භාවනාව_පටන්ගමු
මේ මොහොතේ අවධානය(පළමුවන අවදිය)
භාවනාවට බිම හිඳ ගත යුතු ම ද?
භාවනාවෙහි යෙදෙන්නකු මුලින් ම කළ යුත්තේ නිශ්ශබ්දතාවය ඇති තැනක් සොයා ගෙන, පුටුවක හෝ බිම හෝ හිඳ ගැනීමයි පුටුවක හිඳ ගැනීමෙහි හෝ බිම හිඳ ගැනීමෙහි හෝ කිසිදු අරුමයක් නැති අතර කොයි ආකාර ඉරියව්වකින් වුවත් ඔබට ඉතා උසස් මානසික සුවයක් භුක්ති විඳීමට අවකාශ ඇත. එම නිසා දිගු කාලයක් තුළ භාවනාවෙහි යෙදෙද්දී ඔබේ දණහිසෙහි හෝ පිටකොන්දෙහි හෝ බලවත් වේදනාවක් උද්ගත වුවහොත් පුටුවක හෝ මිටි ආසනයක හෝ හිඳ ගැනීම කළ යුතු ය. අප යෙදෙන මේ කටයුත්ත බලවත් වේදනා විඳීමට හෝ ශරීරයට අපමණ දුක් ගෙන දීමට හෝ යොදා ගන්නක් නොවන බව තේරුම් ගත යුතුය.
ගතෙහි අධික වේදනාව සිත සමාධියකට ගෙන ඒමට ඇති ඉඩකඩ අහුරා ලන බව ඔබ වටහා ගත යුතුය. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ඉගැන්වීමට එක් හේතුවක් හැටියට දැක්වූයේ අධික අසහනය, සිතෙහි තද ගතියත් අධික සැපය සිතෙහි බැඳීමත් වඩන බවය. එම තද ගතිය හෝ බැඳීම හෝ සිත සැනසුම් සුවය වෙත ගෙන ඊමට කිසිසේත් ඉඩ නො දෙනු ඇත. එවන් සිතක ප්‍රඥාව පහළ වීමට ඉඩකඩක් නැති තරමි. හිඳ ගැනීමේ දී අප නිතර සිහියට ගත යුත්තේ මධ්‍යම ප්‍රතිපදාවයි. බිම හිඳ ගැනීමෙන් තමන්ට බලවත් අපහසුවක් ඇති වේ නම්, අන් සියලු දෙනා බිම හිඳගත් පලියට තමනුත් එය අනුකරණය කිරීමට යාම බලවත් මුලාවකි. නිහතමානීකම සිතෙහි ඇති කර ගෙන, උඩගුකම අත් හළ විට භාවනාව හොඳ අතට හැරී යන බව ඔබට පෙනී යනු ඇත.
මෙතැන මේ මොහොත
භාවනාවට හිඳ ගැනීමෙන් පසු ඔබේ අවධානය සිහි කල්පනාව, “තමා ඉදිරියෙහි පිහිටුවා ගන්න” යැයි බුදුරජාණන් වහන්සේ දී ඇති එක් අවවාදයෙකි. අවධානය ඉදිරියට ගෙන ඒමෙන් අදහස් කරන්නේ සිත ව්‍යාකූල බවට, වල්මත් බවට පත් කිරීමට සමත් පිටස්තර සිතිවිලිවලින් එය මුදා ගැනීමයි. අවධානය තමා කෙරෙන් ඈතට නො යවා, ලෞකික ජීවිතය හෝ පිටස්තර ලෝකය හෝ සම්බන්ධ සිතිවිලිවලින් සිත පිරී යෑම වළක්වා, භාවනාවට අදාළ නොවන සිතිවිලිවල නො දැවටී, “මෙතැනින්, මේ මොහොතෙන් පිටතට සිතට යෑමට ඉඩ නො දී, එය රැක බලා ගැනීමෙන්, තම අවධානය තමා ඉදිරියෙහි පිහිටුවා ගත හැකි ය. දෑස වසා ගැනීමෙන් පසු මුලින් ම කළ යුත්තේ සිත අතීතයට හෝ අනාගතයට හෝ ඇදී යෑම වළක්වා, භාවනාවට අසම්බන්ධ කොයි යම් ආකාරයක හෝ සිතිවිලි මතු වීමට ඉඩ නො දී, “මෙතැන, මේ මොහොත” වෙත එය යොමු කර ගැනීමයි.” සමහර විට ඒ සඳහා සෑහෙන කාලයක් මිඩංගු කිරීමට ඔබට සිදුවනු ඇත.
එම පරිශ්‍රමය සාර්ථක වූ පසු තමා තෝරා ගත් භාවනා “ආරම්මණය” වෙත සිත යොමු කොට, එම අවධානය වැඩි දියුණු කිරීමට උත්සාහ දැරීම සුදුසු වන්නේ යැයි කිව හැකිය. සිත යහපත් දෙයක් වෙත යොමු කළ විට එය නිතැතින් ම සන්සුන් වේ. යමක් අරමුණු කොට නොගත් පෘථග්ජන සිතෙහි පැවැත්මක් නැත. සිත හැම විට ම යම් කිසිවක් අරමුණු කොට ගනී. එම තෝරා ගත් දෙය සිත පෝෂණය කරන ආහාරය සේ හැඳින්විය හැකිය. එම ආහාරයෙන් සිත පිරී යෑම, ඉහවහා යෑම නොවැළැක්විය හැකිය. යෝග්‍ය වූ, සෞම්‍ය වූ දෙයක් සිතට නොලැබුණු විට, එය වෙනත් දෙයක් සොයා ඉවතට ඇදී යයි. බොහෝ විට සිත තෝරා ගන්නේ එය අසහනයට පත් කරන අවුල් කරන අන්දමේ අරමුණකි. එම නිසා සෞඛ්‍ය අරමුණක් වෙත සිත යෙදීම වැඩදායකය. සතුටුදායක මට්ටමක සිත “මෙතැන, මේ මොහොතෙහි” පිහිටුවා ගත් පසු අවධානය හුස්ම වෙත යොමු කිරීම සුදුසුය.
ඉක්මන් කොටයි
මූලික අවධීන් හැකි ඉක්මනින් පසු කර ගෙන යෑමට ඔබට ඉඩකඩ ඇතත්, එවැනි අදහසක් පහළ වුව හොත්, ඔබ ඉතාමත් ප්‍රවේසම් විය යුතු ය. එසේ කළ හොත් ඉක්මන්කාරී ව ඉදිරියට යෑම නිසා, මූලාරම්භයේ දී කළ යුතු ව තිබූ වැඩ කොටස නිසියාකාරව නිම නොකළ බැවින්, අවශ්‍ය තරමේ ශක්තිමත් පදනමක් තමා ළඟ නැති බව කාලයාගේ ඇවෑමෙන් ඔබට ම අවබෝධ වනු ඇත. මෙය දුර්වල අත්තිවාරමක් මත මහල් ප්‍රසාදයක් ගොඩනැඟීම වැනිය. තට්ටු ඉක්මනින් ඉහළට නැංවු සේ ම, ඒවා ඉක්මනින් පහළට ඇද වැටෙනු ඇත. පොළොව ශක්තිමත් ව ස්ථිරව සකසා, අත්තිවාරම දැමීමේ දී මෙන් ම “මුල් තට්ටුව“ ගොඩනැඟීමේ දී ත් බොහෝ කාලයක් ඒ සඳහා මිඩංගු කිරීම අතිශයින් නුවණට හුරුය. එසේ කළ හොත්, ශක්තිමත් ව ගොඩනැංවූ මහල් ප්‍රසාදයේ ඉහළ තට්ටු මෙන් භාවනාවේ උසස් ප්‍රමෝදජනක අවධීන් ස්ථිර ව නො සැලී පවතිනු ඇත.
ආරම්භය
මා උගන්වන ක්‍රමයට අනු ව, මේ මොහොතේ අවධානය වෙත එළඹීම සඳහා, “අතීතය හා අනාගතය සමඟ ඈදුණු බඩු පොදි අත්හැරීමේ” ඉතා සරල අවධියෙන් භාවනාව ආරම්භ කරවීමට මම කැමැත්තෙමි. මෙය ඉතා සරල, ඉතාමත් පහසුවෙන් කළ හැකි දෙයක් සේ සමහර විට ඔබට හැඟෙනු ඇත. “මේ මොහොත” වෙත තම අවධානය රඳවා ගැනීමේ මුල් අවදිය සපුරාලීම සඳහා ඔබේ සම්පූර්ණ ධෛර්්‍යය යොදා එය හරියාකාරව දියුණු කර ගන්නේ නැති ව, භාවනාවේ උසස් අවදීන් කරා වේගයෙන් යෑම ඉතාමත් අනුවණය.
ඉතිහාසය අමතක කරන්න
“අතීතය අතහැර දමන්න” මෙයින් මා අදහස් කරන්නේ ඔබේ රැකියාව. ඔබේ පවුල, ඔබේ පොරොන්දු, ඔබේ ඉතිහාසය, බාල කාලයේ දී කළ-නොකළ දෑ ආදී කිසිවක් ගැන නොසිතා සිටීමය. සියලු අතීත අත්දැකීම් අත්හැර දැමිය හැක්කේ ඒවා පිළිබඳ අල්පමාත්‍රයක හෝ ඇල්මක් නොදැක්වීමෙනි. භාවනා කරන කාලය තුළ දී ඔබ ඉතිහාසයක් නැත්තකු සේ සිටිය යුතු ය. ඔබ ආවේ කිනම් පෙදෙසක සිට ද? ඔබ ඉපදුනේ කොතැනක ද? ඔබේ මාපියන් කවුරුන් ද? ඔබ හැදුනේ වැඩුනේ කෙලෙස ද? ආදී කිසිවක් ගැන නො සිතිය යුතුය. ඒ සියලු ඉතිහාසය ම භාවනාවේ දී අත්හළ යුතු ය. එවිට භාවනාවට සහභාගී වන ඔබ සියලු දෙනාම එක හා සමාන හුදු භාවනා යෝගීන් පමණි.
කොපමණ වසර ගණනක් ඔබ මීට ඉහත භාවනා කර තිබේ ද? ඔබ පළපුරුදු භාවනා කරුවෙක් ද? එසේත් නැති නම් ආධුනිකයෙක් ද? ආදී වශයෙන් සිතීම නො වැදගත්ය. ඔබ එම ඉතිහාසය ඉවත ලන්නේ නම් අපි සියල්ලෝ ම එක සමාන එමෙන් ම නිදහස් අය වෙමු. මෙවැනි උද්වේග, හැඟීම් හා සිතිවිලිවලින් අප නිදහස් වන්නට උත්සාහ කළ යුත්තේ අත්හැරීමෙන් උපදින්නා වූ සැනසීමේ දියුණුව සීමා කිරීමට හා වැළැක්වීමට ඒවා තුඩු දෙන බැවිනි. එබැවින් අවසානයේ දී ඔබේ ඉතිහාසයේ සෑම “කොටසකින්ම” ඔබ අත්මිදෙනු ඇත. එපමණක් නොව භාවනා වාරයේ මෙතෙක් ඉතිහාසය ද, දැන් මොහොතකට පෙර සිදුවූ දෙයෙහි මෙතෙක් ඉතිහාසය ද, දැන් මොහොතකට පෙර සිදුවු දෙයෙහි මතකය ද ඊට ඇතුළත් විය යුතුය. මේ අයුරින් ඔබ අතීතයේ බර කිසිවක් වර්තමානයට ගෙන නොඑනු ඇත. මොහොතකට පෙර සිදුවු දෙය කුමක් වුවත් ඒ පිළිබඳ ව තවදුරට උනන්දුවක් නො දක්වා එයින් අත්මිදෙන්න.
සිතෙහි දෝංකාරයක් ඇති කිරීමට අතීතයට ඔබ කිසි සේත් ම ඉඩ නොදිය යුතුය. මොළොක් ද්‍රව්‍යයකින් ඇසුරුම් කරන ලද මැදිරියක බිත්තියක යමක් වැදුන හොත් එහි ආපසු විසි වීමක් සිදු නො වේ. එය මොළොක් ඇසුරුමේ කිඳා බැස, එතැන ම නතර වේ. මොළොක් ද්‍රව්‍යයකින් ඇසුරුම් කරන ලද මැදිරියක් සේ මනස දියුණු කරගත හොත් එය තුළ මතු වන යම් අත්දැකීමකට, හැඟීමකට හෝ සිතිවිල්ලකට, ඒ තුළ ඒ මේ අතට පෙරළෙමින්, විසි වෙමින්, වැදෙමින් මහත් කලබැගෑනියක් ඇති කිරීමට අපහසු වනු ඇත. මනස මොළොක් නම්, ඒවා මතු වූ සැණින් ම සමථයට පත් වේ. එලෙස ම ඊයේ සිදුවීම්වලට එසේ ම ඊට පෙරාතු ව අතීතයට මනසෙහි ඒ මේ අත විසි වෙමින් දෝංකාර දීමට අප කිසි ම ඉඩක් නොදිය යුතුය. මෙලෙස අතීතය විඥානයෙහි දෝංකාර දීම නතර කළ යුත්තේ අත්හැරීම, බැහැර කිරීම හා සැහැල්ලු කිරීම සඳහා මනස හුරු-පුරුදු කිරීම අප දැන් අරඹා ඇති හෙයිනි.
තීතය මෙනෙහි කොට, කෙසේ හෝ එම අතීතයෙන් යමක් ඉගෙන ගෙන, ඒ හා සම්බන්ධ ප්‍රශ්නවලට විසඳුමක් සොයා ගත හැකිය යනු බොහෝ දෙනෙකුගේ වැටහීමයි. ඔබ එම අතීතය වෙත එබී බලන්නේ අනිවාර්යයෙන්ම ඇති දේ විකෘති කොට පෙන්වන ඇස් කණ්ණාඩියකින් ඔබ සිතට ගත යුතුය. ඔබ යමක් මෙසේ සිදුවූයේ දැයි සිතුවත්, සත්‍ය වශයෙන් සිදුවී ඇත්තේ අනෙකකි. මොහොතකට උඩ දී සිදුවු සිද්ධීන් ගැන මිනිසුන් බොහෝ විට වාද කරන්නේ මේ නිසාය. වාහන අනතුරුවල දී, පැය බාගයකට උඩ දී සිදුවූ සිද්ධියක් ගැන වුව ද, එය සියැසින් දුටු පුද්ගලයින් දෙදෙනෙකු අවංක ව එය සිදුවූ ආකාරය විස්තර කරන්නේ දෙවිදියකට බව ඒවා විග්‍රහ කරන පොලිස් නිලධාරින් හොඳින් දන්නා කරුණෙකි.
අපේ මතකය විශ්වාස කළ නො හැකිය. මතකය, කොතරම් අවිශ්වාසදායක ද කියා ඔබ සලකා බලන්නේ නම් භාවනාවේ දී අතීතය ගැන සිතා බැලීමෙහි සහ මෙනෙහි කිරීමෙහි එතරම් අගයක් නොමැති බව ඔබට වැටහෙනු ඇත. එවිට එයින් අත්මිඳීමට ඔබට හැකි වන්නේ ය. මියගිය පුද්ගලයකු වළලා දමන අයුරින් අතීතය ඔබට වැළලිය හැකිය. එම මතකයන් මිනී පෙට්ටියක දමා “භූමදානය” කොට, නැති නම් ආදාහනය කොට, අවසාන කරන්න. අතීතයෙහි කල් නො හරින්න. මළ ගිය මොහොතවල් සහිත මිනීපෙට්ටි හිස මත තබා ගෙන යෑම තවදුරටත් නො කරන්න. එසේ කරනවා නම්, ඇත්ත වශයෙන් ම තමාට අයත් නැති, බරපතල වගකීම්වල බරින් ඔබ යට කර ගෙන සිටීමට ඔබ ඉඩ දී ඇත. මේ මොහොතේ ම අතීතය සම්පූර්ණයෙන් ම අතහැර නිදහස් වීමට ඔබට හැකියාව ඇත.
අනාගතය අවිනිශ්චිතය
අනාගතය පිළිබඳ ව ඇති උද්වේග, බලාපොරොත්තු, බිය, සැලසුම් හා අපේක්ෂා.... මේ සියල්ල ම ද බැහැර කරන්න. බුදුරජාණන් වහන්සේ විටක දී අනාගතය සම්බන්ධ ව මෙසේ පවසා ඇත. “යම් අයුරකින් සිදුවේ යයි ඔබ සිතන සෑම දෙයක් ම, හැම විටම සිදුවන්නේ ඊට වෙනස් වූ ආකාරයකින්ය. “අනාගතය විශ්වාස කළ නොහැකි නො දන්නා, අවිනිශ්චිත දෙයක් සේ ප්‍රඥාවන්තයින් වටහා ගෙන ඇත. ඉදිරිය මේ ආකාර වේ යැයි බලාපොරොත්තු සහගත වීම අතිශයින් ම අනුවන ක්‍රියාවක් වන අතර භාවනාවේ දී අනාගතය ගැන සිතමින් සිටින හැම මොහොතක් ම නිකරුණේ කාලය අපතේ හැරීමකි.
පුදුමාකාර මනස
මනසෙහි ඇති සැඟවුණු අද්භූත ස්වභාවය වැටහී යනුයේ එය සමඟ කටයුතුවල යෙදෙන විට දී ය. එයට නොයෙකුත් මනස්කාන්ත හා බලාපොරොත්තු නො වූ දේවල් කළ හැකිය. භාවනාවේ දී මනසෙහි සාමය උදා නොවීම නිසා වෙහෙසට පත් ව සිටින භාවනා යෝගීන් “තවත් වැදගැම්මකට නැති පැයක් ලැග සිටීමට සිදුවී ඇතැ”යි සිතමින් කල් ගෙවීම බොහෝ විට කෙරෙන දෙයකි. මෙසේ සිතමින් අධෛර්්‍යයට පත් ව සිටිය දීත් සමහර විට, බලාපොරොත්තු රහිතව ම, අද්භූත ජනක දෙයක් සිදුවී භාවනාව ඉතා සියුම්, සාමකාමී තත්ත්වයකට පරිවර්තනය විය හැකිය.
මෑතක දී දින දහයක භාවනාවකට මුල්වරට සහභාගී වූවකුගෙන් මට මෙසේ අසන්නට ලැබිණ. මුල් දිනයේ දී ම ඔහුගේ ගතේ රිදීම්, කැක්කුම් ඉවසා ගත නොහැකි වීම නිසා ගෙදර යාමට අවසර ඉල්ලා සිටි විට, භාවනා ගුරුවරයා පවසා සිටියේ “යන්න එපා, තව එක් දිනක් නතර වන්න, ඔය අමාරු මඟ ඇරී යන බව මා සහතික කරනවා” යනුවෙනි. ඔහු තව දිනක් නතර විය. එදින අවසානයේ දී අපහසුකම් තවත් උග්‍ර වූයෙන් ඔහු නැවත ගෙදර යාමට අවසර ඉල්ලීය. ගුරුවරයා නැවතත් අවවාද කර සිටියේ “තවත් දවසක් නැවතී බලන්න, ඔය වේදනාව නැති ව යයි” යනුවෙනි.
තුන්වන දවස ගත වුවන් ඇති වූයේ වේදනාවෙහි අඩු වීම නො ව වැඩී විමෙකි. දින නවයේ දී ම සවසට වේදනාවෙන් මිරිකෙමින් ගුරුවරයා වෙත ගොස් ගෙදර යාමට අවසර ඉල්ලා බැගෑපත් වුව ද, නැවත නැවතත් ගුරුවරයා කියා සිටියේ, “තවත් එක් දිනක් ඉන්න, වේදනාව නැති ව යනවා” කියායි. අවසාන දිනයේ උදෑසන මුල් භාවනා වාරයේ දී ඔහු සිදු වේ යයි සිතා සිටි සියල්ල ම බිඳ හෙලමින් ගතෙහි කැක්කුම් සියල්ල ම අතුරුදහන් විය. මොනයම් අපහසුකමක් වත් නැවත ඉස්මතු නො වීය. රිදීම්වලින් තොර ව බොහෝ වේලාවක් භාවනාවෙහි නිරත වීමට ඔහුට හැකිවිය.
මනස දැක් වූ මේ අපූරු කුසලතාවය ඔහුගේ සිත කුල්මත් කළ අතර, එය කෙසේ සිදුවී දැයි ඔහුට අදහා ගත නොහැකි විය. මින් පැහැදිලි වන්නේ, අනාගතය ගැන අප කිසිවක් නො දන්නා බවයි. එය පුදුම සහගත හෝ අද්භූතජනක හෝ විය හැකිය. ඔබේ බලාපොරොත්තු සියල්ලක් ම ඉක්මවා ලිය හැකිය. අනාගතය පිළිබඳව සෑම සිතිවිල්ලක් ම ඉක්මවා ලිය ඛ්ැකිය. අනාගතය පිළිබඳ ව සෑම සිතිවිල්ලක් ම සෑම බලාපොරොත්තුවක් ම අතහැර දැමීමට මෙවැනි අත්දැකීම් ඔබට අවශ්‍ය ධෛර්්‍යය හා ප්‍රඥාව ලබා දෙනු ඇත.
“තම මිනිත්තු කීයක් තිබෙනවා ද? මේ අසහනය තව කොතෙක් වේලා ඉවසන්න ද?” ආදී වශයෙන් සිතමින් භාවනාවෙහි යෙදී සිටින්නේ නම්, ඔබ නැවතත් අනාගතයෙහි සැරිසැරීම අරඹා ඇත. දුක් වේදනාවන් මොහොතකින් දුරු වී යා හැකිය. නිදහස් වීම ඊළඟ මොහොතේ දී වන්නට පුලුවන. සිදුවන්නට යන්නේ කුමක් දැයි නිශ්චය කිරීමට ඔබට හැකියාවක් නැත.
හොඳට නොකෙරෙන භාවනාව
මීට පෙර ඔබ සහභාගි වූ භාවනා මුළුවල දී සමහර විට මෙතෙක් මා එක් භාවනා වාරයකදී වත් සතුටුදායක ප්‍රතිඵලයක් ලබා නො ගත්තෙමි” යැයි ඔබට යම් විටෙක සිතෙන්නට ඇත. නමුත්, ඊළඟ වාරයේ භාවනාවට හිඳ ගත් විට සියල්ල ම සන්සුන් ය, පහසුය. එවිට “මේක මහ පුදුමයක්. මට දැන් භාවනා කළ හැකිය” යි කියා උදම් වූවත් ඊළඟ භාවනා වාරය තවත් අවුල් ජාලයකි. මෙහි රහස කුමක් ද? “මගේ මුල් භාවනා ගුරුවරයා කියා සිටි දෙයක් එකල මගේ අදහස්වලට එකඟ නො වූ හෙයින් ඒ ගැන වැඩි සැලකිල්ලක් නො දැක්වූයෙමි. ඔහු කියා සිටියේ නරක භාවනා වාරයක් කියා දෙයක් නොමැති බවය. “ඒ කියමන සත්‍යයෙකි. අසහනය ගෙන දුන් තමාගේ අපේක්ෂාවන්ට අනුකූල ව සිදු නොවූ, ඔබ නරක යයි කියා හඳුන්වන සෑම භාවනා වාරයක් ම සාධාරණ ව විග්‍රහ කර බලන්නේ නම් ඇත්ත වශයෙන් ම, “වැටුප් චෙක්පත” සඳහා ඉතා මහන්සි වී ඔබ වැඩෙහි යෙදුණු වාරයන් ලෙස එම භාවනා වාර හැඳින්විය හැකිය.
මෙය වෙනත් අයුරකින් පෙන්වා දෙන්නේ නම්, යම් කිසිවෙක් සඳුදා මුළු දවස ම වැඩෙහි යෙදී, දිනය අවසානයේ දී කිසි වැටුපක් නො ලබයි.” මොන දෙයක් සඳහා මා මෙපමණ මහන්සි වුයේ ද?” කියා ඔහු සිතයි. ඔහු අඟහරුවාදා වැඩට ගොස්, එදින ද කිසි ම වැටුපක් නො ලබයි. තවත් නරක දවසක්. බදාදා මුළු දවසත්, බ්‍රහස්පතින්දා මුළු දවසත්, බොහෝ වෙහෙස මහන් සි වී වැඩ කළේ වූව ද, ඒ සඳහා කිසි වැටුපක් නො ලබයි. ඔහුට එක දිගට නරක දවස් හතරක් ම ගත කිරීමට සිදුවුවා සේය. සිකුරාදා උදාවිය. එදින ද පෙර දිනයන්හි දී මෙන් වැඩ කර අවසානයේ දී ප්‍රධානියා වැටුප් චෙක්පත ඔහු අතට පත් කරයි. “සැමදා ම වැටුප් දිනයක් නම්” ඔහු සිතයි. සතුට මොනවට කියන්න ද?.
සෑම භාවනාවක් ම වැටුප් දිනයක් විය නොහැක්කේ ඇයි? ඉහත දැක් වූ උපමාවෙන් එය ඔබට වැටහෙනවාද? ඒ අසීරු භාවනා වාර තුළ දී ඔබ ස්වයං විශ්වාසය ශක්තිමත් කර ගන්නා අතර, භාවනාවේ උන්නතිය සඳහා අවශ්‍ය හේතූන් ගොඩනගා ලයි. අසහනයට පත් වන භාවනා වාරවල දී සහනය උදාකර ගැනීම සඳහා කටයුතු කිරීමෙන් ඔබ සාමය උදෙසා අවශ්‍ය ශක්තිය හා බලවේග දියුණු කර ගනී. සෑහෙන පමණ හොඳ ජයග්‍රාහී ගුණයන් ඔබ සුරක්ෂිත කොට ගෙන ඇත්නම් මනස හොඳ භාවනාවකට යොමු වී තවත් වැටුප් දිනයක රසාස්වාදය ඔබට ලබාදෙනු ඇත. එම නිසා ඇත්ත වශයෙන් ම, ඔබ වැඩෙහි යෙදෙන්නේ “නරක” භාවනා වාර තුළ දී ය.
පසුගිය දිනයක සිඩ්නි නගරයේ පවත්වන ලද භාවනා පංති මාලාවකදී එයට සහභාගී වූ මහත්මියක සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වද්දී, එදින මුළු දවස ම ඇය මා හා උරණ ව සිටි බව පැවසුවාය. ඒ හේතූන් දෙකක් උඩය. මුල් භාවනා වාර තුළ දී සිතෙහි මතු වූ අපහසුකම් නිසා ඇය ඉතා වෙහෙසට පත් වූයෙන්, ඒවා අවසාන කිරීමට මා සීනුව නාද නො කොට උවමනාවට වඩා කල් ගත්තේ යයි ඇය මා කෙරෙහි ද්වේශ සහගත සිතක් ඇති කර ගත්තාය. අවසාන භාවනා වාරවල දී ප්‍රීතිය හා සාමය පහසුවෙන් අත් කර ගැනීමට ඇයට හැකි වූයෙන්, ඒවා නිම වීමට අවශ්‍ය පමණ කල් නො දී ඉක්මනින් මා සීනුව නාද කළේ යයි, ඇය නැවතත් මා හා සිත් අමනාප කර ගත්තාය. නමුත්, සෑම භාවනා වාරයක් ම පැවැත්වූයේ එක් පැයක් පමණි. භාවනා ගුරුවරයකු ලෙස සීනුව නාද කිරීමෙන් වත් දිනුමක් ලබා ගත නො හැකිය.
“සීනුව නාදවීමට තව කොතෙක් වේලා ඇත් දැ”යි? අනාගතය ගැන සිතමින් භාවනාවෙහි යෙදෙන්නන් හට අත්වන ඉරණමයි මේ. තමා විසින් ම වධවේදනා විඳීම ඇති කර ගන්නේ, තමාට කිසි අයිතියක් නැති, අනුන්ගේ බර කරට ගන්නා විටය. “තව මිනිත්තු කීයක් ගතවීමට තිබෙනවා ද?” හෝ “මිළඟට මා කළ යුත්තේ කුමක් ද?” යනාදී බඩුපොදි උසුලා නො ගැනීමට ඔබ විශේෂයෙන් ම ප්‍රවේසම් විය යුතුය. මෙවැනි සිතිවිලි පහළ වනවා නම් ඔබ සිටින්නේ මේ මොහොතේ සිදුවන දෙය පිළිබඳ ව අවධානයකින් නො වේ. ඔබ භාවනාවෙහි යෙදී නැත. ඔබේ සැලසුම් විසිරී ගොස් බලා සිටිනුයේ අසහනයට ආවඩමිනි.
බලගතු මේ මොහොත
“අද දිනය කුමක් ද? දැන් වේලාව කීය ද?” යනුවෙන් වත් හැඟීමක් නැති තරමට මේ මොහොත වෙත අවධානය රඳවා ගෙන සිටින්න. “මේ උදෑසන ද? සවස ද?” ඔබ නො දනී. දන්නේ “මේ මොහොත කුමක් ද” කියා පමණකි. “මේ දැන්” මේ අයුරින් ඔබ ළඟා වන්නේ “මේ මොහොතෙහි” භාවනාවෙහි යෙදී සිටීම මිස “කෙතෙක් වේලා භාවනා කර ඇද්ද? තව මිනිත්තු කීයක් ඉතිරි ව ඇද්ද? හෝ අද දවස කුමක් ද?” කියා වත් නො දන්නා ඉතා ලස්සන, කාලය සනිටුහන් කිරීමේ ආරණ්‍යයික පිළිවෙතක් වෙතටය.
තරුණ භික්ෂුවක ලෙස මා තායිලන්තයේ සිටි එක් අවධියක දී, “මේ මොන අවුරුද්ද ද?” කියා වත් මට නිශ්චිත අවබෝධයක් නො වීය. කාලයෙන් මිදුණු එවන් පරිසරයක ජීවත්වීමට ඉඩ ලැබීම ඉමහත් වාසනාවෙකි. අපට ජීවත් වීමට සිදු වී ඇති කාලයත් සමඟ තරඟ කළ යුතු, කාලය විසින් මෙහෙයවන පරිසරයකට වඩා එවන් පරිසරයක් සෑම අතකින් ම නිදහස්ය. කාලයට වහල් නො වූ මෙවන් පරිසරයක දී ඔබ මේ මොහොතේ සුවය විඳිනුයේ අවුරුදු දහස් ගණනාවක් සිට ම, සෑම ඥානවන්ත උත්තමයකු ම මේ මොහොතේ සුවය විඳි ලෙසට මය. එම තත්ත්වය සෑම විට ම එලෙසින් ම පවතී. දැනුදු එහි කිසි වෙනසක් නැත. ඔබ “මේ මොහොතෙහි” සත්‍යය, යථා ස්වභාවය වෙත එළඹ ඇත.
මේ මොහොතේ යථාවබෝධය තේජාන්විතය, මහානුභාගසම්පන්නය. සියලු අතීතයන් හා සියලු අනාගතයන් අත්හැර දැමූවිට ඔබට දැනෙන්නේ අලුත් ජීවිතයක් ලැබූවකු සේය. ඔබ මෙතැන මේ මොහොතේ දැනුවත් ව සිටී. ඔබේ අවධානය වර්තමානයෙහි පමණක් – එනම් මේ මොහොතෙහි රඳවා ගෙන සිටීම “මේ මොහොතේ අවධානය”යි. මෙය භාවනාවේ මුල් පියවරයි. මුල් අවධියයි. මෙතැනට ළඟා වීමට ඔබ ඉටු කර ඇත්තේ ඉතා වැදගත් කටයුතු රාශියකි.
භාවනාවේ ගැඹුරට යෑම ඇණහිටුවන, සිත අතීතයට හා අනාගතයට ඇදී යාමේ මුල් බාධාවෙන් ඔබ අත්මිදී ඇත. එම නිසා මෙම මුල් අවදියට පිවිස, එය ශක්තිමත් ව, ස්ථිර ව, නොසැලෙන සේ පවත්වා ගැනීමට මුළු ධෛර්යය ම යොදන්න. ඉන්පසුව “මේ මොහොතේ අවධානය” තවත් පිරිසිදු කර ගනිමින් දෙවන අවදියට එළඹෙමු. එය මේ මොහොතේ නිහඬ අවධානය යි.
අජාන් බ්‍රහ්මවංසෝ හිමි
DhammaDana