භික්ෂු භූමිකාව..!!! දැන උගත් බුද්ධිමතුන් වරෙ&#

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    භික්ෂු භූමිකාව..!!! දැන උගත් බුද්ධිමතුන් වරෙ&#


    ..................................................
    මෑතක පටන් මට අසන්නට දකින්නට ලැබුණු පුවත් කිහිපයක් වස්තු බීජය කරගෙන....මා මෙය සංවාදයට බදුන් කරන ලදී..

    සැ.යු : මෙය ආගම් වාදය...ජාති වාදයට උඩගෙඩි දෙන ප‍ටු විග්‍රහයක් නොවන බව සංයමයෙන් යුතුව මතක් කරන ලදී..

    ..............................................

    999739_10151482165372688_1824339339_n.jpg



    ලංකාගමනයත් සමගම ලංකාව තුළ ථේරවාදී බුදු දහමින් පෝෂණය වූ අපටම ආවේණික වූ බෞද්ධ සංස්කෘතියක් අප රට තුළ ඇති විය...නමුත් අප රටේ විවිධ ජාති ආගම් තිබුණද ඒවායින් යම් බළපෑමක් ඇති වුවත් අදටත් බොද්ධ සංස්කෘතියක් අප රටේ ඇත...

    එවැනි පරිසරයක භික්ෂුවකට හිමි වන්නේ සුවිශේෂි තැනකි....සමහර විට අදටත් මෙම බෞද්ධ උරුමය ‍රැකීමට හේතු වන්නට ඇත්තේ භික්ෂු චරිතය නිසාම විය හැක.

    පාසල් අවධියේ ගුරුතුමා " පන්සලක් " චිත්‍රයකට නගන්න කිව්වොත් අපි පැන්සල ගත්තු ගමන් හාමුදුරුවෝ කෙනෙක්ව තමයි අදින්නේ...මොකද ඒ චරිතය එතරම්ම සරළයි ...හිතේ මැවෙන්නේත් සිල්වත්....දැහැමි චරිතයක්.....අපි ඒ භික්ෂු චරිතයට එතරම්ම වටිනාකමිකින් යුතුව එදා චිත්‍රයට නැගුවා...

    නමුත් අද නම් භික්ෂුවක් කිව්වොත් මට නම් එදා වගේ සිල්වත් දැහැමි චරිතයක් නම් මැවෙනවාට වඩා හිතේ ඇදෙන්නේ කලහකාරී චරිතක්.....කඩාකප්පල්කාරී ක්‍රියා කරන ගැ‍ටුම්කාරී චරිතයක්...දෙශපාලනය හෙන්ඩුව අතට ගෙන මෙරටේ නීතීය හා සාමයට තර්ජනයක් වන පුවත් මවන චරිතයක්....

    භික්ෂුවට වැරදුනේ කොහේද....?

    සංවාදය ඔබට බාරයි.....!