භයානකම පාසල් ගමන

sanumadu

Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    භයානකම පාසල් ගමන

    ලෝකයේ භයානකම පාසල් ගමන​

    image_95ba4e34fc.jpg

    නිරිතදිග චීනයේ සිචුආන් ප්‍රාන්තයේ ගම්මානයක වෙසෙන දරුවන්ට තම පාසල වෙත ළඟාවීම සදහා මීටර් 800ක කදුගැටයක් තරණය කිරීමට සිදුව ඇත.එය ලෝකයේ වඩාත්ම අවදානම්කාරී ගමනකි.
    යම් හෙයකින් පය ලිස්සා වැටුනහොත් ඔවුන්ට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ.​

    image_13396c4124.jpg


    මේ සදහා යකඩ ඉනිමගක් ඉදිකර ඇති අතර ඊට කලින් ඔවුන් භාවිතා කර ඇත්තේ ඉතා සවිමත් වැලකි. මෙම වැල භාවිතා කරන කාලයේදී එම වැල කැඩී මිනිසුන් වැටි මියගිය අවස්ථා බොහොමයක් ඇති බව බීජින් ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.​

    image_6b40fb7274.jpg

    මෙම ඉනිමග සෑදීම සදහා වානේ බට 1,500ක් යොදාගෙන ඇත. මේ සදහා ගිය මුදල ඇ..ඩො. 150,000ක් වේ. මෙහි ඉදිකිරීම් අගෝස්තු මාසයේදි ආරම්භකර ඇත.

    මෙම යකඩ ඉනිමග ඉදිකිරීමත් සමග ගම්වැසියන්ට තම අවශ්‍යතා ඉටුකරගැනීමට සතියකට සැරයක් නගරයට යෑමට ඉනිමග භාවිතා කළ හැක.

    (CNN ඇසුරෙනි)​
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    oya sure ekatama 10km withara yanna one parakata tiyena shortcut pojjak wenna athi

    You must spread some Reputation around before giving it to sanumadu again.