පැමිණිල්ල භාර ගත්තේ නෑ, ගැහුවේ මංගල සමරවීරගේ කට්ටිය...
7 වෙනිදා රෑ වැස්සේ ප්ලෑන් කරලා ගැහුවේ..
කනෙන් ලේ ආවා.. කොල්ලුපිටියේ පොලීසියෙන් භාර ගත්තේ නෑ..
කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පසුගිය දිනවල පැවති ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට එක්ව සිටි රණවිරුවෙකුට කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාල ලැබූ ආබාධිත රණවිරුවා සඳහන් කළේ අමාත්‍ය මංගල සමරවීර මහතාට අපහාස කළ බව පවසමින් අදාළ පිරිස තමන්ට පහර දුන් අතර, ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල පොලිසිය භාර නොගත් බවයි.
පසුගිය මානුෂීය මෙහෙයුම් සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ බලකායට අනුයුක්තව රාජකාරී සිදුකළ මෙම ආබාධිත රණවිරුවා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති සත්‍යග්‍රහය අවසන්වන තුරු එම ස්ථානයේ රැඳී සිට තිබෙනවා.
පසුගිය 7 වැනිදා සිය පෞද්ගලික කටයුත්තක් සඳහා කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයට පැමිණි තමන්ට කිසියම් පිරිසක් සැලසුම්සහගතව පහර දුන් බවට ඔහු චෝදනා කරන අතර තුවාල ලැබූ ආබාධිත රණවිරුවා මේ වන විට ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
ඔහුගේ සුවදුක් විමසීම සඳහා භික්ෂූන්වහන්සේ අද ජාතික රෝහලට වැඩම කළා.
ඔහුගේ සුවදුක් බැලීමෙන් අනතුරුව පිටතට පැමිණි භික්ෂූන්වහන්සේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.