ඔව් මචන්, අපිට තියෙන්නේ බුදුන් වහන්සේ කියල තියෙනවා කියලා අපිට කියල තියෙන නිසා ඇති කර ගත්තු විශ්වාසයක්. සමහරවිට බුදු දහම යනු විශිෂ්ට බුද්ධියක් ඇති කෙනෙක් විසින් නිර්මාණය කරන ලද මනුෂ්‍ය වර්ගයා යහ පැවැත්මේ පිහිටුවීමට දේශනා කරන ලද තවත් එක් concept එකක් වෙන්න පුළුවන්. නේද? මම අනන්ත වාරයක් එහෙම හිතලා තියෙනවා.
හොඳ උදාහරණයක් අපේ ඇස් ඉස්සරහම තියෙනවා. ඒ තමයි පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ. උන් වහන්සේ දේශනා කරන්නේ පරම සත්‍යය තමයි කියලා ගොඩක් දෙනෙක් උන් වහන්සේ වටා රොක් වුණා. විද්‍යාව සහ බුදු දහම අතර සම්බන්දතාවය තුලින් බුදු දහමේ හරය විස්තර කරනකොට පට්ටම ආතල් එකෙකුත් අපිටත් දැනෙනවා නේ බන්.ඒත් දැන් පිටිදුවේ සිරිධම්ම කියන්නේ නිකම්ම නිකන් රැවටිලි කාරයෙක් කියල හැමෝම දැනගත්ත. හැබැයි හොඳ ඔලුවක් තියෙන(තිබුණු), ධර්මය ගැන මනා දැනුමක් තියෙන, ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිලිබඳ උපාධි ධාරියෙක්. අනික බුද්ධ ධර්මය සහ විද්‍යාව අතර ගැලපීම් විග්රහ කරන්න තරම් ඒ දෙකම ගැන හොඳ අවබෝධයක් හා විචක්ෂණ බුද්දියක් තිබුණු කෙනෙක්.
ඉතින් එහෙම කෙනෙක් බොරු කාරයෙක් වුණා නම් අපි කවදාවත් දැකලා නැති, සද්දයක්වත අහල නැති බුදුන් වහන්සේ නම් වූ කෙනෙක් දේශනා කළා කියන ධර්මය අපි පිළිගන්න එකත් එක්තරා අන්දමක දෙවියන් වහන්සේ විශ්වාස කිරීම හා සමානයි. අපිට නොපෙනෙන දෙවියන් ගැන, දිව්‍ය ලෝක ගැන, අපායන් ගැන උන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඇයි අපි ඒවා පිළිගන්නේ. බුදු දහම කියන්නේ කවුරුහරි පට්ටම බුද්දිමත් කෙනෙක් විසින් නිර්මාණය කරන ලද්දක් වෙන්න බැරිද? එකිනෙකට කරුණු මැනවින් ගලපලා?
ඔන්න ඔතන තමයි මමත් නිතරම හිතන සහ සැක කරන ස්ථානය.
හොඳයි බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයත්, අන්‍ය ආගම්වල ධර්මයත් ඔක්කොම බොරුවක් කියලා මොහොතකට හිතමු. එතකොට ඇත්ත මොකක්ද? මේ ලෝකේ පවතින්නේ කොහොමද?
සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ, ආබාදිතයෝ වෙලා උපදින්නේ ඇයි? සමහරු පෝසත් වෙලා ලස්සන වෙලා ඉපදෙන්නේ ඇයි? මේකට හේතු පැහැදිලි කරන්නේ කොහොමද? අපි මැරුණම මොකද වෙන්නේ? අපි අපේ ජීවිත කාලේ කරන්න ඕනේ මොකක්ද? අපි මැරුණම ඔක්කොම ඉවරද? එහෙනම් අපි මැරෙනවා කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ උච්චතම පලය වූ නිවන් අවබෝධ කර ගැනීමට සමානයි. මොකද අපි නිවන් අවබෝධ කර ගන්නේ සසර ගමන නතර කර ගන්න. මරණෙන් මතු උපතක් නෑ කියල හිතනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑනේ. බුද්ධ ධර්මය එතැනින්ම අයින් කරලා දාන්න පුළුවන්.
ඒත් විශ්වයේ තියෙන මේ සංකීර්ණ වූ ක්‍රියාවලිය විස්තර කරන්න පුළුවන් වෙනත් විදියක් මට කියපන්. දැනට තියෙන හොඳම පැහැදිලි කිරීම තියෙන්නේ බුද්ධ දේශනාව තුල....