භාවනා_පුහුණුව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    මෙම අභ්‍යාසයේ ඔබ සිටගෙන සිටින ඉරියව්ව‍ට හිත යොමු කරන්න. ඔබ සිටගෙන සිටින ඉරියව්වේ භාවනාව, මිනිත්තු 5ට, 10කට හෝ 15කට පුහුණුකල හැකිය.ඊට පසුව සක්මන් කරන්න.

    උදරයේ පිම්බීම හැකිළීමට හිත යොමු නොකරන්න. අත් දෙක ශරීරය ඉදිරියෙන් තබා සිට ගන්න, එක අතකින් අනිත් අතේ මැනික් කටුව අල්ලන්න. ඔබේ ඇස් දෙක අරින්න, නමුත් කාමරයේ වට පි‍ට නොබලන්න. ඔබට කැමතිනම් එක තැනකට ඇස් දෙක යොමු කරන්න. උදාහරනයක් වශයෙන් කකුලේ අඩිය.

    ශරීරයේ ඉරියව්ව‍ට හිත යොමු කරන්න. සිට ගෙන සිටිනවිට ඔබේ අත් පා, වාඩිවී හෝ සයනය කරනවි‍ට දැනීමට වඩා වෙනස්ය. සිටගෙන සිටින ඉරියව්ව "දැනෙන" විදියට හිත යොමු කරන්න.

    ඔබට සි‍ටගෙන සිටින ඉරියව්වේ "ඡායාරෑපයක්" ගන්නා හා සමානව සිතන්න. එවිටම නිශ්ශබ්දව "සිටගන්නවා" යනුවෙන් මෙනෙහි කරන්න. ශරීරය තබා සිටින ලීලාව සිතින් දැනගන්න, ඇස් දෙකෙන් නොවෙයි. මොහොතකට සිත ශරීරය තබා සිටින ලීලාවට යොමු කර, එය අත හරින්න. එකෙණෙහිම ඔබේ සිත නැවත ඉරියව්වට ගෙන යන්න.

    වර්තමාන මොහොතේ, තප්පරයෙන් තප්පරයට, ශරීරයේ ඉරියව්ව දෙස සිතින් බලන්න. ඔබ ශරීරයේ ක්රිනයාකාරිත්වය දෙස සිත යෙමු නොකල නමුත්, සිත සෙලවේ.හේතුව, ඉරියව්ව දිහා නැවත නැවත බලන නිසා. හිඳින වි‍ට හා සයනය කරනවිට, ඔබ මේ පිලිවෙතටම ඉරියව්ව බැලිය හැක.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    http://sinhala.mahamevnawa.lk/sermons/dhamma_sermons_1/sithata-suvadena-bhavana/

    මෙතන තියෙන්නෙ මහමෙව්නා භාවනා අසපුව මගින් නිකුත් කරපු ඕඩියො පටි මේව පිළිවෙලවට අහන්න වෙලාව තියෙන හැටියට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    wLgQeoX.jpg
    42hF5gH.jpg
    yg11Q17.jpg
    Amywabx.jpg
    ScuX7oW.jpg
    845fvR3.jpg


    මේ ටික අපේ බින්ගෝ යාළුවාගෙ පරිත්‍යාගයක්. මේ පොතෙත් තියෙනව ආරම්භයක් ගන්නෙ කොහොමද කියල.කියවල බලන්න
     

    hpalpola

    Well-known member
  • කියවන්න වටින ලිපි පෙළක්. ඉදිරියට අරන් යනවානම් නොනවත්වා බොහොම හොඳයි. විපස්සනාව ගැන මුල් කර ගෙන කරන ලිපි පෙළක් බවයි පේන්නේ. සමථය එක්ක විපස්සනා (යුගානන්ද) වැඩීම ගැනත් කථා කරනවානම් හොඳයි. මොකද සමහර ඇත්තෝ ඉන්නවා සමථය වඩලා ඉවරවෙලා විපස්සනාව කරන්න බලන් ඉන්න. ඉතින් දෙකම එකවර කරන්න ගන්න එක ඒ අයට වටිනවා. ඒ නිසා ඒ ගැනත් මෙතනට එකතු කරන්න කියලා කාරුණිකව මන් ඉල්ලීමක් කරනවා. වඩාත් හොඳයි මෛත්‍රි භාවනාව සහ විපස්සනාව එකට වඩන හැටි ගැන කථා කරන එක එතනදි. මොකද හුඟක් දෙනාට මෛත්‍රී භාවනවා ගැන මූලික දැනුමක් තියෙන නිසා.

    සුවපත් වෙත්වා.