දන්නේ නැති නිසා අහන්නේ. පුළුවන් නම් මට මේවට උත්තර හොයල දෙන්න.
හාමුදුරුවරුන්ටත් නීති හදන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්ද?
හාමුදුරුවන්ට විරුද්දව නීති හදන්න පාර්ලිමේන්තුවකට සදාචාරාත්මක අයිතියක් තියෙනවාද?
මේ රටේ වැඩියෙන්ම වැරදි කරන්නේ හාමුදුරුවෝද?
හාමුදුරුවන්ට විරුද්දව නීති හදන්න කලින් වඳුරුදීන් විල්පත්තුව කපන එකට විරුද්දව මුකුත් කරන්න බැරිද?
එහෙම කලොත් සහජීවනේ නැතිවෙයිද?
හාමුදුරුවන්ට නීති හදනවනම් අනිත් ආගමික පුජකයන්ටත් නීති හදන්න ඕනේ නැද්ද?
එහෙම නොකරන්නේ සහජීවනෙට හානි වෙන නිසාද?
මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ හාමුදුරුවන්ට නීතියක් නැති ප්‍රශ්නයක්ද?
හැමෙදේම වපර ඇහින් බලන්න පුරුදු වෙච්ච උබලට නම් මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. හැමෝම මග හැර හැර හිටපු දෙයක් මේක. ධර්ම සංගායනාවකට විතරක් දෙවැනි වෙන එකක්. ඒකෙන් වෙන්නේ හොර සිවුරු කාරයින්වයි විනය කඩන හාමුදුරුවරුන්ට නීතිමය ක්‍රියාමර්ග ගන්න එක. ඒවට රජයෙන් ඇඟිලි ගහන්න බැහැ. පණ්ඩිත හාමුදුරුවරු ඒවට අවවාද අනුශාසනා කරයි.
අනේ මන්දා බන් උබලා නම්, මහ රජා කරානම්, අල්ලාහ් හුවක්බර් කියලා අත උස්සයි. 

http://www.divaina.com/2012/01/28/feature02.html
සංඝාධිකරණය පිළිබඳ ශුභාරංචියක්!
ලක්දිව භික්ෂු මහා සංඝයාගේ ඒකාග්‍රතාවය සහ ගෞරවය ආරක්ෂා වීමට උන්වහන්සේ වෙනුවෙන් අධිකරණ පද්ධතියක් අනුමත කළයුතුය යන ඉල්ලීම ඇති වී දැනට හැට හැත්තෑ වසරක් ඉක්මගොස් ඇත. දෙදහස් පන්සියයේ බුද්ධ ජයන්තිය වකවානුවේ ද සංඝාධිකරණයක් පිහිටුවීම පිළිබඳව ගරුතර මහා සංඝයා තුළිනුත් බෞද්ධ සංවිධාන සහ බෞද්ධ ජනතාව අතරිනුත් දැඩි ඉල්ලීමක් ඒ ඒ වකවානුවල පත්වෙන සෑම රජයක් වෙතම ඉදිරිපත් කොට ඇත. එහෙත් විවිධ හේතූන් මත ඒ සෑම ඉල්ලීමක්ම ලත් තැනම ලොප්වී ගියේය. වරක් කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර, මඩිහේ ශ්‍රී පඤ්Æසීහ, හේන්පිටගෙදර Æණසීහ ආදී මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ද මහාචාර්ය මලලසේකර, සිරි පෙරේරා ආදී බෞද්ධ ප්‍රභූවරුන් ද තායිලන්තය සහ බුරුමය ආදී රටවල වගකිවයුතු රාජ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට වැදගත් සැලැස්මක් ඉදිරිපත් කළ නමුදු එය ද ආගිය අතක් නැත. එහෙත් සෑම මැතිවරණයක් ආරම්භ වෙත්ම සංඝයාගේ උන්නතිය පිළිබඳව සංඝාධිකරණයක් ඇතිකිරීම ගැන වැදගත් ප්‍රකාශන ජනමාධ්‍ය තුළින් ජනතාවට පොරොන්දු වශයෙන් ඉදිරිපත් කළහ. එසේ වුවත් සංඝාධිකරණ පනත කිසිදාක ඉදිරිපත් නොකරන මහජනතාවගේ සිත් දිනා ගැනීමට යොදන උපායක් යෑයි මහා සංඝයා වහන්සේ තුළ ද මුල් බැසගත් අදහසක් විය.
භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාළ නීති රීති පද්ධතියක් ඇත. බුද්ධ කාලයේ පටන් අද දක්වා සංඝයාගේ පැවැත්මට එය මහෝපකාරී වී තිබේ. අපේ රට පරාධීන වූවායින් පසු පවත්වාගෙන ආ ශාසනික සිරිත් විරිත් බුqදුදහමට රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා වැළලී ගියේය. පෘතුගීsසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගවලදී අනාථ බවට පත් සඟ සසුන ඒ ඒ වකවානුවල පහළ වූ බුද්ධිමත් වීරෝදාර භික්ෂූන්වහන්සේලා ස්වල්පදෙනා වහන්සේ නිසාත් බුද්ධිමත් දානපති බෞද්ධ ප්‍රභූවරුන් නිසාත් රැකුණු බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. 1948 දී නිදහස ලැබීමෙන් පසුව ද කෙතරම් උද්ඝෝෂණ කළ ද එය බීරි අලින්ට වීණා ගායනා කිරීමක් විය.
දැන් 2600 සම්බුද්ධත්ව ජයන්ති වකවානුවයි. මේ වැදගත් අවස්ථාවේදී අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දි. මු. ජයරත්න මහතා විසින් සංඝාධිකරණය පිළිබඳව ශුභ ආරංචියක් රටට ඉදිරිපත් කොට ඇත. ආරම්භයක් වශයෙන් මුළු ප්‍රශ්නයම බදා නොගෙන "ථෝක ථෝකං ඛණේ ඛණේ" ටිකෙන් ටික, ක්‍රම ක්‍රමයෙන් සංඝාධිකරණය පිළිබඳ මුලපුරා ඇති බව පින් දීමෙන් යුතුව සඳහන් කළයුතුව ඇත. ආරම්භයක් වශයෙන් ප්‍රථමයෙන්ම භික්ෂූන් වහන්සේලා පිළිබඳ අධිකරණ කටයුතු සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවල වෙනමම උසාවි ශාලාවක් පිහිටුවීම එතුමාගේ යෝජනාවයි. මෙයාකාරයෙන් සංඝාධිකරණ කටයුතු සඳහා උසාවි බලතලවලින් අඩුවක් නැති, නියම නීතිවේදීන්ගෙන් සැදුම්ලත් සංඝයා වෙනුවෙන් උසාවි ශාලාවක් ඇති කිරීම ඉතාමත් උචිත සැලසුමක් බව ප්රශංසාත්මකව කිවයුතුව තිබේ.
භික්ෂූන්වහන්සේලා අතර මහානායක - අනුනායක - අධිකරණ නායක - ප්‍රාදේශීය නායක ආදී විවිධ තනතුරු ඇත. ඒ ඒ ප්‍රදේශයන්හි ඇතිවන මහා සංඝයාගේ සහ පන්සලත්, දායකවරුනුත් අතර ගුරු හිමිවරුන් සහ ගෝල හිමිවරුන් අතර ඇතිවන ප්‍රශ්න සහ ඉඩකඩම් දේපළ ආදී කරුණු නිරාකරණය කරනු ලබන්නේ එකී සංඝ අධිකරණයක් මගිනි. එය විනය පිටකයේ සඳහන් නීති රීති අනුව ලබාදෙන නිගමනයෝය. එහෙත් සමහර විනිශ්චයන් පිළිනොගෙන කටයුතු කිරීම බොහෝ සෙයින් ගිහි පැවිදි දෙපක්ෂයෙන්ම සිදුවන්නකි. එවිට සංඝාධිකරණ තීන්දු අසරණ බවට පත්වේ. එකී නිගමන පිළිගැනීමට තම තමන්ගේ ශික්ෂ නකම අනුව මිස නීතියෙන් බැඳීමක් ඒ අයට නැත. එනිසා සංඝාධිකරණ තීරණ අක්‍රිය බවට පත්වී තිබේ.
අපේ බෞද්ධ ජනතාව ද පන්සල් වෙහෙර විහාරස්ථානවල පව හෝ ස්ථාන වෙනස් කිරීමට හෝ උපසපන් බවින් ඉවත්වීම හෝ කරන වරද සපුරා නවතා තමන් නීතිගරුක බව සනාථ වන අයුරින් පිළිපැදීම හෝ කළයුතු යෑයි සංඝයා වහන්සේලාගේ අධිකරණයකින් පළමුවැනි වරටත්, දෙවැනි වරටත්, තුන්වැනි වරටත් තීන්දුවක් දුන් නමුත් ඒ අනුව පිළිපදින්නේ ලඡ්ජා භය ඇති භික්ෂූන් වහන්සේලා අල්පයක් පමණි.
තායිලන්තය, බුරුමය ආදී රටවල සංඝාධිකරණ ඇත. අධිකරණ පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති භික්ෂූන්වහන්සේලා පිරිසක් සහ අධිකරණ කටයුතු පිළිබඳ විශ්‍රාමික නීතිවේදීන්, විනිශ්චයකරුවන් පත්කොට තිබේ. පහළ උසාවියට එන අධිකරණයට ගිහි නීතිවේදීන් දෙදෙනෙක් හෝ දැන උගත් භික්ෂූන්වහන්සේ නමක් හෝ දෙනමක් පත්කරනු ලබති. මෙම උසාවියෙන් ලැබෙන තීන්දුව යම්කිසි පක්ෂයක් පිළිනොගන්නේ නම් ඉහළ උසාවියට ඉදිරිපත් කළ හැකිය. එතැනදී ද කලින් නඩුවට සම්බන්ධ නොවූ ගිහි පැවිදි දෙතුන් දෙනකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් පත්කරනු ලබති. එම විනිශ්චය මණ්ඩලයෙන් දෙන තීන්දුව ද විත්ති පැමිණිලි දෙපක්ෂයෙන් එක් පක්ෂයක් බැරි වෙලාවත් පිළිනොගන්නේ නම් උපරිමාධිකරණයට ඉදිරිපත් කළ හැකිය. එයට ද කලින් නඩුවට සම්බන්ධ නොවූ වෙනත් ඉහළම පන්තියේ දැනුම් සම්භාරයක් අත්දැකීම් සම්භාරයක් ඇති පැවිදි නඩුකාර හිමිවරු දෙනමකුත් ගිහි නඩුකාරවරු තුන් පළකුත් පත්කරනු ලබති. එම උපරිමාධිකරණයෙන් ලැබෙන තීරණය අවසාන තීරණය බව පිළිගත යුතුය.
මේ අනුව අකටයුත්තක් සිදුවීමට ඉඩ නොලැබේ. මේ කවර අධිකරණයකින් හෝ දෙන තීරණ රජයේ ආරක්ෂක අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබති. සිවුරු හැරවීම, සිරගොට යෑවීම සහ ඊටත් වඩා බරපතළ ප්‍රශ්නයකට අසුවුණි නම් එම අධිකරණ තුනකින් ලැබෙන තීන්දුව දැනට අපේ රටේ උසාවි මගින් ලැබෙන තීන්දු ලෙස ක්‍රියාත්මක වන්නේය. අග්‍රාමාත්‍යවරයා බුද්ධ ශාසන ඇමැතිවරයා වශයෙන් මේ සැලසුම ගිහි පැවිදි බෞද්ධ නායකයන් සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමට දරන මහන්සිය ගැන නම් එතුමාට අනේකවාරයක් ප්‍රශංසා කළ යුතුව ඇත. මේ උදාර කාර්යභාරය සාර්ථක කර ගැනීමට ජනාධිපතිවරයා දෙන උපදෙස් ද නායකත්වය ද පැරණි අපේ රජදරුවන් අනුගමනය කිරීමක් වන්නේ මය.
කලින් සඳහන් කළ පරිදි සංඝාධිකරණයට ආරම්භයක් වශයෙන් ජනතාවගෙන් පිරී ඉතිරී ගිය නඩු ශාලාවලට සංඝයා නොකැඳවා උන්වහන්සේලා සම්බන්ධ නඩු ඉහත සඳහන් කළ පරිදි වෙනම ශාලාවක රැස්කරවා උගත් විනිශ්චයකාරවරුන් ලවාම තීන්දු ලබාදීම අතිශය වැදගත්ය. එය සාර්ථක කරගත් විට සංඝාධිකරණයට අයත් විනිශ්චය කටයුතු ද ක්‍රමක්‍රමයෙන් පිළිවෙළින් කාටත් නොරිදෙන පරිදි ක්‍රියාත්මක කරවීමට හැකිවන්නේය. අද අපේ ප්‍රශ්න අවුල් බවට පත්වී ඇත්තේ වැඩි පණ්ඩිතකම් නිසා කරුණු හරිහැටි බුද්ධිමත් ලෙස සිතා බලා රටේත්, ජනතාවගේත් මහා සංඝයාවහන්සේගේත් සිතැඟි පිළිබඳව අබමල් රේණුවක් තරම්වත් නොතකා මහන්තත්ත්වය පෙන්වීමට යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට යැමය. බුදුරජාණන්වහන්සේ ද දේශනා කොට ඇත්තේ නොරිදෙන තැනින් අල්ලා කෙමෙන් රිදෙන තැනට යන ලෙසයි. එසේ කටයුතු කරතොත් කැකෑරෙමින් පවතින අපේ ප්‍රශ්න ගණනාවක් නිරාකරණය කරගත හැකිවන්නේය.
අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමුවිය යුතු කරුණක් ඇත. බුද්ධිමත් දැන උගත් මුහුකුරාගිය බුද්ධියෙන් යුත් සංඝාධිකරණය පිළිබඳ දැඩි ඇල්මක් ඇති ගිsහි පැවිදි තුන් හතරපලක් මියාන්මා රටටත් (බුරුමයට) තායිලන්තයටත්, කාම්බෝජයට සහ ලාඕසයටත් යවා ඒ පාරම්පරික බෞද්ධ රට රාජ්‍යවල සංඝාධිකරණ කටයුතු කරන ආකාරය ගැන කරුණු සොයා බලා අපේ රටේ නිකායත්‍රයෙහි මහනාහිමිවරුන් සහ බෞද්ධ සංවිධානවල වගකිවයුත්තන්ගේ ද සැදුම්ලත් පහළොවක විස්සක පමණ මණ්ඩලයකට ඉදිරිපත් කොට ක්‍රමවත්ව සංඝාධිකරණය කොටසින් කොටස ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සැලසුමක් දියත් කිරීමයි. මේ මණ්ඩලයට ජනපතිතුමන් අගමැතිතුමන් හෝ එතුමන්ලා විසින් පත්කරනු ලබන නියෝජිත දෙපළක් ද විපක්ෂ නායකතුමන් හෝ විපක්ෂය විසින් පත්කරනු ලබන නියෝජිතයෙක් හෝ දෙපළක් ද පත්කර ගැනීම වැදගත්. එයට හේතුව මහා සංඝයාට තනිකරම කළ නොහැකි වැඩක් බැවින් ජනතාවත්, රජයත්, විපක්ෂයත් මේ ප්රශ්නය එකසේ කරට ගැනීම අවශ්‍යයෙන්ම කළයුත්තක් බැවිනි. සංඝාධිකරණය පිළිබඳ ප්රශ්නය රටටම බලපාන ඉතා වැදගත් ආගමික කරුණක් වන බැවිනි.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණෝ