භයානක රෝගයක් ව්‍යාප්ත වෙනවා, ප්‍රවේසම්වන

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    භයානක රෝගයක් ව්‍යාප්ත වෙනවා, ප්‍රවේසම්වන

    2010 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා කාළය තුල අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් විශාල වශයෙන් ලීෂ්මනයසීස් චර්ම රෝගයට ගොදුරුවූ රෝගීන් වැඩි පිරිසක් හමුවූ බව උතුරු මැද පළාත් ප්‍රජා සෞඛ්‍ය සේවා නිළධාරීණි වෛද්‍ය හේමා විරකෝන් මහත්මිය පවසනවා.

    නමුත් මේවන විට රෝගීන්ගේ දැනුම්වත්භාවය අඩුවීමෙන් රෝගින්ගේ වාර්තාවීම සීග්‍රයෙන් අඩුවී ඇති බවට අනුමානකල හැකි බවද ඇය සඳහන් කරනවා. වර්ෂ 1992 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම චර්මගත ලීෂ්මනයිසීස් රෝගීයා දකුණු පළාතේ අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර පළමු චර්ම ශ්ලේස්මල පටලගත රෝගියා 2005 වර්ෂයේදී හා පළමු අභ්‍යන්තර ඉන්ද්‍රීය ආසාදීත රෝගීයා 2006 දී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

    ලීෂ්මනයිසිස් රෝගය රටවල් 98ක පමණ පැතිරී ඇති අතර එය රටවල් 88ක පමන ස්ථානිය රෝගයක්.රෝගයෙන් ලෝකය පුරා වර්ෂයකට මිලියන 14කට වැඩි රෝගීන් සංඛ්‍යාවක් ආසාදීත තත්වයට පත්වන බවට දළවශයෙන් ගණන් බලා තිබෙනවා.මිලියන දෙකකට ආසන්න ජනගහනයක් අලුතින් රෝගයට ගොදුරුවනවා.වර්ෂයකට ලෝකය පුරා රෝගය හේතුවෙන් 20000ත් 30000ත් අතර ප්‍රමානයක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවල සඳහන්.

    ශ්‍රී ලංකාවේ මෙම රෝගය වැඩියෙන් ව්‍යාප්තවීම සලකා බලා 2008 වර්ෂය අවසානයේදී එය දැනුම් දියයුතු රෝගයක් බවට සෞඛ්‍ය අමාත්‍යශය මගින් ප්‍රකාශයට පත්කර තිබුණා.රෝගය ව්‍යාප්තවූ රටවල් අතරට අවසන් වරට එක්වූ රට වන්නේ ශ්‍රී ලංකාවයි.

    මෙම මාරන්තික රෝගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ උතුරු මැද පළාත් ප්‍රජා සෞඛ්‍ය සේවා නිළධාරීණි වෛද්‍ය හේමා විරකෝන් මහත්මිය.
    ලීෂ්මනයිසීස් රෝගය ඒක සෛලික ලීෂ්මේනියා නැමති පරපෝෂිත විශේෂ මගින් බෝවන රෝගයක්.කොදු ඇට පෙල සහිත මිනිසා බල්ලා ගවයා හා වැලි මැස්සා තුළ එම පරපෝෂිත විශේෂ ජීවන චක්‍රයේ අවධි දෙක ගතකරනවා.රෝග වාහක වැලිමැස්සා ශාක යුෂ උරාබෙන අතර උගේ බිත්තර පරිනතකර ගැනීම සදහා කොදු ඇට පෙල සහිත සතුන්ගේ ලේ උරා බොනවා.මැස්සන් විශේෂ 15ක් විතර ඉන්නවා.මේ රෝගය පතුරන වඩාත් ප්‍රචලිතම විශේෂය තමයි ෆ්ලීබොටොමස් ආජන්ටිපෙස්. වියලි කාළගුණය සහිත තෙත පරිසරයට මෙම මැස්සා ප්‍රියකරනවා. රෝම සහිත කුඩා මැස්සා ශබ්දයෙන් තොරව පියාසර කරනවා ඒ වගේම රාත්‍රී කාලයේදී ක්‍රියාත්මක වෙනවා.රෝගය ගැන කියනවනම් මෙය ප්‍රබේද තුනකට බෙදෙනවා.චර්මගත ලීෂ්මනයිසීස්,චර්ම ශෛලේස්මලපටල ලීෂ්මනයිසීස් හා අභ්‍යන්තර ඉන්ද්‍රීය ආසාදිත ලීෂ්මනයිසීස් ලෙස.චර්මගත ලීෂ්මනයිසීස් සමින් එසවුනු රතු පැහැති ලපයකින් හටලෙන පසුව ගැටිත්තක් වෙනවා. කාලයත් සමගම එය ක්‍රමක් ක්‍රමයෙන් විශාලවෙලා තුවාලයක් වෙනවා. ශරිරය නිරාවරණයවූ ස්ථාන වලයි මෙය හට ගන්නේ.කැසීමක් වේදනාවක් නෑ.ප්‍රතිකාර නොගත්තොත් ඉබේම සුවවෙලා කල්ගතවන විට අවලස්සන කැලල් ඇතිවනවා.ඊට අමතරව චර්ම ශෛලේස්මලපටල ලීෂ්මනයිසීස් අවස්ථාවේ මුඛය හා නාසය ආශ්‍රීතව තුවාල ඉදිමුම් දැකිය හැකියි. ප්‍රතිකාර නොකලහොත් අවලස්සන කැලැල් ඇතිවනවා.ඉතාම බරපතල රෝගය වන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රීය ආසාදිත ලීෂ්මනයිසීස් උණ උදරයේ අපහසුව,බර අඩුවීම,කෑම අරුචිය, තෙහෙට්ටුව ,අක්මාව,ප්ලීහාව ඉදිමීම වසා ගැටිති ඉදිමීම රුධිරය හිගවීම වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා. ඉදිරියේදී ලංකාවෙත් මෙම මාරාන්තික ප්‍රබේදය වැඩි වශයෙන් හමුවිය හැකියි.
    අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙම රෝග තත්වයන් තුනටම ලක්වූවන් හමුවී තිබෙනවා.නමුත් අභ්‍යන්තර ඉන්ද්‍රීය ආසාදිත ලීෂ්මනයිසීස් රෝගීන් අඩුවෙන් තමයි හමුවී තිබෙන්නේ.2007 ජූලි මස සිට 2014 ජනවාරී දක්වා වසර හයහමාරක කාලය තුල අනුරාධපුර ශික්ෂණ රෝහලේ චර්ම රෝගී සායනයට රෝගීන් 3078ක් පමණ වාර්තාවී තිබෙනවා.වසරින් වසර රෝගින් වැඩි වශයෙන් වාර්තා උනා.මේ වනවිට රෝගීන්ගේ දැවුම්වත්වීම මදිකියලා වෛද්‍ය අංශ සැකකරනවා.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 22 තුලින්ම රෝගීන් හමුවෙලා තියෙනවා.ඒ වගේම වැඩිම රෝගීන් වාර්ථාවී තිබෙන්නේ පදවිය,තලාව,අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත,මධ්‍යම නුවරගම් පළාත,රාජාංගනය,තඹුත්තේගම හා නොච්චියගම යන ප්‍රදේශවලින්.අඩුම රෝගීන් වාර්තා වන්නේ පළාගල හා හොරොව්පොතානෙන් බව වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය වැඩිදුරටත් පැවසුවා.


    e1.jpg

    e2.jpg

    e3.jpg

    e4.jpg

    e5.jpg
     
    Last edited: