භූගත මාලිගයක තොරතුරු හෙළිවේ
මහින්ද ඉදිකළ භූගත මාලිගයක තොරතුරු හෙළිවේ
රාජපක්ෂ පවුල තම සුඛ විහරණය සඳහා ජනතාවගේ මුදල් වියදම් කළ ආකාරය ගැන තවත් හෙළිදරව්වක් සිදුව තිබේ. රාජපක්ෂලා තමා වෙනුවෙන් කොළඹ කොටුවේ නිර්මාණය කර තිබූ භූගත මාලිගාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම භූගත මාලිගාව පවතින්නේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ යි. මෙම භූගත මාලිගාව කාමර 6ක්, ආලින්ද 3ක්, සම්මන්ත්රණශාලාවක්, ක්‍රීඩාගාරයක්, නානකාමර 8ක් කින් සමන්විත බව වාර්ථ වන අතරම මෙම මාලිගාවේ වහල ලෙස මීටර් 2ක් පමණ ගණකම කොංක්‍රීට් තට්ටුවක් යොදා තිබේ.
එය ඇතුලතට පැමිනෙන්නෙකුට තමා සිටින්නේ පොළව යට බව නොහැඟෙන ආකාරයට මෙම මාලිගාව පිළියෙලකොට ඇත. මෙම මාලිගාවේ බිත්ති සඳහා විශේෂ ලී වර්ගයක් භාවිතා කොට ඇති අතර එම ලී හැකිලීමකින් තොරව පවත්වාගැනීම සඳහා පැය විසිහතර පුරාවටම වායුසමීකරණය කළ යුතුව ඇත. මේ සඳහා පමණක් මාසිකව වැයවන මුදල රුපියල් ලක්ෂ 30කි. මෙම මාලිගාවේ පවතින සියළුම ලී බඩු ඇතුළු සියළුම භාණ්ඩ මේ මැදුර සඳහාම විශේෂයෙන් නිර්මාණය කරවන ලද ඒවා වන අතර ජනාධිපතිවරයා එය භාවිතා කරන්නේ නම් මාසික නඩත්තු වියදම ලක්ෂ 150 ඉක්මවන බව ඇත්තමේන්තු කොට තිබේ.
මෙපමණ මුදලක් වියදම්කොට තැනූ මෙම මාලිගාව ජනාධිපතිවරයා භාවිතාකොට ඇත්තේ යුද්ධයේ අවසන් භාගයේ පමණක්වන අතර ඉන් අනතුරුව මෙම නිවස භාවිතාකොට ඇත්තේ මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් විසිනි. එමකාලයේ දී නාමල් හා යෝෂිත ඔවුන්ගේ රගර්කණ්ඩායම් වල සාමාජිකයන් සමඟ මෙම නිවස භාවිතා කළ බවත් දැනගන්නට ලැබේ.
අධි ආරක්ෂිත කලාපයේ පැවති ස්ථානයක් වීම හේතුකොටගෙන මෙම ස්ථානය ඔවුන්ගේ විශේෂ රහසිගත හමු මෙන්ම සාද පැවැත්වීමට යොදාගත් බව ද වාර්ථා වේ. මෙහි සේවකයන් වශයෙන් ඔවුන්ට ඉතාම හිතවත් සුළු පිරිසක් පමණක් සේවයේ යොදවාගෙන තිබේ.

. .