භික්ෂූන් වහන්සේලාට අපරාධ කරන්නවුන්ට
අන්‍යයන්ට අපරාධ නොකරන කරුණා මෛත්‍රියෙන් වෙසෙන සත්පුරුෂයන් වන භික්ෂූන් වහන්සේලාට අපරාධ කරන්නවුන්ට ඒ නිසා මෙලොවදීම සිදුවන විපත් දසයක් තථාගතයන් වහන්සේ විසින් 'වේදනං ඵරුසං ජානිං සරීරස්ස ච භෙදනං' යනාදීන් වදාරා ඇත්තේ ය.
1) තුන්දොස් කිපීම් වස විස ශරීරගතවීම් ආහාරය අපථ්යවීම් වැටීම් සැපීම් ආදියෙන් ශරීරයේ ඒ ඒ තැන්වල බෝ කල් පවත්නා සමහර විට මරණය තෙක් පවත්නා දරුණු වේදනා හට ගැනීම එක් විපතෙකි.
2) බෝකල් වෙහෙසී දුකින් සපයා ගත් වස්තුව සොරුන් ගැනීම් ගින්නට හසුවීම් ආදියෙන් විනාශ වී යාම එක් විපතෙකි.
3) වැටීම් ගැටීම් ආදියෙන් අත් පා ආදි කුඩා මහත් ශරීරාවයවයන් සිඳීයාම එක් විපතෙකි.
4) කොරවීම් කුදු ගැසීම් අන්ධ වීම් බිහිරි වීම් පිළිකා අපස්මාර ඇදීම දියවැඩියාව නපුරු වන කුෂ්ට ක්ෂය රෝග නපුරු උණ යනාදිය එක් විපතෙකි.
5) තුන් දොස් කිපීම් භූත කෝපාදියෙන් උමතු වීම එක් විපතෙකි.
6) වස්තුව පැහැර ගැනීම් ගමෙන් රටෙන් නෙරපීම් තනතුරෙන් පහ කිරීම් බන්ධනාගාරගත කිරීම් ආදී වශයෙන් රජුන්ගෙන් දුක් කරදර ලැබීම එක් විපතෙකි.
7) තමා විසින් නොකළ නොසිතූ අපරාධ කෙළේය කියා චෝදනා ලැබීම එක් විපතෙකි.
8) තමාට පිහිට වීමට සමත් හිතවත් නෑයින් පිරිහී යාම, නැතිවී යාම එක් විපතෙකි.
9) බොහෝ දුක් ගෙන බොහෝ වෙහෙසී සපයාගෙන තුබූ වස්තූන් දිරායාම් සතුන් කෑම් ආදියෙන් විනාශ වීම එක් විපතෙකි.
10) වාසය කරන ගෙවල් වරින් වර ගිනි ගැනීම එක් විපතෙකි.
භික්ෂූන් වහන්සේලාට කරදර කිරීමේ පවින් උන්වහන්සේලා සතු වස්තු සඟසතු සොරකම් කිරීමේ පවින් නපුරු රෝග වැළඳී බොහෝ කල් දුක් විඳ අකාලයේ මිය ගියා වූ ද නොමළා වූ වාසය කළ නොහැකි වී ගම හැර ගියා වූ ද කෝලාහල වලින් තුවාල ලැබුවාවු ද උමතු වූ ද සර්පයන් දෂ්ට කරනු ලැබුවා වූ ද ටික දෙනකුන් ගැන අපිදු දැන ගතිමු. විපතට පත් වූ ඒ අය නම් ඒ කාරණය දැන නොගන්නට ඇතැයි සිතමු.
අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් 'රිවි රැස' පුවත් පතට සපයන ලද ලිපියක් ඇසුරෙනි