බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    අපි මරුනහම ඒ හිත චුත වෙලා ගිහින් වෙන ආත්මෙක ඉපදෙනව කියල තමයි ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නෙ.. මමත් කාලයක් හිතන් හිටිය.. ඒක තනිකර හින්දු ආගමෙන් එන සහ අපේ මොළවලට ලේසියෙන් දාන්න පුළුවන් නිසා සරලව කරපු පැහැදිලි කිරීමක්.. කොටින්ම කිව්වොත් කොච්චර කිව්වත් සමහර උන්ට තේරුම් ගන්න බහැ..

    ආත්ම වාදයක් ගැන බුදුදහමෙ කියල නැහැ.. සරලව කිව්වොත් අපි මරුනහම අපි මැරිල අනිත් ආත්මෙ උපදින එකට කියන්නෙ පුනර්භවය.. ඒක තමයි හින්දු ආගමේ තියන දේ.. ඒත් බුද්ද ධර්මයෙ කියන්නෙ පුනර්භවය.. ඒ කියන්නෙ අපි මරුනහම ඊලගට ඉපදෙන්නෙ අපිත් නෙවේ වෙන කෙනෙකුත් නෙවේ..

    http://sinhalabuddhist.com/

    9Y7qmQ3.png
    :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

    සත්වයාගේ එක් භවයක් අවසානය මරනයෙන් සංකේතවත් වන අතර තවත් භවයක හට ගැනීම උපතින් සංකේතවත් කිරීම සඳහා පුනර්භවය සහිත සංසාර ප්‍රවෘත්තිය අත්‍යවශ්‍ය වන බව කරමක් දුරට හෝ අවබෝධ කළ හැකිය.
    කර්මය පුනර්භවය වැනි සංකල්ප තේරුම් ගැනීම දුෂ්කරයි. පුහුදුන් මිනිස්සු විවිධ දැනීම හා සසඳමින් මෙවැනි කරුණු විශ්වාස නොකරති. එම නිසා තමන්ට අවිනිශ්චිත වූ හෝ අවීෂය වූ හෝ කාරණයක් ගැන පිළිපදින ක්‍රමය බුදු දහමෙහි හ්ඳුන්වන්නේ අපණ්ණක පටිපදාව වශයෙනි. මෙම ගැඹුරු ධර්ම පර්යාය පිළිබඳ සුභාෂිතයේ පහත සඳහන් කවිය ඉතා වැදගත් වේ.
    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හළොත් යෙහෙකි පව්කම් නො තබා ම සිත
    නැතත් එ පරලොව ඉන් වන අවැඩ නැත
    ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    අපි මරුනහම ඒ හිත චුත වෙලා ගිහින් වෙන ආත්මෙක ඉපදෙනව කියල තමයි ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නෙ.. මමත් කාලයක් හිතන් හිටිය.. ඒක තනිකර හින්දු ආගමෙන් එන සහ අපේ මොළවලට ලේසියෙන් දාන්න පුළුවන් නිසා සරලව කරපු පැහැදිලි කිරීමක්.. කොටින්ම කිව්වොත් කොච්චර කිව්වත් සමහර උන්ට තේරුම් ගන්න බහැ..

    ආත්ම වාදයක් ගැන බුදුදහමෙ කියල නැහැ.. සරලව කිව්වොත් අපි මරුනහම අපි මැරිල අනිත් ආත්මෙ උපදින එකට කියන්නෙ පුනුරුප්පතිය.. ඒක තමයි හින්දු ආගමේ තියන දේ..
    ඒත් බුද්ද ධර්මයෙ කියන්නෙ පුනර්භවය.. ඒ කියන්නෙ අපි මරුනහම ඊලගට ඉපදෙන්නෙ අපිත් නෙවේ වෙන කෙනෙකුත් නෙවේ..

    http://sinhalabuddhist.com/

    9Y7qmQ3.png

    ඊයෙ හදිස්සි වැඩක් නිසා මට හවස් කාලයේ සංවාදයට එක්වෙන්න බැරි වුනා. මට හරි සතුටුයි කවුරුවත් කුනුහර්ප කියාගෙන ගහමරාගන්නේ නැතුව අදහස් දක්වන එක ගැන... එලකිරියට අවශ්‍ය මේ වගේ මිතුරු සංවාද.. මේ වගේ දේවල් ඉස්සරත් තිබ්බා. නමුත් දැන් දැන් ඔය පොරත්වය සඳහා අනුන්ට මඩ ගහන කන්ඩායම් නිසා එලකිරිය ජරාවාස වෙලා.. සචිත් සහෝ මම කැමතියි ඔබේ මතය තව ටිකක් විග්‍රහ කරනවනම්. ඔබ කියූ ලෙස යමෙක් මියගියාට පස්සේ උපදින්නේ ඔහුත් නොවන වෙනකෙනෙකුත් නොවන කෙනෙක් නම්, කර්ම පලයක් කථා කිරීම නිශ්ඵලයි නේද? මම හේතු වාදියෙක් නෙමෙයි නමුත් ඔබේ අදහස මීට පෙර මට හමුවුන එකක් නෙමෙයි.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    සත්වයාගේ එක් භවයක් අවසානය මරනයෙන් සංකේතවත් වන අතර තවත් භවයක හට ගැනීම උපතින් සංකේතවත් කිරීම සඳහා පුනර්භවය සහිත සංසාර ප්‍රවෘත්තිය අත්‍යවශ්‍ය වන බව කරමක් දුරට හෝ අවබෝධ කළ හැකිය.
    කර්මය පුනර්භවය වැනි සංකල්ප තේරුම් ගැනීම දුෂ්කරයි. පුහුදුන් මිනිස්සු විවිධ දැනීම හා සසඳමින් මෙවැනි කරුණු විශ්වාස නොකරති. එම නිසා තමන්ට අවිනිශ්චිත වූ හෝ අවීෂය වූ හෝ කාරණයක් ගැන පිළිපදින ක්‍රමය බුදු දහමෙහි හ්ඳුන්වන්නේ අපණ්ණක පටිපදාව වශයෙනි. මෙම ගැඹුරු ධර්ම පර්යාය පිළිබඳ සුභාෂිතයේ පහත සඳහන් කවිය ඉතා වැදගත් වේ.
    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හළොත් යෙහෙකි පව්කම් නො තබා ම සිත
    නැතත් එ පරලොව ඉන් වන අවැඩ නැත
    ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

    අනර්ඝයි සහෝ... අපණ්නක පටිපදාව තව දුරටත් විග්‍රහ කරලා දෙන්න පිලිවන්ද?
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඔව් මචන්, අපිට තියෙන්නේ බුදුන් වහන්සේ කියල තියෙනවා කියලා අපිට කියල තියෙන නිසා ඇති කර ගත්තු විශ්වාසයක්. සමහරවිට බුදු දහම යනු විශිෂ්ට බුද්ධියක් ඇති කෙනෙක් විසින් නිර්මාණය කරන ලද මනුෂ්‍ය වර්ගයා යහ පැවැත්මේ පිහිටුවීමට දේශනා කරන ලද තවත් එක් concept එකක් වෙන්න පුළුවන්. නේද? මම අනන්ත වාරයක් එහෙම හිතලා තියෙනවා.

    හොඳ උදාහරණයක් අපේ ඇස් ඉස්සරහම තියෙනවා. ඒ තමයි පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ. උන් වහන්සේ දේශනා කරන්නේ පරම සත්‍යය තමයි කියලා ගොඩක් දෙනෙක් උන් වහන්සේ වටා රොක් වුණා. විද්‍යාව සහ බුදු දහම අතර සම්බන්දතාවය තුලින් බුදු දහමේ හරය විස්තර කරනකොට පට්ටම ආතල් එකෙකුත් අපිටත් දැනෙනවා නේ බන්.ඒත් දැන් පිටිදුවේ සිරිධම්ම කියන්නේ නිකම්ම නිකන් රැවටිලි කාරයෙක් කියල හැමෝම දැනගත්ත. හැබැයි හොඳ ඔලුවක් තියෙන(තිබුණු), ධර්මය ගැන මනා දැනුමක් තියෙන, ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිලිබඳ උපාධි ධාරියෙක්. අනික බුද්ධ ධර්මය සහ විද්‍යාව අතර ගැලපීම් විග්‍රහ කරන්න තරම් ඒ දෙකම ගැන හොඳ අවබෝධයක් හා විචක්ෂණ බුද්දියක් තිබුණු කෙනෙක්.

    ඉතින් එහෙම කෙනෙක් බොරු කාරයෙක් වුණා නම් අපි කවදාවත් දැකලා නැති, සද්දයක්වත අහල නැති බුදුන් වහන්සේ නම් වූ කෙනෙක් දේශනා කළා කියන ධර්මය අපි පිළිගන්න එකත් එක්තරා අන්දමක දෙවියන් වහන්සේ විශ්වාස කිරීම හා සමානයි. අපිට නොපෙනෙන දෙවියන් ගැන, දිව්‍ය ලෝක ගැන, අපායන් ගැන උන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඇයි අපි ඒවා පිළිගන්නේ. බුදු දහම කියන්නේ කවුරුහරි පට්ටම බුද්දිමත් කෙනෙක් විසින් නිර්මාණය කරන ලද්දක් වෙන්න බැරිද? එකිනෙකට කරුණු මැනවින් ගලපලා?

    ඔන්න ඔතන තමයි මමත් නිතරම හිතන සහ සැක කරන ස්ථානය.

    හොඳයි බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයත්, අන්‍ය ආගම්වල ධර්මයත් ඔක්කොම බොරුවක් කියලා මොහොතකට හිතමු. එතකොට ඇත්ත මොකක්ද? මේ ලෝකේ පවතින්නේ කොහොමද?

    සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ, ආබාදිතයෝ වෙලා උපදින්නේ ඇයි? සමහරු පෝසත් වෙලා ලස්සන වෙලා ඉපදෙන්නේ ඇයි? මේකට හේතු පැහැදිලි කරන්නේ කොහොමද? අපි මැරුණම මොකද වෙන්නේ? අපි අපේ ජීවිත කාලේ කරන්න ඕනේ මොකක්ද? අපි මැරුණම ඔක්කොම ඉවරද? එහෙනම් අපි මැරෙනවා කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ උච්චතම පලය වූ නිවන් අවබෝධ කර ගැනීමට සමානයි. මොකද අපි නිවන් අවබෝධ කර ගන්නේ සසර ගමන නතර කර ගන්න. මරණෙන් මතු උපතක් නෑ කියල හිතනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑනේ. බුද්ධ ධර්මය එතැනින්ම අයින් කරලා දාන්න පුළුවන්.

    ඒත් විශ්වයේ තියෙන මේ සංකීර්ණ වූ ක්‍රියාවලිය විස්තර කරන්න පුළුවන් වෙනත් විදියක් මට කියපන්. දැනට තියෙන හොඳම පැහැදිලි කිරීම තියෙන්නේ බුද්ධ දේශනාව තුල....

    පට්ටයි සහෝ හොඳ තර්කයක්. අපිට නොපෙනෙන අපේ බුද්දියට අහුවෙන්නෙ නැති දේවල් අපි බොරුවක් ලෙසට සලකා ඉවත දානවනම් බුදු දහමේත් ඒ වාගේ දේවල් ඔන තරම් තියනවා. ඔයා ඔය කියන විදිහට තර්ක කරලා බුදු කෙනෙක් හිටියේ නෑ කියලා තර්ක කරන්න වුනත් පුලුවන්.. :)
     
    Jan 7, 2013
    182
    16
    0
    පුනර්භවය පිළිනොගන්නා ඕනෑම අයෙකව මෝහනය කර බලන්න... යාළුවා ඔය කියුව නේද.... :shocked: :shocked:
    ''කෝවුර් කියනවා ඕනම මිනිහෙකුගෙ යටි හිතෙන් තමන් විස්වාස කරනව පෙර අත්මයන් ගැන'' :)
    කොවුර් කියනවනම් හැම මිනිහෙක්ම යටි හිතෙන් විශ්වාස කරනවා කියල පෙර ආත්මයක් ගෙන.. එහෙම හිතනවානම් යාලු... මේ ලෝකේ තිබෙන සෑම ආගමක්ම හැම අගමිකයෙක්ම යටි හිතින් හිතනවා ඇති නේද පෙර ආත්මය ගැන..? එහෙම හිතනවා කියන්නේ ඔවුන් කුමන ආගමක් ඇදහුවද විශ්වාස කරද,
    යටි හිතින් බුද්ධ දේශනය විශ්වාස කිරීම නොවේ ??? :) :) :)

    :lol::lol: මෝහනය කරලා පෙර ආත්මේ කියවන්න බෑ බන්. උබ ඕනි නම දොස්තර කෙනෙක්ගෙන් අහල බලපන්. අර කරාපිටියේ ප්‍රසිද්ද මනෝ වෛද්‍යවාරයත් කියලා තියනවා ඕක බොරුවක් කියල. අනික ඔච්චර ලේසියෙන් මිනිහෙක් මෝහනය කරලා පෙර ආත්මේ ගැන දන ගන්න පුල්වන්නම්, බුදු හාමුදුරුවෝ මොකද මෝහනය ගැන කියලා දෙන්නේ නැතුව පටිගය ගැන මෙනෙහි කරලා හෙන කට්ටක් කාලා පුබ්බේ නිවසානුස්සතිය වඩන්න කියන්නේ.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH

    ඕන තරම් තියනවා..

    Einstein’s Static Universe

    Prior to scientists embracing the notion that the universe was created as the result of the Big Bang, it was commonly believed that the size of the universe was an unchanging constant—it had always been the size it was, and always would be. The idea stated that that the total volume of the universe was effectively fixed, and that the whole construct operated as a closed system. The theory found its biggest adherent in Albert Einstein—the Static Universe is often known as “Einstein’s Universe”—who argued in favor of it and even calculated it into his theory of general relativity.

    How it was Proven Wrong:

    The theory of a static universe was problematic from the start. First of all, a finite universe could theoretically become so dense that it would collapse into a giant black hole, a problem Einstein compensated for with his principle of the “cosmological constant.” Still, the final nail in the coffin for the idea was Edwin Hubble’s discovery of the relationship between red shift—the way the color of heavenly bodies change as they move away from us—and distance, which showed that the universe was indeed expanding. Einstein would subsequently abandon his model, and would later refer to it as the “biggest blunder” of his career. Still, like all cosmological ideas, the expanding universe is just a theory, and a small group of scientists today still subscribe to the old static model.

    [/IMG]

    ඕක ඔහුගේ කල්පිතයක් විතරයි,
    ඒ දවස් වල ඔප්පු කරන්නවත් ඔප්පු නොකරන්නවත් සාධක තිබිල නැහැ.
    එත් ස්කන්ධය සහ ශක්ති සංස්ථිතිය ගැන කියන ඔහුගේ නියමය ,
    e=mc2 බොරුවක්ද? එක බොරුවක් නම් න්‍යෂ්ටික ශක්තිය හොයාගත්තේ කොහොමද?
    නියමයකයි කල්පිතයකයි වෙනස වටහා ගන්න.

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ඉතින් එහෙම කෙනෙක් බොරු කාරයෙක් වුණා නම් අපි කවදාවත් දැකලා නැති, සද්දයක්වත අහල නැති බුදුන් වහන්සේ නම් වූ කෙනෙක් දේශනා කළා කියන ධර්මය අපි පිළිගන්න එකත් එක්තරා අන්දමක දෙවියන් වහන්සේ විශ්වාස කිරීම හා සමානයි. අපිට නොපෙනෙන දෙවියන් ගැන, දිව්‍ය ලෝක ගැන, අපායන් ගැන උන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඇයි අපි ඒවා පිළිගන්නේ. බුදු දහම කියන්නේ කවුරුහරි පට්ටම බුද්දිමත් කෙනෙක් විසින් නිර්මාණය කරන ලද්දක් වෙන්න බැරිද? එකිනෙකට කරුණු මැනවින් ගලපලා?

    ඔන්න ඔතන තමයි මමත් නිතරම හිතන සහ සැක කරන ස්ථානය.

    හොඳයි බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයත්, අන්‍ය ආගම්වල ධර්මයත් ඔක්කොම බොරුවක් කියලා මොහොතකට හිතමු. එතකොට ඇත්ත මොකක්ද? මේ ලෝකේ පවතින්නේ කොහොමද?

    සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ, ආබාදිතයෝ වෙලා උපදින්නේ ඇයි? සමහරු පෝසත් වෙලා ලස්සන වෙලා ඉපදෙන්නේ ඇයි? මේකට හේතු පැහැදිලි කරන්නේ කොහොමද? අපි මැරුණම මොකද වෙන්නේ? අපි අපේ ජීවිත කාලේ කරන්න ඕනේ මොකක්ද? අපි මැරුණම ඔක්කොම ඉවරද? එහෙනම් අපි මැරෙනවා කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ උච්චතම පලය වූ නිවන් අවබෝධ කර ගැනීමට සමානයි. මොකද අපි නිවන් අවබෝධ කර ගන්නේ සසර ගමන නතර කර ගන්න. මරණෙන් මතු උපතක් නෑ කියල හිතනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑනේ. බුද්ධ ධර්මය එතැනින්ම අයින් කරලා දාන්න පුළුවන්.

    ඒත් විශ්වයේ තියෙන මේ සංකීර්ණ වූ ක්‍රියාවලිය විස්තර කරන්න පුළුවන් වෙනත් විදියක් මට කියපන්. දැනට තියෙන හොඳම පැහැදිලි කිරීම තියෙන්නේ බුද්ධ දේශනාව තුල....

    මචන් මම ඔය කර්මානුරුපිව සිදු වෙනවා කියන දෙවල් ගැන කතා කරන්නම්...මොකද එකින් එක කතා කරගෙන යන එකයි හොද ,ඔක්කොම එක පාර කවලම් කරගෙන තර්ක කරන්න ගියොත් එක උබට තෙරෙන්නෙත් නැ මට තෙරෙන්නෙත් නැ

    මට කවුරු හරි බුදුදහම සම්බන්ද හොදට දන්න එක්කෙනෙක් කියන්න පුලුවන්ද කර්මානුරුපිව සිදුවෙන දෙවල් ගස් කොලන් වලටත් අදාලයිද කියල ?

    මම එහෙම අහන්නෙ , දැන් කොර වෙලා ,න්ගවිකල වෙලා ටින්න සත්තු ඉන්නවා වගෙම ඔය අමුතු අමුත් ගස් වර්ග එහෙම තියෙන්නෙ අට පට්ටමෙ එහෙම බලගන්න පුලුවන්....එක සිදුවෙන්නෙ සොබදහමෙ ජාන විකුර්ති තවයින් නිසා නෙද ? මිනිසා සත්තු ගස් වැල් ඔක්කොම මෙ සොබදර්මය කියල පිලිගන්නව ඇති මම හිතන්නෙ ....එ සොබදර්මයෙ නිර්මන වෙන දෙවල්... අන්ග විකල දරුවෙක්ට කර්මය බලපානවනම් එහෙම වෙන්න , මෙ පොල් ගහට බලපාන්න ඇත්තෙ මොකක්ද ? සුදු කැස්බැවෙක් ඇති වෙන්නෙ පෙන දෙකෙ නයි ඇති වෙන්නෙ කර්මානු රුපවද ?
    e61ed24bc9d14cf75780791e8fcf30db.jpg

    තව පැත්තකින් කර්මානුරුපිව අන්ගවිකලව ඉපදෙන ලමයෙක් නවින විද්යවෙන් කර්මනුරුපිව ලැබුනය කියන ස්වරුපය වෙනස් කරන්න පුලුවන් නෙද ?

    ඉලගට දුප්පත් කම ....සල්ලි කියන්නෙ මෙ මිනිස්සු විසිම හද ගත්ත සිස්ටම් එකක් , ඔය සිස්ටම් එක අස්සෙ ගොඩක් කරප්ශන්ස් තියනව , ලොකෙ පුරා දවස් 8කට යුද්ද වලින් වියදම් කෙරෙන ගානින් ලොකෙ පුරා හාමතෙ ඉන්න බිලියන් එකකට අවුරුද්දක් පුරා හ්කන්න දෙන්න පුලුවන් . ලොකෙ බිලියන් 12 කට අයශ්ය කැම දවසකට නිස්පාදනය කරනව , එත් හැමදාම ලොකෙ බිලියන් 7 උනු ජනග්‍රහනයෙන් බිලියන් 1 බඩගින්නෙ , මෙවට කියන්නෙ සිස්ටම් කරප්ශන් කියල , උබට ජෙවිපි එකෙ එකෙගෙන් ඇහුවනම් කියයි ආදායම් බෙදියාමෙ විශම තවයන් මොනවද , එක අඩු කරන්න කරන්න ඔනි කියල...
    මිනිහෙක් දුප්පත් විම කියන දෙයින් පෙන්නන්නෙ මිනිස්සු හද ගත්ත සිස්ටම් ව්ල තියන අඩුපාඩු , එව විසදගනිමින් ලොකය ඉස්සරහට යනව ,ඉස්සර බාන්ඩ ප්‍රවාහනය වගෙ දෙවල් දියුනු නැති දවස්වල බඩගින්නෙ මැරුනු සන්ක්යාව සහ අද ප්‍රමානය ගත්තොත් වෙනස් ... දුප්පත් වෙන්නෙ ඇයි බඩගින්නෙ මැරෙන්නෙ ඇයි කියල ආගමික ඇහැකින් බැලුවොත් කර්මය උනාට දෙශපලනික ඇසකින් එක වෙනම කතාවක් , ඔය අපි ගොඩනගපු සිස්ටම් වල නොදියුනු කම් , එවත් පරිනාමය වෙනව

    විශ්වයෙ තියන සන්කිර්න ක්‍රියාවලිය ගැන විදිමත්ව පරික්ශන කරන මිනිසුන් කොට්ටශයක් ඉන්නව , එ අය හොයන්නෙ කිසිම ආගමක තිබුනු එවා නෙවෙයි , හොදම මොල යනුවෙන් පිලිගත් මිනිස්මොල ලක්ශ ගනනක් බිහිකල දැනුමක් තමයි එ අය විශ්වය ගැන හොයන්න හො අදාල විශය සම්බන්ද ව හොයන්න පාවිච්චි කරන්නෙ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වැරදියි මචං.... බුද්ධ ධර්මය කියන්නේ විශ්වාසයක් නෙවෙයි... කර්මය කියන්නේ විශ්වාසයක් නෙවෙයි.. අනික බුදුන් දේශනා කල ධර්මයයි පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝයි පටලවගන්න එපා...
    අනිත් එක එක තැනක JesonRulez සහෝදරයා කියල තිබ්බා ''සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ, ආබාදිතයෝ වෙලා උපදින්නේ ඇයි? සමහරු පෝසත් වෙලා ලස්සන වෙලා ඉපදෙන්නේ ඇයි? මේකට හේතු පැහැදිලි කරන්නේ කොහොමද?'' මේ හැම දෙයක්ම බුදුන් දේශනා කල පංච නියම ධර්ම වලින් හොදින් පැහැදිලි කරලා තියෙනවා... අනික තව දෙයක් සහෝදරයා කිවුවා... ''මරණෙන් මතු උපතක් නෑ කියල හිතනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑනේ. බුද්ධ ධර්මය එතැනින්ම අයින් කරලා දාන්න පුළුවන්.'' මේකට නම් කියන්න තියෙන්නේ මේක මාර බොලද කතාවක්...අවසානවශයෙන් කියන්න තියෙන්නේ බුද්ධධර්මය කියන්නේ තවත් එක විශ්වාස කිරීමක් නොවෙයි කියලා තමයි.....

    කර්මය , නිර්වනය ඔක්කොම විස්වාස තමයි.... එ විස්වාසයන් නොවෙන්නෙ කොහොමද ?පැහැදිලි කරන්න
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113

    මම හිතන්නේ ඔබ බෞද්ධයෙක් මිස හේතු වාදියෙක් නොවන බවයි.:) හේතුවාදියෙක් නම් මේ සියල්ල විද්‍යාත්මක පදනමකින් ඔප්පු කලයුතුයි. මන්ද ඔවුන් එසේ කල නොහැකි කිසි දෙයක් පිලිගන්නේ නෑ. එහෙම එකක් හරි පිලිගන්නවනම් අනික්වා පිලිනොගන්න සාධාරන ගේතුවක් නෑ

    ඇයි ඔබට බැරි පුනර්භවයක් නැ කියල විද්‍යාත්මක ඔප්පු කරන්න
    ඇයි ඔබට බැරි කර්මය කියල දෙයක් නැ කියල විද්‍යාත්මක ඔප්පු කරන්න
    ඇයි ඔබට බැරි ගන්ධබ්බ ආත්ම නෑ කියලා ඔප්පු කරන්න.

    ඔබේ ඔය විද්‍යාවට හැම මගුලම කරන්න බැ
    විද්‍යාවට පුළුවන් දේවල් සිමිතයි ( තවම)
    (බුධුරජ්ජාණන් වහන්සේ අපාය යනුවෙන්සදහන් කරේ පොලව යට Hidden Place එකක තියෙන වධකාගාරයක් ගැන නොවන බව කරුණාවෙන් සලකන්න.ඒ පිළිබධව නොදන්නේ නම් හොදින් බුදුදහම දන්නා උගතෙක් ගෙන් විමසන්න.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    රණ රාල;16359535 said:
    :lol::lol: මෝහනය කරලා පෙර ආත්මේ කියවන්න බෑ බන්. උබ ඕනි නම දොස්තර කෙනෙක්ගෙන් අහල බලපන්. අර කරාපිටියේ ප්‍රසිද්ද මනෝ වෛද්‍යවාරයත් කියලා තියනවා ඕක බොරුවක් කියල. අනික ඔච්චර ලේසියෙන් මිනිහෙක් මෝහනය කරලා පෙර ආත්මේ ගැන දන ගන්න පුල්වන්නම්, බුදු හාමුදුරුවෝ මොකද මෝහනය ගැන කියලා දෙන්නේ නැතුව පටිගය ගැන මෙනෙහි කරලා හෙන කට්ටක් කාලා පුබ්බේ නිවසානුස්සතිය වඩන්න කියන්නේ.

    පුබ්බේනිවාසානුස්සති ඤාණය.’ ඒ කියන්නේ පෙර ජීවිත දකිනා නුවණ. අපි ඔක්කොගේමත් ඒ ස්මරණය තියෙනවා. අපට ඒක මතුවෙලා නැත්තේ මතුවෙන ආකාරයට අපේ නුවණ දියුණුවෙලා නැති නිසයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි සමහරුන්ට කල්ප ගණන් ආපස්සට බලන්න පුළුවන්. සමහර දෙවිවරුන්ට තමන් හිටපු අතීත ජීවිතය මතක් වෙනවා. හතරවැනි ධ්‍යානයට හිත දියුණු කරලත් කල්ප ගණන් ආපස්සට බලන්න පුළුවන්. බොහෝ දෙනෙකුට ඒ විදිහට බලන්න පුළුවන් තමන්ගේ ජීවිතය ගැන විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේට ඕනෑම කෙනෙකුගේ ජීවිතයක් බලන්න පුළුවන්.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    ඇයි ඔබට බැරි පුනර්භවයක් නැ කියල විද්‍යාත්මක ඔප්පු කරන්න
    ඇයි ඔබට බැරි කර්මය කියල දෙයක් නැ කියල විද්‍යාත්මක ඔප්පු කරන්න
    ඇයි ඔබට බැරි ගන්ධබ්බ ආත්ම නෑ කියලා ඔප්පු කරන්න.

    ඒ වගේම තමයි විද්‍යාවට
    සර්වබලධාරී දෙවියෙක් නැහැ කියල ඔප්පු කරන්නත් බැහැ..
    මකරුන් නැහැ කියල ඔප්පු කරන්නත් බැහැ..
    අලි හොඩවැල් නැත්තන් අත් දොළහක් තියන දෙවිවරු නැහැ කියලත් ඔප්පු කරන්නත් බැහැ..

    විද්යාව තියෙන්නේ අපේ ඔලුවේ මැවෙන හැම දේම වැරදියි කියල ඔප්පු කරන එකට නෙවෙයි.
    විද්‍යාව තියෙන්නේ සාධක මත පදනම්ව ස්වභාවික සංසිද්ධි තේරුම් ගැනීමට සහ ඒ මගින් තාක්ෂනය දියුණු කිරීමට.
     
    Jan 7, 2013
    182
    16
    0
    පුබ්බේනිවාසානුස්සති ඤාණය.’ ඒ කියන්නේ පෙර ජීවිත දකිනා නුවණ. අපි ඔක්කොගේමත් ඒ ස්මරණය තියෙනවා. අපට ඒක මතුවෙලා නැත්තේ මතුවෙන ආකාරයට අපේ නුවණ දියුණුවෙලා නැති නිසයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි සමහරුන්ට කල්ප ගණන් ආපස්සට බලන්න පුළුවන්. සමහර දෙවිවරුන්ට තමන් හිටපු අතීත ජීවිතය මතක් වෙනවා. හතරවැනි ධ්‍යානයට හිත දියුණු කරලත් කල්ප ගණන් ආපස්සට බලන්න පුළුවන්. බොහෝ දෙනෙකුට ඒ විදිහට බලන්න පුළුවන් තමන්ගේ ජීවිතය ගැන විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේට ඕනෑම කෙනෙකුගේ ජීවිතයක් බලන්න පුළුවන්.

    :rofl::rolleyes: මම අහපු දේට උත්තරේ නෑනේ. පුබ්බේනිවාසනුස්සතිය ගැන මම තරමක් දුරට දන්නවා. මට කියන්න ඕනි උනේ මෝහනය කරලා පෙර ජීවිතේ කියවන්න බැරි බව. :P
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි.....

    රණ රාල;16361389 said:
    :rofl::rolleyes: මම අහපු දේට උත්තරේ නෑනේ. පුබ්බේනිවාසනුස්සතිය ගැන මම තරමක් දුරට දන්නවා. මට කියන්න ඕනි උනේ මෝහනය කරලා පෙර ජීවිතේ කියවන්න බැරි බව. :P
    මෝහනයෙන් පෙර ජිවිතේ ගැන කියන්න පුළුවන්...:yes:
    මේ පොස්ට් එක කියවන්න... ඔයාට ඕන උත්තරේ මේ ත්‍රෙඩ් එකේ තියෙනවා
    :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1603794
    http://www.elakiri.com/forum/showthread.php?t=1603794
    http://www.elakiri.com/forum/showthread.php?t=1603794
    බුදුසරණයි.....
    :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඊයෙ හදිස්සි වැඩක් නිසා මට හවස් කාලයේ සංවාදයට එක්වෙන්න බැරි වුනා. මට හරි සතුටුයි කවුරුවත් කුනුහර්ප කියාගෙන ගහමරාගන්නේ නැතුව අදහස් දක්වන එක ගැන... එලකිරියට අවශ්‍ය මේ වගේ මිතුරු සංවාද.. මේ වගේ දේවල් ඉස්සරත් තිබ්බා. නමුත් දැන් දැන් ඔය පොරත්වය සඳහා අනුන්ට මඩ ගහන කන්ඩායම් නිසා එලකිරිය ජරාවාස වෙලා.. සචිත් සහෝ මම කැමතියි ඔබේ මතය තව ටිකක් විග්‍රහ කරනවනම්. ඔබ කියූ ලෙස යමෙක් මියගියාට පස්සේ උපදින්නේ ඔහුත් නොවන වෙනකෙනෙකුත් නොවන කෙනෙක් නම්, කර්ම පලයක් කථා කිරීම නිශ්ඵලයි නේද? මම හේතු වාදියෙක් නෙමෙයි නමුත් ඔබේ අදහස මීට පෙර මට හමුවුන එකක් නෙමෙයි.

    පුනර්භවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කෙබඳුද? පවෙන් වැළැකී සිටීමට පුනර්භවය පිළිබඳව අවබෝධ කර ගැනීම වැදගත් වන්නේ කෙසේද? අද ධර්ම සංවාදයට බඳුන් කෙරෙනුයේ මෙම කාරණයයි.

    පුනර්භවය යන්න පාලියෙන් සඳහන් වනුයේ "පුනබ්භව" ලෙසිනි. එක්‌ භවයක අවසානය මරණයෙන් සංකේතවත් වනවා මෙන්ම අලුත් භවයක ආරම්භය ප්‍රතිසන්ධියෙන් සංකේතවත් වේ.

    ප්‍රතිසන්ධිය යනු නැවත හට ගැනීමයි. යම් සත්වයෙක්‌ මරණයට පත්වීමත් සමග වෙනත් භවයක උප්පත්තිය ලැබීම ප්‍රතිසන්ධිය ලෙස හඳුනා ගත හැකියි.

    චුති උප්පත්තිය ලෙස බුදු දහමේ වැඩිදුරටත් විග්‍රහ කෙරෙනුයේ මෙම තත්ත්වයයි. චුතිය යනු මේ භවයෙන් වෙන්වීමයි. නැතහොත් මරණයයි. උප්පත්තිය යනු නැවත හට ගැනීමයි. නැතහොත් යළිත් ඉපිදීමයි. බුදුදහමේ ඉගැන්වෙන අයුරින් මරණය සහ උප්පත්තිය යන්න

    පටිච්චසමුප්පන්නව (නොකඩවා) සිදුවන්නක්‌.

    මෙම නොකඩවා පැවැත්ම යනු අඛණ්‌ඩ පැවැත්ම නොවේ. එය අඛණ්‌ඩ පැවැත්මක්‌ ලෙස සැලකුවහොත් අපි ආත්මවාදයට වැටෙනවා. හින්දු සහ අනෙකෙ=ත් ආගමික ශාස්‌තෘවරුන් පෙන්වා දුන් ශාස්‌වත දෘෂ්ටියෙන් (ගුඪාත්මක ආත්මවාදය) පෙන්වා දුන්නේ සත්වයාගේ අඛණ්‌ඩ පැවැත්මක්‌ ඇති බවයි. මේ තත්ත්වය බුදුදහමේ පිළිගන්නේ නැහැ.

    බුදුරජාණන් වහන්සේ මේ සඳහා පෙන්වා දුන්නේ පටිච්ච සමුප්පාද න්‍යායයි. සත්වයාගේ මරණය සහ උප්පත්තිය අතර ප්‍රතීත්‍යසමුත්පන්නව පැවැත්ම සංසාරය ලෙසයි බුදුරජාණන් වහ්නසේ වදාළේ.

    පුනර්භව යන සංකල්පය ඇතිවීමට මූලික වශයෙන් බලපානුයේ කර්මයයි. කර්මය අතහැර පුනර්භවය හෝ පුනර්භවය අතහැර කර්මය ගැන කතාකිරීමට නොහැකියි. පුනර්භවයක්‌ සිදුනොවන්නේ රහත් උතුමන්ට පමණයි. ඒ උතුමන්ට කර්මයන් නැහැ. එවිට පුනර්භවයන් සිදුවන්නේ නැහැ.

    කර්මය යනු ක්‍රියාවයි. කර්මය ක්‍රියාව යනුවෙන් අර්ථ දැක්‌ වූවත් බුදුදහමේ එය වෙන ආකාරය දක්‌වා තිබෙනවා. කර්මය යනු කරන්නෙක්‌ නොවේ. හොඳ දේවල් කළොත් හොඳ විපාක ලැබෙනවා. නරක දේවල් කළොත් නරක විපාක ලැබෙනවා.

    බුදුදහමේ පුනරුප්පත්තිය ප්‍රතික්‌ෂේප කරනවා. නමුත් පුනර්භවය පිළිගනු ලබනවා. පුනර්භවය හෙවත් පුනබ්භව යනු නැවත වීමයි. භව කියන වචනයේ ධාතුව තමයි භූ ධාතුව භූ ධාතුවෙහි අර්ථය වීමයි. එය කර්මයයි. කරන්නෙක්‌ නැහැ. මේ හේතුව නිසා මේ දේ හට ගන්නවා. පටිච්චසමුප්පාදයේ මේ පිළිබඳව කෙටි සූත්‍රයක්‌ සඳහන් වෙනවා.

    ඉමස්‌මි සති - ඉධං හෝති
    ඉමස්‌මිං අස්‌ති - ඉධ න හෝති
    මෙහි තේරුම මෙය ඇති කල්හි මෙය සිදුවන බවයි. මෙය නැති කල්හි එය සිදුනොවේ.

    පුනබ්භව යනු නැවත වීමයි. නැවත වීමෙන් අර්ථ දෙකක්‌ තිබේ. මොහොතක්‌ පාසා සත්වයාගේ ඇතිවෙමින් නැතිවෙමින් පවත්නා පැවතීම මෙහි එක්‌ අර්ථයකි. අනෙක්‌ අර්ථයෙන් කියවෙනුයේ මරණයෙන් පසු පුද්ගලයා තවත් භවයක උප්පත්තිය ලැබීම. අපි බොහෝ විට කතා කරන්නේ මරණයෙන් පසු සත්වයාගේ උප්පත්තිය පුනර්භවය කියායි. මේ කියන සංකල්පය නිසා බොහෝ අය පුනර්භවය වෙනවද? නැද්ද? කියා සැකයක්‌ ඇති කරගෙන තිබෙනවා.

    එනිසා පුනර්භවය පිළිබඳව මුල් අදහස එනම් මොහොතක්‌ පාසා සත්වයාගේ පැවැත්ම ඇතිවෙනව නැතිවෙනව, යන සංකල්පය තමයි සමාජය තුළ දියත් කළ යුත්තේ. දැන් ගත් තීන්දුව අනුව ඊළඟ තීන්දුව ලැබෙනවා.

    හින්දු ආදී ආගමිකයින්ගේ ඉගැන්වීම තුළ තියෙන්නේ ආත්මය නමින් ස්‌ථිරව දෙයක්‌ පවතින බවයි. පුද්ගලයා තුළ ස්‌ථිර වූ වෙනස්‌ නොවන සත් පදාර්ථයක්‌ ඇති බවයි, එම ආගමිකයින් විශ්වාස කරන්නේ. එහිදී එම ආගමිකයින් පදාර්ථයන් ලෙස සලකනු ලබනුයේ මේ කියන ආත්මයයි. මරණයේදි භෞතික ශරීරය විනාශ වුවත් ආත්මය විනාශ වීමක්‌ හෝ වෙනස්‌ වීමක්‌ සිදුනොවන බවයි, එම ආගමිකයින් විශ්වාස කරන්නේ.

    නමුත් බුදු දහමේදී පුනර්භවයක්‌ ගැන කතා කළත් ආත්මය ගමන් කරන බවක්‌ විශ්වාස කරන්නේ නැහැ. හින්දු ආගමට අනුව ආත්මය ගමන් කිරීම හා පුනරුප්පත්තිය ලැබීම ඔවුන් දකිනුයේ පැරැණි වස්‌ත්‍ර ඉවත් කර අලුත් වස්‌ත්‍ර ඇද ගැනීමක්‌ ලෙසයි. මරණයේදී භෞතික ශරීරය විනාශවී ගූඪ වූ ආත්මය වෙනත් ආත්මයකට ගමන් කරන බවයි හින්දු ආගමිකයින් පෙන්වා දෙන්නේ. එම ආත්මයේදී යළිත් භෞතික ශරීරයක්‌ ගොඩ නඟා ගන්නවා. එය තමයි දිගින් දිගට ගමන් කෙරෙන්නේ. මෙයයි ශාස්‌වත වාදය කියලා අදහස්‌ කරන්නේ.

    හින්දු ආගමට අනුව මෙය තමයි පුනරුප්පත්තිය ලෙස අදහස්‌ කරන්නේ. මෙය බුදු දහමේදී ප්‍රතික්‌ෂේපකරනවා. පුනරුප්පත්තිය යනු නැවත වීමයි. එවිට කර්තෘ කෙනෙක්‌ සිටිනවා. නැවත කරනවා නම් කරන්නෙක්‌ සිටිය යුතුයි.

    නමුත් බුදු දහමේ කියවෙන පුනර්භවයෙන් මේ කියන අදහස ප්‍රතික්‌ෂේප කරනවා. පුනර්භවයෙන් අදහස්‌ කරනුයේ මේ දේ නිසා මේ දේ හටගන්නා බවයි. හට ගැනීම පුනබ්භවයයි. මෙතැන තියෙන්නේ භාෂාමය ගැටලුවක්‌.

    දැන් අපට මේ දේවල් ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුයි. මෙය ප්‍රත්‍යක්‍ෂ කර ගන්න නම් ධර්මය අවබෝධ කරගත යුතුයි. නිවන් අවබෝධය කරගත යුතුයි. නමුත් අපට මෙය අප්‍රත්‍යක්‍ෂයි. මෙය අපි සරල උදාහරණයකින් තේරුම් ගැනීමට උත්සහ කරමු.

    http://www.divaina.com/2010/08/26/samadi01.html

    මහා තන්හා සංඛය සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙනවා විඥානය වෙනත් ප්‍රත්‍යයන්ගෙන් තොරව හට නොගන්නා බව. නලකලාප සූත්‍රයේ සඳහන් වෙනවා බට මිටි දෙකක් කෙළින් කර තැබීම සඳහා එකට හේත්තු කර තැබිය යුතුයි වගේ නාම රූප නිතර ම එකට තිබෙන බවත්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන පංචස්කන්ධයෙන් විඤ්ඤාණ පමණක් වෙන් කරන්න බැහැ. පංචස්කන්ධයෙන් වියුක්ත අවස්ථාවක් සත්ත්වයාට තිබෙනවා කියන්නේ උච්ඡේදවාදයයි. මරණින් මතු වෙනස් නොවූ විඤ්ඤාණයක් ගමන් කරනවාත් නෙවෙයි. සමස්ත පංචස්කන්ධයම ශක්ති බවට පරිවර්තනය වී එයත් වෙනස් වෙමින් ගමන් කරනවා.
    නූතන මනෝවිද්‍යා පරීක්ෂණවලින් පවා සොයාගෙන තිබෙනවා සත්ත්වයාගේ පැරැණි සිත පමණක් නොවෙයි ගුණගුණ හා කායික ලක්ෂණත් ගමන් කරන බව. ඒ අනුව විඤ්ඤාණ ආදී නාමයන් පමණක් නොවෙයි රූපයත් ගමන් කරනවා.

    http://www.silumina.lk/punkalasa/20110515/_art.asp?fn=ar1105155

    මීට වඩා හොද පැහැදිලි කිරීමක් නැහැ.. මේ ලින්ක් කලින් දාල තිබුනෙ අපේ බිංගෝ සහෝ..

    all credit goes to him

    9Y7qmQ3.png
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕක ඔහුගේ කල්පිතයක් විතරයි,
    ඒ දවස් වල ඔප්පු කරන්නවත් ඔප්පු නොකරන්නවත් සාධක තිබිල නැහැ.
    එත් ස්කන්ධය සහ ශක්ති සංස්ථිතිය ගැන කියන ඔහුගේ නියමය ,
    e=mc2 බොරුවක්ද? එක බොරුවක් නම් න්‍යෂ්ටික ශක්තිය හොයාගත්තේ කොහොමද?
    නියමයකයි කල්පිතයකයි වෙනස වටහා ගන්න.

    විද්‍යාවට මනස කියන්නෙ මොකද්ද කියල පැහැදිලි කරගන්න පුළුවන් ද..

    පූසො පුරු පුරු ගාන්නෙ කොහොමද කියල හොයාගන්න පුළුවන් වෙලා තියනවද ?

    ඇයි අපි ඈනුම් යවන්නෙ කියල වත් හොයාගන්න පුළුවන් වෙලා තියනවද.. හොයාගෙන තියනව නම් අපිටත් කියපන්.. දන්නෙ නැති නිසා ඇහුවෙ..

    179597_slide.jpg

    9Y7qmQ3.png
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඇයි ඔබට බැරි පුනර්භවයක් නැ කියල විද්‍යාත්මක ඔප්පු කරන්න
    ඇයි ඔබට බැරි කර්මය කියල දෙයක් නැ කියල විද්‍යාත්මක ඔප්පු කරන්න
    ඇයි ඔබට බැරි ගන්ධබ්බ ආත්ම නෑ කියලා ඔප්පු කරන්න.

    ඔබේ ඔය විද්‍යාවට හැම මගුලම කරන්න බැ
    විද්‍යාවට පුළුවන් දේවල් සිමිතයි ( තවම)
    (බුධුරජ්ජාණන් වහන්සේ අපාය යනුවෙන්සදහන් කරේ පොලව යට Hidden Place එකක තියෙන වධකාගාරයක් ගැන නොවන බව කරුණාවෙන් සලකන්න.ඒ පිළිබධව නොදන්නේ නම් හොදින් බුදුදහම දන්නා උගතෙක් ගෙන් විමසන්න.

    සහෝ ඔබ පටලවාගෙන මමත් ඔබත් ඉන්නේ එකම බෝට්ටුවේ.. මගේ පැනයත් ඕකම තමයි...:)
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    පුනර්භවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කෙබඳුද? පවෙන් වැළැකී සිටීමට පුනර්භවය පිළිබඳව අවබෝධ කර ගැනීම වැදගත් වන්නේ කෙසේද? අද ධර්ම සංවාදයට බඳුන් කෙරෙනුයේ මෙම කාරණයයි.

    පුනර්භවය යන්න පාලියෙන් සඳහන් වනුයේ "පුනබ්භව" ලෙසිනි. එක්‌ භවයක අවසානය මරණයෙන් සංකේතවත් වනවා මෙන්ම අලුත් භවයක ආරම්භය ප්‍රතිසන්ධියෙන් සංකේතවත් වේ.

    ප්‍රතිසන්ධිය යනු නැවත හට ගැනීමයි. යම් සත්වයෙක්‌ මරණයට පත්වීමත් සමග වෙනත් භවයක උප්පත්තිය ලැබීම ප්‍රතිසන්ධිය ලෙස හඳුනා ගත හැකියි.

    චුති උප්පත්තිය ලෙස බුදු දහමේ වැඩිදුරටත් විග්‍රහ කෙරෙනුයේ මෙම තත්ත්වයයි. චුතිය යනු මේ භවයෙන් වෙන්වීමයි. නැතහොත් මරණයයි. උප්පත්තිය යනු නැවත හට ගැනීමයි. නැතහොත් යළිත් ඉපිදීමයි. බුදුදහමේ ඉගැන්වෙන අයුරින් මරණය සහ උප්පත්තිය යන්න

    පටිච්චසමුප්පන්නව (නොකඩවා) සිදුවන්නක්‌.

    මෙම නොකඩවා පැවැත්ම යනු අඛණ්‌ඩ පැවැත්ම නොවේ. එය අඛණ්‌ඩ පැවැත්මක්‌ ලෙස සැලකුවහොත් අපි ආත්මවාදයට වැටෙනවා. හින්දු සහ අනෙකෙ=ත් ආගමික ශාස්‌තෘවරුන් පෙන්වා දුන් ශාස්‌වත දෘෂ්ටියෙන් (ගුඪාත්මක ආත්මවාදය) පෙන්වා දුන්නේ සත්වයාගේ අඛණ්‌ඩ පැවැත්මක්‌ ඇති බවයි. මේ තත්ත්වය බුදුදහමේ පිළිගන්නේ නැහැ.

    බුදුරජාණන් වහන්සේ මේ සඳහා පෙන්වා දුන්නේ පටිච්ච සමුප්පාද න්‍යායයි. සත්වයාගේ මරණය සහ උප්පත්තිය අතර ප්‍රතීත්‍යසමුත්පන්නව පැවැත්ම සංසාරය ලෙසයි බුදුරජාණන් වහ්නසේ වදාළේ.

    පුනර්භව යන සංකල්පය ඇතිවීමට මූලික වශයෙන් බලපානුයේ කර්මයයි. කර්මය අතහැර පුනර්භවය හෝ පුනර්භවය අතහැර කර්මය ගැන කතාකිරීමට නොහැකියි. පුනර්භවයක්‌ සිදුනොවන්නේ රහත් උතුමන්ට පමණයි. ඒ උතුමන්ට කර්මයන් නැහැ. එවිට පුනර්භවයන් සිදුවන්නේ නැහැ.

    කර්මය යනු ක්‍රියාවයි. කර්මය ක්‍රියාව යනුවෙන් අර්ථ දැක්‌ වූවත් බුදුදහමේ එය වෙන ආකාරය දක්‌වා තිබෙනවා. කර්මය යනු කරන්නෙක්‌ නොවේ. හොඳ දේවල් කළොත් හොඳ විපාක ලැබෙනවා. නරක දේවල් කළොත් නරක විපාක ලැබෙනවා.

    බුදුදහමේ පුනරුප්පත්තිය ප්‍රතික්‌ෂේප කරනවා. නමුත් පුනර්භවය පිළිගනු ලබනවා. පුනර්භවය හෙවත් පුනබ්භව යනු නැවත වීමයි. භව කියන වචනයේ ධාතුව තමයි භූ ධාතුව භූ ධාතුවෙහි අර්ථය වීමයි. එය කර්මයයි. කරන්නෙක්‌ නැහැ. මේ හේතුව නිසා මේ දේ හට ගන්නවා. පටිච්චසමුප්පාදයේ මේ පිළිබඳව කෙටි සූත්‍රයක්‌ සඳහන් වෙනවා.

    ඉමස්‌මි සති - ඉධං හෝති
    ඉමස්‌මිං අස්‌ති - ඉධ න හෝති
    මෙහි තේරුම මෙය ඇති කල්හි මෙය සිදුවන බවයි. මෙය නැති කල්හි එය සිදුනොවේ.

    පුනබ්භව යනු නැවත වීමයි. නැවත වීමෙන් අර්ථ දෙකක්‌ තිබේ. මොහොතක්‌ පාසා සත්වයාගේ ඇතිවෙමින් නැතිවෙමින් පවත්නා පැවතීම මෙහි එක්‌ අර්ථයකි. අනෙක්‌ අර්ථයෙන් කියවෙනුයේ මරණයෙන් පසු පුද්ගලයා තවත් භවයක උප්පත්තිය ලැබීම. අපි බොහෝ විට කතා කරන්නේ මරණයෙන් පසු සත්වයාගේ උප්පත්තිය පුනර්භවය කියායි. මේ කියන සංකල්පය නිසා බොහෝ අය පුනර්භවය වෙනවද? නැද්ද? කියා සැකයක්‌ ඇති කරගෙන තිබෙනවා.

    එනිසා පුනර්භවය පිළිබඳව මුල් අදහස එනම් මොහොතක්‌ පාසා සත්වයාගේ පැවැත්ම ඇතිවෙනව නැතිවෙනව, යන සංකල්පය තමයි සමාජය තුළ දියත් කළ යුත්තේ. දැන් ගත් තීන්දුව අනුව ඊළඟ තීන්දුව ලැබෙනවා.

    හින්දු ආදී ආගමිකයින්ගේ ඉගැන්වීම තුළ තියෙන්නේ ආත්මය නමින් ස්‌ථිරව දෙයක්‌ පවතින බවයි. පුද්ගලයා තුළ ස්‌ථිර වූ වෙනස්‌ නොවන සත් පදාර්ථයක්‌ ඇති බවයි, එම ආගමිකයින් විශ්වාස කරන්නේ. එහිදී එම ආගමිකයින් පදාර්ථයන් ලෙස සලකනු ලබනුයේ මේ කියන ආත්මයයි. මරණයේදි භෞතික ශරීරය විනාශ වුවත් ආත්මය විනාශ වීමක්‌ හෝ වෙනස්‌ වීමක්‌ සිදුනොවන බවයි, එම ආගමිකයින් විශ්වාස කරන්නේ.

    නමුත් බුදු දහමේදී පුනර්භවයක්‌ ගැන කතා කළත් ආත්මය ගමන් කරන බවක්‌ විශ්වාස කරන්නේ නැහැ. හින්දු ආගමට අනුව ආත්මය ගමන් කිරීම හා පුනරුප්පත්තිය ලැබීම ඔවුන් දකිනුයේ පැරැණි වස්‌ත්‍ර ඉවත් කර අලුත් වස්‌ත්‍ර ඇද ගැනීමක්‌ ලෙසයි. මරණයේදී භෞතික ශරීරය විනාශවී ගූඪ වූ ආත්මය වෙනත් ආත්මයකට ගමන් කරන බවයි හින්දු ආගමිකයින් පෙන්වා දෙන්නේ. එම ආත්මයේදී යළිත් භෞතික ශරීරයක්‌ ගොඩ නඟා ගන්නවා. එය තමයි දිගින් දිගට ගමන් කෙරෙන්නේ. මෙයයි ශාස්‌වත වාදය කියලා අදහස්‌ කරන්නේ.

    හින්දු ආගමට අනුව මෙය තමයි පුනරුප්පත්තිය ලෙස අදහස්‌ කරන්නේ. මෙය බුදු දහමේදී ප්‍රතික්‌ෂේපකරනවා. පුනරුප්පත්තිය යනු නැවත වීමයි. එවිට කර්තෘ කෙනෙක්‌ සිටිනවා. නැවත කරනවා නම් කරන්නෙක්‌ සිටිය යුතුයි.

    නමුත් බුදු දහමේ කියවෙන පුනර්භවයෙන් මේ කියන අදහස ප්‍රතික්‌ෂේප කරනවා. පුනර්භවයෙන් අදහස්‌ කරනුයේ මේ දේ නිසා මේ දේ හටගන්නා බවයි. හට ගැනීම පුනබ්භවයයි. මෙතැන තියෙන්නේ භාෂාමය ගැටලුවක්‌.

    දැන් අපට මේ දේවල් ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුයි. මෙය ප්‍රත්‍යක්‍ෂ කර ගන්න නම් ධර්මය අවබෝධ කරගත යුතුයි. නිවන් අවබෝධය කරගත යුතුයි. නමුත් අපට මෙය අප්‍රත්‍යක්‍ෂයි. මෙය අපි සරල උදාහරණයකින් තේරුම් ගැනීමට උත්සහ කරමු.

    http://www.divaina.com/2010/08/26/samadi01.html

    මහා තන්හා සංඛය සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙනවා විඥානය වෙනත් ප්‍රත්‍යයන්ගෙන් තොරව හට නොගන්නා බව. නලකලාප සූත්‍රයේ සඳහන් වෙනවා බට මිටි දෙකක් කෙළින් කර තැබීම සඳහා එකට හේත්තු කර තැබිය යුතුයි වගේ නාම රූප නිතර ම එකට තිබෙන බවත්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන පංචස්කන්ධයෙන් විඤ්ඤාණ පමණක් වෙන් කරන්න බැහැ. පංචස්කන්ධයෙන් වියුක්ත අවස්ථාවක් සත්ත්වයාට තිබෙනවා කියන්නේ උච්ඡේදවාදයයි. මරණින් මතු වෙනස් නොවූ විඤ්ඤාණයක් ගමන් කරනවාත් නෙවෙයි. සමස්ත පංචස්කන්ධයම ශක්ති බවට පරිවර්තනය වී එයත් වෙනස් වෙමින් ගමන් කරනවා.
    නූතන මනෝවිද්‍යා පරීක්ෂණවලින් පවා සොයාගෙන තිබෙනවා සත්ත්වයාගේ පැරැණි සිත පමණක් නොවෙයි ගුණගුණ හා කායික ලක්ෂණත් ගමන් කරන බව. ඒ අනුව විඤ්ඤාණ ආදී නාමයන් පමණක් නොවෙයි රූපයත් ගමන් කරනවා.

    http://www.silumina.lk/punkalasa/20110515/_art.asp?fn=ar1105155

    මීට වඩා හොද පැහැදිලි කිරීමක් නැහැ.. මේ ලින්ක් කලින් දාල තිබුනෙ අපේ බිංගෝ සහෝ..

    all credit goes to him

    9Y7qmQ3.png

    බොහොම ස්තූතියි සහෝ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    විද්‍යාවට මනස කියන්නෙ මොකද්ද කියල පැහැදිලි කරගන්න පුළුවන් ද..

    පූසො පුරු පුරු ගාන්නෙ කොහොමද කියල හොයාගන්න පුළුවන් වෙලා තියනවද ?

    ඇයි අපි ඈනුම් යවන්නෙ කියල වත් හොයාගන්න පුළුවන් වෙලා තියනවද.. හොයාගෙන තියනව නම් අපිටත් කියපන්.. දන්නෙ නැති නිසා ඇහුවෙ..

    179597_slide.jpg

    9Y7qmQ3.png

    ඔය ඔක්කොම ආගම් වලින් හොයාගෙන තියනවද මචන් ?

    ඔය වෙනම පවතින දෙයක් කියල කියන හිතෙ තියන දෙවල් සහ හිතෙ ක්‍රියාකරිත්වය , ඔලුවට වදින පාරකින් වෙනස් වෙන්නෙ ඇයි ? මතකයන් නැතිවෙන්නෙ ඇයි ? පොශන උනතවයකින් වෙනස් වෙන්න පුලුවන් ඇයි ? ශරිරයට හැදෙන උනකින් ,ලෙඩකින් වෙනස් වෙන්න උලුවන් ඇයි ? ආගමෙන් එකස්ප්ලෙන් කරල තියනවනම් කියන්නකො බලන්න ......

    විද්යාවට ලදරුයි , එකට එක හොට්ය ගන්න බැහැ මෙක් හොය ගන්න බැහැ කියන එකට තමයි මෙකෙ මුලිම උත්තර දුන්නෙ යාලු , එහෙම බැලුවනම් විද්යාවට හොයගන්න බැරි නිසා බොරු කියන්න බැරි එව ගොඩක් තියනව , පොඩ්ඩක් කලින් කමෙන්ට්ස් බලන්න