භික්ෂූන්ට නීති පැනවීම ගැන මුස්ලිම්වරුන්ගේ විරෝධය
භික්ෂූන් විනය පිළිබද විධිවිධාන ඇතුළත් කථිකාවක් පාර්ලිමේන්තුව විසින් පැනවීමට දරණ උත්සාහය සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය විරෝධය පළ කරනවා.
භික්ෂූන් වහන්සේ සදහා කිසියම් නීති අලුතින් සකස් කළ යුතු නම් එය කළ යුත්තේ මහානායක හිමිවරුන්ගේ අනුදැනුම යටතේ භික්ෂූන් වහන්සේ විසින්ම බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසන්නේ අදාළ කෙටුම්පතේ ඇතුළත් ඇතැම් විධිවිධානවලට එකග විය හැකි වුවත් එහි ඇතැම් විධිවිධාන අනුමත කළ නොහැකි බවයි.
මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥාණිස්සර හිමියන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. උන්වහන්සේ පැවසුවේ භික්ෂූන් වහන්සේට නීති පැනවීමට පාර්ලිමේන්තුවට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.
භික්ෂු විනය පිළිබද විධිවිධාන ඇතුළත් කථිකාවක් සදහා වූ අදාළ කෙටුම්පත පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්.