මෙම අභ්‍යාසයේ ඔබ සිටගෙන සිටින ඉරියව්වට හිත යොමු කරන්න. ඔබ සිටගෙන සිටින ඉරියව්වේ භාවනාව, මිනිත්තු 5ට, 10කට හෝ 15කට පුහුණුකල හැකිය.ඊට පසුව සක්මන් කරන්න.
උදරයේ පිම්බීම හැකිළීමට හිත යොමු නොකරන්න. අත් දෙක ශරීරය ඉදිරියෙන් තබා සිට ගන්න, එක අතකින් අනිත් අතේ මැනික් කටුව අල්ලන්න. ඔබේ ඇස් දෙක අරින්න, නමුත් කාමරයේ වට පිට නොබලන්න. ඔබට කැමතිනම් එක තැනකට ඇස් දෙක යොමු කරන්න. උදාහරනයක් වශයෙන් කකුලේ අඩිය.
ශරීරයේ ඉරියව්වට හිත යොමු කරන්න. සිට ගෙන සිටිනවිට ඔබේ අත් පා, වාඩිවී හෝ සයනය කරනවිට දැනීමට වඩා වෙනස්ය. සිටගෙන සිටින ඉරියව්ව "දැනෙන" විදියට හිත යොමු කරන්න.
ඔබට සිටගෙන සිටින ඉරියව්වේ "ඡායාරෑපයක්" ගන්නා හා සමානව සිතන්න. එවිටම නිශ්ශබ්දව "සිටගන්නවා" යනුවෙන් මෙනෙහි කරන්න. ශරීරය තබා සිටින ලීලාව සිතින් දැනගන්න, ඇස් දෙකෙන් නොවෙයි. මොහොතකට සිත ශරීරය තබා සිටින ලීලාවට යොමු කර, එය අත හරින්න. එකෙණෙහිම ඔබේ සිත නැවත ඉරියව්වට ගෙන යන්න.
වර්තමාන මොහොතේ, තප්පරයෙන් තප්පරයට, ශරීරයේ ඉරියව්ව දෙස සිතින් බලන්න. ඔබ ශරීරයේ ක්රිනයාකාරිත්වය දෙස සිත යෙමු නොකල නමුත්, සිත සෙලවේ.හේතුව, ඉරියව්ව දිහා නැවත නැවත බලන නිසා. හිඳින විට හා සයනය කරනවිට, ඔබ මේ පිලිවෙතටම ඉරියව්ව බැලිය හැක.

pin sidda weva obata.+++++