භූමිකම්පා_ග්‍රහයෝ
භූමි කම්පා යන්න අද වන විට තීරණාත්මක මාතෘකාවක් බවට පත් වී ඇත. භූමිකම්පා ඇති වන වාර ගණන සහ ඒවායේ තීව්‍රතාව මෑතක සිට වැඩි වී ඇත් ද යන්න නිශ්චිතව නො දැනෙන නමුත් එමගින් ඇති වන විනාශයන් නම් පැහැදිලි ව ම වැඩි වී ඇත.
භූමිකම්පාවල වාර ගණන සහ තීව්‍රතාව වෙනස් නො වුණ ද එමගින් වන විනාශය වැඩි වීම කෙරෙහි නූතන සංවර්ධන මාදිලිය හේතු වනවා නොඅනුමාන ය. මේ සංවර්ධන මාදිලිය තුළ සිදු කෙරෙන ඉදිකෙරුම් සහ අනෙක් අංගෝපාංග භූමිකම්පා, සුනාමි වැනි දෙයක දී ඒවාට නම්‍යශීලීව මුහුණ දිය හැකි පරිදි නිමැවූ දෑ නො වේ. සමාජ-ආර්ථික සංවර්ධන රාමුවේ එක් තැනක සිදු වන කඩා වැටීමක් සමස්තය පුරා වේගයෙන් පැතිර ගොස් මහා විනාශයක් සිදු වේ. භූමිකම්පාවල ඇති ෙ€දනීය තත්ත්වය වන්නේ නූතන බටහිර විද්‍යා-තාක්ෂණයට ඒවා පිළිබඳව කිසිදු අනාවැකියක් පළ කිරීමට නොහැකි වීම ය. මෙහි දී මුළු බටහිර විද්‍යා තාක්ෂණය ම අඳුරේ අතපතගෑමකට හසු වේ. භූමිකම්පා (සහ අනතුරුව සුනාමි) ඇති වන අයුරු පැහැදිලි කළ හැකි වුවත් ඒවායේ කාලවකවානු කිසිසේත් ප්‍රකාශ කළ නොහැකිය.
අපේ පෙළොව භූ තැටි කිහිපයකින් සමන්විත බවත් ඒවා පොළොව මධ්‍යයේ ඇති ද්‍රව ගතියෙන් යුත් මාධ්‍යයේ පා වන බවත් සඳහන් ය. මෙසේ ගමන් කිරීමේ දී මේවා එකිනෙක ගැටීමේ දී භූමිකම්පා ඇති වේ. එසේ ම මේ තැටි එක මත එක තද වී යම් වික්‍රියාවකට බඳුන් වී තිබී හදිසියේ මේ වික්‍රියා ශක්තිය මුදා හළ විට ද මේ භූ තැටි ගැස්සීම නිසා ද භූමිකම්පා ඇති වේ. එහෙත් මේ කිසිවක් පිළිබඳ නිශ්චිතව කාල වකවානු ප්‍රකාශ කළ නොහැකි ය. අවම වශයෙන් සංඛ්‍යානය මත පදනම් වූ හෝ පිළිගත හැකි අනාවැකි ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් තවමත් බටහිර විද්‍යා-තාක්ෂණය තුළ නැත.
භූමිකම්පාවක් සාගර පත්ලේ සිදු වූ විට සුනාමි තත්ත්වයක් ඇති විය හැකි ය. එනම් සාගර ජලය කැළඹීමට පත් වේ. මේ කැළඹීම විශාල තරංග ආයාම සහිතව (එහෙත් කෙටි විස්තාර සහිතව) සැම දිශාවකට ම සාගරය ඔස්සේ ගමන් ගනී. ගොඩබිමක් හමු වූ විට ජලයේ ගැඹුර අඩු වීමත් සමග තරංගයේ වේගය බාල වී විස්තාරය වැඩි වී උස් ජල කඳක් ලෙස ගොඩබිමට කඩා වදී. සුනාමි රළ පහර යනු එයයි. සාගර පතුලේ භූ කම්පනයක් වූ විට සුනාමි තත්ත්වය පිළිබඳව සහ අදාළ කාල වකවානු නම් සෑහෙන නිවැරැදිව ප්‍රකාශ කළ හැකි ය.
භූකම්පනයක් ඇති වන අයුරු සහ එවැන්නක් ඇති වූ පසු සිදු වන දේ නිව්ටෝනීය යාන්ත්‍රිකය තුළ පැහැදිලි කළ හැකි ය. සුනාමි රළ ඇති වීම ද පැහැදිලි කළ හැකි ය. එහෙත් නිව්ටෝනීය යාන්ත්‍රිකයට භූකම්පා ඇති වීමට පෙර ඒ බැව් ප්‍රකාශ කළ නොහැකි ය. ඒ ඇයි? ඇත්තට ම නිව්ටෝනීය යාන්ත්‍රිකයට පැහැදිලි කළ හැක්කේ අප එදිනෙදා භෞතික පරිසරයේ බොහෝ මතුපිට සිදුවීම් පමණ ය. යම් යම් සිදුවීම්වලට හේතු කවරේ දැයි දිගින් දිගට ම විමර්ශනය කළ හොත් එක් සීමාවකින් පසුව නිව්ටෝනීය යාන්ත්‍රිකයට පිළිතුරු නැත. නිව්ටෝනීය යාන්ත්‍රිකයට පැහැදිලි කළ හැක්කේ යම් යම් දේ සිදු වූ පසු සිදු වන දේ පමණ ය. උදාහරණයක් ලෙස යම් ගොඩනැඟිල්ලක ව්යqහය කඩා වැටීම සලකමු. මේ සඳහා හේතුව ව්යqහය මත ඇති වූ බල නිසා ඇති වූ ආතති, වික්‍රියා ලෙස අපට කිව හැකි ය. එහෙත් මේ ආතති, වික්‍රියා නිසා ව්යqහය මෙ ආකාරයට බිඳ වැටුණේ ඇයි? මේ ආතති, වික්‍රියා නිසා අදාළ පැලුම් මේ ආකාරයට ම ඇති වූයේ ඇයි?
භූමිකම්පා ග්‍රහයෝ සහ මහාභූත රූප