You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Last edited:
මම කාලයක් එළකිරියේ inactive වෙලා හිටියේ වෙලාව මදි කම නිසා. හැබැයි ලඟදි දැක්ක, එළකිරියේ හැංගිලා තියන ලොකු අනතුරක් නිසා තාවකාලිකව active වෙන්න උනා පහුගිය දවස් ටිකේ.
ඒ තමයි Skylark කියන account එක හා ඔහු දමන thread.
මේ ඔක්කොම පටන් ගත්තේ මට අහම්බෙන් මේ thread එක අහු වීමෙන්.
නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
එතනින් Skylarkeගෙ පුද්ගලික blog එකකට යොමු කරනව. ඒකට ගියාම තමයි මට තේරුනේ එතන වැඩිපුර වෙන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ භික්ෂුන්ව ඉතා පහත විදිහට විවේචනය කරන එක. ඊට පස්සෙ එයාගෙ elakiri post history එක බැලුවම දාල තියන threads වල titles බැලුවම හිරිකිත හිතුන.
දොඩන්ගොඩ හැංගිමුත්තා හිමිගේ දේශනා එකතුව
මීවනපලානේ හිමිගේ බස හැසිරවීම
අපාය මඟ වූ රාජගිරියේ අරියඥාන හිමියන්ගේ මඟ
මේ මාතෘකා උදාහරණ තුනක් විතරයි. ඇතුල මීට වඩා හිරිකිතයි.
පස්සෙ තව ටිකක් මෙයාගෙ blog එක ගැන හොයල බැලුවම, තවත් පුදුම දෙයක් දැක්ක. මේ Skylark තමන් සෝවාන් වෙලා කියල කියනව. හැබැයි සංඝයාට කතා කරන විදිහ දැක්කම දේවදත්ත මතක් උනා.
මෙයා විවේචනය කරන සමහර දේවල් ඇත්ත තමයි, හැබැයි බොහොමයක් කරුණු මෙයාට අවබෝධ කරගන්න බැරි උනාම ත්‍රිපිටකයේ එහෙම දෙයක් නෑ කියල බනිනව. මේවා විවේචනය කරන විදිහක් තියනවා. ඒත් මෙයා ඒ භික්ෂුන්ව බොහොම පහත විදිහට විවේචනය කරන්නේ. මේ සංඝයා වහන්සේලා රහත් වෙලා නෑ. ඉතින් ඉඳල හිටල වැරදි දෙයක් කියන්න අවස්ථාවක් තියනව. මෙතන වැදගත්ම දේ ඒ හාමුදුරුවරු සිල්වත්ද කියන එක. ඒ හාමුදුරුවරු සිල්වත්නම්, ඒ හමුදුරුවරුන්ව පහත විදිහට විවේචනය කිරීමෙන් ඇති වෙන්නේ ලොකු පාපයක්.
මෙතන අනතුර තියෙන්නෙ මෙයා මේ දේවල් කරන්නෙ තමන් සෝවාන් වෙලා කියා ගනිමින් හා තමන්ගෙ ධර්මය 100%ක් නිවැරදියි කියමින්. දැන් කාලෙදි සෝවාන් ඵලය බොහොම දුර්ලභ දෙයක් බෞද්ධයොන්ට. ඒක නිසා මිනිස්සු මෙයාට රැවටෙන්න තියන chance එක වැඩියි. මිනිස්සු ස්වභාවයෙන් තව කෙනෙක්ට බනින්න කැමතියි. ඒක නිසා, සෝවාන් වේසයෙන් ඉන්න Skylark ලොකු ලොකු භික්ෂුන් පහත් කරල බනිනකොට, මෙය සෝවාන් කියල රැවටිලා, මෙයාගෙ මාර්ගයේ ගිහින්, අනෙක් අයත් සිල්වත් භික්ෂුන්ට අවමන් කරන්න පටන් ගන්නව. මෙතැනදී මේ අය ලොකු පවක් කරගන්නව වගේම, සමාජයේ සාසනයට තියන ගෞරවය අඩු කරනව.
මේ මම අර thread එකට දාපු පළවෙනි reply එක.(මේ quote කරන posts වල නමට දකුණින් තියන නිල් කොටුව click කරල original post එක තියන තැනට යන්න පුළුවන්.)
මෙයාගෙ පරණ thread දැක්කම මට පෙනුන සෑහෙන දෙනෙක් මෙයාගෙ වැඩේ වැරදියි කියල කියල තියනව. හැබැයි, කවුරු හරි කරුණු එක්ක මෙයාගෙ වැරැද්ද පෙන්නුවම, නිතර වෙන දේවල් 2ක් දැක්ක.
1.මෙයාගෙ blog එකට හරි ඒකෙ තියන ත්රි පිටකයට link එකක් දාල උත්තරය එතන තියනව කියනව. දැන් අර මිනිස්සු මෙයාගෙ පටලැවිලි සහගත් හෑල්ලක් වගේ post එකක් කියවන්න ඕන, නැත්නම් සුත්‍රයක් කියවන්න ඕන.
2. මෙයාගෙ, ජිංතක ජිල්ලබකිට හා Harvard-Bio කියන පරිවාරක account දෙකක්, වැඩිය ප්‍රශ්න අහන අයට පහත් විදිහට කතා කරල, උසුළු විසුළු කරල, ගේම ඉල්ලල එතනින් එලවනවා.(සමහර වෙලාවට අර account දෙක එක්ක එකතු වෙලා, ප්‍රශ්න අහන කෙනාට හිනාවෙන්නත් Skylark අමතක කරන්නේ නෑ.)
මේ තියෙන්නෙ එයාල භික්ෂුන් ගැන කතා කරන level එක ගැන පොඩි උදාහරණ දෙකක්.
ඔන්න මෙයාලගේ level එක.
ඉතින් මට හිතුන Skylark, එහෙම නැත්නම් මේ කමල් වික්‍රමනායක කියන පුද්ගලය ඇත්තටම සෝවාන් වෙලාද කියල බලන්න.
පොඩ්ඩක් එහෙන් මෙහෙන් අවුස්සල, ප්ර්ශ්න කිහිපයක් අහනකොට මෙන්න අර පරිවාරක account දෙක සුපුරුදු attack එක පටන් ගත්ත. මේක දැකල තව අය ප්ර්ශ්න අහන්න පටන් ගන්න කොට මේ තුන්දෙනාම ඇවිස්සුන. Skylarkට තමන් සෝවාන් වෙලා කියලත් අමතක උනා. 6 වෙනි page එක පහු වෙනකොට එයාගෙ පරිවාරක account වල level එකට වැටිල මුඩුක්කු භාෂාව එලියට එන්න ගත්ත. මෙයාලට තරහ ගියාම වෙන තව වැඩක් තමයි මේ තුන්දෙනාම හරයක් ඇති, සාක්ෂි ඇති, තර්කාන්විත කිසි දෙයක් කියන්නෙ නෑ. අපි උත්තරයක් දුන්නත්, ඒක එක්කො නොදැක්ක වගේ ඉන්නව, නැත්නම් out of context අරගෙන පොඩි එවුන් වගේ උසුළු විසුළු කරනව.
මෙයාල භික්ෂුන්ට බනින්නෙ අකුරට ත්රිපිටකයට අනුව බණ නෑ කියල. හැබැයි ප්‍රශ්නයක් ඇහුවම හැසිරෙන්නෙ පොඩි එවුන් වගේ.
ඒ අතර තව member කෙනෙක් මෙයා අඩු තරමින් හරියට ධර්මය දන්නවද බලන්න ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් ඇහුව.
මාත් දැනගත්ත මෙයා මේ පරීක්ෂාවක් කරන්නේ කියල. දවසක් බලන් හිටිය, හැබැයි Skylark උසුළු විසුලු කර කර ඉන්නව මිසක් උත්තරයක් දෙන්නෙ නෑ, දෙන පාටකුත් නෑ. මොනව උනත් හොඳ ප්‍රශ්නයක් නිසා මම උත්තරයක් දුන්න.
මම උත්තරෙ දීල සුළු වෙලාවකින් Skylark මෙහෙම දානව.
ඔන්න ඔහොමයි Skylark බෝම්බෙ අතේ පත්තු කරගත්තේ. අන්තිමට කවි කාරයෙකුත් උනා.
මට මේක දැක්කම ඇත්තටම අනුකම්පාවක් ඇති උනා. මොකද අර සිල්වත් මුණක් පෙන්නන් හිටපු Skylark වියරු වෙලා හැසිරෙන්න ගත්ත. පස්සෙ thread එකෙනුත් ගියා මිනිහව බයිට් කර කර ඉන්නෙ නැතුව. මේක මෙහෙම කියල පැහැදිලි කරන්න අමාරුයි, හැබැයි ඒ thread එක කියෙව්වොත් තේරෙයි.
ඊට පස්සෙ දවස් කිහිපයක් මේ තුන්දෙනා වියරුවෙන් හැමෝටම බනින්න ගත්ත. මම දැක්ක Skylark එයාගෙ blog එකෙත් මට බනිනව. ඒත් මම ගණන් ගත්තේ නෑ, මොකද මානසික ප්‍රශ්නයක් තියන කෙනෙක් එක්ක පැටලිල වැඩක් නැති නිසා.
පස්සෙ බැරි තැන, මම reply දානව දැකල Skylark එයාගෙ ගෝලයොත් එක්ක ░░▒▒අභිධර්ම සංගමය.▒▒░░ thread එකට ඇවිත් පිස්සු නටන්න ගත්ත. ඒ thread එක මම පටන් ගත්තත්, එක ගෙනියන්නේ අභිධර්මය ගැන සාකච්චා කරන අනික් අය. මම ඉඳල හිටල යන්නෙ එතනට. මම හොඳින් කිව්ව ඒක රණ්ඩු වෙන්න සුදුසු thread එකක් නෙමෙයි කියල.
ඒත් වැඩක් නෑ. සුපුරුදු පරිදි, හරයක් ඇති, සාක්ෂි ඇති, තර්කාන්විත කිසි දෙයක් නොකියා. අපි උත්තරයක් දුන්නත්, ඒක එක්කො නොදැක්ක වගේ ඉන්නව, නැත්නම් out of context අරගෙන පොඩි එවුන් වගේ උසුළු විසුළු කරනව. ඒක නිසා මෙයාලත් එක්ක කතා කරල වැඩක් උනේ නෑ. කතාවක් තියනවනෙ මොලේ තියන එවුන් 100ක් එක්ක වාද කරන එක ලේසියි කියල එක මෝඩයෙක් එක්ක වාද කරන එකට වඩා.
ඔයාලටත් පුළුවන් මෙයාලගේ වාද කරන ක්‍රමය බලන්න.http://www.elakiri.com/forum/showthread.php?t=1675434&page=35
තව අය මෙයාලට විරුද්ධව කතා කරන කොට, මෙයාල හිනා වෙන gif දදා thread එක hijack කලා. එතකොට තමයි මම තීරණය කලේ Skylarkට එයාගෙම බෙහෙත් පොවලා පෙන්නනව ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ කියල.
පලවෙනි chance එක ආවෙ Skylark ජිංතක ජිල්ලබකිට ලවා thread එකක් දාගෙන ත්‍රිලක්ෂණය වරද්දගත්තම.
http://www.elakiri.com/forum/showthread.php?t=1663502&page=5
හැබැයි ඒ thread එක මම දකිනකොට, අනික් බුද්ධිමත් membersල එයා වැරදියි කියල ඔප්පු කරල තිබ්බ. ඒක නිසා මම ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේ නෑ.
දෙවෙනියට, වෙන member කෙනෙක් අහපු ප්‍රශ්නයකට Skylark උත්තර දීල, ලොකු ධර්ම ව්කෘතියක් කරල තිබ්බ.
http://www.elakiri.com/forum/showthread.php?t=1759229
මේ තියෙන්නෙ මම ඉස්සෙල්ලම දුන්නු උත්තරය.
මෙච්චර කල්, ත්‍රිපිටකයෙ අකුරට අනුව බණ කියන්නෙ නෑ කියල සංඝයාට නිග්‍රහ කරපු Skylarkට මේ පාර තමන්ගේම බෙහෙත් දිරවන්නේ නැතුව ගියා.
තමන්ගෙ මානේ බේරගන්න ත්රිපිටකයේ තියන දේවල් තමන්ට ඕන විදිහට අර්තදක්වලා විකෘති කරන්න පටන් ගත්ත.
පරිවාරක accounts විලාප දීගෙන එන්න ගත්ත මම පළිගන්නවා කියාගෙන.
මෙච්චරකල් අකුරට ත්රිපිටකයට අනුව කරුණු තියෙන්න ඕන කිව්ව අය දැන් එයාලගෙ අරුත් දිදී, ළඟින් යන පාඨ highlight කරනව. අනෙක් අය කරනකොට වැරදි උන දේ දැන් එයාලට හරි වෙලා.
Skylark ගෙ බොරුව ඔප්පු කරගන්න බැරුව, මට අපහාස කරන්නත් ගත්ත. මගේ ඉංග්රීීසි හැසිරවීම ඊට වැඩිය ලොකු ප්රශ්නයකුත් උනා.
මම අන්තිම ඇනේ ගහන්න කලින් පොඩ්ඩක් බලාගෙන හිටියෙ මෙයාලගේ හැසිරීම කොහොමද කියල. පස්සෙ බොරුව වහන්න මිනිස්සු තවත් ඔටුවා කරන්න දඟලන බව පෙනුන නිසා මම මෙහෙම දැම්ම.
දැන් අර සංඝයාට මෙහෙම කතා කරපු ජිංතක ජිල්ලබකිට,
ධර්මය විකෘති කලා කියල ඔප්පු උන ගිහියෙක් වෙනුවෙන් කතා කරන්නේ මෙහෙම
දැන් මිනිස්සු මේවට කොහෙන්ද හිනාවෙන්න ඕන? ජිංතක ජිල්ලබකිට හා Harvard_Bio යන පරිවාරකයෝන්ට ධර්මය කෙරේ තිබ්බ අසීමිත ආදරය, Skylark වෙනුවෙන් හීන උනාද?
අන්තිම මෙහෙම දාලත් තිබ්බ.
මේ තියෙන්නෙ ඒකට තව කෙනෙක් දාල තිබ්බ reply එක.
"තම, තම නැණ පමණ" කියන කතාව විශ්වාස නොකරපු, යමක් සත්‍ය වීමට ත්‍රිපිටකයේ ඒ ලෙසින්ම තිබිය යුතුයි යන මතයේ හිටපු අයම තමයි මේ වගේ කතා දැන් කියන්නෙ.
මම මේ thread එක දැම්මෙ මඩ ගැසීමේ අරමුණින් නෙමෙයි. තවත් එළකිරියේ අය මේ වගේ දේවල් වලට රැවටීම අඩු කරගන්න. මම කියපු අර තුන්කට්ටුව ඇත්තටම තුන් දෙනෙක් අතින් මෙහෙයවෙන දෙයක්ද, නැත්නම් ඊට අඩු ගණනකින් මෙහෙයවෙන දෙයක්ද කියන එක තීරණය කරන එක ඔයාලට භාර කරන්නම්. Skylark ගොඩ ගැනීමට තරම් හැකියාවක් මට නෑ. හැබැයි තව අය එයත් එක්ක වලට වැටීම නවත්වන්න මට පුළුවන් කමක් තියනව. ඒකයි මගේ පුද්ගලික වැඩ අතපසු කරගෙන පහු ගිය දවස් ටිකේ මම active උනේ.
අවුරුදු 10කට ආසන්න වෙන්න මෙතන හිටපු මට, මෙතන මේ වගේ අය ධාර්මික වේශයෙන් අධර්මය පතුරනව දැක්කම ද්වේශයක් ඇති වෙන එක ඇත්ත. ඒකයි මම Skylarkගෙම කරුනු අරගෙන, එයාගෙ ක්‍රමයටම එයාව විවේචනය කරල පෙන්නුවේ.
විවේචනය කරන එක ලේසියි. ඒකයි Skylark ඒක කරන්නේ. හැබැයි එයාට විවේචනයක් ආවම දරාගන්න බැරි එක හා තමන්ගෙ වරදක් පිළිගැනීමට නොහැකියාව එයාගෙම අඩුව පෙන්නනවා.
මට කියන්න තියෙන්නෙ ඔබලාත් තමන්ගෙ මහන්සියෙන් ධර්මයේ මුලික් කරුණු ඉගෙන ගන්න. එතකොට මේ වගේ රැවටීම වලට අහුවෙන්න අමාරුයි.
මේක ඉවර කරන්න කලින්, තව member කෙනෙක් කියපු මේ කතාවත් දාන්නම්. මොකද මටත් මේ වගේ සංක්ෂිප්ත පිළිතුරක් දෙන්න අමාරුයි.
බුදුසරණයි!
Bumpio
ඔබ සංඝයාවහන්සේ නමකට බැණවැදුනේ නම් පිරිහෙන්නේ ඔබමයි,
උන්වහන්සේ නෙවෙයි.
සංඝයා වහන්සේගේ ශීලය, දැනුම, පිළිවෙත ගැන විවෙචනය කරන්නට පෙර ඔබ දෙසම බලන්න.
උන්වහන්සේට නොබැණ,
ඔබේ එක වරදක් හදාගන්න.
දෙලොවටම යහපත පිණිස වනු ඇත. 

භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම