භික්ෂුව හා දේශපාලනය my 6000's post

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    භික්ෂුව හා දේශපාලනය my 6000th post

    අද ගොඩක් ආන්දෝලනයට තුඩුදීපු මාතෘකාවක් ගැන ලිපියක් ලියන්න මට හිතුනා මගේ 6000 වැනි පෝස්ට් එකට.
    මේක මගේ බ්ලොග් එකෙත් තියෙනවා.


    භික්ෂුව හා දේශපාලනය


    මෑත කාලයේදී දේශපාලන පොරපිටිය ඇවුලුනේ භික්ෂුව හා දේශපාලනය ගැන යම් සිදුවීමක් නිසාය. ඒ නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ආගමික පූජකවරුන්ට දේශපාලනයේ යෙදීම තහනම් කරමින් පනතක් ගෙන ඒමට උත්සාහ කිරීමයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බෞද්ධ හික්ශූන් මිස අනෙක් ආගමික පූජකවරු නම් නැති එමනිසා මේ පණත කෙලින්ම බෞද්ධ භික්ෂූන් දේශපාලනය කිරීම තහනම් කරන එකකි. මෙයට පක්ෂ විපක්ෂ අදහස් රාශියක් එල්ල වුනත් බොහෝ විට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවලට වැඩි ආයුශ නොමැති නිසා බොහෝ විට මෙයින් පවතින තත්වයට කිසිඳු බලපෑමක් වීම සැකසහිතයි. නමුත් දේශපාලනික භික්ෂුව ගැන මහජන මතයක් නූතනයේ ඇතිවීම මෙහි එක යහපත් ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැක.

    අතීතයේදී බෞද්ධ හික්ෂුව සෘජු දේශපාලනයේ යෙදුන බවට කිසිඳු සාක්ෂියක් නැත. බොහෝ විට භික්ෂුව සිටියේ පාලකයාට අනුසාශනා කරන මට්ටමේය. බුදුරජාණන් වහන්සේ පවා දසරාජ ධර්මය ගැන වදාරා යම් යම් අවස්ථාවේ රාජ්‍ය උපදේශන කරයුතු සිදුකරත් කෙලින්ම් රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවුනි. උන්වහන්සේගේ භික්ෂු පරපුරද එවැනි පිළිවෙතක් පිරූහ. සාශනික කටයුතු වලදී රාජ්‍ය පාලකයා සමග ඉතා සමීපව උපදේශනාත්මක කාර්යභාරයක් සෑමවිටම භික්ෂුව සිදුකල අතර ඇතැම් අවස්ථාවල පාලකයා තමන්ගේ පාලනය භික්ෂූ සංඝයාගේ සෘජු අනුදැනුම ඇතුව සිදුකලහ
    ධර්මාශෝක රජතුමාගේ සිට ලංකාව නිදහස ලබා දශක කීපයක්ම ගතවෙනතුරුම භික්ෂුවගේ කාර්යභාරය සෘජු දේශපාලනයෙක් බැහැරවිය. භික්ෂු දේශපාලනය සමාජගතවෙන්නේ ගංගොඩවිල සෝම හිමිගේ ජනවිජය පදනම ආරම්භයත් සමගය. මීට කලින් බද්දේගම සමිත හිමියන් පාර්ලිමේන්තුවට තේරීපත්වුවත් එය සම්ස්ත සංඝ සමාජයේ කතිකාවතක් නිර්මානය කිරීමට අපොහොසත් වූ බව කිවයුතුය.
    හික්ෂුව දේශපාලනයට ඒමේ ප්‍රධාන අරමුණ තරමක් සංකීර්ණ එකකි. නිදහසින් පසු ලංකාවේ දේශපාලනයේ වර්ගවාදී පක්ෂ කිහිපයක්ම ඇතිවුණි. දෙමළ ජාතියකින් නියෝජනය කිරීමට දෙමළ ජාතික සංධානයත්, ඉස්ලාම් ආගමිකයින් එක්කිරීමට මුස්ලිම් කොන්ග්‍රසය වැනි පක්ෂ බිහිවුනද බහුතරය සිංහල බෞද්ධයා වර්ගවාදී එක් පක්ෂයකට යොමු නොවීය. ලාංකික ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂ දෙකට සිංහල බෞද්ධයා යොමුවුනද ඔවුන්ගේ ජනවර්ගය එම පක්ෂ දෙකින් සෘජුවම නියෝජනය නොවුනි.

    මේ පසුබිම තුලදී සිංහල උරුමය නැමැති පක්ෂය සිංහල වර්ගවාදී මුහුණුවරකින් බිහිවුනත් එයට සිංහලයාගේ සහයෝගය නොලැබුණි. මන්දයත් එවකට පැවැති ප්‍රධාන දේශපාලන ධාරාවෙන් ගිලිහී තමන්ගේ ජනවර්ගය ගැනම සිතා දේශපාලන තීන්දු තීරන ගැනීමට මහජාතිය වූ සිංහලයින් තුල ඇති අකමැත්තයි. එය එක්තරා මහමැතිවරණයකදී දුන්න සහ ඊතලයෙන් ඡන්දය ඉල්ලූ සිංහල උරුමයට එක මන්ත්‍රී ආසනයක් පමණක් දිනාගැනීමට හැකිවීමෙන් පැහැදිළි වේ.

    තත්වය මෙලෙස පවතිද්දී සිංහල බෞද්ධ ජනතාව ජනවර්ගය ගැන සිතීමට හා ඒ සඳහා දේශපාලනිකව ඒකරාශීකරවීමට හොඳම විසඳුම ලෙස සිංහල බෞද්ධ ජනයාට සමාජ නායකත්වයක් සැපැයූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා මැතිවරණ තරඟ බිමට කැඳවා උන්වහන්සේලා සිංහල බෞද්ධ බලවේගය නියෝජනය කිරීමට පාර්ලිමේන්තු යැවීම ප්‍රත්‍යක්ෂ විය. ජාතික හෙල උරුමයේ ආරම්භය මෙයයි. ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම හා ඈඳුනු බෞද්ධයාගේ ආගමික නැගිටීම උඩ හෙල උරුමයට වැඩි ප්‍රසිද්ධියක් ලැබුනි. එම පක්ෂය ඉදිරිපත් වූ ප්‍රථම මැතිවරණයේදීම ආසන 9 ක් දිනාගැනීම කැපී පෙනුනි එමෙන්ම ලංකාවේ ඉතාම ප්‍රකට බෞද්ධ භික්ෂූන්වහන්සේලා වන උඩුවේ ධම්මාලෝක, කොලොන්නාවේ සුමංගල වැනි භික්ෂූන්වහන්සේලාගේ සහය සහය එයට ලැබුනි. එම ප්‍රතම මැතිවරනයේදී හෙල උරුමය ලාංකීය දේශපාලනයේ නව සලකුණක් තැබීය.

    හෙල උරුමයේ පසුබෑම පටන්ගන්නේ එහි යම් යම් අභ්‍යන්තර බෙදීම් ආරම්භවීමත් සමගය. කොලෝන්නාවේ සුමංගල හිමියන් හා පසුව ධම්මාලෝක හිමියන් පක්ෂයෙන් ඈතිවීම හා බෞද්ධ භික්ෂූන් නොව ගිහියන් හෙල උරුමයෙන් දේශපාලනයට ඇතුලුවීම තුල බරපතල දේශපාලන පසුබෑමකට හෙල උරුමය ලක්විය. දෙවන මැතිවරණයේදී නිදහස සන්ධානය යටතේ තරඟ කලද ආසන තුනක් පමණක් ලබාගනී. මුලින් හෙල උරුමයට තිබූ ජන්ධ පදනම සීඝ්‍රයෙන් පහත වැටුනි. දේශපාලන භික්ෂුවගේ හෙල උරුම කතිකාවත නිමවෙන්නේ එවැනි දුර්වල තත්වයකයි.

    සෘජු දේශපාලනයේ නිරත වූ භික්ශූන්වහන්සේලාගෙන් සිංහල බෞද්ධයාට යම් යම් සේවා ඉටුවූවද මූලික වශයෙන් අනෙක් වර්ගවාදී පක්ෂ වන මුස්ලිම් කොන්ග්‍රසය හා දෙමල සංධානය ක්‍රියාකල මට්ටමෙන් එයට ක්‍රියාකල නොහැකිවිය. අන්‍යාගමික හරවාගැනීමේ පනත ආදී බෞද්ධයට වැදගත් පනත් ගෙන ඒමට උත්සාහ කලද එය අසාර්ථක විය. මෑතකදී දඹුල්ල ප්‍රදේශයේ ආගමික ස්ථානයක් හේතුකොටගෙන ඇතිවූ අර්බුධයේදී සිංහලයාගේ පැත්ත ගෙන ප්‍රකශයක් හෝ ලබාදීමට ඉදිරිපත් වුනේ භික්ෂූන් දේශපාලනයට ගෙන ආ පක්ෂය පමණි.

    මුස්ලිම් කොන්ග්‍රසය ආණ්ඩුවෙන් ඉවත්වීමට පවා තර්ජනය කිරීම හා එයට ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරය හා හෙල උරුමයට දැක්වූ ප්‍රතිචාරය සැසඳීමේදී බෞද්ධ බලවේගයේ බෙලහීනකම පෙන්න්නුම් කල බව කණගාටුවෙන් වුවත් කිවයුතුය. ලංකාවේ අනෙක් ජනවර්ග දේශපාලනික වශයෙන් හොඳින් සන්නද්ධ වී ඇත. ඊට සාපේක්ෂව සිංහල බෞද්ධ බලවේගයට තිබූ හොඳම තුරුම්පුව වූ දේශපාලනික භික්ෂුව වර්ථමානයේදී බෙලහීන වන අයුරු හොඳින්ම දැකිය හැක. අද රටේ ඇතිවන ප්‍රවණතාවය නම් ජනවර්ග ආගම් අනුව ජනතාව බෙදී යාමයි. ජාතීන් අතර සමගිය, ආගමික සහජීවනය ආදී සීනිබෝල කොතරම් කීවද සත්‍යය එයයි. ප්‍රධාන දේශපාලන ධාරාවේ අනෙකුත් වර්ගවාදී පක්ෂ වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගනිද්දී සිංහල බෞද්ධ බලවේගය අතරමංවීමක් දැකිය හැක.

    මෙය හොඳ ලකුණක් නොවේ. නමුත් භික්ෂූන්වහන්සේලාගේ දේශපාලනයින්ද ප්‍රතිඵල නොමැති නම් අපට වෙන මාර්ගයක් ඉතිරිවී නැත. මෙයට මූලික හේතුව වී ඇත්තේ දේශපාලනය කරනා භික්ෂුව අනෙකුත් ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයින් මෙන් හැසිරීමයි. එවැනි තත්වයක් යටතේ භික්ෂුව තව තවත් දේශපාලනික මඩගොහොරුවේම අප්‍රසාදයට පත්වීම සිදුවේ. දේශපාලනික මඩගොහොරුවේම ජනිත වී එයින් ඉහලට පැමිණි සුපුෂ්පිත පුෂ්පයක් සේ ක්‍රියාකිරීමට නොහැකිනම් හික්ෂුව දේශපාලනයට සුදුසු නැත. සිදුවිය යුත්තේ ගමන් මග වෙනස්කිරීම මිස ගමන නැවැත්වීම නොවේ

    අවසාන වශයෙන් කිවහැක්කේ භික්ෂුව සතු දේශපාලනික අයිතිය සීමාකිරීම විජයදාස රාජප්ක්ෂ මහතාට තරම් නොවන බවයි. පණත් කිසිවක් නොමැතිව මේ ගැටලුව විසඳෙනු ඇත. ඒ කෙසේද යත් භික්ෂුව තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය වෙනස් කල නොගතහොත් එය මැතිවරණයේදී ජනතාව විසින් ඉටුකරණු ඇත. ඔවුන් භික්ෂූන්ගේ දේශපාලන අනාගතය තීරණය කරනු ඇතයි යන්න මගේ විශ්වාසයයි.
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔහොම යමු මචන්.....
    3d-ok2.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    reputation_neg.gif
    භික්ෂුව හා දේශපාලනය my... 06-14-2012 09:54 PM buddagama kapiya
    මේක දාපු මහත්මයා තමන්ගේ නම එහෙම දැම්මානම් තවත් හොඳයි, මොකද අපිට argue කරන්න ගොඩක් දේවල් ඇති කියලා හිතෙනවා
    :frown::frown:
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    bump mage mataya wenne bhikshuwata deshapalanaya nusudusu bawai..wiya yutte margaya wedeema noweda.?
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    කාලෙකට පස්සෙ එළකිරි එකේ හරවත් ලිපියක් කියෙව්ව
    මටනම් පේන විදිහට ඔය යෝජනාව පිටිපස්සෙ ඉන්නෙ
    පන්සල් වහන්න වැඩකරපු කට්ටියක්
     
    • Like
    Reactions: king_pandukabaya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කාලෙකට පස්සෙ එළකිරි එකේ හරවත් ලිපියක් කියෙව්ව
    මටනම් පේන විදිහට ඔය යෝජනාව පිටිපස්සෙ ඉන්නෙ
    පන්සල් වහන්න වැඩකරපු කට්ටියක්
    :yes::yes: විජයදාස රාජපක්ෂ කියන්නේ ඉතින් කවුද කියලා අපි හැමෝම දන්න්වානේ මචන්. මෙතන වෙන දෙයක් තියෙනවා. ඇත්තටම මේ යෝජනාව ගේන්නේ හොඳ අරමුණකින් නෙවෙයි කියලා තමයි මට හිතෙන්නේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    reputation_neg.gif
    භික්ෂුව හා දේශපාලනය my... 06-14-2012 10:19 PM හරියට දැනගෙන වර පොන්නය ආගියු වලට..
    මම දැනගෙන තමයි මේක ලිව්වේ. දැන් බලාගෙන යනකොට උඹට ෆේක් 2 ක් තියෙනවා වගේ. එකකින් රෙප් කපලා ආයෙත් අනිත් එකෙන් එනවා. අනේ උඹ වගේ අනාතයෙක්
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    මම මේ අදහසට එකග වෙනවා පාර්ලිමේන්තුවට බැහැ භික්ෂූන් දේශපාලනය කල යුතු ද, නො යුතු ද යන්න තීරණය කරන්න.
    එක කරන්න ඕනි මහනායක හාමුදුරුවරු
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම මේ අදහසට එකග වෙනවා පාර්ලිමේන්තුවට බැහැ භික්ෂූන් දේශපාලනය කල යුතු ද, නො යුතු ද යන්න තීරණය කරන්න.
    එක කරන්න ඕනි මහනායක හාමුදුරුවරු
    උන්වහන්සේලා හැබැයි මේගැන ලොකු ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ. සංඝයා සම්බන්ධ ගොඩක් දේවල් වලදී උන්වහන්සේලා මුනිවත රැකීම ලොකු ගැටලුවක්:yes::yes::yes: