බෞද්ධ_කොඩිය_ගැන_ප්‍රශ්න_කළා_නවී_පිල්ලේ
බෞද්ධ කොඩිය ගැන ප්‍රශ්න කළා - නවී පිල්ලේ
සාමය සහ සංහිඳියාව පිළිබඳ පැවති සාකච්ඡාවක දී නිදහස් චතුරශ්‍රයේ ඔසවා ඇති බෞද්ධ කොඩිය පිළිබඳව මහ කොමසාරිස් නවී පිල්ලේ ප්‍රශ්න කළ නමුත් ඩී. එස්. සේනානායක පිළිරුව පිළිබඳ ඇය කිසිදු ප්‍රකාශයක් නොකළ බව ජිනීවා නුවර එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම කියා සිටියි.
එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් නවී පිල්ලේ නිදහස් චතුරශ්‍රයේ ඉදි කර ඇති ඩී. එස්. සේනානායක පිළිරුව ඉවත් කිරීම පිළිබඳ ඇයගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වූ දින කිහිපය තුල කිසිදු අවස්ථාවක දී වචනයක් හෝ කතා නො කළ බව ස්ථිර වශයෙන් කිව හැකි බව මානව හිමිකම් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක රූපට් කොල්විල් ප්‍රකාශ කරයි.
විධිමත් ප්‍රකාශයක්
මේ චෝදනා පිළිබඳ විධිමත් ප්‍රකාශයක් ඉදිරි දින කීපය තුල දී නිකුත් කිරීමට නියමිත බව රූපට් කොලවිල් ජන මාධ්‍ය වෙත නිකුත් කළ ඊ මේල් පණිවුඩයක් මගින් දැනුම් දී ඇත
සාමය සහ සංහිඳියාව පිළිබඳ පැවති සාකච්ඡාවක දී නිදහස් චතුරශ්‍රයේ ඔසවා ඇති බෞද්ධ කොඩිය පිළිබඳ මහ කොමසාරිස් වරිය ප්‍රශ්න කර තිබෙන බව ද මෙම ප්‍රකාශයේ සඳහන් වෙයි.
අසංවේදී ක්‍රියාවක්
දේශයේ නිදහස සහ අධිරාජ්‍යවාදයේ නිමාව සනිටුහන් කෙරෙන රටේ සියලු වැසියන්ට අතිශයින් වැදගත් සංකේතයක් වන නිදහස් චතුරශ්‍රයේ, එක් ආගමකට අයත් ධජයක් ඔසවා තැබීම පිළිබඳ ඇය විමසා සිටි බවත්, ශ්‍රී ලංකාව තුල ජීවත් වන අන්‍ය ලබ්ධිකයින් මෙය අසංවේදී ක්‍රියාවක් ලෙස සැලකීමට ඉඩ තිබෙන බව ඇය පෙන්වා දුන් බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය සඳහන් කරයි.
නිදහස් චතුරශ්‍රයේ ඔසවා ඇති බෞද්ධ කොඩිය වෙනුවට සියලු ආගම්, සියලු ජාතීන් එක්සත් කිරීමේ සංකේතය වන ජාතික ධජය ඔසවා තැබීමේ සාමාන්‍ය සම්ප්‍රදායට එකඟ ව කටයුතු කිරීමට මහ කොමසාරිස් නවී පිල්ලේ ආණ්ඩුවට වෙත යෝජනාවක් ඉදිරිපත් කල බව ද මහ කොමසාරිස්වරිය ගේ ප්‍රකාශක රූපට් කොලවිල් නිකුත් කළ ප්‍රකාශයේ දැක්වෙයි.