හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට
මිනිස් ජීවිතයේ එළැඹෙන දුක් ගැහැට කරදර අසනීප දෛනික චර්යාවේ වැරැදි ඇවතුම් පැවතුම් හා පාරිසරික වෙනස්කම්වලින් ඇති වන ඒවාට අමතරව වෛද්‍යවරුන්ට නිගමනය කිරීමට අපහසු ලෙඩ දුක් ද පවතී. හේතුව සොයාගත නොහැකි වූ දුක් කරදරවලින් පීඩා විඳින්නෝ බහුලය. ඒ බව මෙම ලිපි පෙළ කියවන පාඨකයන් විසින් දිනපතා අප අමතනු ලබන දුරකතන ඇමතුම් ප‍්‍රමාණයෙන් ම වටහා ගත හැකි ය. විශේෂයෙන් ම භූත දෝෂවලින් පීඩා විඳින ප‍්‍රමාණය ඉතා විශාලය. මේ කාන්තාවක් කියන එවැනිම කතාවකි.
”මගේ මහත්තයා පෞද්ගලික අංශයේ විධායක නිලධාරියෙක්. දහතුන් හැවිරිදි දියණියත්, දහ හැවිරිදි පුතාත්, සමඟ අපි ජීවත් වුණේ මහත්තයාගේ නිල නිවාසයේ. අපටමය කියා ගෙයක් ඕනෑය කියා නගරාසන්නයේ අපට ම අයිති ඉඩමක ගෙයක් හදන්නට පටන්ගත්තා. පාරේ සිට පහළට බැස් ම ඇති ඉඩම් කොටසක මේ ගෙය හදන්නට යෙදුණු බැවින් ගල් වැලි කොන්කී‍්‍රට් ගල් අත්තිවාරම අසලට ගෙන ගියේ පෝර උරවල දමා ගෙන කරපිටින්. විල්බැරෝවක් පවා ගෙනයා හැකි තැනක් නොවෙයි එතැන.
ඉතා ම දක්ෂ නැකැත්කරුවකු ගෙන් සාදවා ගත් නැකතට වැඩ ආරම්භ කළ මෙහි අත්තිවාරමට පමණක් සිමෙන්ති මළු පනස් දෙකක් වැය වුණා. කෙසේ නමුත් මාස දෙකකින් නිවසේ වැඩ සම්පූර්ණයෙන් නිම වන තැනට කටයුතු සාර්ථක වුණා. එසේම නිවසට අවශ්‍ය උළු, දැව ආදිය සපයා ගැනීමටත් හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබුණා. ගෙයි වැඩ නිම වන තැනට ළඟාවූයේ ප‍්‍රාතිහාර්යයකින් වගෙයි.
මෙසේ කටයුතු නිමා වෙද්දී මුදුන් යටලීය තියන මුදුන් බිත්තිවල එක පැත්තක බිත්තිය අඩි 2 – 3 ක් බැඳ අවසන් කිරීමට තිබියදී ගෙයි වැඩ බාර ගෙන සිටි ප‍්‍රධාන පෙදරේරු බාස් උන්නැහේ හිටි හැටියේ හෘදයාබාධයක් වැළඳී මරණාසන්න වුණා. ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා.
ඊට දින දෙකකට පසු වහලයට අවශ්‍ය යටලී බාල්ක හා පරාල ඉරමින් සිටි දැව ඉරුම් කරුවකුගේ කකුළට ලී කොටයක් පෙරැළී ඒ තැල්මෙන් වළලුකර ලේ නරක්වී රෝහල්ගතව මාස දෙකක් ප‍්‍රතිකාර ගත්තා.
මේ අතර ප‍්‍රධාන පාරේ සිට නිවසට පාර කපමින් සිටි කම්කරුවා “පපුව රිදෙනවා” යි කියා විනාඩි කීපයක්, යත්ම අවසන් හුස්ම හෙළුවා. එය ඛ්ෘදයාබාධයකින් සිදු වූ මරණයක් බව මරණ පරීක්ෂණයෙන් නිගමනය වුණා. ඊළඟ සතියේ පාරේ සිට නිවස දෙසට ඇති බෑවුමේ සෝදාපාළුව වළක්වන්නට ගල්වැටි බඳිමින් සිටි කම්කරුවාත් අර ආකාරයෙන් ම හෘදයාබාධයකින් මිය ගියා.
මේ අතර අලුත් නිවසේ ම නැවතී ආරක්ෂාවට හා උදව්වට සිටි දෙමළ කම්කරුවා ගේ ශරීරයේ කුෂ්ටයක් වැළඳී කසන්නට ගත්තා. ඔහු ඔහුගේ ආගමේ හැටියට පූසාරි කෙනකු ලවා යන්ත‍්‍රයක් පැළඳ ශරීරය කස කසාම කාලය ගෙව්වා. එසේම ගල් වැලි අදිමින් වැඩ කළ තරුණ කම්කරුවෙක් ගලක් උස්සද්දී තුනටිය ඇවිලිල්ලක් හැදී මාසයක් පමණ ප‍්‍රතිකාර ගත්තා.
මගේ මහත්තයා රැකියාවේ නියුතු බැවින් අලුත් ගෙයි සියලු වැඩ කටයුතු බලාගත්තේ මමයි. උදෙන්ම පාසල් යන දරු දෙදෙනා ගේ වැඩ සහ ගෙදර වැඩ අවසන් කොට උයා පිහාගෙන දිනපතා ම මම අලුත් ගෙදර වැඩ බිමට ආවා. දවස් තුන හතරකින් සම්පූර්ණයෙන් වැඩ නිම කිරීමට තිබියදී අපට ආ බාධා පුදුමසහගතයි. ලොකු බාස් උන්නැහේගේ පුතාට ඇවිටිලි කොට නැවතත් මුදුන් බිත්තියේ ඉතුරු වැඩ ටික අවසන් කරන්න පියවර ගත්තා. එදා එසේ වැඩ පටන් ගන්නට ඔහු ඉහළට නගින්නට හදද්දී උඩ පලංචියක තිබූ පරාලයක් වැටී ඔලුව පැලී අධිකව ලේ ගැලීම නිසා රෝහල්ගත කළා.
මේ අතර මටත් අමුතුම උණක් වැළඳුණා. මුළු ශරීරය ම තළා පෙළා දැමුවා සේ අභ්‍යන්තර වේදනාවක් වැළඳුණා. ඒ නිසා මටත් වෛද්‍ය ප‍්‍රතිකාර ගන්නට සිදුවුණා. 1994 මැයි මස 27 දා මුල්ගල් තබා අත්තිවාරම් දැමූ නිවස ජූලි මස අවසන් වන විට සියයට අනූ නවයක් ම වැඩ නිමා වෙමින් තිබියදී මාත් ඇඳටම ඔත්පල වන තැනට කටයුතු යෙදුණා. ඉහෙන් බහින රෝගයක් නොතිබුණු මට මේ මොකද වුණේ යැයි සිතුණා.
මගේ හෘදය වස්තුව අසලින් විටින් විට පපුව දඩ දඩ ගා ගැහෙන තත්ත්වයක් ඇතිවුණා. ඔන්න පණ ගියා මෙන්න පණ ගියා යි කියා හිතෙන තරම් වේදනාවක් ආවා. ඇඟ ඇතුළත දැවෙනවා පිච්චෙනවා වගේ දැනුණා. අලස ගතිය, අනුන් නුරුස්නා ගතිය, තදින් ඇතිවුණා. විටෙක සිය දිවි නසා ගන්නටත් හිතුණා. වෛද්‍යවරු මගේ රෝගය නිගමනය කළේ “රුමෙටොයිස් ආතරයිටිස්” කියා. කොලස්ටේර¤ල් 284 දක්වා ඉහළ ගියා. අන්තිමට මේ කියන දේ මේ දැන් අමතක වන තත්ත්වයට පත්වුණා. උදේට කෑ දේ දවල්ට අමතක වුණා. ඉංග‍්‍රීසි සිංහල වෙදකම් කිසිවකින් සුවයක් ලැබුණේ නැහැ.
මා බෞද්ධ කාන්තාවක්. මගේ මහත්මයා කතෝලික. මේ නිසා වත් පිළිවෙත්වලට වැඩි උන්දුවක් නොතිබුණු අතර