භෞතිකවාදී කබ්බන්, පොරවල් කිරීම

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    භෞතිකවාදී කබ්බන්, පොරවල් කිරීම

    දෙවියෝ සහ අණ්ඩපාලයෝ…



    දෙරණ රුපවාහිනියේ “නොපෙනෙන මානය” වැඩසටහනට සහභාගී වීමි. එහිදී සාකච්ජා වූයේ දෙවියන්ගේ පැවැත්ම පිළිබඳවයි. මෙම වැඩසටහනට සහභාගී වු අනෙක් අය නම් පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන්වාසී චන්දිම ස්වාමීන් වහන්සේ, ඉන්දික තොටවත්ත මහතා, මනෝ චිකිත්සකයකු ලෙස හඳුන්වන විද්‍යාකුලපති නම් මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ මහනුවර මහ රෝහලේ ලේ බැංකුවේ සේවයේ නියුතු වෛද්‍ය නිලධාරී මහතකු වන ජනක ජයසුරිය ය.
    මේ වැඩසටහන පවත්වාගෙන යන බව පැවසෙන්නේ දෙවියන්ගේ, යකුන්ගේ නාමයෙන් සිදු කරන හොර තක්කඩි වැඩ රටට හෙළි කිරීම, මිත්‍යාව හෙළි කිරීම වැනි කරුණු අරභයා ය. එවැනි පුද්ගලයන්ට අභියෝග කිරීමෙන් ආචාර්ය ටියුඩර් වීරසිංහ සහ ජනක ජයසුරිය වෛද්‍යවරයා වීරයන් සේ රට හමුවේ ඉදිරිපත් කර තිබුණි. දෙවියන්ගේ නාමයෙන් හොර වැඩ කරන මුදල් ගරන අය ඕන තරම් සිටිනවා ඇත. ඔවුන් රටට හෙළි කල යුතුය. එහි කිසිදු වරදක් නැත. එමෙන්ම බටහිර වෙදකමේ නාමයෙන් හොර වැඩ කරන, මුදල් ගරන අය ද ඕනෑ තරම් සිටිති. ඔවුන් ගැනද රටට හෙළි කල යුතුය. ඒ සදහා ආචාර්ය ටියුඩර් වීරසිංහට සහ වෛද්‍ය ජනක ජයසුරියට වැඩ පිළිවෙලක් තිබෙනවාදැයි මම නොදනිමි.


    මේ දෙදෙනාම උග්‍ර භෞතික වාදීන්ය; ඔවුන්ට අනුව දෙවියන් යනු මනසේ මවා ගත් විකාර සිතුවිල්ලක් පමණි. රුසියාවේ විශ්ව විද්‍යාලයකින් පශ්චාත් උපාධි ලබා ගත් මාක්ස්වාදියකු වන ආචාර්ය වීරසිංහ මෙන්ම නුවර ලේ බැංකුවේ සේවය කරන වෛද්‍යවරයා ද දෙවියන් යකුන් විකුණමින් සිදුකරන හොර වැඩ වලට එරෙහි වීමේ නාමයෙන් සිදු කරන්නේ අනෙකකි. ඔවුන්ට අනුව පංචේන්ද්‍රයන්ට ගෝචර නොවන දෙයක් (සම්මුති වශයෙන් හෝ) නැත. නමුත් මේ දෙදෙනාම පැවසුවේ තමන් බෞද්ධයන් බවයි. වෛද්‍ය ජනක දිගින් දිගටම පවසන්නේ තමන්ගේ වීරයා, ලොව පහල වූ මහා ප්‍රාඥයා බුදුන් වහන්සේ බවයි. එසේ පවසන ගමන් දෙවියන්, බඹුන්, අමනුෂ්‍යයන්ගේ පැවැත්ම ඔවුහු ප්‍රතික්ෂේප කරති. එසේ වූ විට සංසාර චක්‍රයේ සිටින්නේ ඇහැට පෙනෙන මිනිසුන් සහ තිරිසනුන් පමණි (මේ දෙදෙනා පුනර්භවය පිලිගන්නවදයි මම නොදනිමි); සිදුහත් කුමාරයා තව් තිසාවේ සිට පැමිණීම බොරුවකි; මාතෘ දිව්‍ය රාජයාට ධර්ම දේශනා කිරීම බොරුවකි; සුමන සමන් දෙවියන්ට ධර්ම දේශනා කිරීම ද බොරුවකි; සම්‍යක් දෘෂ්ටික දෙවියන් මිනිසුන් සමග එක්ව මෙසිරිලක පන්දහසක් කල් ශාසනය රැකීම ද බොරුවකි; කොටින්ම කුසල් දහම් කලාට, පින් කලාට, පාරමී පිරුවාට යන්නට දිව්‍ය ලෝක නැත.


    මේ දෙදෙනා මේ පහර දෙන්නේ බුදු දහමටයි; අපේ මිනිසුන්ගේ විශ්වාසවලටයි; පෝය දිනයේ මෙවැන්නන් දෙරණ නාලිකාවට ගෙන්වාගෙන අපේ උපාසක අම්මලාට මොවුන්ගේ පොර ටෝක් අසන්නට දෙන්නේ කාගේ උවමනාවටදැයි මම නොදනිමි. මෙරට ජාතිකවාදී අදහස් දරන බොහෝ දෙනා නරඹන එකම රුපවාහිනිය වන දෙරණට තමන් කරන මෝඩ ක්‍රියාවේ ප්‍රතිපල දැනෙන විට බොහෝ ප්‍රමාද වී තිබිය හැක. කොහේවත් යන කබ්බන් පොරවල් කරන්නේ දෙරණේ තීරණ ගන්නා අයගේ නොදැනුවත්කම නිසා විය යුතුය. පසුගිය රජය සමයේ මේ ආකාරයේ කබ්බන් පොරවල් කිරීම එම ආණ්ඩුව බිද වැටීමට ද හේතු විය. මේවා දැක දැක නිහඬව සිටීම නිවටකමකට වඩා තකතීරු කමකි. මේ වැඩසටහනට සහභාගී වීමට පෙර මෙන්ම පසුව ද මගේ හිතවතුන් ඇතැමකු පැවසුවේ කට්ටඩියන්, සාස්තරකරුවන්, විභාග පාස් කරවන්නන් ආදී සමාජ පිළලවලට එරෙහිව ලොකු මතයක් ඇති බවත් මෙවැනි වැඩසටහනක මාගේ අදහස් දැක්වීමෙන් මා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා ආදී අදහසක් මතු විය හැකි බවත් ය. මට හොරුන් රැක ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැති නමුත් හොරුන් ඇල්ලීමට මුවා වී බුදු දහමටත්, අපේ සංස්කෘතියටත් පහර දෙන සුක්ෂම වැඩ පිළිවෙලහෙළිදරව් කිරීමට අවශ්‍ය විය. පුහු වීරයෝ හොර කට්ටඩින්ට වෙර දමා පහර දෙන අතරේ නාථ, පත්තිනි, සුමන-සමන්, කතරගම-මහසෙන් (කිරිවෙහෙරට අදිගෘහිත බෞද්ධ දෙවිතොමෝ ය,ස්කන්ධකුමාර නොවේ),කළු බණ්ඩාර ආදී සම්‍යක් දෘෂ්ටික බෞද්ධ දෙවිවරුන්ටත් කෙළගෙන යති. බෞද්ධ දෙවිවරුන් නැතැයි කියන විට, උන්වහන්සේලාට අපහාස කරන විට ඒ නොදැක්කා සේ ඉවත බලන සිංහල බෞද්ධයා මගේ හැදින්වීම අනුවනම් පොන්සියෙකි; කට්ට කෛරාටික, ව්‍යාජ සිංහල බෞද්ධයෙකි.


    බැලූ බැල්මට මොවුන් කරන්නේ සිරා වැඩකි. මිත්‍යාව හෙළිදරව් කිරීමේ වීර ක්‍රියාවකි. එහෙත් එය පෙරට දමා ගෙන මේ කරන්නේ අපේකම, අපේ සංස්කෘතිය විහිලුවට ලක් කර මිනිසුන් තුල ඇති ශ්‍රද්ධාව නැති කිරීම බව වැඩසටහන නරඹන අයකුට එක වරම නොතේරේ; හොර වෙදුන්ව කට්ටඩියන්ව හෙළි කිරීමට අවශ්‍යනම් ඒ සදහා සුදුසු වැඩපිළිවෙලක් යෙදිය යුතුය. බටහිර වෙදකමවත් හරියට නොදන්නා මේ අපරිණත හික්මීමක් නැති වෛද්‍යවරයාට සහ පෝය දවසට මාක්ස්වාදී බණ හීන් සීරුවේ දෙසා වදාරණ ආචාර්ය ටියුඩර්ට එවැන්නක් කල නොහැකි ය. ඔවුන් එම නමින් සිදු කරන්නේ අපේ මුල් වලට විස එන්නත් කිරීමයි; හොර කට්ටඩියාගේ හානිය ඔහු වෙත යන කෙනාට පමණි. එහෙත් මොවුන්ගෙන් වන හානිය ජාතියටම ය; සංස්කෘතියටම ය.


    මේ මිත්‍යා දෘෂ්ටිකයන් පවසන දේට එකින් එක පිළිතුරු දීමට අවශ්‍ය වුවද ඒ සදහා ප්‍රමාණවත් වෙලාවක් ලැබුනේ නැත. කරුණක් කියාගෙන එන විට නිවේදකයා මැදට පැන ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නැයි බාධා කරයි. පිළිතුරු දෙන්නේ ඔහුගේ ප්‍රශ්නයට බව වටහා ගැනීමට හෝ හැකියාවක් ඔහුට නොතිබිණි.
    සාමාන්‍ය පෙළ පන්තියෙන් පසු බටහිර විද්‍යාව හදාරා ඇතැයි සිතිය නොහැකි ආචාර්ය ටියුඩර් නිව්ටන්, අයින්ස්ටයින් සහ කොන්ටම් භෞතිකය ගැන එතුමාගේ නවතම සොයා ගැනීම් ඉදිරිපත් කළේය. තව ද ඒ මහතා “යථාර්තය (reality)” හරියටම දන්නා කෙනෙක් බව ද මම දැනුවත් වීමි. කෙසේවෙතත් කාල වෙලාව මදි වීම නිසා යථාර්තය හරියටම මට ඒ මහතාගෙන් දන ගැනීමට නොහැකි විය. වාක්‍ය දෙකක් පරස්පර නැතිව කියා ගත නොහැකි අයකුට සෞන්දර්ය කලා පීඨයේ ආචාර්ය ධූරයක් දැරිය හැක්කේ එවැන්නක් එහි එතරම් වැදගත්යැයි නොසැලකෙන නිසා විය යුතුය. මෙම වැඩ සටහනට සහභාගී වන පුහු වීරයන්ගේ සැබෑ අරමුණ ඉදිරියේ දී අවස්ථාවක් ලැබුනහොත් තව දුරටත් හෙළි කරමි.
    වැඩසටහනින් පසු මට දුරකථන ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ බොහෝ දෙනා මගේ දුරකථන අංකය ලබා ගෙන තිබුනේ දෙරණට කතා කරය. ඔවුන් බොහොමයක් පැවසුවේ පෝය දවසේ දෙරණේ නටන මේ නාඩගමට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම පින් සිදුවන කටයුත්තක් බවයි. ඇතැමුන් දෙවියන් සහ අමනුෂ්‍යයන් ගැන ඔවුන්ගේ අත්දැකීම් මා සමග පැවසුහ. එම අත්දැකීම් වෙනත් වෛද්‍යවරයකුට පැවසුවහොත් මානසික රෝගයකැයි කියතැයි බියෙන් සඟවා සිටි බව ඔවුහු පැවසුහ. මානසික රෝග ගැන අපට වෙනමම විවරණයක් ඇත. එය ඉදිරියේ දී සාකච්ජා කරමු.


    – චන්න ජයසුමන
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් සාසනේ වෙනුවෙන් අප කෑප වෙනවා - චන්න ජයසුමන


     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සටනකට මුල පිරූ වකුගඩු සටන










    වෛද්‍ය චන්න ජයසුමන විසින් රචිත 'වකුගඩු සටන' කෘතිය ඊයේ(02) දොරට වැඩිණි. මේ, ඒ කෘතිය පිළිබඳ ආචාර්ය ගුණදාස අමරසේකරයන් කළ විමැසුමකි.
    මේ රටේ විශේෂයෙන් අපගේ සභ්‍යත්වයේ නිජබිම වන උතුරු මැද පළාතේ ජනතාව වකුගඩු රෝග මාරයාගෙන් බේරා ගැනීම සඳහා මේ රට, ජාතියට ආදරය කරන සුළු පිරිසක් විසින් පසුගිය දශකය තුළ ඉමහත් වෑයමක් දැරූ බව අපි දනිමු. ඒ වෑයම හුදු ව්‍යායාමයකට වඩා ඊට අකුල් හෙළීමටකටයුතු කළ සතුරු බළ සේනා සමඟ කරන ලද සටනක් ලෙස හැදින්වීම නිවැරැදි වෙයි. ඒ සටනේ සෙන්පතියා වූයේ 'වකුගඩු සටන' නම් ග්‍රන්ථය රචනා කර ඇති වෛද්‍ය චන්න සුදත් ජයසුමන මහතා ය. එය අප විසින් අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයකි. එබැවින් ඒ සෙන්පතියා විසින් ම ඒ සටන ග්‍රන්ථාරූඨ කිරීම යුක්ති සහගත වෙයි. එය ඔහු සතු වගකීමක් ද වෙයි. එවැන්නක් සිදු නූනොත් ව්‍යාජ වීරයන් විසින් එය සියතට ගෙන සදොස් අර්ථ කථනයක් දී, ජනතාව මුලා කිරීමට තැත් කරනු නො අනුමාන ය. ත්‍රස්ත විරෝධී සටනේ දී මෙවැන්නක් සිදු වූ හැටි අපි පසු ගිය කාලයේ දී දුටුවෙමු. එබැවින් මේ වකුගඩු සටන පිළිබඳ නිවැරැදි චිත්‍රයක් ජනතාව ඉදිරියේ තැබීම චන්න ජයසුමනයන්ගේ වගකීමක් ලෙස මම දකිමි.
    ඔහු විසින් ඒ නිවැරැදි චිත්‍රය ඉතා සාර්ථක ලෙස ඉදිරිපත් කර ඇති බව මාගේ වැටහීම ය. ඒ චිත්‍රය කෙතරම් පාඨක හද - මනස බැද ගන්නා ලෙස ඉදිරිපත් කර ඇති ද යත්, මේ ලේඛනය කිසිදු වෙහෙසකින් තොරව නවකථාවක් රසවිදින්නා සේ කියැවීමට මට හැකි විය. ඊට ප්‍රධාන හේතුවක් නම් මේ විද්‍යත්මක ලේඛනය සැපැයීමේ දී ඔහු යොදා ගෙන ඇති බස් වහර යැයි මම සිතමි. ශාස්ත්‍රීය ලේඛනයක් - විශේෂයෙන් විද්‍යාත්මක ලේඛනයක් පාඨකයාගේ හද - මනස බැද තබන අයුරින් ලිවීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. ව්‍යාක්ත බස් වහරක් යොදා ගනිමින් ජයසුමනයන් මේ කාර්යය ඉටු කර ඇති ආකාරය මෙවැනි නිබන්ධන ඉදිරිපත් කරන ආචාර්ය මහාචාර්යවරුන්ට ආදර්ශයක් විය යුතු ය. විශේෂයෙන් අපබ්‍රංශ වදන් වාත්තු කර, සංකර බසකින් සිය ව්‍යාජ පාණ්ඩිත්වය හෙළි කිරීමට තැත් කරන කලා අංශයේ ආචාර්යවරුන්ට මේ ලේඛනය මඟ පෙන්වන්නක් විය යුතු ය.
    චන්න ජයසුමනයන්ගේ මේ නිබන්ධය මේ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට අමතරව, මේ රට ජාතිය ගැන කැක්කුමක් ඇති දැන උගත් සියලූ දෙනා විසින්ම කිය විය යුතු කෘතියක් ලෙස මම දකිමි. මා එසේ දැක්වීමට මුල් වන හේතු කීපය මෙහි ලා සටහන් කිරීමට මම කැමැත්තෙමි.
    ඉන් පළමු වැන්න නම් මේ කෘතියෙන් කෘෂිකාර්මික වකුගඩු රෝගයේ රෝග නිධානය, එහි ව්‍යාප්තිය පිළිබද ලබාදෙන නිවැරැදි විද්‍යාත්මක අවබෝධය යි. ඒ පෘථුල අවබෝධය මා ලබා ගත්තේ මේ කෘතිය කියැවීමෙන් බව නොවලහා හෙළි කිරීමට කැමැත්තෙමි.


    පසු ගිය කාලය තුළ විද්‍යාඥයන්, උගතුන් යැයි කියා ගන්නා විවිධ පුද්ගලයන්, කිසිදු පර්යේෂණ කාර්යයකින් තොරව හිතුමතේට එමෙන්ම සිය මමායනය පුම්බා ගැනීම මුල් කරගෙන ලියා ඇති අබූත විශ්ලේෂණ නිසා මේ විෂය ක්‍ෂේත්‍රය එක ම පඹ ගාලක්, අවුල් ජාලයක් බවට පත්ව තිබෙන බව නොරහසකි. එවැනි මමායනයකින් පෙළෙන එක් මහාචාර්යවරයකු වකුගඩු රෝගයට හේතුව වතුරේ ස්වභාවිකව ඇති ෆ්ලෝරයිඩ් බව සනාථ කිරීම සඳහා පත්තර පිටු ගණන් මිඩංගු කරනු අපි දුටුවෙමු.
    වෛද්‍ය ජයසුමන මහතා වසර ගණනක් මුළුල්ලෙහි ඒ ප්‍රදේශවලට ගොස් ලබා ගන්නා ලද සාක්‍ෂි අනුව මේ රෝගය රසායන පොහොර සහ පළිබෝධනාශක නිසා හටගන්නක් බව පෙන්වා දී තිබේ.
    මේ පිළිබඳ විචාරශීලී අධීන විග්‍රහයක් ”කෘෂිකාර්මික වකුගඩු රෝගය” යන ශීර්ෂය යටතේ ඒ මහතා විසින් මේ නිබන්ධයට ඇතුළු කර තිබේ. එහි දී එතුමා සිය නිගමන පමණක් නිවැරැදි යැයි ඒත්තු ගැන්වීමට කටයුතු නොකර, නියම විද්‍යාඥයකු ලෙස විවෘත මනසකින් මේ ප්‍රශ්නය දෙස බලා ඇති බවයි මට පෙනී යන්නේ.
    වෛද්‍ය ජයසුමන මහතා විසින් රෝග නිධානය පිළිබඳ කර ඇති මේ විග්‍රහය, ඒ පිළිබඳ මෙතෙක් සපයා ඇති පෘථුලම විග්‍රහය ලෙස මම දකිමි. ව්‍යාජ උගතුන් විසින් නිර්මාණය කර ඇති පඹගාලේ පැටැලී ඇති හු දී ජනයා විසින් මෙය කියැවීම අනිවාර්ය වෙයි.
    මේ කෘතිය කියැවිය යුතු ය යන මාගේ නිගමනයට අදාළ දෙවැනි හේතුව වශයෙන් මා දකින්නේ, මේ කෘතිය මඟින් මෙරට වත්මන් බුද්ධි ක්ෂේත්‍රය - බුද්ධිමතුන් පිළිබඳ අගනා ”කැඩපතක්” වෛද්‍ය ජයසුමනයන් අතින් බිහි වී තිබීම ය. එය වකුගඩු රෝග විෂය ඉක්මවා සිටින්නකි. (එමෙන්ම ඒ කැඩපත නිර්මාණය වීම අවිඥානිකව සිදු වූවක් ද වන්නට පුළුවන) කුමක් වුව ද, එය අද වන විට මේ රට පත්ව ඇති බුද්ධිමය පරිහාණිය මෙන් ම, බුද්ධිමතුන්, උගතුන් යැයි කියා ගන්නා වංචනිකයන්ගේ සැබෑ ස්වරූපය හෙළි කරන්නකි. (මේ වංචනික උගතුන්ගේ ක්ෂේම භූමිය වී ඇත්තේ මෙරට විශ්වවිද්‍යාලයයි ! පළිබෝධනාශක වස විෂ නිපදවන බටහිර වාණිජ මාෆියාවට මේ උගතුන් මිල දී ගැනීමට හැකි වී ඇති සැටි මේ කෘතියෙන් මොනවට පැහැදිලි වෙයි. මේ උගතුන් ද ඩොලර්වලින් යැපෙන ඇන්.ජී. ඕ. නඩයට වෙනස් නොවේ.
    වෛද්‍ය ජයසුමන ඇතුළු පිරිවර ගෙන යන වකුගඩු සටන අඩ පණ කිරීමට, ජනතාව මුලා කිරීමට අවශ්‍ය ”තියරි” සැපැයීම සඳහායි මේ උගතුන් යොදවා ගනු ලබන්නේ. ඊනියා උගතුන්ගේ මේ ක්‍රියා පටිපාටිය මේ ක්ෂේත්‍රයට පමණක් සීමා වූවක් නොවේ. මෙරට දේශපාලන, සාහිත්‍ය, කලා ආදී වූ සියලූ ක්ෂේත්‍ර තුළ මෙය අද වන විට දක්කට ලැබේ. බටහිරයන්ට අවශ්‍යව ඇති සංස්කෘතිමය, බුද්ධිමය ආක්‍රමණයයි මේ වංචනිකයන් ලවා සිදු කරනු ලබන්නේ. ඒ අතින් බලන විට වෛද්‍ය ජයසුමනයන් අතින් නිම වී ඇති මේ සමාජ කැඩපත, වකුගඩු රෝගය ඉක්මවා සිටින වැදගත්කමකින් යුක්ත කෘතියක් වෙයි; සමාජ සංශෝධනය සඳහා කරනු ලබන මෙහෙවරක් වෙයි.
    මේ කෘතිය දැන උගත් පාඨකයා විසින් කියවා බැලිය යුතු තෙවන හේතුව නම්, එමඟින් වත්මන් ලෝක දේශපාලනය පිළිබඳ සපයන අවබෝධයයි.
    අද වන විට අමෙරිකාව ප්‍රධාන බලවතුන් විසින් මෙතෙක් පැවැති සිය ආධිපත්‍ය තව දුරටත් රැක ගැනීම සඳහා ප්‍රබල සටනක යෙදී ඇති බව රහසක් නොවේ. මෙහි දී ඔවුන්ගේ අවධානය වැඩි දුරට යොමු වී ඇත්තේ, පෙර ඔවුන් සතුව පැවැති යටත් විජිත වෙතයි. සිය පැවැත්ම සඳහා ඒවා තුළ සිය ආධිපත්‍ය තව දුරටත් පවත්වාගෙන යෑම අනිවාර්ය වෙයි. ඒ සඳහා ඔවුන් යොදා ගනු ලබන උපක්‍රමය වනුයේ, ආර්ථික හා සංස්කෘතික ආක්‍රමණයයි. මේ ආර්ථික ආක්‍රමණයේ දී ඔවුන් යොදා ගනු ලබන ප්‍රධාන අවිය වී ඇත්තේ වාණිජ මාෆියාවයි. ඒ වාණිජ මාෆියාව විසින් නිෂ්පාදනය කරනු ලබන තෙවන ලෝකය මත පැටවිය හැකි නිෂ්පාදන මේ ආක්‍රමණයේ ප්‍රධාන ස්ථානයක් ගනී.
    වකුගඩු සටන බටහිරයන් ගෙන යන ආර්ථික ආක්‍රමණය හා බැඳී පවතින්නේ මේ අයුරිනුයි. ඔවුන් නිෂ්පාදන කරන රසායනික පොහොර, පළිබෝධනාශක මඟින් විශාල අදායමක් ලබා ගැනීමට අමතරව, මේ රටේ පාරම්පරිකව පැවැති කෘෂි ආර්ථිකය මෙන් ම, එහි නියැලූණු ජනතාව ද විනාශ කළ හැකි බව ඔවුහු දනිති.
    මේ සඳහා අවශ්‍ය වන්නේ, මේ ක්‍රියාමාර්ගයට සහාය දෙන පිරිසක් මේ රට තුළ බිහි කිරීමත්, සිය ක්‍රියා මාර්ග සනාථ කරන මතවාද උගතුන් ලවා ප්‍රචාරය කිරීමත් පමණි. මේ කටයුත්ත මේ රට තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ආකාරය වෛද්‍ය චන්න ජයසුමන විසින් මැනවින් පෙන්වා දී තිබේ.


    මේ සඳහා ඒ බලවේගවලට අවශ්‍ය වූයේ ඩොලර් ටිකක් විසි කිරීමට අමතරව, අර නිලධාරීන්ට සහ උගතුන්ට පිටරට සවාරි ටිකක් සැපැයීම ය. නිලධාරීන්ට හා උගතුන්ට ඇත්තේ වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනික පොහොර හෝ පළිබෝධනාශක නොවන බව කියා පෑම පමණි.
    book3_1.jpg

    මීට අමතරව මේ අධිරාජ්‍යවාදීන් විසින් ප්‍රතිවිරුද්ධ මතවාද වැපිරීම ද කරනු ලැබේ. ”අධික උෂ්ණත්වය හා විජලනය” නමැති තියරිය - මතවාදය ඉදිරිපත් කර ඇත්තේ මේ අරමුණ සඳහා ය.
    වකුගඩු රෝගයෙන් පෙළෙන මධ්‍යම අමෙරිකාව තුළ මේ ව්‍යාජ මතවාදය සාර්ථක ලෙස ප්‍රචාරය කිරීමට හැකි වී ඇති සැටි කතුවරයා විසින් පෙන්වා දී තිබේ.
    මේ කෘතිය කියවා බැලීමට යොමු කරන සිව්වැනි හේතුව වශයෙන් මා දකින්නේ, මේ ප්‍රශ්නය අරබයා රජය ගෙන යන උදාසීන, නැත්නම් වංචනික ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධයක් මේ කෘතිය මඟින් ලබා ගැනීමට හැකි වීම ය. අප ප්‍රගුණ කරන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අප පත් කර ගනු ලබන හැම ආණ්ඩුවකටම සියයට හැත්තෑවක් වන ගැමි ජනතාව අවශ්‍ය වන්නේ ඡන්ද කාලයේ දී ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා පමණි. මේ වකුගඩු ප්‍රශ්නය විසින් එය මැනැවින් ඔප්පු කර තිබේ.
    වෛද්‍ය චන්න ජයසුමන ප්‍රධාන දෑ හිතකාමී පිරිස් විසින් කරන ලද විශාල බලපෑමට පිටුපෑ නොහැකි වූ රජය, ”වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය” යන ගාම්භීර නමින් යුතු ආයතනයක් ගිය රජය කාලයේ පත් කළ බව අපි දුටිමු. ගාම්භීර නමකින් යුතුව ලොකු සද්දයක් නගා ආරම්භ කළ මේ කාර්ය සාධන බළකායට අවසානයේ අත් වූ ඉරණම කුමක් ද?
    මේ කෘතිය මෙරට ජනතා අවධානයට ලක් වීමට පස්වැනි හේතුව වශයෙන් මා දකින්නේ එමඟින් මේ රටේ බුද්ධිමය - සංස්කෘතික ක්ෂේත්‍රයට කරනු ලබන දායකත්වය යි; බලපෑම යි. එය මේ වකුගඩු සටනේ අතුරු ඵලයක් නමුදු, ඒ සටන මෙන්ම වැදගත් ඵලයක් අත්කර දෙන්නක් ලෙස මම දකිමි.


    අද වන විට මේ රටේ බුද්ධිමය - සංස්කෘතික ක්ෂේත්‍රය අන්ත පිරිහීමකට පත් වී ඇති බව කිවමනා නොවේ. 77 හි ආරම්භ වූ නව යටත් විජිත නැඹුරුව සමඟ, මේ රටේ ජනතාව, විශේෂයෙන් තරුණ පරපුර වල්මත් වූ, වල්මත් කරන ලද පරපුරක් බවට පත්ව තිබේ. ඔවුන්ගේ නැන නුවණ පාදන කිසිදු බුද්ධිමය සංවාදයක් හෝ එවැන්නක් මෙහෙයවන උගතුන්, බුද්ධිමතුන් පරපුරක් අද මෙහි නොමැති ය.


    එවැනි පරපුරක් වෙනුවට අද මෙහි ඉන්නේ ඩොලර්වලට සිය හෘදය සාක්ෂිය හිලව් කිරීමට සුදානම් වූ උගතුන් යැයි, බුද්ධිමතුන් යැයි කියා ගන්නා නිවටයන් රැලකුයි. කරුණු මෙසේ වුව ද, මේ ජඩ අධම ප්‍රවණතාවට එරෙහිව නැ‍ඟී සිටිය හැකි චරිත ශක්තියෙන් හා ප්‍රඥාවන්ත බවෙන් යුතු අතලොස්සක් හෝ බිහි කිරීමට අපගේ සභ්‍යත්වයට තවමත් ශක්තිය ඇති බව මේ ග්‍රන්ථයෙන් පෙන්වා දී තිබේ. මේ කෘතිය එවන් පුද්ගලයකු සේ මා දකින චන්න ජයසුමනයන්ගේ චරිතාපදානය ලෙසින් සැලකිය හැකි ය. එය අනාගත පරපුරකට අවැසි මඟ පෙන්වන ප්‍රදීපස්ථම්භයකි.
    වෛද්‍ය චන්න ජයසුමනයන් තමා ගෙන ගිය සටනේ යථා ස්වභාවය සිය ලේඛනය අවසානයේ දක්වා තිබේ. එය ඉක්මවා යන සටහනක් තැබීමට මා අපොහොසත් බැවින් එය පුනරුච්ඡාරණය කිරීමෙන් මාගේ මේ ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමි.


    ”කවර අභියෝගයක් හමුවේ වුව ද මේ සටන අප අත් නොහැරිය යුතු ය. එක් අතකින් මේ විද්‍යාව සහ අවිද්‍යාව අතර සැබෑ සටනකි. තවත් අතකින් අධිරාජ්‍ය විරෝධී-යටත් විජිත විරෝධී අරගලයකි; දේශප්‍රේමී සටනකි; මානවවාදී අරගලයකි; කවර ලෙසින් බැලූව ද සටනේ නියම තැන සිට ගැනීම මෙරට අව්‍යාජ උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ, සමාජ ක්‍රියාකාරීකයන්ගේ, ෙද්ශප්‍රේමීන්ගේ, මානව හිතවාදීන්ගේ පරම යුතුකමයි. එහි ප්‍රතිලාභ මෙරට සාමාන්‍ය ජනතාව නිසැක ලෙසම භුක්ති විදිනු ඇත. තව ද ඒ සටන සටන්කරුවාගේ කුසල් වැඩෙන, පින් වැඩෙන, පාරමී සම්පූර්ණ වන, මෙලොව - පරලොව - දෙලොව යහපතටම ඒකාන්තයෙන් ම හේතු වන සටනකි.”


    ආචාර්ය ගුණදාස අමරසේකර
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉස්සෙල්ලම ඕක පෝය දවසෙ දාන එක නවත්තන්න ඕනේ, අනික බුද්ධාගම ගාවගන්නේ නැතුව සාකච්චාව ගෙනියන්න ඕනේ. එදා අර හාමුදුරුවොත් තව පොඩ්ඩෙන් නානව ග්‍රහලෝක ගැන කියන්න ගිහින්. දොස්තර නානව එකපැත්තකින් බුධ්ධාගමයි භෞතිකවාදී වීමයි දෙකම බැලන්ස් කරන්න ගිහින්. නිවේදකයා නානව මැදින් කට දාන්න ගිහින්. පැය ගානක් මොනවහරි කියවල ඉවරවෙනවා අන්තිමට කියපු දේකුත් නෑ ප්‍රතිපලෙකුත් නෑ අපිට ගන්න දේකුත් නෑ.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Derana hamadama karanne kuppada wada thama. Ara ekek innawa hackgedi wikunana ekek thawa ekak innawa gan deviyo wahila kiyala owa okkama geene derana. Budahagama boruwak kiyanna dagalanawa un denna un denna kiyana widiyata parikshawakin nigamana karapu nathi okkama boru. Mun budagamath winasakaranawa unata thathikawa prashna karana ekek eke atheth na.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    විසෙන් විස නසන්න ඕනා. .
    මේ වැඩසටහනට නලින් ද සිල්වා ව ගෙන්නන්න ඕනා. .
    අනික අර නිවේදක පොන්නයව වෙනස් කරන්න ඕනා මෙලෝ රහකට නැති එකෙක්. . ඒ යකා බුදුදහම දන්නේ නෑ. .

    මෙහි අරමුන විය යුත්තේ මිත්යාවෙන් මිනිසා ගලවා ගැනීම. . නමුත් මුන් වෙන බයිලාවක් ගහන්නේ. .
    කරනවනම් මුලින්ම වාලම්පූරි, මැනික්, ෆෙන්ශුයි කාරයන්ගෙන් සුද්ද කරන්න පටන් අරන් හිමීට පන්සල් වල දේවාල වල තියෙන හින්දු දේව රූප අයින් කරන තැනට වෙනකන් යන්න ඕනා. .

    මිනිස්සු තුල කිදාබැහැපු මත ගොඩක් තියෙනවා. .
    උදාහරනෙකට ලමයි හම්බවෙන්න ඉන්නකොට ගෙවල් හදන්න හොදනෑ, ගෙවල් හදනකොට අත්තිවාරමේ බීම් කුරුස එන්න හොද නෑ වගේ තව ගොඩක් මත තියෙනවා. .
    අන්න ඒවටයි පහරදෙන්න ඕනේ. .

    දුරකතනයෙන් මිනිස්සුන්ටත් අදහස් දක්වන්න අවස්තාවක් දෙන්න ඕනා. .


    අහ් මන් දැන් දැක්කේ අර දොස්තර ආයේ ඇවිත් තියෙන්නේ මොකද?
    කලින් දවසක් ආයේ එන්නේ නෑ කියලා ගියානේ. . :dull:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉස්සෙල්ලම ඕක පෝය දවසෙ දාන එක නවත්තන්න ඕනේ, අනික බුද්ධාගම ගාවගන්නේ නැතුව සාකච්චාව ගෙනියන්න ඕනේ. එදා අර හාමුදුරුවොත් තව පොඩ්ඩෙන් නානව ග්‍රහලෝක ගැන කියන්න ගිහින්. දොස්තර නානව එකපැත්තකින් බුධ්ධාගමයි භෞතිකවාදී වීමයි දෙකම බැලන්ස් කරන්න ගිහින්. නිවේදකයා නානව මැදින් කට දාන්න ගිහින්. පැය ගානක් මොනවහරි කියවල ඉවරවෙනවා අන්තිමට කියපු දේකුත් නෑ ප්‍රතිපලෙකුත් නෑ අපිට ගන්න දේකුත් නෑ.
    live ගිය වැඩසටහන නම් මට බලන්න බැරි උනා... ඇත්තටම අපි ලබන අධ්‍යාපනය නිසා තමයි මේ වගේ හීනමානකාරයෝ බිහිවෙලා තියෙන්නේ...
    බෞද්ධයෙක් වෙලත් දෙවියන් සහ අනෙකුත් අමනුස්සයන් සිටින බව පිලි නොගැනීම ම මොන තරම් මිත්යාදෘෂ්ඨියක්ද? මේ වගේ මිනිස්සු කිසිදාක ආයිමත් බෞධාගමිකයන් ලෙස උපදින්නේ නෑ.. මොකද ඔවුන්ගේ සම්‍යක්දෘෂ්ටියක් නැති නිසා...
    අපි මොන තරම් කෑ ගැහුවත් මුස්ලිම් ආගම මේ ලෝකේ ව්‍යාප්ත වෙනෝ කියල, මේ වගේ මිත්යාදෘෂ්ටිකයන් ඊලග ආත්ම වල මුස්ලිම් ජාතිකයෝ වෙලා උපදින්නේ...
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මාත් බැලුව මේ පාර නොපෙනෙන මානය. ජනක ජයසූරිය ටියුඩර් වීරසින්හ කියන දෙන්න ඔක්කොම ගේත්‍රික කබ්බන්ගෙ රෙදි ගැලෙව්ව එතන. එතන රෙදි ගලෝගෙන විලි ලැජ්ජාවක් නැතුව ගිහින් දැන් ආටිකල් දානව ලැජ්ජාව වහගන්න. ඒත් මෙයාලගෙ හෙළුව පෙනිල ඉවරයි. දෙවියො කියන්නෙ ඔක්කොම හිතින් මවාගත්තු දෙයක් විතරයි. ජනක ජයසූරියගෙ තර්ක වලට අරුන්ට කටවුත්තර නෑ. උඹල කරන්නෙ එදා පැරදිලා ගිය කබ්බන්ව ෆෝම් කරන එක. ලැජ්ජයි උඹල ගැන.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විසෙන් විස නසන්න ඕනා. .
    මේ වැඩසටහනට නලින් ද සිල්වා ව ගෙන්නන්න ඕනා. .
    අනික අර නිවේදක පොන්නයව වෙනස් කරන්න ඕනා මෙලෝ රහකට නැති එකෙක්. . ඒ යකා බුදුදහම දන්නේ නෑ. .

    මෙහි අරමුන විය යුත්තේ මිත්යාවෙන් මිනිසා ගලවා ගැනීම. . නමුත් මුන් වෙන බයිලාවක් ගහන්නේ. .
    කරනවනම් මුලින්ම වාලම්පූරි, මැනික්, ෆෙන්ශුයි කාරයන්ගෙන් සුද්ද කරන්න පටන් අරන් හිමීට පන්සල් වල දේවාල වල තියෙන හින්දු දේව රූප අයින් කරන තැනට වෙනකන් යන්න ඕනා. .

    මිනිස්සු තුල කිදාබැහැපු මත ගොඩක් තියෙනවා. .
    උදාහරනෙකට ලමයි හම්බවෙන්න ඉන්නකොට ගෙවල් හදන්න හොදනෑ, ගෙවල් හදනකොට අත්තිවාරමේ බීම් කුරුස එන්න හොද නෑ වගේ තව ගොඩක් මත තියෙනවා. .
    අන්න ඒවටයි පහරදෙන්න ඕනේ. .

    දුරකතනයෙන් මිනිස්සුන්ටත් අදහස් දක්වන්න අවස්තාවක් දෙන්න ඕනා. .


    අහ් මන් දැන් දැක්කේ අර දොස්තර ආයේ ඇවිත් තියෙන්නේ මොකද?
    කලින් දවසක් ආයේ එන්නේ නෑ කියලා ගියානේ. . :dull:

    මාත් හිතනවා වැඩසටහන සමබර නෑ... භෞතිකවාදී 3 දෙනෙක් එක්ක චන්න ජයසුමන තනියෙන් කතා කරනවා.. (ඉන්දිකත් බෞතිකවාදියෙක් කියල තමයි ගන්න වෙන්නේ) අනික හාමුදුරුවොත් චන්නගේ මතයට ලොකු උදව්වක් වෙන්නේ නෑ... චන්න පැහැදිලිව කියනවා, බටහිර වෙද්දු ප්‍රත්ග්න්‍යා දෙන්නේ හිපොට්‍රටිස් දිවුරුම දෙවියන්ට පොරොන්දු වීමක් කියල... අර ගොඩ වෙදා, ඒකත් උගේ මතයට හරියන්න උගේම අර්ථකතනයක් දෙන්න හදනවා...
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මාත් හිතනවා වැඩසටහන සමබර නෑ... භෞතිකවාදී 3 දෙනෙක් එක්ක චන්න ජයසුමන තනියෙන් කතා කරනවා.. (ඉන්දිකත් බෞතිකවාදියෙක් කියල තමයි ගන්න වෙන්නේ) අනික හාමුදුරුවොත් චන්නගේ මතයට ලොකු උදව්වක් වෙන්නේ නෑ... චන්න පැහැදිලිව කියනවා, බටහිර වෙද්දු ප්‍රත්ග්න්‍යා දෙන්නේ හිපොට්‍රටිස් දිවුරුම දෙවියන්ට පොරොන්දු වීමක් කියල... අර ගොඩ වෙදා, ඒකත් උගේ මතයට හරියන්න උගේම අර්ථකතනයක් දෙන්න හදනවා...
    ඌ එතන පජාත වෙලා ගිහින් මූනට තර්ක ඉදිරිපත් කරන්න බැරුව පස්සෙ ආටිකල් ලියනව. මේව තනිකර පොන්නකම්. උඹලත් උන්ව උඩ දාගෙන ඉන්නව. ඇත්ත තේරුම් ගනින්. දෙයියො කියල ජාතියක් නෑ. ඔය ඔක්කොම හිතේ මවාගත්තු ඒව.
     
    • Like
    Reactions: thilan_perera

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    Channa Jayasumana කියන විදියට ඔහුට වෙනත් අයෙකු මාර්ගයෙන් දෙවියන් සමග ගණු දෙනු කල හැක. ඔහුට අනුව වකුගඩු රෝගයට හේතුව ආසනික් ය. එය දෙවියන් වෙනත් අයෙකු මාර්ගයෙන් ඔහුට කියා ඇත. මාරය. තවත් විදියකට ඔහු පට්ට පොරකි. දැන් ජයසුමන ලා කල යුතු දෙයක් ඇත. ලෝකයේ තිබෙන බොහෝ ප්‍රශ්ණ දෙවියන් ඉදීපිටට ගෙන ගොස් ඔහුට උත්තර ලභාගත හැක. ලන්කාව ලෝකයේ සුපිරිතම රටක් කිරීමට මෙම සන්නිවේද්න ක්‍රමයම ප්‍රමාණවත්ය. චන්න ට අනුව බටහිරට වඩා පෙරදිග දැනුම මහ ඉහලය නමුත් ඔහුගේ මාර සොයාගැනීමක් වන CKDu සදහා ආසනික් බලපාන බව සත්‍යක් සේ ඒත්තු ගැන්වීමට ඔහු යොදා ගන්නේද බටහිර සන්විදානයක් වන WHO විසින් එය පිලිගැනීමය ය. (කබරගොයා and තලගොයා theory)
    ඇත්තටම WHO පිලි අරගෙන නැත. තව දෙයක් ඇත මෙහි චන්න සමග සිටින මහා යුගයෙ අනාවැකි කරුවා ඉන්දික තොටවත්ත පට්ට හොරෙකි ඔහුගේ කෙබර හා තක්කඩි කම් පහල් ලින්කුවේ** ඇත. මෙහිදී චන්න විසින් සියලුම වෙද පරම්පරා වලට දැනුම ලැබී ඇත්තේ දේව වරමකින් යැයි පැහැදිලිව සදහන් කල අතර ඒ අනුව පැරනි විද්වතුන් බුද්ධිමතුන් පරිශ්‍රමයෙන් ලබාගත් දැනුම අමු අමුවේ හාස්‍යට ලක් කර ඇත.:lol:
    වැඩිදුර විස්තර පසුවට සාගච්චා කිරීම්ට බලාපොරොත්තු වන අතර පැහැදිලිව කිවයුටු යමක් ඇත, එනම් මෙසේ පට්ට බේගල් ඇද බාමින් පැරනි පොත් පත් හා ලාන්චන පෙන්වමින් විද්‍යාත්මක ක්‍රමය තුට්ටුවට මායි ම් නොකර, දෙවියන් මූලික කරගෙන මිත්‍යාව සමාජගත් කරන්නන් සමාජය හදුනාගත යුත්තේ. තම ඊනියා පර්යේශ්න සත්‍ය ලෙස සමාජ ගතකරන්නට බුදු දහම වහන්තරාවක් කර ගන්නා තක්කඩින් ලෙසට ය. ** https://www.youtube.com/watch?v=SmYV00Am4Ns
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    live ගිය වැඩසටහන නම් මට බලන්න බැරි උනා... ඇත්තටම අපි ලබන අධ්‍යාපනය නිසා තමයි මේ වගේ හීනමානකාරයෝ බිහිවෙලා තියෙන්නේ...
    බෞද්ධයෙක් වෙලත් දෙවියන් සහ අනෙකුත් අමනුස්සයන් සිටින බව පිලි නොගැනීම ම මොන තරම් මිත්යාදෘෂ්ඨියක්ද? මේ වගේ මිනිස්සු කිසිදාක ආයිමත් බෞධාගමිකයන් ලෙස උපදින්නේ නෑ.. මොකද ඔවුන්ගේ සම්‍යක්දෘෂ්ටියක් නැති නිසා...
    අපි මොන තරම් කෑ ගැහුවත් මුස්ලිම් ආගම මේ ලෝකේ ව්‍යාප්ත වෙනෝ කියල, මේ වගේ මිත්යාදෘෂ්ටිකයන් ඊලග ආත්ම වල මුස්ලිම් ජාතිකයෝ වෙලා උපදින්නේ...

    මම නං පැත්තක් ගන්න කැමති නෑ බන් කාගේවත්, දෙපැත්තේම අදහස කියන්න ඉඩ දෙන්න ඕනේ නෙ සමබර සාකච්චාවක් වෙන්න. බලල තමා හරි වැරදි තීරණය කරගන්න ඕනේ.

    මම නං අකමැති ඕක පෝය දවසෙ දාන එකට. පෝය දවස කියන්නේ බෞද්ධයන්ට පිළිවෙත් රකින්නයි බුද්ධාගම ගැන වැඩිපුර ඉගෙනගන්නයි තියෙන දවසක් මිසක් ඒව හරිද වැරදිද කියල වාද කරන දවසක් නෙවේ නෙ. වාද කරන්න වෙන දවසක් දාගන්න ඕනේ භෞතිකවාදියෝයි, කෙන්දරකාරයෝයි, ගුරාලයි, ස්වාමිලයි ඕනෙනං හාමුදුරුවොයි ඔක්කොටම ඕන විදිහට වාද කරගන්න කියල.
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මාත් හිතනවා වැඩසටහන සමබර නෑ... භෞතිකවාදී 3 දෙනෙක් එක්ක චන්න ජයසුමන තනියෙන් කතා කරනවා.. (ඉන්දිකත් බෞතිකවාදියෙක් කියල තමයි ගන්න වෙන්නේ) අනික හාමුදුරුවොත් චන්නගේ මතයට ලොකු උදව්වක් වෙන්නේ නෑ... චන්න පැහැදිලිව කියනවා, බටහිර වෙද්දු ප්‍රත්ග්න්‍යා දෙන්නේ හිපොට්‍රටිස් දිවුරුම දෙවියන්ට පොරොන්දු වීමක් කියල... අර ගොඩ වෙදා, ඒකත් උගේ මතයට හරියන්න උගේම අර්ථකතනයක් දෙන්න හදනවා...

    LOGO එකක් තිබුන කියල දෙවියො ඇත්ත වෙනවද? දිවුරුමක් දුන්න කියල දෙවියො ඇත්ත වෙනවද? Programme එකේ චාටර් වෙලා FB එකේ කොටල පොරක් වෙන්න යනව. වහල්ලු කඩේ යනව.:lol::lol::lol:
     
    • Like
    Reactions: topkollek

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඇයි උබලා බෞද්ධ දෙයියො එක්ක හින්දු පක්කු ටික පටලවන්නෙ. පූජා වට්ටි තියන,අල්ලස් ගන්න දේවාල හදන් ඉන්න එව්න් කවද්ද බන් බුධාගමේ හිටියෙ. උන් මිත්‍යා දෘෂ්ටිය තමයි. ඕකුන්ව වැඩියෙන්ම අදහන්නෙ ඉන්දියාවේ එවුන්. එහෙනම් ඉන්දියාව දැන් සුර පුරයක් වෙලා තියෙන්න එපැයි.උබලා වගේ උන් තමයි ආසිරිගෙ ගන දෙයියා යාලු කරගන්න යන්නෙත්
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    Channa Jayasumana කියන විදියට ඔහුට වෙනත් අයෙකු මාර්ගයෙන් දෙවියන් සමග ගණු දෙනු කල හැක. ඔහුට අනුව වකුගඩු රෝගයට හේතුව ආසනික් ය. එය දෙවියන් වෙනත් අයෙකු මාර්ගයෙන් ඔහුට කියා ඇත. මාරය. තවත් විදියකට ඔහු පට්ට පොරකි. දැන් ජයසුමන ලා කල යුතු දෙයක් ඇත. ලෝකයේ තිබෙන බොහෝ ප්‍රශ්ණ දෙවියන් ඉදීපිටට ගෙන ගොස් ඔහුට උත්තර ලභාගත හැක. ලන්කාව ලෝකයේ සුපිරිතම රටක් කිරීමට මෙම සන්නිවේද්න ක්‍රමයම ප්‍රමාණවත්ය. චන්න ට අනුව බටහිරට වඩා පෙරදිග දැනුම මහ ඉහලය නමුත් ඔහුගේ මාර සොයාගැනීමක් වන CKDu සදහා ආසනික් බලපාන බව සත්‍යක් සේ ඒත්තු ගැන්වීමට ඔහු යොදා ගන්නේද බටහිර සන්විදානයක් වන WHO විසින් එය පිලිගැනීමය ය. (කබරගොයා and තලගොයා theory)
    ඇත්තටම WHO පිලි අරගෙන නැත. තව දෙයක් ඇත මෙහි චන්න සමග සිටින මහා යුගයෙ අනාවැකි කරුවා ඉන්දික තොටවත්ත පට්ට හොරෙකි ඔහුගේ කෙබර හා තක්කඩි කම් පහල් ලින්කුවේ** ඇත. මෙහිදී චන්න විසින් සියලුම වෙද පරම්පරා වලට දැනුම ලැබී ඇත්තේ දේව වරමකින් යැයි පැහැදිලිව සදහන් කල අතර ඒ අනුව පැරනි විද්වතුන් බුද්ධිමතුන් පරිශ්‍රමයෙන් ලබාගත් දැනුම අමු අමුවේ හාස්‍යට ලක් කර ඇත.:lol:
    වැඩිදුර විස්තර පසුවට සාගච්චා කිරීම්ට බලාපොරොත්තු වන අතර පැහැදිලිව කිවයුටු යමක් ඇත, එනම් මෙසේ පට්ට බේගල් ඇද බාමින් පැරනි පොත් පත් හා ලාන්චන පෙන්වමින් විද්‍යාත්මක ක්‍රමය තුට්ටුවට මායි ම් නොකර, දෙවියන් මූලික කරගෙන මිත්‍යාව සමාජගත් කරන්නන් සමාජය හදුනාගත යුත්තේ. තම ඊනියා පර්යේශ්න සත්‍ය ලෙස සමාජ ගතකරන්නට බුදු දහම වහන්තරාවක් කර ගන්නා තක්කඩින් ලෙසට ය. ** https://www.youtube.com/watch?v=SmYV00Am4Ns
    උඹ කියන්න ඕන දේ ලෙසටම කියල තියනව බන්. මේ වගේ කබ්බ ඩොකාලව උඩ දානකොට ඉතින් ලංකාව ගෝත්‍රික රටක් කියල අහන්න දෙයක් තියනවද. ඔය චන්න ජයසුමන මොනාද රටට කරල තියෙන්නෙ. ජනක ජයසූරිය රටේ මිථ්‍යාවට විරුද්ධව රට වටේ ගිය කෙනෙක්. ජනක ජයසූරිය කරල තියන සේවයෙන් සීයෙන් එකක් කරන් නෑ චන්න ජයසුමන. උඹ වගේ උන් එළකිරියෙ අඩු එක ගන සිරාවටම දුකයි.
     
    • Like
    Reactions: Tharanga81

    Similar threads