භූගත මාලිගයක තොරතුරු හෙළිවේ

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    භූගත මාලිගයක තොරතුරු හෙළිවේ

    මහින්ද ඉදිකළ භූගත මාලිගයක තොරතුරු හෙළිවේ



    Europe-Palace-living-room-design.jpg







    රාජපක්ෂ පවුල තම සුඛ විහරණය සඳහා ජනතාවගේ මුදල් වියදම් කළ ආකාරය ගැන තවත් හෙළිදරව්වක් සිදුව තිබේ. රාජපක්ෂලා තමා වෙනුවෙන් කොළඹ කොටුවේ නිර්මාණය කර තිබූ භූගත මාලිගාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.


    මෙම භූගත මාලිගාව පවතින්නේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ යි. මෙම භූගත මාලිගාව කාමර 6ක්, ආලින්ද 3ක්, සම්මන්ත්‍රණශාලාවක්, ක්‍රීඩාගාරයක්, නානකාමර 8ක් කින් සමන්විත බව වාර්ථ වන අතරම මෙම මාලිගාවේ වහල ලෙස මීටර් 2ක් පමණ ගණකම කොංක්‍රීට් තට්ටුවක් යොදා තිබේ.


    එය ඇතුලතට පැමිනෙන්නෙකුට තමා සිටින්නේ පොළව යට බව නොහැඟෙන ආකාරයට මෙම මාලිගාව පිළියෙලකොට ඇත. මෙම මාලිගාවේ බිත්ති සඳහා විශේෂ ලී වර්ගයක් භාවිතා කොට ඇති අතර එම ලී හැකිලීමකින් තොරව පවත්වාගැනීම සඳහා පැය විසිහතර පුරාවටම වායුසමීකරණය කළ යුතුව ඇත. මේ සඳහා පමණක් මාසිකව වැයවන මුදල රුපියල් ලක්ෂ 30කි. මෙම මාලිගාවේ පවතින සියළුම ලී බඩු ඇතුළු සියළුම භාණ්ඩ මේ මැදුර සඳහාම විශේෂයෙන් නිර්මාණය කරවන ලද ඒවා වන අතර ජනාධිපතිවරයා එය භාවිතා කරන්නේ නම් මාසික නඩත්තු වියදම ලක්ෂ 150 ඉක්මවන බව ඇත්තමේන්තු කොට තිබේ.


    මෙපමණ මුදලක් වියදම්කොට තැනූ මෙම මාලිගාව ජනාධිපතිවරයා භාවිතාකොට ඇත්තේ යුද්ධයේ අවසන් භාගයේ පමණක්වන අතර ඉන් අනතුරුව මෙම නිවස භාවිතාකොට ඇත්තේ මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් විසිනි. එමකාලයේ දී නාමල් හා යෝෂිත ඔවුන්ගේ රගර්කණ්ඩායම් වල සාමාජිකයන් සමඟ මෙම නිවස භාවිතා කළ බවත් දැනගන්නට ලැබේ.


    අධි ආරක්ෂිත කලාපයේ පැවති ස්ථානයක් වීම හේතුකොටගෙන මෙම ස්ථානය ඔවුන්ගේ විශේෂ රහසිගත හමු මෙන්ම සාද පැවැත්වීමට යොදාගත් බව ද වාර්ථා වේ. මෙහි සේවකයන් වශයෙන් ඔවුන්ට ඉතාම හිතවත් සුළු පිරිසක් පමණක් සේවයේ යොදවාගෙන තිබේ.





    logo.png

     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොළඹ කොටුව ජනාධිපති මන්දිරය (රජ ගෙදර) හා සම්බන්ධ කොට එම පරිශ‍්‍රයේ පොළොව යට ඉදිකළ අධිසුඛෝපභෝගී මන්දිරයක් ඇති බව, මුල් වරට මෙරට පුරවැසියන් වෙත හෙළි වූයේ පසුගිය 22 වන දින පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයක දී කළ හෙළි කිරීමත් සමඟය.


    ජනාධිපති පදක්කම්ලාභී පාසල් පරිසර නියමුවන් 71 දෙනකු වෙත පදක්කම් ප‍්‍රදානය, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් 22 වනදා පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. එම අවස්ථාවේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාසල් ළමුන් පිරිසකට එම මන්දිරය නරඹන ලෙස ආරාධනා කළේය.
    මෙම දරුවන්ට ජනාධිපතිවරයා පැවැසුවේ ජනාධිපති මන්දිරය බලන ගමන් පොළොව යට තිබෙන මාලිගාවත් නරඹන්නට අමතක නොකරන ලෙසය.


    මාසයකට ලක්ෂ 30ක විදුලි බිලක් :
    තමා ජනාධිපති මන්දිරය සිය නිවස ලෙස යොදා නොගන්නේ මාසයකට එහි විදුලි බිල පමණක් ලක්ෂ 150ක් වන බව නිසා යැයි පැවැසූ ජනාධිපතිවරයා, පොළොව යට තිබෙන මාලිගාව සඳහා මාසයකට රුපියල් 30 ලක්ෂයක අමතර විදුලි බිලක් ද දරන්නට සිදුව ඇති බව පැවසීය.


    මෙතරම් විශාල වියදමක් දැරීම රටට සිදු කරන අපරාධයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තමා මාසිකව ලක්ෂ පහක පමණ නඩත්තු වියදමක් සහිත නිවසක් පදිංචිය සඳහා තෝරා ගත් බව ද පැවසීය.
    පොළොව යට තිබූ මෙම මාලිගාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම පරිදි පසුගිය යුද සමයේ දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. එහි කටයුතු අවසන් කර ඇත්තේ යුද්ධය අවසන් වී වසර කිහිපයකටත් පසුවය.


    පවුලේ ජීවිත ආරක්ෂාවට ඉදිකළ බංකරයක් :
    එල්ටීටීඊයෙන් එල්ල වූ ගුවන් ප‍්‍රහාර තර්ජන නිසා මෙය රාජපක්ෂ පවුලේ ජීවිත ආරක්ෂාව පතා ඉදිකළ බංකරයක් ලෙස එහි ඉදිකිරීම් කළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට පවසා තිබූ නමුත් ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන්නේ කොළඹ ඉතා අනාරක්ෂිතම තැනක එනම් වරාය හා නාවික හමුදා කඳවුර ආදිය පිහිටා තිබෙන තැනක මෙසේ ආරක්ෂක බංකරයක් ඉදිකිරීම විකාරසහගත බවය.


    මේ වෙනත් වුවමනාවක් වෙනුවෙන් මිසක එල්ටීටීඊයෙන් ආරක්ෂා වීම සඳහා ඉදිකළ ආරක්ෂක බංකරයක් ලෙස හැඳින්විය නොහැකි බව ඔවුන්ගේ මතයයි.


    එසේම හිටපු ජනාධිපතිවරයා හා එම පවුලේ සාමාජිකයන් පදිංචිව සිටියේ මෙම ජනාධිපති මන්දිරයේ නොව අරලියගහ මැදුරේය. එල්ටීටීඊ ඉලක්කයක් බවට පත්ව තිබුණේ ද අරලියගහ මන්දිරය ය. ඔවුන් එල්ල කළ ගුවන් ප‍්‍රහාර කිහිපය ද එම මන්දිරය ඉලක්ක කරගත් ඒවා බව පැහැදිලි කරුණකි.


    එම තත්ත්වයන් අනුව මෙම පොළොව යට මාලිගාව ඉදිකළ යුතුව තිබුණේ අරලියගහ මන්දිරයේ පොළොව යටය.
    දළ වියදම රුපියල් බිලියන 3ක් :


    කෙසේ නමුත් අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම පොළොව යට මාලිගාව ලෙස අප විසින් හඳුන්වනු ලබන මන්දිරය පොළොව යටට මහල් දෙකකින් ද පොළොවෙන් මතුපිට මහල් 2 කින් ද යුක්තය. එක් මහලක වපසරිය වර්ග අඩි 3000ක් පමණ වන අතර මහල් හතරම වර්ග අඩි 12,000ක් පමණ වේ.


    විදුලි සෝපානයක් ද මේ මහල් 4 සම්බන්ධ කර ක‍්‍රියාත්මක වන අතර මුළු ගොඩනැගිල්ලම ස්වයංක‍්‍රීය වායුසමීකරණ පද්ධතියකින් සමන්විතය. එය පැය 24 මුළුල්ලේ නොකඩවා ක‍්‍රියාත්මක වේ.


    මෙම ගොඩනැගිල්ලේ සිට වරාය දෙසට උමඟක් ද සැලසුම් කර තිබෙන අතර එහි කටයුතු අඩක් නිමකර නවතා දමා ඇත.


    මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ නාවික හමුදා, යුද හමුදා සෙබළු හා නිලධාරීන් පිරිසකගෙන් සමන්විත විශේෂ ඒකකයක් මඟිනි.
    එහෙත් එම ඉදිකිරීම් කටයුතුවලට අදාළ ලියකියවිලි, වියදම් ලැයිස්තු හෝ කිසිදු ලියැවිල්ලක් ආරක්ෂක අමාත්‍යාංශය සතුව නොමැති බව අප විසින් කළ සොයා බැලීමක දී අනාවරණය විය.


    මෙය ඉතා රහසිගතව සිදු කළ ඉදිකිරීමක් වන අතර මේ දැවැන්ත ඉදිකිරීම මෙතරම් රහසිගතව සිදු කළේ කෙසේදැයි යන්න ද ප‍්‍රශ්නකාරීය.
    මෙහි බිත්තියක පළල අඩි 4කට වැඩි වන අතර ඒ සම්පූර්ණයෙන්ම යකඩ කම්බි යොදා වැර ගන්වන ලද කොන්ක‍්‍රීට්වලින් සමන්විතය. කොන්ක‍්‍රීට් ස්ලැබ් (තට්ටු) ද අඩි 4ක පමණ පළලින් යුක්තය.
    අප සතුව ඇති තොරතුරු අනුව මේසා විශාල ඉදිකිරීමක් සඳහා වන දළ වියදම රුපියල් බිලියන 3ක් හෝ ඊට වැඩි විය යුතු බව ගොඩනැගිලි ඇස්තමේන්තුකරුවන් පෙන්වා දෙයි.


    නාමල් බේබිගේ ‘රගර් ගෙදර’ :


    එමෙන්ම මෙම ගොඩනැගිල්ලේ මහල් හතරේම තිබෙන්නේ ඉතාලියෙන් ගෙන්වන ලද ගෘහභාණ්ඩ, බිම් ඇතිරුම් (කාපට්) හා නාන කාමර කට්ටලය.


    හිටපු ජනාධිපතිවරයා මෙම ඉදිකිරීම සිදු කළ නමුදු ඔහු මෙම ගොඩනැගිල්ලට පැමිණ තිබෙන්නේ දින දෙකක් පමණි. ඒ ඉදිකිරීම් සිදු කෙරෙමින් පැවැති අවධියේ දී හා ඉදිකිරීම් සිදු කිරීමෙන් අනතුරුවය.
    මේ නිවස පාවිච්චි කර තිබෙන්නේ නාමල් රාජපක්ෂ ය. ඔහුගේ රග්බි මිතුරන් හා සමීපතම මිතුරු මිතුරියන්ගේ ජනප‍්‍රිය නවානැනක් වූ මේ නිවස ජනාධිපති මන්දිරයේ සේවකයන් විසින් හඳුන්වන්නේ නාමල් බේබිගේ ‘රගර් ගෙදර’ ලෙසය.


    රාජපක්ෂලා වෙනුවෙන් ඉදිවුණු කන්කසන්තුරේ සුපිරි මාලිගාවක් සහ ආරුගම්බේ මාලිගාවක් ගැන ද පසුගිය කාලයේ හෙළි විය.


    නුදුරු අනාගතයේ දී මෙබඳු තවත් රහස් මාලිගා කොතැනින් හෝ මතු වුවහොත් එය පුදුමයට කාරණයක් නොවේ. මේ සියල්ල මෙරට මහජනතාවගෙන් එකතු කරන බදු මුදලෙන් කළ ඒවා බව මහජනතාව දැනගත යුතුව ඇත.


    මෙම බංකර් මාලිගයට ඇතුල්වන ස්ථානය දැක්වෙන සාමාන්‍ය ගොඩනැගිල්ල හා පොලොව යට මාලිගයේ ජායාරුප කිහිපයක්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අර විමලට එන්න කියාපිය මේකටත් මොකක් හරි කියන්න කියාපිය . . . :growl:

    අතිගරු හිටපු ජනාධිපති (ජනමූල) - මම නම් එහෙම එකක් තියෙනවා කියලා දන්නෙත් පත්තරෙන්. :baffled:. .

    දේශ හිතෛෂී චක්‍රවර්තී අධිරාජ්‍යවාධී කුමන්ත්‍රණ ඔස්ථාර් විමලේ - මෙන්න ජාතියේ මහා පාවාදීම. රජ්‍යා ආරක්ෂාවට තර්ජනයක් වන මෙවැනි හෙලිදරව් කිරීම් වහා නවත්වනු.:baffled:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    balapanko itin.... anthimata prabakaran desha premiya wela mahindaya desha drohiya una...... ane wasanawan....


    ehew jathiyakata hariyawida bolaw...... oya kele guna nodanna kama nisa tama me rata dinen dian wala pallata yanne.

    ekko kiyala wedak ne. onna ohe mahindata benala innawa.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    [IG]http://theceylon.net/wp-content/uploads/2015/10/Europe-Palace-living-room-design.jpg[/IMG]

    එංගලන්තේ ක්‍රමේට හදල තියෙන්නේ

    harine itin royal family widiyatane hitiye:lol:

    උබලත් හොයන්නැතුව ගිලිනව ගෙඩිය පිට්න්ම....:lol:Europe-Palace-living-room-design.jpg:lol: