භූතයන් ලවා සල්ලි හොරකම් කරයි

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    භූතයන් ලවා සල්ලි හොරකම් කරයි

    මේ ලෝකයේ මිනිසා ගේ පියවි ඇසට පෙනෙනුයේ මිනිසුන් හා තිරිසන් සතුන් පමණි. එහෙත් ඒ සියලු සත්ත්ව සමූහයාට ම වඩා අති විශාල වූ ප්‍රමාණයක් අමනුස්සයෝ විශ්වය පුරා සැරිසරති. එයිනුත් මිථ්‍යා දෘෂ්ටිය, විෂම ලෝභය හා අධර්ම රාගය නිසා මරණයෙන් පසු දුගතිගාමී වූ භූතාත්ම පෘථිවිය ආසන්නයේ මිනිස්සුන් අතර ම සැරිසරති. ක්ෂණයක් පාසා දුක් වේදනාවෙන් පෙළෙන මේ භූතාත්මයන්ගෙන් මිනිසාට අයහපතක් ම මිස යහපතක් බලාපොරොත්තු වීම හීන ප්‍රතිඵලදායක කාරණයකි.

    එහෙත් ඔවුන් කෙරෙහි තරහ අමනාප ඇති කැර ගත යුතු නැත. ඒ බොහෝ දෙනෙකු දුගතිගාමී වී ඇත්තේ තමන්ටත්, තම පවුලේ අයටත් සැප සම්පත් ලබාදීම සඳහා විෂම ලෝකයෙන් හා අධර්ම රාගයෙන් කටයුතු කිරීම නිසා ය. තම පවුලේ අය පෝෂණය කරන්නට, ඔවුන් ගේ දියුණුව සඳහා සම්පත් ගොඩ නඟන්නට සාධාරණ නොවූ ක්‍රියාවල යෙදීම නිසා ය.

    ඒ සෑම කෙනෙක් ම සසර කවදා හෝ අපේ නෑයෝ ම ය. ඔවුන්ට අපෙන් ඉටුවිය යුතු සාධාරණය සිදු කළ යුතුය. නැතහොත් ඔවුන්ගේ සාපය අප කරා එනු ඇත. එය අනිවාර්ය වේ. එසේ නොවන්නට නම් අප සුදුසුකම් ලබා සිටිය යුතුය. කර්ම විපාකයත් යටපත් කරන්නට තරම් අපේ ආධ්‍යාත්මය අප විසින් ම ගොඩනඟා ගෙන ඇත්දැයි අපේ හදවතින් ම විමසා බැලිය යුතුය.

    සංසාර ගමනේ දී අප අතින් සිදුවූ වැරදි හා ප්‍රමාද දෝෂ නිසා අපට දුක් වේදනා හා පාඩු සිදු වේ. මේ සංසාර ගමන තව දුරටත් දුක්ඛ දෝම නස්සයන්ගෙන් පිරුණු දුගතිගාමී භවයන්හි ඉපදෙන බව නොදන්නා මනුස්ස නරුමයෝ ඒ මිථ්‍යා දෘෂ්ටිය නිසා ම අධර්ම රාගයෙන් කටයුතු කරමින්, පාපයේ විපාක ගෙවමින් සිටින තක්කඩි භූතයන් ලවා ද මන්ත්‍ර ශාස්ත්‍ර බලයෙන් අනුන්ට වින කරවති. විනයට ගොදුරු වූ පුද්ගලයා මරණයට පත් වූ විට ඔහුට හානි කර ලෙස කටයුතු කළ භූතයා ඊළඟට යන්නේ තමන් ඒ බන්ධනයට ගැට ගසන ලද ඇදුරා සොයා ගෙනය. ඔහුගෙන් පළිගැනීමට ය.

    අනුන් කෙරෙහි තරහකින් රිදවීම සඳහා භූතයකු ලවා මුදල් සොරකම් කැර වූ සිද්ධියක් පිළිබඳ කතාවකි මේ.

    ඔහු මාතර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකි. ඔහු සතුව දිනපතා ආදායම් ලබන වාහන ගණනාවක් ද ඇත. මේ අද්භුත ක්‍රියාකාරිත්වය ආරම්භ වූයේ 2010 වර්ෂයේ ජූලි මාසයේ මැද හරියේ දිනයකය. මෙහි සිදුවීම් ගණනාවකි.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    1. ඔහුගේ බිරිය සණස සමිතියෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ගෙදරට ගෙනාවාය. ඇය ඒ මුදල් තම අල්මාරියේ රෙදි අතර සඟවා තැබුවාය. මේ මුදල ගෙනා බව හෝ අල්මාරියේ තැබු බව ස්වාමි පුරුෂයා හෝ දූ දරුවෝ කිසිවෙකු දැන සිටියේ නැත. සතියකට පමණ පසු ඇය ඒ මුදල් ටික බලන විට එයින් රුපියල් දහසේ කොළ 56 ක් (56000) අඩු වී තිබුණි.

    ගෙදර කිසිවෙකු මෙහි මුදල් ඇති බව නොදන්නා බව ද ඇය දනී. සියලු දෙනාම තමන් මුදල් නොගත් බව දිව්ර දිව්රා පැවසූහ. ඔහුගේ ලොකු පුතාගේ වාහනයකට බයිසිකල්කරුවෙකු යටවීම නිසා තුවාලකරුට රු. 50000 ක් ගෙවන ලෙස උසාවියෙන් නියම කොට තිබුණු බැවින් ඔහු ගැන ද පුංචි සැකයක් උපන්නේය. ඔහු ද ඔහුගේ අවශ්‍යතාවට එසේ ගත්තා නම් එය කියන බව ද පවුලේ කව්රුත් දනිති. මේ මුදලට සිදු වූ දේ සොයා ගත නොහැකි විය.

    2. තවත් දින හතරක් ගත විය. ඉතුරුව තිබුණු රුපියල් 94000 හේ රුපියල් දාහේ නොට්ටු 94 මිටිය ද අතුරුදන් විය. ගෙදර සිටින්නේ අඹුසැමි යුවළත් පුතුන් දෙදෙනාත් දියණියන් දෙදෙනාත් පමණි. ලොකු දුවත් පොඩි පුතාත් සඳුදා පාන්දර ගෙදරින් පිටවී අගනුවර රැකියාවලට ගොස් ආපසු ගෙදර එන්නේ සිකුරාදා රෑටය. බාල දුව අධ්‍යාපනය අවසන් කැර ගෙදර සිටි බැවින් ඇය ගැන දැඩි අවධානයෙන් සිටිය ද සැකයට කිසි හේතුවක් සොයා ගත නොහැකි විය. වෙනත් කිසිවකු නිවසට ඇතුළු නොවූ අතර පැමිණි කිසිවකු නිවෙස තුළට එන්නේ ද නැත.

    3. සතියකට පසු දිනක් රාත්‍රි රුපියල් 60000 ක් ගණන් කොට අල්මාරියේ දමා යතුරු අගුළු දැම්මේ පසු දා වාහනවලට ටයර් ගෙන ඒමේ අදහසිනි. උදේ බලන විට හැටදහස ම අතුරුදන් ව තිබුණි. අල්මාරියේ දොරවල් ඇරපු ලකුණකුදු නැත.

    4. ඊට පසු දින බිරිය රුපියල් 40000 ක් ගවුමේ සාක්කුවේ දා ගෙන ආයකටුවක් ගසා ගෙන සිටියාය. දහවල් එකොළහට පමණ ඒ ගවුම ගලවා පුටුව උඩ තබා කරාමය ඇර රෙදි කීපයක් සෝදා වැළට දමන්නට දුවට දී යළිත් ගවුම ඇඳ ගත්තා ය. සාක්කුවට ගැසු ආයකටුව එහෙමම තිබියදී රුපියල් 40000 ම අතුරුදන්ව තිබුණි. මේ වන විට ව්‍යාපාරික මහතා ගෙදරින් පිටව ගොස් ආපසු ගෙට ගොඩ වෙද්දී මුදල් අතුරුදන්වීම ගැන අඬ අඬා සිටින බිරිය දුටුවාය. ඔහු ගෙදරින් පිටව ගියේ උදේ 10 ටය. ආපසු ආවේ 12.30 ට පමණ ය.

    5. මේ මුදල් අතුරුදන්වීම ගැන අහස පොළොව ගැටලමින් කල්පනා කළ අඹු සැමි යුවළට අල්මාරියේ තිබු රත්රන් බඩු ගැන සොයා බලන්නට සිතුණි. “දෙවියනේ ඔවුන්ගේ මංගල මුදුවත්, පවුම් එකහමාරක රත්රන් දම්වැලත්, කරාබු ජෝඩු තුනකුත් අතුරුදන්ව තිබුණි.

    6. දැන් මේ අය සාත්තර අංජනම් ආදියේ පිහිට සොයති. දිනක් රුපියල් 30000 ක මුදලක් ටින් එකක දමා එය අල්මාරියේ දමා දොරේ යතුරු අගුළුවලට අමතරව කොණ්ඩි පට්ටමක් සවිකොට ඉබි යතුරු දමා යතුරුත් අරගෙන ම බිරිය දියණියන් සමග සාත්තරයක් අහන්නට උදේ 9.30 ට පමණ ගෙයින් පිටත්ව ගියහ. ගෙදර සිටියේ පියාත් පොඩි දුවත් පමණි. 12.30 ට බිරිය ආපසු පැමිණ අල්මාරියේ යතුරු, අගුළු හා ඉබි යතුරු ඇර බලන විට ටින් එක තැබු තැන ම තිබුණි. මුදල් අතුරුදන්ව ඇත. ගෙදරට කිසිවෙකු පැමිණියේ ද නැත. පියා සහ දුව සිටියේ ද සුපරීක්ෂාකාරීව ය.

    7. යළිත් දින පහකට පසු දිනක් රාත්‍රී රුපියල් 45000 ක් බිරිය රාත්‍රි ගවුමේ සාක්කුවේ දා ගෙන ආයකටු ගසා නිදා ගත්තාය. රාත්‍රි දෙකට පමණ ඇහැරී බලන විට එයින් 20000 ක් අතුරුදන්වී 25000 ක් ඉතුරුව තිබුණි.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    8. පෞද්ගලික බස් හිමි ලොකු පුතා දිනක් රුපියල් 50000 ක් කලිසම් සාක්කුවේ දමා ටයර් කඩේට දෙන්නට ගොස් කිසියම් හේතුවක් නිසා ආපසු පැමිණ කලිසම ගලවා (මුදල් ඇති බව පරීක්ෂාකර බලා) බෝල කූඩුවේ එල්ලා තැබුවේය. වෙනත් වැඩවල යෙදී රාත්‍රී 8 ට පමණ බලන විට ඒ මුදල ද අතුරුදන්ව තිබුණි.

    9. ලොකු දුව සෑම මාසයක ම වැටුපෙන් රුපියල් 1000 ක් මැෂින් ලාච්චුවේ අස්සක සඟවා තබන සිරිතක් විය. තවත් රුපියල් 1000 ක් දින පොතක කවරය ඇතුළතට දමන්නීය. මාස හත අටක මුදල් එකතුව තිබුණි. ඇය ඒ ගැන සොයා බැලුවාය. ඒ මුදල් ද අතුරුදන්ව තිබුණි.

    මේ මුදල් අතුරුදන්වීම පිළිබඳ සාකච්ඡා කළ පවුලේ සමීපයන්ගේ උපදෙස් පරිදි වේල් පිරිත් කියවා සාංඝික දානයක් දී මුදලින් පිරිකර පූජා කොට මළවුන්ට පින් අනුමෝදන් කළේ මේ මුදල් භූතයන් ගෙන යන බව සිතා ගෙනය. ඊට පසුවත් මුදල් නැතිවුණි.

    අන්තිමේ ගමේ ඇදුරකු ලවා පේ‍්‍රත බන්ධන කපා ශාන්තිකර්මයක් කළහ. ඔහුගේ ගාස්තුව රුපියල් 25000 ක් විය. සොහොනේ දපා වින කපා සිදුකළ ඒ තොවිලයෙන් ද වැඩක් වූයේ නැත. ඉන් පසු ඒ ඇදුරාට දුරකතනයෙන් කතා කළ ද ඔහු මඟ හැරියේය.

    ඉන් පසු තිස්සමහාරාම ප්‍රදේශයේ නිහඬ පුද්ගලයකු හමු වී කාරණය පැහැදිලි කළහ. ඔහු ගෙදරට නොපැමිණ ම යන්ත්‍ර හතරක් මතුරා ගෙදර හතර කොනේ වළ දැමීමට ද, සාම්බ්‍රානි මතුරා ගෙදර දුම් ඇල්ලීමට ද දුන්නේය. ඔහුගේ ගාස්තුව රුපියල් 15000 කි. ඊට පසු මේ නිවසේ කිසිවක් අතුරුදන් වූයේ නැත. එහෙත් සිදු වූ විශාල ප්‍රමාණයේ මුදල් අතුරුදන්වීම් නිසා තවමත් සෙවිල්ලේ පසු වෙති.

    අස්සක මුල්ලක පවා මුදල් සඟවා තිබේදැයි සොයා බලති. හිතවතුන්ගේ උපදෙස් පරිදි මෙසේ සොයා බලද්දී බිරිය කඩේ ගොස් ආපසු පැමිණ අතේ ඉතුරු වූ රුපියල් 100 – 50 හේ කොළ දමා තිබු හිස් හෝර්ලික්ස් බෝතලයක් එහි තිබු මුදල් අතුරුදන්ව හිස් බෝතලය පමණක් දක්නට ලැබුණි. උඩු මහලේ රුපියල් දාහේ කොළ තුනක් එකට තබා නමා මේසයක් අස්සේ තිබී සොයා ගන්නට ලැබුණි. ආපසු ලැබුණේ ඒ මුදල ම පමණි.

    මේ මුදල් අතුරුදන්වීම කෙසේ සිදුවී දැයි තවමත් සොයා ගත නොහැකිව ඇත. එසේ ම එක්තරා ඇදුරෙකු ගැන ද සැකයක් පවතී. ඒ මීට අවුරුදු කීපයකට පෙර ලොකු පුතාගේ අසනීපයකට පිළිවෙත් කරන්නට පැමිණි ඇදුරකු ගැනය. ඔහු මේ නිවසට පේ‍්‍රත බන්ධනයක් ඇතැයි කියා රුපියල් 25000 ක් අය කොට වින බන්ධන කැපීමක් කළේය.

    එයින් සතියකට පමණ පසු පැමිණ රුපියල් 10000 ක් ණයට ඉල්ලා ගෙන ගියේය. යළිත් මාසයකට පමණ පසු පැමිණ රුපියල් 12000 ම එක වර දෙන්නම් කියා තවත් රුපියල් 2000 ක් ඉල්ල ගෙන ගියේය. මාස ගණනක් ගත වූ නමුත් ඔහුගෙන් ඒ මුදල් ආපසු නොලැබුණු බැවින් දුරකතනයෙන් ඒ ගැන බිරිය මතක් කළාය. ඔහු ඉන්පසු දුරකතනයට ආවේ ද නැත. කතා කළ විට දුරකතනය විසන්ධි කරන්නට යෙදුණි. දිනක් ඔහු මුණ ගැසුණු විට බිරිය ඔහුගෙන් මුදල් ඉල්ලා සිටියාය.

    “හා… හා… දෙන්නම් දෙන්නම්. ඔය තරම්ම සල්ලි අමාරුදැ”යි ඔහු අමනාපයෙන් මෙන් කියා යන්නට ගියේය. ඒත් මුදල් ලැබුණේ නැත. මොහු යමක් කළා දැයි මේ අයට සැකයක් ද පවතී.

    මේ වන විට ව්‍යාපාරිකයාගේ නිවසේ මුදල් හා රන් ආභරණ අතුරුදන්වීම් නතර වී ඇත. එහෙත් අතුරුදන් වූ මුදල් ආපසු ලැබුණේ ද නැත.

    මෙසේ මුදල් ගෙනයන භූතයෝ තමන් කරන්නේ වරදක් බව දනිති. ඇදුරන්ගේ බන්ධනයට ලක් වී ඔහුගේ නියමය ඉටුකළ යුතු බැවින් මෙසේ මුදල් සොරකම් කරති. එහෙත් තමා ලවා සිදු කළේ වරදක් බව දන්නා බැවින් ද එය පාපයක් බව දන්නා බැවින් ද කවදා හෝ ඇදුරාගෙන් පළි ගනිති. නැතහොත් ඇදුරාගේ අඹුදරුවන්ගෙන් හෝ පළි ගනිති.
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ඔය යක්ශ භූත කතානම් මචන් පට්ට පල් බොරු.
    ඕවා විස්වාස කරන්න එපා:no::no:

    කතා බොරු උනත් අපිට නොපෙනෙන දේකල් තියෙනව මචන්:shocked:... ඒවගේ දේවල් නොපෙනේවා කියල ප්‍රාර්තනාකරනව :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ ගෙදර පුදුම සල්ලි ගොඩක්නේ බං තියෙන්නේ.. දන්නවනම් මාත් භූතයෙක් වෙලා හොරකම් කරනවා.. :lol: