දේවතා" අභික්ඛන්ථාය, කියලා…
    එතකොට ත්‍රිපිටකයෙන් භාගයක්ම අයින් කරන්න වෙනවා නේද? අනික ත්‍රිපිටකයේ බොරු තියනවා කියලා පිලිගන්න වෙනවා නේද?
    සදෙව් ලොව පිලිඹඳ ඔබේ මත කුමක්ද? බුදුන් වහන්සේ මාතෘ දිව්‍යරාජයාට දම් දෙසුවා කියන්නේ බොරුවක්ද?

    02. එතකොට ප්‍රේතයන් හා භූතයන් ගැන මොකද හිතන්නේ? එහෙම කොටසක් ඉන්නවද නැද්ද? ඉන්නවනම් විද්‍යාත්මකව ඔප්පු කරන්න.
    නැතිනම් සතර අපාය ගැන ඔබේ මතය කුමක්ද?
    පුනර්භවය පිලිගන්නවාද?
    නැත්තන් බුදුදහමේ පුනර්භව සන්කල්පය බොරුවක්ද?
    පිලිගන්නවනම් එම ක්‍රියාවලිය විද්‍යාත්මකව ඔප්පු කරන්න
    රතන සූත්‍රය යනු මුසාවක්ද?

    03. ඔබ හෙතු වාදියෙක් ලෙස බුදුගුන පිලිගන්නවාද? පිලිගන්නවානම් මේවා විද්‍යාත්මකව පහදන්න
    විජ්ජාචරණ සම්පන්න (අෂ්ඨ විද්‍යා සියල්ල සහ පසළොස් චරණ ධර්ම)
    සුගත (සුන්දර වූ නිවනට පැමිණි නිසා සුගත නම් වූ සේක)
    සත්තා දේව මනුස්සානං
    ලෝකවිදූ (අපාය, දිව්‍ය ලෝක ඇතුලු තුන් ලොවම පිලිඹද ඇති දැනුම)

    04. පින හා පව (කර්මය ) පිලිගන්නවාද? පිලිගන්නවානම් විද්‍යාත්මකව පහදන්න

    05. ඔබ පිලිගන්නේ බුදුන්වහන්සේගේ ධර්මයද නැතිනම් අජිත කේශකම්බලගේ ධර්මයද? බුදුන්ගේ ධර්මය නම් උන් වහන්සේ අජිත කේෂකම්බල ගේ ධර්මය නොපිලිගත් බවද ඔහු ඉගැන්වූ උච්චේදවාදය ප්‍රතිෂේප කල බවද මතක් කිරීමට කැමැත්තෙමි උච්චේද වාදය යනු හේතු වාදයම බවද මතක් කරමි

    කුනුහර්ප අනන් මනන් නැතුව එක් එක් ප්‍රශ්නයට අංක සහිතව පැහැදිලිව උත්තර දෙන්න පුලුවන්නම් තේරුම් ගන්න පහසුයි.

    01. දෙවියන් සිටී. දිව්‍ය ලෝක පවතී. මේ නිසා ත්‍රිපිටක ධර්මය පිළිගත හැක.

    02. ප්‍රේතයන්, භූතයන් සිටී. අපායක් ඇත.

    03. මේවා විද්‍යාත්මකව පැහැදීමට තරම් විද්‍යාව දියුණු නැත. අඩුම තරමින් මනස යනුවෙන් යමක් පවතී යැයි විද්‍යාවෙන් ඔප්පුකල නොහැක. එසේනම් අපේ සිත හා සිතුවිලි යනු නොපවතින දෙයක්ද?

    04. පින් පව් පිලිගනිමි. විද්‍යාත්මකව පැහැදිය නොහැක.

    05. මම පිළිගන්නේ බුද්ධ ධර්මයයි. උච්චේද වාදය පලි නොගනිමි.
     
    • Like
    Reactions: shenic

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    01. දෙවියන් සිටී. දිව්‍ය ලෝක පවතී. මේ නිසා ත්‍රිපිටක ධර්මය පිළිගත හැක.

    02. ප්‍රේතයන්, භූතයන් සිටී. අපායක් ඇත.

    03. මේවා විද්‍යාත්මකව පැහැදීමට තරම් විද්‍යාව දියුණු නැත. අඩුම තරමින් මනස යනුවෙන් යමක් පවතී යැයි විද්‍යාවෙන් ඔප්පුකල නොහැක. එසේනම් අපේ සිත හා සිතුවිලි යනු නොපවතින දෙයක්ද?

    04. පින් පව් පිලිගනිමි. විද්‍යාත්මකව පැහැදිය නොහැක.

    05. මම පිළිගන්නේ බුද්ධ ධර්මයයි. උච්චේද වාදය පලි නොගනිමි.
    නියම කතාව!!!! :yes: :yes: :yes: :yes: