භූතයන් ලවා සල්ලි හොරකම් කරයි
මේ ලෝකයේ මිනිසා ගේ පියවි ඇසට පෙනෙනුයේ මිනිසුන් හා තිරිසන් සතුන් පමණි. එහෙත් ඒ සියලු සත්ත්ව සමූහයාට ම වඩා අති විශාල වූ ප්‍රමාණයක් අමනුස්සයෝ විශ්වය පුරා සැරිසරති. එයිනුත් මිථ්‍යා දෘෂ්ටිය, විෂම ලෝභය හා අධර්ම රාගය නිසා මරණයෙන් පසු දුගතිගාමී වූ භූතාත්ම පෘථිවිය ආසන්නයේ මිනිස්සුන් අතර ම සැරිසරති. ක්ෂණයක් පාසා දුක් වේදනාවෙන් පෙළෙන මේ භූතාත්මයන්ගෙන් මිනිසාට අයහපතක් ම මිස යහපතක් බලාපොරොත්තු වීම හීන ප්‍රතිඵලදායක කාරණයකි.
එහෙත් ඔවුන් කෙරෙහි තරහ අමනාප ඇති කැර ගත යුතු නැත. ඒ බොහෝ දෙනෙකු දුගතිගාමී වී ඇත්තේ තමන්ටත්, තම පවුලේ අයටත් සැප සම්පත් ලබාදීම සඳහා විෂම ලෝකයෙන් හා අධර්ම රාගයෙන් කටයුතු කිරීම නිසා ය. තම පවුලේ අය පෝෂණය කරන්නට, ඔවුන් ගේ දියුණුව සඳහා සම්පත් ගොඩ නඟන්නට සාධාරණ නොවූ ක්‍රියාවල යෙදීම නිසා ය.
ඒ සෑම කෙනෙක් ම සසර කවදා හෝ අපේ නෑයෝ ම ය. ඔවුන්ට අපෙන් ඉටුවිය යුතු සාධාරණය සිදු කළ යුතුය. නැතහොත් ඔවුන්ගේ සාපය අප කරා එනු ඇත. එය අනිවාර්ය වේ. එසේ නොවන්නට නම් අප සුදුසුකම් ලබා සිටිය යුතුය. කර්ම විපාකයත් යටපත් කරන්නට තරම් අපේ ආධ්‍යාත්මය අප විසින් ම ගොඩනඟා ගෙන ඇත්දැයි අපේ හදවතින් ම විමසා බැලිය යුතුය.
සංසාර ගමනේ දී අප අතින් සිදුවූ වැරදි හා ප්‍රමාද දෝෂ නිසා අපට දුක් වේදනා හා පාඩු සිදු වේ. මේ සංසාර ගමන තව දුරටත් දුක්ඛ දෝම නස්සයන්ගෙන් පිරුණු දුගතිගාමී භවයන්හි ඉපදෙන බව නොදන්නා මනුස්ස නරුමයෝ ඒ මිථ්‍යා දෘෂ්ටිය නිසා ම අධර්ම රාගයෙන් කටයුතු කරමින්, පාපයේ විපාක ගෙවමින් සිටින තක්කඩි භූතයන් ලවා ද මන්ත්‍ර ශාස්ත්‍ර බලයෙන් අනුන්ට වින කරවති. විනයට ගොදුරු වූ පුද්ගලයා මරණයට පත් වූ විට ඔහුට හානි කර ලෙස කටයුතු කළ භූතයා ඊළඟට යන්නේ තමන් ඒ බන්ධනයට ගැට ගසන ලද ඇදුරා සොයා ගෙනය. ඔහුගෙන් පළිගැනීමට ය.
අනුන් කෙරෙහි තරහකින් රිදවීම සඳහා භූතයකු ලවා මුදල් සොරකම් කැර වූ සිද්ධියක් පිළිබඳ කතාවකි මේ.
ඔහු මාතර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකි. ඔහු සතුව දිනපතා ආදායම් ලබන වාහන ගණනාවක් ද ඇත. මේ අද්භුත ක්‍රියාකාරිත්වය ආරම්භ වූයේ 2010 වර්ෂයේ ජූලි මාසයේ මැද හරියේ දිනයකය. මෙහි සිදුවීම් ගණනාවකි.