භූත කථා - Part 1

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
2007-01-08-0.jpg





හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට


නිස් ජීවිතයේ එළැඹෙන දුක් ගැහැට කරදර අසනීප දෛනික චර්යාවේ වැරැදි ඇවතුම් පැවතුම් හා පාරිසරික වෙනස්කම්වලින් ඇති වන ඒවාට අමතරව වෛද්‍යවරුන්ට නිගමනය කිරීමට අපහසු ලෙඩ දුක් ද පවතී. හේතුව සොයාගත නොහැකි වූ දුක් කරදරවලින් පීඩා විඳින්නෝ බහුලය. ඒ බව මෙම ලිපි පෙළ කියවන පාඨකයන් විසින් දිනපතා අප අමතනු ලබන දුරකතන ඇමතුම් ප‍්‍රමාණයෙන් ම වටහා ගත හැකි ය. විශේෂයෙන් ම භූත දෝෂවලින් පීඩා විඳින ප‍්‍රමාණය ඉතා විශාලය. මේ කාන්තාවක් කියන එවැනිම කතාවකි.
”මගේ මහත්තයා පෞද්ගලික අංශයේ විධායක නිලධාරියෙක්. දහතුන් හැවිරිදි දියණියත්, දහ හැවිරිදි පුතාත්, සමඟ අපි ජීවත් වුණේ මහත්තයාගේ නිල නිවාසයේ. අපටමය කියා ගෙයක් ඕනෑය කියා නගරාසන්නයේ අපට ම අයිති ඉඩමක ගෙයක් හදන්නට පටන්ගත්තා. පාරේ සිට පහළට බැස් ම ඇති ඉඩම් කොටසක මේ ගෙය හදන්නට යෙදුණු බැවින් ගල් වැලි කොන්කී‍්‍රට් ගල් අත්තිවාරම අසලට ගෙන ගියේ පෝර උරවල දමා ගෙන කරපිටින්. විල්බැරෝවක් පවා ගෙනයා හැකි තැනක් නොවෙයි එතැන.
ඉතා ම දක්ෂ නැකැත්කරුවකු ගෙන් සාදවා ගත් නැකතට වැඩ ආරම්භ කළ මෙහි අත්තිවාරමට පමණක් සිමෙන්ති මළු පනස් දෙකක් වැය වුණා. කෙසේ නමුත් මාස දෙකකින් නිවසේ වැඩ සම්පූර්ණයෙන් නිම වන තැනට කටයුතු සාර්ථක වුණා. එසේම නිවසට අවශ්‍ය උළු, දැව ආදිය සපයා ගැනීමටත් හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබුණා. ගෙයි වැඩ නිම වන තැනට ළඟාවූයේ ප‍්‍රාතිහාර්යයකින් වගෙයි.
මෙසේ කටයුතු නිමා වෙද්දී මුදුන් යටලීය තියන මුදුන් බිත්තිවල එක පැත්තක බිත්තිය අඩි 2 – 3 ක් බැඳ අවසන් කිරීමට තිබියදී ගෙයි වැඩ බාර ගෙන සිටි ප‍්‍රධාන පෙදරේරු බාස් උන්නැහේ හිටි හැටියේ හෘදයාබාධයක් වැළඳී මරණාසන්න වුණා. ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා.
ඊට දින දෙකකට පසු වහලයට අවශ්‍ය යටලී බාල්ක හා පරාල ඉරමින් සිටි දැව ඉරුම් කරුවකුගේ කකුළට ලී කොටයක් පෙරැළී ඒ තැල්මෙන් වළලුකර ලේ නරක්වී රෝහල්ගතව මාස දෙකක් ප‍්‍රතිකාර ගත්තා.
මේ අතර ප‍්‍රධාන පාරේ සිට නිවසට පාර කපමින් සිටි කම්කරුවා “පපුව රිදෙනවා” යි කියා විනාඩි කීපයක්, යත්ම අවසන් හුස්ම හෙළුවා. එය ඛ්ෘදයාබාධයකින් සිදු වූ මරණයක් බව මරණ පරීක්ෂණයෙන් නිගමනය වුණා. ඊළඟ සතියේ පාරේ සිට නිවස දෙසට ඇති බෑවුමේ සෝදාපාළුව වළක්වන්නට ගල්වැටි බඳිමින් සිටි කම්කරුවාත් අර ආකාරයෙන් ම හෘදයාබාධයකින් මිය ගියා.
මේ අතර අලුත් නිවසේ ම නැවතී ආරක්ෂාවට හා උදව්වට සිටි දෙමළ කම්කරුවා ගේ ශරීරයේ කුෂ්ටයක් වැළඳී කසන්නට ගත්තා. ඔහු ඔහුගේ ආගමේ හැටියට පූසාරි කෙනකු ලවා යන්ත‍්‍රයක් පැළඳ ශරීරය කස කසාම කාලය ගෙව්වා. එසේම ගල් වැලි අදිමින් වැඩ කළ තරුණ කම්කරුවෙක් ගලක් උස්සද්දී තුනටිය ඇවිලිල්ලක් හැදී මාසයක් පමණ ප‍්‍රතිකාර ගත්තා.
මගේ මහත්තයා රැකියාවේ නියුතු බැවින් අලුත් ගෙයි සියලු වැඩ කටයුතු බලාගත්තේ මමයි. උදෙන්ම පාසල් යන දරු දෙදෙනා ගේ වැඩ සහ ගෙදර වැඩ අවසන් කොට උයා පිහාගෙන දිනපතා ම මම අලුත් ගෙදර වැඩ බිමට ආවා. දවස් තුන හතරකින් සම්පූර්ණයෙන් වැඩ නිම කිරීමට තිබියදී අපට ආ බාධා පුදුමසහගතයි. ලොකු බාස් උන්නැහේගේ පුතාට ඇවිටිලි කොට නැවතත් මුදුන් බිත්තියේ ඉතුරු වැඩ ටික අවසන් කරන්න පියවර ගත්තා. එදා එසේ වැඩ පටන් ගන්නට ඔහු ඉහළට නගින්නට හදද්දී උඩ පලංචියක තිබූ පරාලයක් වැටී ඔලුව පැලී අධිකව ලේ ගැලීම නිසා රෝහල්ගත කළා.
aw0901181-1.jpg
මේ අතර මටත් අමුතුම උණක් වැළඳුණා. මුළු ශරීරය ම තළා පෙළා දැමුවා සේ අභ්‍යන්තර වේදනාවක් වැළඳුණා. ඒ නිසා මටත් වෛද්‍ය ප‍්‍රතිකාර ගන්නට සිදුවුණා. 1994 මැයි මස 27 දා මුල්ගල් තබා අත්තිවාරම් දැමූ නිවස ජූලි මස අවසන් වන විට සියයට අනූ නවයක් ම වැඩ නිමා වෙමින් තිබියදී මාත් ඇඳටම ඔත්පල වන තැනට කටයුතු යෙදුණා. ඉහෙන් බහින රෝගයක් නොතිබුණු මට මේ මොකද වුණේ යැයි සිතුණා.
මගේ හෘදය වස්තුව අසලින් විටින් විට පපුව දඩ දඩ ගා ගැහෙන තත්ත්වයක් ඇතිවුණා. ඔන්න පණ ගියා මෙන්න පණ ගියා යි කියා හිතෙන තරම් වේදනාවක් ආවා. ඇඟ ඇතුළත දැවෙනවා පිච්චෙනවා වගේ දැනුණා. අලස ගතිය, අනුන් නුරුස්නා ගතිය, තදින් ඇතිවුණා. විටෙක සිය දිවි නසා ගන්නටත් හිතුණා. වෛද්‍යවරු මගේ රෝගය නිගමනය කළේ “රුමෙටොයිස් ආතරයිටිස්” කියා. කොලස්ටෙ‍්‍ර¤ල් 284 දක්වා ඉහළ ගියා. අන්තිමට මේ කියන දේ මේ දැන් අමතක වන තත්ත්වයට පත්වුණා. උදේට කෑ දේ දවල්ට අමතක වුණා. ඉංග‍්‍රීසි සිංහල වෙදකම් කිසිවකින් සුවයක් ලැබුණේ නැහැ.
මා බෞද්ධ කාන්තාවක්. මගේ මහත්මයා කතෝලික. මේ නිසා වත් පිළිවෙත්වලට වැඩි උන්දුවක් නොතිබුණු අතර
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
අප දෙදෙනා ම යන්ත‍්‍ර මන්ත‍්‍ර පිළිගත්තේ නෑ. කෙසේ නමුත් අපට නිවස හැදීමට නැකැත් හැදූ ඡ්‍යොතීර්වේදියා සොයාගෙන අප ගියා. ඔහු හමු වී පවතින තත්ත්වය විස්තර කළා. ඔහු යන්ත‍්‍ර මන්ත‍්‍ර දන්නා කෙනකු බව අප දැන හිටියේ ද නැහැ. කෙසේ නමුත් ඔහු දෙහි වගයක් මතුරා දී අත්තිවාරමේ හා ඉඩමේ වළදමන්නට යැයි අපට දුන්නා. ඒ දෙහි වළ දමා සතියක් යන්නට පෙර රෝගී වූ සියලු දෙනා සුවපත් වී තවත් සතියක් යන්නට පෙර ගෙයි වැඩ සියල්ලම අවසන් වුණා. එහෙත් ගෙට පදිංචිවීමට තිබියදී යළිත් අවුරුදු දෙකක්ම එය වැළකී ගියා. වහළ ගසා කැපී වැටුණු පරාළ කෑලි පවා ඉවත් කරන්නට ලැබුණේ නැහැ. මුළු ඉඩමම වල් වැදුණා. බැරි ම තැන ශාස්ත‍්‍රයක් අහන්නට ගියා. එතැනින් පවතින සියලු තත්ත්වය ඒ ආකාරයෙන් ම පවසා මේ අලුත් නිවසේ බලගතු භූත දේෂයක් පවතින බව කියැවුණා.
ඔහු විශාල තොවිලයකට අවශ්‍ය බඩු තුණ්ඩුවක් ද දුන්නා. යන්ත‍්‍ර මන්ත‍්‍ර කෙරෙහි විශ්වාස නොකළ අප යතුරු පැදියෙන් ආපහු එන ගමනේදී ඒ බඩු තුණ්ඩුව ගුලි කොට ඇලකට වීසි කළා. මගේ මහත්තයා කතෝලික නිසා මම මෙසේ ආපසු එන ගමනේදී ම ඔහුට යෝජනා කළා “අපි පල්ලියට ගොස් පියතුමාට මේ ගැන කියමු” කියා. මගේ මහත්මයා ද ඊට එකපයින් කැමැති වුණා. ඒ අනුව අප පල්ලියට ගොස් පියතුමාට විස්තරය කීවා. ඔහු පල්ලිය තුළට ගොස් යාඥා කර එතුමා පළඳින කුරුසිය මහත්තයාගේ හිසට තැබුවා. කිසි විශේෂයක් සිදුවුණේ නෑ.
ඊළඟට මගේ හිසට තැබුවා. මා වෙව්ලන්නට පටන් ගත්තා. පියතුමා කීවා මට භූත දෝෂයක් තිබෙන බව. ඒ අනුව මුහුදු වැලි අබ හා ලුණු ගෙන්වා යාඥා කර නිවසට හා ඉඩමට ඉසින්නට කියා දුන්නා. අප දෙදෙනා අලුත් නිවසට ගොස් ඒ වැලි අබ හා ලුණු ඉසින විට පුදුම විදිහේ අත්දැකීම්වලට මුහුණ දුන්නා. ඒ කටයුත්ත අවසන් කොට ආපසු නිල නිවසට යන විට තුන් වරක් ම යතුරු පැදියෙන් පෙරළුණා. මහත්තයා ඉතා ම අමාරුවෙන් තමයි බරපතළ අනතුරක්වීම වළකා ගත්තේ.
ඊළඟ සතියේ මගේ මහත්තයාගේ රැකියාවේ ස්ථාන මාරුවක් ලැබුණා. ඒ ස්ථාන මාරුව නගරාසන්නයට ලැබීම නිසා අපට අපේ ම අලුත් ගෙදර පදිංචියට ගියොත් පහසු බව වැටහුණා. දරු දෙදෙනාත් සමඟ මෙහි පදිංචිවීම ගැන සිත යට අහේතුක බියක් තිබුණ ද නිවසේ පින්තාරු වැඩ පසුවට තබා අප එහි පදිංචියට ගියා. එහි පදිංචිවීමත් සමඟ මගේ රෝග තත්ත්වය උත්සන්න වී මා මරණය කරා ළං වුණා. මාසයක් ගතවෙද්දී ගෙදර සිටි හුරතල් පූසා දිව එළියට ඇදී විකාගෙන ඇඳ යට මැරී සිටියා. ගෙදර සිටි බල්ලා ද දින කීපයකට පසු එසේම මිය ගියා. දැන් ගෙදර සියල්ලෝම රෝගීන්. බෙහෙත් බොමින් වේදනාවෙන් කල්ගත කළා.
පවුලේ අඬ දබර, කේන්ති ගැනීම් නිතර සිදුවුණා. කීප අවස්ථාවක ම මා සියදිවි හානි කර ගන්නට ගොස් දරු දෙදෙනා නිසා ඉන් වැළකුණා. දිනක් 14 හැවිරිදි පුතා මා සමඟ අමනාප වී ළිඳේ පනින්නට ගොස් වළකාගත්තේ බොහොම අමාරුවෙන්. මේ අතර මහත්තයා බරපතළ රිය අනතුරකට ලක්ව ඔහු මිය ගොස් ඇතැයි සිතා කිසිකෙනෙකු ඔහුට ළං වී තිබුණේ නැහැ. මම ගිහින් රෝහලට ගෙන ගොස් ඉතා ම අමාරුවෙන් තමයි වෛද්‍යවරු ඔහුට ජීවිතය ලබා දුන්නේ. මගේ අසනීපය උත්සන්න වී වේදනාව උහුලන්න බැරි තත්ත්වයක් උදාවුණා. මේ වනවිට මගේ මව ජීවතුන් අතර හිටියේ නෑ. මම නිතර කෑ ගහන්නට වුණා. “අනේ මගේ අම්මේ මට මේ වේදනාව උහුලාගන්න බෑ.
අනේ! බුදු අම්මේ! කොහේ හරි බෙහෙතක් තියෙනවා නම් හීනෙන් හරි ගෙනැත් මගේ ඇඟේ ගාන්න” කියා අඬ අඬා කිව්වා. දවසක් රෑ මගේ අම්මා හීනෙන් පෙනී සිට මගේ අසනීපයට ප‍්‍රතිකාර ගන්නට යා යුතු තැනක් පිළිබඳ කීවා. ඊට පෙර ඒ ගැන කිසිවක් අප දැන සිටියේ නෑ. මම මේ ගැන මහත්මයාට කියා කෙසේ හෝ එහි යෑමට ඔහු පොළඹවා ගත්තා. අප එතැන හොයාගෙන ගියා. ඒ ඇල්පිටිය, පොරවගම, දියකිතුලකන්ද නැමැති ආරණ්‍යයක්. අම්බලන්ගොඩ විශාල දේපළක් අතහැර පැවිදි වී භාවනා යෝගීව විසූ හාමුදුරු නමක් එහි විසුවා. උන්වහන්සේ චිත්ත බලයෙන් ලෙඩ සුව කළ කෙනෙක්. අප එහි ගිය විට උන්වහන්සේ චිත්ත ශක්තිය මෙහෙයවා කීවේ
“මෙය නිවස හදනවාට ඊර්ෂ්‍යාවෙන් කළ විනයක්. මේ ගෙදර නෝනාගේ නම මුල් කැරගෙනයි විනය කර ඇත්තේ. බලගතු යක්ෂ බන්ධනයක් කර ඇති බවත් මෙය ඉවත් නොකළහොත් නෝනා ගේ මරණය වළක්වන්න බැහැ. මේ නිවසට සමීප ම ගෙදරක කෙනෙක් තමයි මෙය කර තියෙන්නේ. ඒ වගේ ම මෙය ඉවත් කළොත් අනිවාර්යයෙන් ම කළවුන් කරා ආපහු යනවා” කියා ය.ඒ අනුව උන්වහන්සේ චිත්ත ශක්තිය මෙහෙයවා මා කෙරෙහි බැඳී සිටි අමනුෂ්‍යයන් ඉවත් කොට අපට නිවසේ සිදු කිරීමට බෞද්ධ වත් පිළිවෙත් නියම කළා.
ඒ අනුව මා ශාරීරිකවත් මානසිකවත් විශාල සුවයක් ලැබුවා. සහනයක් ලැබුවා. ඒ සමඟම අපේ නිවසට යාබද නිවසේ සිටින කාන්තාව අංශබාධ රෝගය වැළඳී වැටුණා. ඇය රෝහලට ගෙන ගියේත් මමයි. මගේ ඔඩොක්කුවේ ඇගේ හිස තබාගෙන රෝහලට ගෙනගියා. එදා මම විඳපු සියලු දුක් වේදනා ඒ වගේම ඇය දැන් විඳිනවා. මම දැන් නිතර ඇයට අවශ්‍ය සාත්තු සප්පායම් කරනවා. උදව් කරනවා. සමහර වේලාවට ඇය මා දෙස බලාගෙන කඳුළු සලනවා. ඒත් කිසි දෙයක් කියන්නේ නෑ.
දැන් මගේ දරු දෙදෙනා හොඳට ඉගෙන ගෙන උසස් රැකියාවල නිරත වෙනවා. අපි සන්තෝසයෙන් කල් ගෙවනවා. මේ කතාවෙන් මට කියන්නට අවශ්‍යවන්නේ ඕනෑම රෝගයක් සුවපත් නොවී, ප‍්‍රතිකාරවලින් සුවයක් නොලැබේ නම්, විශේෂයෙන් ම ආතරයිටීස් වැනි රෝගවලදී අපට නොපෙනෙන පැත්තක් එහි තියෙන බවයි. ඒ වගේ ම පූර්ව පාප කර්ම විපාක ගෙවන කාලයට පෙ‍්‍ර්තයන් වැනි අමනුෂ්‍යයන් ඒ ඒ පුද්ගලයන්ට හා ඔවුන්ගේ ශරීරවලට සමීප වෙනවා.
ඒ හරියට දුඟද හමන තුවාලයකට මැස්සන් පැමිණීම වගෙයි. ඒ බාහිරව පැමිණෙන මැස්සා තුවාලයට ඉහඳ තැබූ විට පණුවන් දමා ඒ තුවාලය තවත් දරුණු ;වනවා වගේ. අමනුෂ්‍යයන් නිසා ලෙඩ දුක් කරදර දෙගුණ තෙගුණ වෙනවා. කියන එකයි. ඒ නිසා අපට නොපෙනෙන ලෝකයකුත් තිබෙන බව හිතන්න ඕනෑ. ඒ වගේ ම දියකිතුලෙකන්දේ යෝගාවචරයන් වහන්සේ දැන් අපවත් වෙලා” යැයි මේ කතාව නියම නම් ගම් සහිතව අපට ලියා එවා තිබූ ඒ මහත්මිය වැඩි දුරටත් සඳහන් කැර තිබුණාය.
එසේ ම තමන් වින කළ බව කියන කාන්තාවට ඇය කරුණාවෙන් මෛති‍්‍රයෙන් උදව් උපකාර කිරීම ද උතුම් ගුණාංගයක් බව සඳහන් කරමු. ඇය විශ්වාස කරන්නේ ඇගේ මිය ගිය මෑණියන් හීනෙන් පැමිණ උදව් නොකළා නම් තමන් වැළලූ තැන දැන් මහ ගස් හැදී තියෙන්නට ඉඩ තිබුණු බවයි.