භික්ෂූන් වහන්සේලාට අපරාධ කරන්නවුන්ට

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    භික්ෂූන් වහන්සේලාට අපරාධ කරන්නවුන්ට

    අන්‍යයන්ට අපරාධ නොකරන කරුණා මෛත්‍රියෙන් වෙසෙන සත්පුරුෂයන් වන භික්ෂූන් වහන්සේලාට අපරාධ කරන්නවුන්ට ඒ නිසා මෙලොවදීම සිදුවන විපත් දසයක් තථාගතයන් වහන්සේ විසින් 'වේදනං ඵරුසං ජානිං සරීරස්ස ච භෙදනං' යනාදීන් වදාරා ඇත්තේ ය.


    1) තුන්දොස් කිපීම් වස විස ශරීරගතවීම් ආහාරය අපථ්‍යවීම් වැටීම් සැපීම් ආදියෙන් ශරීරයේ ඒ ඒ තැන්වල බෝ කල් පවත්නා සමහර විට මරණය තෙක් පවත්නා දරුණු වේදනා හට ගැනීම එක් විපතෙකි.

    2) බෝකල් වෙහෙසී දුකින් සපයා ගත් වස්තුව සොරුන් ගැනීම් ගින්නට හසුවීම් ආදියෙන් විනාශ වී යාම එක් විපතෙකි.
    3) වැටීම් ගැටීම් ආදියෙන් අත් පා ආදි කුඩා මහත් ශරීරාවයවයන් සිඳීයාම එක් විපතෙකි.

    4) කොරවීම් කුදු ගැසීම් අන්ධ වීම් බිහිරි වීම් පිළිකා අපස්මාර ඇදීම දියවැඩියාව නපුරු වන කුෂ්ට ක්ෂය රෝග නපුරු උණ යනාදිය එක් විපතෙකි.

    5) තුන් දොස් කිපීම් භූත කෝපාදියෙන් උමතු වීම එක් විපතෙකි.

    6) වස්තුව පැහැර ගැනීම් ගමෙන් රටෙන් නෙරපීම් තනතුරෙන් පහ කිරීම් බන්ධනාගාරගත කිරීම් ආදී වශයෙන් රජුන්ගෙන් දුක් කරදර ලැබීම එක් විපතෙකි.

    7) තමා විසින් නොකළ නොසිතූ අපරාධ කෙළේය කියා චෝදනා ලැබීම එක් විපතෙකි.

    8) තමාට පිහිට වීමට සමත් හිතවත් නෑයින් පිරිහී යාම, නැතිවී යාම එක් විපතෙකි.

    9) බොහෝ දුක් ගෙන බොහෝ වෙහෙසී සපයාගෙන තුබූ වස්තූන් දිරායාම් සතුන් කෑම් ආදියෙන් විනාශ වීම එක් විපතෙකි.
    10) වාසය කරන ගෙවල් වරින් වර ගිනි ගැනීම එක් විපතෙකි.

    භික්ෂූන් වහන්සේලාට කරදර කිරීමේ පවින් උන්වහන්සේලා සතු වස්තු සඟසතු සොරකම් කිරීමේ පවින් නපුරු රෝග වැළඳී බොහෝ කල් දුක් විඳ අකාලයේ මිය ගියා වූ ද නොමළා වූ වාසය කළ නොහැකි වී ගම හැර ගියා වූ ද කෝලාහල වලින් තුවාල ලැබුවාවු ද උමතු වූ ද සර්පයන් දෂ්ට කරනු ලැබුවා වූ ද ටික දෙනකුන් ගැන අපිදු දැන ගතිමු. විපතට පත් වූ ඒ අය නම් ඒ කාරණය දැන නොගන්නට ඇතැයි සිතමු.


    අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් 'රිවි රැස' පුවත් පතට සපයන ලද ලිපියක් ඇසුරෙනි



    13567435_564047477119166_1435532992666401350_n.jpg
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැන් ඔය දේවල් වලට මුහුණ දේන අය ගිය ආත්මෙදි සංඝයා වහන්සේලාට අපරාධ කරපු අයද?:confused:

    බොහෝ දුරට එහෙම වෙන්න පුළුවන් නමුත්සි යල්ල කර්මය තුලින්ම වෙනවා කියල කියන්නත් බෑ . මොකද නියාම ධර්ම 5 තුල කර්මය කියන්නේ එක නියාම ධර්මය පමණක් නිසා .ඒ ගැන හොයනවට වඩා මේ වගේ දේ වලින් වැලකි සිටීමයි වැදහත් :yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ආන් හඳ කියලා පෙන්නුවහම ඇගිල්ල දිහා බලන උනුත් ඉන්නවනේ. :lol:
     
    • Like
    Reactions: Chathuranga1

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් ඔය දේවල් වලට මුහුණ දේන අය ගිය ආත්මෙදි සංඝයා වහන්සේලාට අපරාධ කරපු අයද?:confused:

    උබ අට පාස්ද?
    එක්කෝ උබේ තාර්කික මට්ටම බින්දුවයි, එක්කෝ උබට ඕන බුද්ධාගමේ අඩුපාඩුවක් පෙන්නන්ඩ.
    මෙතන කොතනකවත් කියල තියෙනවද ඔය විපත් වෙන්නේ සිල්වත් භික්ෂුන්ට අපරාධ කරන අයට විතරයි කියල. වෙන වෙන පාප කර්ම කරපු යටත් ඕවා වෙන්ඩ පුළුවන්.
    ඔය ඔලුව තියපන් කෝච්චියකට
     
    Last edited:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    බොහෝ දුරට එහෙම වෙන්න පුළුවන් නමුත්සි යල්ල කර්මය තුලින්ම වෙනවා කියල කියන්නත් බෑ . මොකද නියාම ධර්ම 5 තුල කර්මය කියන්නේ එක නියාම ධර්මය පමණක් නිසා .ඒ ගැන හොයනවට වඩා මේ වගේ දේ වලින් වැලකි සිටීමයි වැදහත් :yes:
    :yes::yes::yes::yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ අට පාස්ද?
    එක්කෝ උබේ තාර්කික මට්ටම බින්දුවයි, එක්කෝ උබට ඕන බුද්ධාගමේ අඩුපාඩුවක් පෙන්නන්ඩ.
    මෙතන කොතනකවත් කියල තියෙනවද ඔය විපත් වෙන්නේ සිල්වත් භික්ෂුන්ට අපරාධ කරන අයට විතරයි කියල. වෙන වෙන පාප කර්ම කරපු යටත් ඕවා වෙන්ඩ පුළුවන්.
    ඔය ඔලුව තියපන් කෝච්චියකට

    අටපාස් නෑ :(

    hqdefault.jpg