භූමී කම්පාවක්! Suddata Badu!!
මීට ස්වල්ප මොහොතකට පෙර ඇමෙරිකාවේ නිව්යෝක් සහ වොෂින්ටන් නුවරවල් ආශ්‍රීතව රික්ටර් මාපකයේ අංශක 5.9 ක් ලෙස සටහන් වූ ප්‍රබල භූමී කම්පාවක් හටගත් විදෙස් වාර්තාවල සඳහන් වේ.
මෙම භූමී කම්පාව පෙන්ටගනයට සහ ඇමෙරිකානු කොංග්‍රසයේ මධ්‍යස්ථානයට දැඩිව බලපෑ බව විදෙස් වාර්තා සඳහන් කරයි. භූමී කම්පාව හේතුවෙන් ඇතිවූ සෙලවුම් හේතුවෙන් භීතියට පත ඇමෙරිකානු අගනුවර ජනයා වීදී වලට පැමිණ ඇති බවත් එම වාර්තාවල සඳහන් ය.
රික්ටර් මාපකයේ අංශක 5.9 -6.1 අතර අගයකින් සටහන් ව ඇති මෙම ප්‍රබල භූමී කම්පම්පාව නිව්යෝක්, ඕහියෝ, වොෂින්ටන් යන රාජ්‍යන්වලට ද දැනුනු බව සඳහන් වේ. මෙම භූමී කම්පාවේ භූකම්පස්ථානය දකුණු වොෂින්ටනය, විර්ජිනියාව, රිච්මන්ට් සහ කාර්ලෝතෙස්විල්ලේ (Sud Washington, Virginia, Richmond and Charlottesville) රාජ්‍යන් මැදිව හටගත් බවත් විදෙස් වාර්තාවල සඳහන් ය.
ඇමෙරිකානු වේලාවෙන් දහවල් දෙකට (ඇමෙරිකානු වේලාවෙන් ඊයේ 23) පමණ හටගත් මෙම ප්‍රබල භූමීකම්පාව හේතුවෙන් විශාල උස ගොඩනැඟිලි පැද්දීමට පටන්ගත් නිසාවෙන් එම ගොඩනැඟිලි වල සිටි ජනයා දිව ගලවා ගැනීම සඳහා හනිකට මාර්ගවලට දිව ගිය බවත්, විශේෂයෙන් වොෂින්ටනයේ සිටි ජනයා දැඩි බෝම්බ බියකින් ඇලලී ගිය බවත්, පෙන්ටනගනයේ සේවකයෝද ඒ ආකාරයෙන්ම ප්‍රබල බියකින් ඇලලී ගිය බවත්, ඉන් වැඩි පිරිසක් සැප්තැම්බර් 11 බෝම්බ බිය නැවතත් සිහි කරමින් දැඩි ලෙස භීතියට පත් වූ බවත් ඉහත භූමිකම්පාව පිළිබඳව වාර්තාවක් සපයන ඉතාලි ආන්සා වෙබ් අඩවිය කියා සිටියි.
කෙසේ හෝ මෙම භූමී කම්පාව හේතුවෙන් වොෂින්ටනය අවට පිහිටි න්‍යෂ්ඨික බලාගාර දෙකක් ක්‍රියාවිරහිත කිරීමට බලධාරීන් ක්‍රියාකළ බව මේ පිළිබඳව සඳහන් වන රෂියා ටුඩේ වාර්තාවේ දැක්වේ.
ඇමෙරිකානු න්‍යෂ්ඨික බලශක්ති කොමිසම විසින්
ලෝකයේ පවතින භයානකම න්‍යෂ්ඨික බලාගාර හතෙන් එකක් (1/7) ලෙස සැලකනු ලබන ලේක් අන්නා (Lake Anna) න්‍යෂ්ඨික බලාගාරයට පිහිටා ඇත්තේ ද මෙම භූමී කම්පාව හටගත් භූ කම්පස්ථානයේ සිට සැතපුම් 12 ක දුරිනි. මෙවැනි ප්‍රබල භූමී කම්පාවක් නිසාවෙන් එම බලාගාරයට යම්හානි සිදුවිය හැකි බව මෙම මාර්තු මාසයේ ලබා දුන් ඇමෙරිකානු න්‍යෂ්ඨික බලශක්ති කොමිසම විසින් වාර්තාවක් මඟින් ඇමෙරිකානු බලධාරීන්ට පෙන්වා දී තිබින. එම හේතුව නිසාවෙන් න්‍යෂ්ඨික විකිරණ කාන්දු වීමේ බියකින් ද වොෂින්ටනය ඇලලී ගොස් ඇතැයි රෂියා ටුඩේ වැඩිදුරටත් කියා සිටියි.
කැනඩාවේ ටොරොන්ටෝ දක්වා ද මෙම භූමී කම්පාවේ බලපෑම ඇති වූ බව එහි වැඩිදුරටත් සඳහන් වන අතර මෙම භූමී කම්පාව නිසාවෙන් සිදුවූ භෞතික අලාභයන් පිළිබඳව තවම කිසිවක් වාර්තා නො වේ.
www.lankacnews.com